සිය බිරියටත්, නැන්දම්මාටත් එකම දිනයේ දරුවන් ලැබී උප්පැන්න ලියාපදිංචි කිරීමට උප්පැන්න ලියාපදිංචි කිරීමේ නිලධාරියා වෙත ගිය බෑණා කෙනකු කිසිදු වගවිභාගයකින් තොරව කළ ප‍්‍රකාශයක් නිසා නිලධාරියාත්, ඒ අවට සිටි පිරිසත් අන්දුන්කුන්දුන් වූ පුවතක් කන්දඋඩරටින් වාර්තාවේ.
සිද්ධිය සැකෙවින් මෙසේය.
ඔහු සිය බිරියත් සමග බිරියගේ මවුපියන්ගේ නිවසේ පදිංචිව සිටි අතර බිරියගේ මවද ඔවුන් සමග වාසය කළාය.
නැන්දම්මා හැඩෙන් රුවෙන් අඩුවක් පෙනෙන්නට නොතිබිණි. අම්මත් දුවත් අතර වයසින් අවුරුදු 20ක පමණ වෙනසක් පැවතුණද පෙනුමෙන් දෙදෙනා අතරම පැවැතියේ තරුණ බවකි.
කාලයාගේ ඇවෑමෙන් බිරිය දරුවකු බිහි කළාය. දෛවයේ සරදමක් නිසාදෝ කුමන හේතුවක් නිසා හෝ එදිනම නැන්දම්මාද දරුවකු බිහි කළාය.
නැන්දම්මාට දරුවකු ලැබීම ගැන ප‍්‍රදේශවාසීන් අතර කුතුහලයක් ඇති වුවද බෑණා එය සතේකටවත් ගණන් ගත් බවක් නොපෙනිණි. දරුවන් දෙදෙනාගේම උප්පැන්න ලියාපදිංචි කළ යුතු විය.
බෑණා උප්පැන්න ලියාපදිංචි කිරීමේ නිලධාරි වෙත ගියේය. නම් දෙකක් නිලධාරියාට දුන්නේය.
”මොකද නම් දෙකක් - නිවුන් දරුවන්ද?”
”නැහැ සර්, එක දරුවෙක් නැන්දම්මගෙ”
”එහෙනම් මාමා හරි නැන්දම්මා හරිනෙ එන්න ඕන”
”සර්...
”එහෙනම් ඒ දරුවා කාගෙද? පියා නැත්නම් පියාගේ නම ලියනකොටුව හිස්ව තියලා මවගෙ නමට තමයි උප්පැන්නය ලියාපදිංචි කරන්න වෙන්නේ.”
”කමක් නෑ සර්. පියාගෙ නම ලියන තැන මගේ නම දාන්න”
”එහෙම දාන්න පුළුවන්ද? ඔයාද ළමයගෙ තාත්තා”
බෑණා නිරුත්තර විය. කවුරු කවුරුත් යමක් මුමුණන්නට විය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බෑනා අවංකයි.(නු)
මට තේරෙන්නේ නැහැ මේකට අදහස් දක්වන්න (දී)
දරුවාට තාත්තා කෙනෙක් නැතිවෙන එක වළක්වන්න කරපු අවංක උපකාරයක් වෙන්න බැරිද? (නි)
මේ අබුද්දස්ස කාලෙනේ. ඒකයි මේ. (නි)
කිත්සිරි, ඔයාට මේක ලෙකු ප්‍රශ්නයක් වෙලා වගේ(ස)
අයියෝ සල්ලි (දී)
අම්මේ! නියම බෑණා. සිංහල ජාතිය ගැන හිතන කොල්ලෙක්. නැනදම්මාට තව දුවෙක් එහෙම නැද්ද දන්නෙ නැහැ. (නි)
මම හිතන්නේ මේක ඇත්ත සිදුවීමක් නෙමෙයි කියලයි (ස)
එකක් දෙකක් එලි උනාට ඔය වගේ එලි නොවන සිද්දි ගොඩක් තියනව. පිට රටවල ඔය දේ සාමාන්ය දෙයක්. (නු)
එයාලට ඒක හොද නම් රෙජිස්ටාර්ටවත් වටේ හිටපු අයටවත් ඒක ප්‍රශ්නයක් වෙන්නේ කොහොමද?(නු)
