කොරෝනා ව්‍යසනය අපේ රටටද දැනෙන්නට වූ මුල් කාලයයි. ඇඳිරි නීතිය මෙන්ම මුහුණු ආවරණ ඇතුළු සෞඛ්‍ය ආරක්ෂිත දෑ ජනතාවට නුහුරු අත්දැකීමක් විය.
දින ගණනක් පැවති ඇඳිරි නීතිය ඉවත් කළ දිනයේ මාර්ගය ජනාකීර්ණ වන්නට විය. ඒ ජනතාව සිය අවශ්‍යතා සඳහා වෙළෙඳසල් කරා ඇදීම හේතුවෙනි.
රැකියාවද අහිමිව දින කිහිපයක් නිවසටම වී කාලය ගතකළ මේසන් බාස් කෙනකුට ඇතිවූ කම්මැලිකම නිසාම නිවසින් එළියට බැස්සේ අරමුණකින් තොරවය. ඔහු පාර දිගේ ඔහේ ඇවිදගෙන ගියේය. එක්වරම තමා ළඟ නැවැත්වූ යතුරුපැදියක් නිසා විමසිලිමත් විය. මුව ආවරණයක් පැළඳ සිටියද තම පැරැණි මිත්‍රයා හඳුනා ගැනීමට අපහසු නොවීය. කලකට පෙර කොළඹ ප්‍රදේශයේ ඉදිකිරීම් ව්‍යාපෘතියකදී හමුවී හඳුනාගත් මොහු මෙම ගමට ගම් කිහිපයක් එහා ගමක පිටතින් පැමිණ විවාහයක් කරගෙන පදිංචි වූවෙකි.
මේ හමුවීම මිතුරන් දෙදෙනාටම දැඩි සතුටක් ගෙන දෙන්නක් විය. හෙල්මටයක්ද දී යතුරුපැදියට නගින ලෙස මිතුරා ඇරයුම් කළේය. එහෙත් මේසන්බාස් මුහුණ වැස්මක් පැළඳ නොසිටීම ගැටලුවක් විය. පොලිසියෙන් පරීක්ෂා කිරීම් හේතුවෙනි. මිතුරාට නුවණක් පහළ විය. ඔහු සිය බසියිකලයේ කණ්ණාඩිය පිස දමන ලේන්සුව ගෙන එයින් මුහුණ ආවරණ කර ගැනීමට සැලසුවේය. දැන් නිකං අරාබි කාරයෙක් වගේ කියා විහිළුවක්ද කර දෙදෙනා බයිසිකලයේ නැගී ඉදිරියට යන්නට වූහ.
සති පොළට ගොස් බඩු මල්ලක්ද තුරුලු කරගෙන පැමිණෙන තම බිරිඳ දුටු මේසන්බාස් ‘‘මචං අර දුරින් එන රතු බ්ලවුස් එකක් ඇඳන් ඉන්නේ මගේ වයිෆ්‘‘ පොඩ්ඩක් නතර කරපං’’ තම තරුණ බිරිඳට විහිළුවක් කිරීමට සිතු මේසන්බාස් බයිසිකලය ඒ අසලට යද්දි බිරිඳ අත තිබූ බඩු බෑගයෙන් ඇද්දේය. ශරීරයේ ළමැද පෙදෙස ස්පර්ශ වීමෙන් කිපුණු ඇය ඔරවා බැලුවාය. හඳුනා ගත නොහී මොවුන් සතිපොළේ කෙල්ලන්ට විහිලු කර ඇවිදින ගැටවුන් යැයි සිහියට නැගුනි.
‘හිටපිය මනමාලකම යන්න’ කියා ඇය අත තිබූ කුඩය ගෙන පහර පිට පහර දෙන්නට විය. මින් අන්දමන්ද වූ යතුරු පැදිකරු බයිසිකලය නතර කොට මේසන්බාස්ගේ මුහුණ බැඳි ලේන්සුව ඉවත් කළේය. වික්ෂිප්තවූ කාන්තාව අත් දෙක ඔළුවේ ගසා ගත්තාය. ඇස් දෙකෙන් සට සට ගා කඳුළු වැටෙන්නට විය. ලොකු වරදක් වුණේ. විහිළුව මෙතරම් දුරදිග යතැයි මේසන් බාස් කිසිසේත් නොසිතන්නට ඇත.
පස්ගොඩ තිලක් එච්. ගමගේ.
මවගේ අවමගුලේදී ලොක්කා කළ කතාවෙන් පොඩ්ඩාට අවමඟුලක් උදාවූ අපූරු කතාවක් දකුණේ ගමකින් අසන්නට ලැබේ.
ඔහු දකුණු පළාතේ පාසලක තරුණ විදුහල්පතිවරයෙකි. විදුහලේ සියලුම දෙනා සමගම ඉතා සුහදව කටයුතු කරයි.
සිය මෝටර් රථයේ රියැදුරු අසුන මත තිබූ ගැරඬි හැවකට සර්පයකු යැයි සිතා බියට පත්වූ පුද්ගලයකු බිරියටද මහ හයියෙන් කෑ ගසමින්ම සර්පයා මරාදැමීමට පොල්ලක් සොයමි
දඩබ්බර කිරි එළදෙන මෙල්ල කරන්නට ගිය නිවෙස් හිමියාට බිරිඳට වෙදකම් කිරීමට සිදු වු පුවතකි මේ. සිද්ධිය වාර්තා වෙන්නේ යාපහුව අඩවියෙනි.
අංක හුටපටයෙන් විදෙස් අවුරුදු කුමාරි මාරුවී සංවිධායකයන්, නරඹන්නන් සහ තරගකාරියන් අලි අමාරුවක වැටුණු පුවතක් ගාලු දිසාවේ සංචාරක හෝටලයකින් අසන්නට ලැබේ.
අවුරුද්දේ අරක්කු බීමට මුදල් නොමැතිව සිටි තරුණයන් කීප දෙනකුගෙන් දෙදෙනකු කාන්තා බූරු පිටියකට පැන බියට පත්කර එහි තිබී එකතු කරගත් මුදල්වලින් යහමින් මත්ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප‍්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
බ්රියට මනමාලකම් කරන්න ගිහින් කුඩේ කැඩෙනකන් කාලා