සාමාන්‍ය ඇඳුමින් සැරසුණු මැදිවියේ අයෙක් තරුණ පෙනුමැති කාන්තාවක සමග රජරට ප‍්‍රධාන නගරයක ආයතනයකට ගොඩවැදුණේය. එහි අඹ ගස් සෙවණ යට යතුරුපැදිය නවතා කාන්තාවද සමග ඔහු එහි ඇතුළට ගොස් ගනුදෙනු කළේය.
ඔවුහු මුදල් ගනුදෙනුවකින් පසුව පිටතට පැමිණියහ. මැදිවියේ පුද්ගලයා මෝටර් සයිකල් ආරක්ෂිත හිස්වැසුම ද පැළඳ තමන් සමග ආ කාන්තාවද කැටුව ආපසු යාමට සැරසුණේය.
විනාඩියක්වත් ගතවූයේ නැත. කාන්තාවක් කඩිමුඩියේම එහි ගොඩවැදුණාය. ඇය කෙළින්ම ගියේ මැදිවියේ පුද්ගලයා අසලටය. ඇය ඒ පුද්ගලයාට ඉවක් බවක් නැතිව දිගට හරහට පහර දුන්නාය. ආරක්ෂිත හිස්වැසුම පැළඳ සිටි නිසා පුද්ගලයාගේ ඔළුවට පහරදීමට ඇයට අසීරු විය. එය ගලවන ලෙස කාන්තාව ඔහුට අණ කළාය. ඔහු එය ගැලවූයේ නැත. සෙසු ගනුදෙනුකරුවෝ අන්දමන්ද වූහ. මේ සිදුවන්නේ කුමක්දැයි ඔවුන් තේරුම් ගත්තේ පහරදුන් කාන්තාවගේ වාග් විලාශයෙනි.
මේ කාන්තාව පහරකෑ පුද්ගලයාගේ නීත්‍යනුකූල බිරියයි. ඇය තම තරුණ දියණියන් තිදෙනාද සමග අනුරාධපුරයේ වන්දනාවට පැමිණ සිටියදී තම සැමියාගේ මිතුරියක සමග බැංකුවට පැමිණ සිටින බව ඇයට දැනගැනීමට ලැබී ඇත. සැමියාට නිසි පාඩමක් ඉගැන්වීමට සිතා ඇය ඔහුට පහරදුන්නාය.
පහරදීම වැළැක්වීමට ආයතන ආරක්ෂකයෝ ඉදිරිපත් නොවූහ. ඒ වෙනුවට ඔවුන් කළේ පොලිසිය කැඳවීමයි. පොලිසිය පැමිණි පසු මැදිවියේ පුද්ගලයා තමන් සමග ආ කාන්තාව කැටුව එම ආයතයෙන් පිට වී ගියේය.
ගුටිබැට හුවමාරුව ගැන රාජකාරියක් කළ බවක්ද දැනගන්නට නැත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් ඉතින් මොකද කරන්නේ.නගරෙත් ගමත් ගෙදරත් වනසගත්ත වගෙඉ මට පෙන්නේ. විසදගෙන ක්‍රම ක්‍රමයෙන් තමන්ගේ පවුල රැක ගන්න උත්සාහ කලොත් තමයි හොඳ..වයසට ගියාම තේරෙයි .
දන්නේ නැති හින්ද අහන්නේ පිඉමියෙකුට ගැහැනියකට සල්ලි දෙන්න බැරිද මේ වගේ ප්‍රසිද්ධ තැනක ?? ආරක්ෂකයෝ ඉල්ලලා අස්වෙන්න ඕන. හැබැයි ඕක ලැගුම් හලක හෝ හොටෙල් එකක උනානම් කතාව ටිකක් හිතල බලන්න වෙනවා. (දී)
මාට්ටු වෙලා ඔහොම බේරුනා... (නි)
නිල්මිණි පනින රිලවුන්ට ඉනිමන් තියනවද?
සරත් ඒ යුද්දේ කාලේ... (නි)
තරුණ දුවරු ඉන්න තාත්තලා කරන වැඩද මේවා. (නි)
පිරිමියකු කාන්තාවකට කුමන අවස්තාවක හෝ උදවු කිරීම නොහොබිනා දෙයක් ලෙස දකින්නෙත් කාන්තාවන්මයි. වාසනාවකට වගේ පිරිමින් අතරේ ඔය කුහකකම ගොඩක් දුරට අඩුයි. (මම කිව්වේ වැරදි වැඩ කරන පිරිමි ගැන නොවෙයි. අවංකවම කෙනෙකුගේ අපහසුතාවයකදී උදවු කරන පිරිමි ගැන) (නි)
ආනන්ද, නොහොබිනා අදහසකින් තොරව කාන්තාවකට උදව් කරන්නේ පිරිමින්ගෙන් 25% පමණි.මේ බව නොදන්නේ කාන්තාවන්ගෙන් 75% පමණි. සමාජයේ මෙපමණ කාන්තාවන් ප්‍රමාණයක් අමාරුවේ වැටෙන්නේ ඔන්න ඔය දහම තේරුම් ගන්න බැරි වීමෙනි.කුහකකම නොවේ මේ තමා යථාර්තය. (නි)
ලෝකෙට පරකාසේ ගෙදරට මරගාතෙ වර්ගයේ සැමියෙක්ද දන්නේ නැහැ (නි)
අනේ මෙහෙමත් දේවල් (දී)
නිල්මිණි නම් ඇති කෙනා මොකද පිරිමියාගේ පැත්තට කතා කරන්නේ? (නි)
හොර වැඩ එපා කියන්නේ ඕකනේ
මේ නිල්මිනිම වෙන්න බැරිද? (අ)
බිරියට හොරෙන් මිතුරියට හාදු දෙද්දී මාට්ටු වුණා නම් මොකද වෙන්නේ? (නි)
දත් කුට්ටම අතට අරන් කම්මුල් ගායට අලි හක්ක බේතට හොයන්න යන්න තිබුනා (නි)
ඇයි නිල්මිණි ඔය තරම් නපුරු ඒ මනුස්සයාගේ සල්ලිත් අරන් ඒ මනුස්සයට තඩිබාන හැටිත් බලාගෙන හිටියනේද .
