සැමියා නිවසේ නොමැති බිරිය පමණක් රාත‍්‍රී කාලයේ සිටින නිවාස බලා රාත‍්‍රි කාලයේ ඊට ඇතුළුවූ තරුණයන් දෙදෙනකු සැකපිට අත්අඩංගුවට ගත් බව සියඹලාණ්ඩුව පොලිසිය කියයි.
මෙම සැකකරුවන් දෙදෙනාගෙන් එක් අයකු 16 හැවිරිදි වියේ පසුවන අතර අනෙක් තරුණයා 22 හැවිරිදි අයෙකි.
සැකකරුවන් දෙදෙනාම රාත‍්‍රි කාලයේදී ජනේලවලින් නිවෙස් තුළම රිංගා ඇත.
සැකකරුවන් දෙදෙනා මේවනවිට පොලිස් ඇපමත මුදාහැර ඇති අතර මෙම මස 12 වැනිදා අධිකරණයේ පෙනී සිටින ලෙස පොලිසිය නියෝග කර ඇත.
මොනරාගල සහකාර පොලිස් අධිකාරී කපිල අනුර පුෂ්පකුමාර මහතාගේ උපදෙස් මත සියඹලාණ්ඩුව පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක කපිල ධර්මප‍්‍රිය සේනාධිපති ද සිල්වා මහතාගේ මෙහෙයවීමෙන් වැඩිදුර පරීක්‍ෂණ සිදුකෙරේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔන්න මේවගේ වැඩක් කරන්න ගිහින් තබුත්තේගම ගොයියෙකුට එලොව යන්න වෙලා . (ස)
අනේ මන්දා මෙහෙමත් අසහනයක්. (ස)
කලකට ඉහත අප ගමේ හිටියා වයසක පුද්ගලයෙක්. ඔහුගේ බිරිඳ සෑහෙන තරුණයි. දිනක් උදේ මේ ගෙය පැත්තෙන් කලබලයට හූ හඩක් ඇසී ගමේ කවුරුත් මේ කුඩා ගෙදරට එකතු වුණා. සිදුවී ඇති දෙය අහලා අදටත් ඒ ගැන කතා කරනවා. දෙමහල්ලෝ රබර් කිරි කපන්න ගිහින් ගැහැණිය හිස රුදාව කියා කලින් ගෙදර ඇවිල්ලා. පිරිමියා ගැහැණියට අනුකම්පාවෙන් වැඩ කලින් නවත්වා ගෙදර ගොස් බලනවිට ඇය උදේ පාරේ වැඩට යන කන්තෝරු මහත්මයෙක් සමග ගේ අතුළෙලු. එය පෙන්වන්නට අර අසරණයා හූ කියලා තියෙන්නේ. (නි)
ඒ කියන්නේ අනෝමාට මේ පිළිබඳව පළපුරුද්දක් තියෙනවා වගේ (නි)
රූපාත් හරි ආශාවෙන් ගිහිල්ලා බලාගෙන ඉන්න ඇති (නි)
ලකී මහත්තයාත් එහෙම යනවද? (නි)
ගැහැණු කවුරුද වරදේ නොබැදෙන? (නි)
ස්වාමි පුරුෂයන් ගෙදර නැත්නම් කවුද මේ මිනිසුන්ව පොලිසියට අල්ලලා දුන්නේ? (නි)
නියම කොල්ලෝ දෙන්නෙක්නේ! (නි)
ඩයස් මහතා ඇයි ඉතිරි පදය නොලිව්වේ ? .." පිරිමි කවුරුද ගෙට නොරිංගන ?" (නදී)
ගැහැණු කවුරුද වරදේ නොබැඳෙන.... (නි)
සරත් , ඒකට අපේ බන්දුල හෙවත් ලංකා තිලක් උන්නැහේ... නිතරම කාන්තා පක්ෂයේ අවධානය දිනාගන්නවා. (නි)
අපිත් මේ තනියෙන්නේ ඉන්නේ. මොනම කාන්තාවක්වත් එන්නේ නැහැනේ අපිව බලාගන්න. (නි)
ලකී, මගේ යාලුවෝ මං එනතුරු උන්දැ බලාගයි නිරතුරු (නි)