බෑනට සුබ පැතුම් (ස)
මොනවා නැතත් ලැබුනු ලමයි දෙන්නට සුභ අනාගතයක්..!(නු)
ඇයි අපේ අයියත් ඔය ජාතියෙ පුත්‍රයෙක්නේ. (නි)
වයසේ වැරැද්දනේ. (නි)
මරු වැඩකාරයෙක්නේ. (නි)
බෑණාට සුභ අනාගතයක් ! (නි)
අනේ මෙහෙමත් වැඩ..!(නු)
ඔය කියන බෑනත් අන්තර්ජාලයේ අර මොකද්ද වචනය හොයන කෙනෙක් වෙන්න ඇති (ස)
මට තේරෙන්නේ නැහැ (දී)
වෙන්න තියෙන දේ වෙලා ඉවරයි . පියෙක් නැති දරුවෙක් ලෝකෙට බිහිවෙන්න විදියක් නෑනේ . බෑන කැමතිනම් පියාට නම දෙන්න බිරිඳයි නැන්දම්මයිත් ඒකට කැමතිනම් අනිත් අයට මොකද්ද තියෙන ප්‍රශ්නේ (ස)
හිත හොද කෙනෙක් වගේ (දී)
බෑනට හොඳ අනාගතයක් තියෙනවා වගේ (ස)
හිත ඇත්නම් පත කුඩාද (ස)
මචං කියලා කතාකරයි නෑ කමට (ස)
අරුම පුදුම සිද්දි (දී)
නැන්දම්මාගේ දරුවා, දුවගේ දරුවාට නෑකමට මොකක් කියලා කතා කරාවිද දන්නෙ නැහැ. (නි)
ඉතින් අපිට මොකද (දී)
මගෙ සුදු නැන්දම්මට බෑණගෙ සරණේ සරණයි! (නි)
සිංහල මිනිසුන්ගේ හැටිද මේ? (නි)
සිංහල ජාතියෙන් සුභ පුවතක්. (නි)
මොකද්ද මේ වෙන්නේ (දී)
මේ මනුස්සයා අතුරුගිරියේ මිලේනියම් සිටි එකේද ඉන්නේ? (නි)
මෙහෙමත් මිනිස්සු (දී)
අනේ සාධු.... (දී)
මොනවා උනත් සමගියෙන් ඉන්න අම්මලා දූලා බෑනල (ස)
මාමා කියනවලු මගේ බුදු බෑනන්ඩිට බුද්ධං සරණේ සරණයි (ස)
ආසියාවේ ආශ්චර්යය කියන්නේ නිකන්ද? (නි)
කෝ එතකොට මාමා? (නි)
සිංහල ජාතිය වදවීමට එරෙහිව දියත් කළ පළමු පියවර මේක වෙන්න ඇති. (නි)
නැන්දම්මාටත්, දුවටත් මේ වාසනාවන්ත බෑනාටත් සුබ පැතුම් (ස)
මොහු නීතිය ඉදිරියට ගෙන නොගියොත් සිංහල අපිටත් අවනම්බුවක්. (නි)
මට හිනා යනවා (දී)
මම මොකුත් කියන්නේ නැහැ මට හිනා යනවා (දී)
නියම බෑනෙක් නේද ? තව දුවල එහෙම ඉන්නවද දන්නේ නෑ (ස)
මට ලැජ්ජයි මේ සම්භන්දව අදහස් පල කරන්න (දී)
ඒ මනුස්සයා හරි මම නම් කියන්නේ (දී)
සමහරු නිකං කකුල් හතරේ කතානේ අප්පා කියන්නේ...(ස)
බෑනට හොඳ අනාගතයක් තියෙනවා වගේ (ස)
අනේ කාලේ වනේ වාසේ (දී)
කොහොමත් උඩරට අයටනම් එක ගෙයි කාලා පුරුදුයි. ඒක පරණ චාරිත්‍රයක්නේ (ස)
හිනා යන වැඩ (දී)
ආදරය අන්දයිලුනේ (ස)
කොහොමද අප්පා මේක උනේ..?(නු)
මමත් ඔය වගේ මං පොඩි කාලේ ඔහොම කළා මට මතක තියේ... (නි)
ජාතියේ වර්ධනය ගැන උනන්දු වෙන බෑනෙක්. (ස)
ඒ නැන්දම්මට තව දූලා නැද්ද දන්නෙ නැහැ නේද ..?(ස)
ඕවා නම් මොනවාද?