ෂෙරිෆ් මහත්තයට ප්‍රශ්නේ හරිම බරපතල වෙලා. මෙයා හත් දෙනෙකුගෙන් ගුටි කනවා.(නදී)
අපේ ගමේ නම් මේවට කියන්නේ ඕපා දූප කියලා. (නි)
පරණ ණයක් ගෙව්වා වෙන ඇති! බිරියට හොරෙන් ගෙවන්න ආපු එක තමයි හොඳ නැත්තේ! (ස)
මහත්ය විතරනේ මාට්ටු උනේ. නෝනා මොකටද හදිස්සියේ ඔය තැනට ගියේ ? (අ)
මේකට මුකුත් ලියන්න හිත එකළස් කරගන්න බැහැ. අද උදේ දුටු ප්‍රවෘත්ති වලට හිතට හරිම දුකයි (නි)
මටත් කියන්න තියෙන්නේ සරත් කියපු එක තමයි. වෙන මනුස්සයෙක් නම් නෝනට නෝනගේ දන්ත සුත්තරේම අතටම දෙනවා (නි)
ඔය මෝටර් බයිසිකල් පදින කට්ටිය මේක හොඳ ආදර්ශයකට ගන්න. පේනවා නේද අනතුරක් වෙන්න යන වෙලාවට ජීවිතාරක්ෂාවට හෙල්මට් එක කොයිතරම් ප්‍රයෝජනවත්ද කියලා (නි)
එතකොට පිරිමි කෙනාට කියන්න තිබුනේ ඔයාට මාලේ අරන් දුන්නේ මෙයාගෙන් ගත්ත ණය මුදල් වලින්, ඒක දෙන්න තමා මේ ආවේ කියලා (නි)
හොද වැඩේ. ගහලා මදි (නි)
මහත්තයා යුතුකමක් ඉටුකරන්න ගිහින් මිසක් අයුතු දෙයක් කරන්න ගිහින් නැහැ (නි)
මහත්තයා මහත්මයෙක්ම බව නෝනා මහත්මය දන්නවා ඇති. (ස)
අපේ රටේ වර්තමාන බිරින්දෑවරු හරිම නරකයි. තම ස්වාමි පුරුෂයාට පිනක් දහමක් කරගන්න දෙන්නෙත් නැහැ. කාන්තාවකට සහ තරුණියකට මුදලින් උදව් උපකාර කිරීම කොතරම් වටිනා පිනක්ද? ඇයි දෙයියනේ මේ ගැහැනු මේවා තේරුම් ගන්නේ නැත්තේ. (නි)
මේක නම් පිස්සු හැදෙන කතාවක් (නි)
මට නම් හිතෙන්නේ අර සල්ලි ගත් ගැහැනු කෙනාම තමයි අර මහත්මයාගේ නෝනට පණිවිඩේ දෙන්න ඇත්තේ. අඹු සැමියෝ වුණහම හොර රහස් හොඳ නැහැ.විවෘත බව තිබිය යුතුයි. (නි)
පහුගිය දවස්වල පත්තර වලින් දැක්කානේ මෙතුමියන්ගේ ගණන් හිලව්! ඉතින් මේ මහත්තයාටත් වෙලා තියෙන්නේ අදාළ ගාස්තුව ටික ටික ගෙවීමේ ක්‍රමයට පියවන්නයි. දන්නවනේ ඉතින් ගෙව්වේ නැත්නම් මීට වඩා ගුටි කන්න වෙන බව (නි)
රන්සින් දෙයියන්ගේ අඩවිය අනුරාධපුරය, මහා හාස්කම් තියෙනවා. පේනවා නේද ?
එතකොට නිල්මිණි නංගිට දැන් මාල කියක් තියෙනවද?
චන්දා ,ඇයි අහලා නැද්ද පුරාණයේ වගේම ලංකාවේ පුරාණම රැකියාව කරන වැඩිම දෙනෙක් ඉන්නේ ඔය අඩවියේ කියලා! (නි)