තනියම මෙම කතුන් රාත්‍රී කාලයේ සිටින නිසා මොවුන් දෙදෙනා ස්වේච්චාවෙන් ඔවුන්ට ආරක්ෂාව සපයන්න යන්න ඇති . හොඳ සමාජ සේවකයෝ දෙදෙනෙක් .ආශ්චර්යක් තවත් ලංකාවේ. (ස)
එතකොට රෑට ගෙදර තනියම නිදා ගන්න පෙර ජනෙල් වහන්න මේ බවලතුන් හැමෝටම අමතක වෙලාද ? එහෙම ඇතිනම් ජනෙල් අගුල් කඩලා ඇතුළු වෙලාද ? එකත් එකට සමහරු දවල් කාලයේ මහ මග යන්න ඇති ජංගම දුරකථනය කනේ තියාගෙන හැමෝටම ඇහෙන්න යාලුවෙකුට කතා කර කර යන්න ඇති මහත්තයා රෑට වැඩ කියලා. තරුණ හොරු ඒ විවෘර්ත ආරාධනාව පිලි ගන්න ඇති. (නදී)
අනේ මන්දා මල්ලිලා මොනවා කරනවද කියලා මෙච්චර දියුණු ලෝකේ. ඔන්න අපේ කාලේ නම්.... (නි)
නියම දඩුවම (නි)
රූපත් බලන්න ගියාද? (දී)
මේවට තමා කියන්නේ "අනුන්ගේ පහනෙන් එළිය බලන්න යනවා "කියලා. (නි)
අපේ ගමේ එක් පවුලක සැමියා රෙදි ගෙන ඒමට නිතර නිතර ඉන්දියාවට යනවා. දිනක් සැකයක් ඇතිවී ඔහු තම ඉන්දියා ගමන මඟහැර නිවසට ආවා. ඒ එන විට වෙනත් මිිනිසකු නිවසේ සිටියා. නිරුවතින් සිටි මේ මිනිසා නිවස ඉදිරිපිට සියඹලා ගසක ගැට ගැසූ ඔහු පසුව දා මුළු ගමටම මේ දෙය පෙන්වා සිටියා. මෙය ගම්මුන් තළු මර මරා මුළු ගම පුරාම කියා සිටියා. (ස)
මොකටද මේ දෙන්නට යහතින් යන්න දුන්නේ? (නි)
අබ කෑ කෙනාගේ නහය දනවාලු! හේමන්ත මේ ගැන යමක් දන්නා හැඩයි. (නි)
හේමන්ත, මම කිව්වේ අද රටේ ගෙවල් වලට හොරු මංකොල්ලකාරයන් පනින්න ඇතැම්විට කාන්තාවන් නොදැනුවත්ව හෝ දැනුවත්ව පහසුකම් සපයන හැටි. (නි)
පුහුල් හොරා කරෙන් දැනේ කිවුවලු. අනෝමා, මොනවද දන්නෙ නැහැ මේ දිගහරින්නේ. (නි)
තවම හොඳ නිවසකට ඇතුල්වෙලා නැහැවගේ. එහෙම වුනානම් පොලිස් ආරක්ෂාව යටතේ තවම ඉස්පිරිතාලේ. (නදී)
මනමාල කුරුල්ලන්ට කලයුත්තේ දෙදෙනාටම ඒක් අයෙක් සරණපාවා දීමයි (නදී)
කුරුල්ලෝ නම් රෑ බෝවෙනවිට කැදලි කරා යනවා. කව්ද මේ රාත්‍රී කාලයේ පියාඹන දෙන්නා. සියඹලා ආණ්ඩුව පැත්තේ බකමුණු පක්ෂීන් වෙන්න ඇති (නදී)
ඡන්දෙත් කිට්ටු නිසා ගෙවල් වල තනි පංගලමේ ඉන්න බවලතුන්ගේ මනාපය පරික්ෂා කරන්න යන්න ඇති. (නදී)
ගෙවල් කිහිපයකටම එහෙම එන්නේ කොහොමද .? එක්කෝ ඒ ගෙවල් වල ජනේල තවම සවි කරලා නැති ඒවා වෙන්න ඇති. ගේ ඇතුලේ කෙනා ජනේලය විවෘත කරලා දුන්නෙත් නැති නම් කොහොමද මෙහෙම ගෙවල් කිහිපයකටම රිංගන්නේ ? (නදී)