සිරිපාලටත් චාන්ස් එකක් තිබුණා නම් ඔහොම කතාකරන එකක් නැහැ. (නි)
පුදුම උපකාරයක්නේ කරලා තියෙන්නේ (ස)
එක ගලින් කුරුල්ලෝ දෙන්නයි (ස)
අවංක බෑනෙක්. හැකියාවක් තියෙනවනන් මක් වෙනවද?. (ස)
අනේ මොනවාද මේ (දී)
අනේ හොදයි දෙයියනේ (දී)
මේක වහෙන් ඔරෝ ලියල තියෙන්නේ ඇයි? මාමණ්ඩි ඉන්නවද, බෑණා නොසැලකිලිමත් ව කිව්වා කතාවක් ද, ඔහු ඇත්තටම දරුවන් දෙදෙනාගේම පියාද කියල හරියට හොයාගන්න බැහැනේ... අපි කැමති විධියට හිතාගන්න වෙනවා... (ස)
කවුරු හරි ළමයි දෙන්නගේ හරි නෑකම කියනවද ? (ස)
මේකනම් විශ්වාස කරන්න බෑ (ස)
නරි බෑණා (ස)
එචචරම අවුලක් නෑ වගේ................. (ස)
කන්ද උඩරට ඒක ගෙයි කෑමක් ද? (ස)
ඩ්‍රයිවින් ද පුහුණුකර ලයිෂන් සමග වාහනයක් ද දුන්නු අවස්තාවක් ලෙස දැකිය හැක.නැන්දම්මාගේ විනීත කම පමණයි වැරැද්ද.නීතියෙන් කිසි දඩුවමක් කල නොහැක,දෙදෙනාම වැඩිහිටියන් නිසා. අලුත් නීතියක් දාලා මොනවා හරි කරන්න බලන්න.......(ස)
මේ වගේ දේවල් නම් වෙන්නේ සතුන් අතරේ.... උන්ට තමන්ගේ අම්මා,අක්කා,නංගි කියල වෙනසක් නෑ.... එහෙම දෙයක් තේරුම් ගන්න තරම් බුද්ධියක් නැහැ....... (ස)
අපේ බෑනලා නැන්දම්මලාගෙන් ගුටිකාවිද දන්නේ නෑ (ස)
දුවට සැකයක් එහෙම ඇති වෙලා නැද්ද ???????(ස)
ඔහොම යන් බෑනෝ ඔහොම යන් (ස)
දෙන්නටම එකම දවසේ ළමයි ??? (ස)
දවසකට 1000 ක් පමණ ගබ්සා කරන රටක දරුවන් ඉපදීම වාසනාවක් (ස)
මට මොකුත් කියා ගන්න වචන නැහැ (දී)
රට , ජාතිය ගැන හිතන මනුස්සයෙක් (ස)
නියම වැඩ කාරයෙක් තමා. වැඩේ තියෙන්නෙ ඔය ඔක්කොටම කන්න දෙන්න වෙනකොටනේ. (ස)