(කමල් ශ්‍රී ලියනගේ - කොස්ගොඩ)
අමනාපයෙන් සිටින බිරිඳට පාඩමක් උගන්වා ඇයගෙන් වාඩුව ගැනීමට තමාගේ මිතුරන් රැුසකට අවුරුදු උදාවූදා ගේ ඉඳුල් කරන්න නිවෙසට පැමිනෙන්නැයි සැමියකු කළ ආරාධනයක් නිසා ඒ සැම දෙනාටම සංග‍්‍රහ කිරීමට බිරිඳකට සිදුවීමේ පුවතක් බළපිටියේ ගම්මානයකින් වාර්තා විය.
මේ නිසා ගෙහිමි කාන්තාවගේ ඇරයුමෙන් ගේ ඉඳුල් කිරීමට පැමිණි මිතුරිය ද සමග එක්වී ලහිලහියේ අවුරුදු උදාවූ සුබ මොහෙතේ සිට දෙදෙනා එක්වී කෑම පිසීම සිදුකොට තිබේ.
සිද්ධිය මෙසේය. මෙම අඹු-සැමි යුවළ කලක සිට අමනාපයෙන් පසුවිය. බිරිඳ අවුරුදු ප‍්‍රීතිය නිමිත්තෙන් වත් අමනාපය අත්හරිතියි සැමියා සිතුවේය. එහෙත් බිරිඳ තමා සමග තරහෙන් සිටින බව සැමියාට වැටහුණි. ඔහු බිරිඳට හොඳ පාඩමක් උගැන්වීමට කල්පනා කළේය. ඒ අනුව අවුරුදු ලබන දා තම ගේ ඉඳුල් කිරීමට ඔහු මිතුරන් රැුසකට ආරාධනා කළේය. නැකැත් වේලාව ළංවන විට මිතුරන් විසි ගණනකට වැඩි පිරිසක් ගෙදරට පැමිණියහ. මේ සැමියාගේ ක‍්‍රියාව නිසා බිරිඳට හීන්දාඩිය දැම්මාය. ඇය ඒ නිසා හඬමින් කුස්සියට වී සිටියාය.
මේ අතර ගෙහිමි කාන්තාවගේ ඇරයුමෙන් ගෙය ඉඳුල් කිරීමට ඇගේ මිතුරියද නිවෙසට පැමිණියාය. මිතුරියට සැමියාගේ උපාය ගැන ගෙහිමි කාන්තාව සියල්ල කියා සිටියාය.
දැන් ඉතිං කරන්න දෙයක් නැහැ. ගෙදරට ආපු මිනිස්සුන්ට කන්න නොදී පුළුවන්ද? තියෙන දෙයක් ගිහින් හදලා දෙන්න. කියමින් ඇය ගෙහිමි කාන්තාව සමග එක්ව ලහි ලහියේ ආහාර පිසින්නට විය. පරිප්පු, සලාද, සමග කුකුළු මස් වෑංජන සමග කඩිමුඩියේ දෙදෙනා දිවා භෝජනය සකසා තිබේ.
කුඩා දරුවකුද සිටින ගේ ඉඳුල් කිරීමට පැමිණි මිතුරියගේ ප‍්‍රමාදයට ඇයගේ නිවසින් කීපවතාවක් දුරකතන ඇමතුම් ලැබී තිබුණි. එහෙත් ඇය ඒ සියල්ල අමතක කොට තම මිතුරියගේ ජාම බේරා ගැනීමට ඇයට උදව් කළ බව මෙම පුවත හෙළිකරමින් ඇය කීවාය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉතින් දැන් කාගේ සල්ලිද වියදම් වුණේ? (නි)
මේ කතාව තේරුම් ගන්න අමාරුයි.(හේ)
ඉතින් අවුරුදු නැකතට කිරිබත් උයලා ලුණු මිරිසක් හදලා දුන්නා නම් හරිනෙ ඔය කට්ටියටම. ඇයි කුකුල් මස් උය උයා මෙච්චර නටලා තියෙන්නෙ. අවුරුදු නැකතට හදන්න ඕනෑ කිරිබත් නෙමෙයිද? (නි)
අද කාලයේ අඹු සැමියන් අතර සිදුවන ගැටුම් හා සසඳනකොට මේක ටිකක් සොඳුරු පරිප්පුවක්. (නි)
අජිත් , කාන්ති , මට එ් වගේ දෙයක් උනොත් මම උයන්නේ නෝනට උන ගැනෙන්න , මට හොඳට උයන්න පුළුවන් අනේ (බ)
අපෝ ගෑණු ගැන නමි කතා කරන්න එපා. (අ)
අත්දැකීමෙන් කියන්නෙ අද කාලේ ඉන්න අම්මන්ඩිලාව මේච්චල් කරන්න හරි අමාරුයි. පොඩ්ඩ බැරි වෙන කොට කෝටි ගනන් ඉල්ලා දික්කසාද දානවා. නැත්න්ම නඩත්තු නඩු දානවා. මේක හොඳ පාඩමක් උද්දච්ච කම යන්නත් එක්ක. (අ)
මේක ප්‍රවෘත්තියක් විදියට අවුරුදු කැවූමක් තරමටම රහයි නමුත් මෙතැනදී සැමියා අනුගමනය කළ ක්‍රියාකලාපයට මම නම් එකඟ නැහැ. බිරිය වුණත් මීට වැඩිය ටිකක් නම්‍යශීලී වන්න තිබුනා අඩුතරමේ අවුරුද්ද දවසේවත් (නි)
මට හොඳටම විශ්වාසයි මිතුරන් ගියාට පසුව හට්ටි වළං සේදිල්ල, කුස්සිය අස්පස් කරන එක සැමියාටම තමයි කරන්න වෙන්න ඇත්තේ. (නි)
බිරිඳ ටිකක් මෝඩයි.සැමියා මිතුරන්ට අරාධනා කළා නම් එයාට කියන්න තිබුනේ සැමියාටත් ඇවිල්ලා උයන්න උදව් වෙන්න කියලා. (නි)
මෙන්න නියම සිංහල ක්‍රමයට අවුරුදු කෑම (දිල්)
නැහැ, මං දන්නවා ඒ රහස. කාන්ති, පිටබැද්දර ජයාට ඒවගේ සන්තාසියක් තමයි වෙලා තියෙන්නේ. (අ)
ඕනෑ ඔට්ටුවක්. අන්තිමට යාළුවො ගියාට පසුව පිඟන් සෝදන, කුස්සිය අස්කරන වැඩේ නම් සැමියාටම කරන්න සිද්ධවෙන්න ඇති. (නි)
ඇත්තටම ඇයි මේ ජයා මහතාට කවදාවත් නැතුව කාන්තා පාර්ශවය ගැන මෙච්චර අප්‍රසාදයෙන් ලියන්න හිතුනේ? (නි)
නෝනා ඔය කියන තරම් නරක කෙනෙක් නොවෙන්න ඇති. නැත්නම් විසි දෙනාටම අහළ පහළ වැසිකිළි සොයාගෙන දුවන්න වෙන තාලෙට කෑමක් දෙන්න තිබුනානේ. (නි)
පිටබැද්දර ජයා මහතා ඇයි මේ බවලතුන් සමග බොහොම තරහකින් . අර බන්දුල පෙරේරා හෙවත් යහපාල එයාගේ ලෙඩේ, මේ යසට හිටපු ජයා මහතාට බෝ කරලා වගේ. (ස)
නියම පිරිමියෙක් , උද්දච්ච් බිරිඳට අමතක නොවන පාඩමක් , යහළුවන්ට පෙර කල පිනක් පල දී රසමසවුලු කෑම වේලක් , ජීවිතය අලුතෙන් හිතන්න පටන් ගන්න හොඳ ආරම්බයක් , පවුලේ සමගිය උදාවේවා , (ස)
මම ඒ මිතුරියව අගය කරනවා. අමාරුවේ වැටුන වෙලාවේ මග හරින මිතුරියන්ගෙන් වැඩක් නැහැ. (ම)
තමාගේ බිරිඳ සතුටින් තියන්න පුළුවන්නම් එක තමයි උතුම් දේ (දිල්)
ඉල්ලන් කෑමක් (නදී)