සොහොයුරියගේ නිවස සොරු බින්ද ආකාරයටම සිය නිවසද සොරු බිඳ ඇති බව පෙන්වීමට සාධක ඇති කරමින් භාර්යාවගේ මුදල් සහ රන් භාණ්ඩ සොරාගෙන බූරුවා ගැසූ සැමියකු පිළිබඳ පුවතක් අම්බලන්ගොඩ පොලීසියෙන් අසන්නට ලැබේ.
අම්බලන්ගොඩ, ගලගොඩ ප්‍රදේශයේ නිවසක ජනේලයක දැල් ආවරණයක් ගලවා නිවසේ තිබූ මුදල් හා භාණ්ඩ සොරකම් කිරීම සම්බන්ධයෙන් අම්බලන්ගොඩ පොලීසියට පැමිණිල්ලක් ලැබෙන්නේ ඉකුත් දිනෙකය. එම පැමිණිල්ලට අනුව අම්බලන්ගොඩ මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක පසන්න ඇල්ගිරියගේ මහතාගේ උපදෙස් පරිදි අපරාධ අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක පී.එම්. ඉරාන් මහතා ඇතුළු පොලිස් නිලධාරීහු එම සොරකම සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීමට එම නිවසට ගියහ.
ජනේලය කඩා එහි තිබූ දැල් ආවරණය ගලවා දමා නිවසට පැන ඇති බව ඉරාන් මහතා ඇතුළු පොලිස් නිලධාරීහු නිරීක්ෂණය කළහ. මේ ජනේලයේ රළු පෘෂ්ඨය නිසා එහි ඇඟිලි සලකුණු සටහන් නොවන බව දුටු පොලිස් නිලධාරීන් කීවේ එම ස්ථානයේ ඇඟිලි සලකුණු ගැනීමට නොහැකි බවකි. පොලිස් නිලධාරීහු කසුකුසු ගෑහ. මෙය එහි අවධානයෙන් සිටි කිහිපදෙනෙකුගේද කණ වැකුණි.
මේ සොරකම සිදුවී පැය කිහිපයක් යන්නට මත්තෙන් එම සොරකම සිදුවූ නිවසට මීටර් කිහිපයක් දුරින් නිවෙස් හිමි කාන්තාවගේ සොහොයුරකුගේ ද නිවස බිඳ රන් ආභරණ සොරකම් කර ඇති බවට තවත් පැමිණිල්ලක් අම්බලන්ගොඩ පොලීසියට ලැබුණි. ඒ සඳහා ද ක්‍රියාත්මක වන පොලිස් පරීක්ෂක ඉරාන් මහතා එම නිවස ද පරීක්ෂාවට ගියේය. කලින් නිවසේ මෙන්ම මේ නිවසේද ජනේලයේ දැල් ආවරණය ගලවා දමා තිබුණි. හැබැයි කලින් නිවසේ දැල් ආවරණය ගලවා දමා තිබුණේ නිවසින් පිට සිටය. මෙහි ජනෙල් දැල් ආවරණය ගලවා දමා තිබුණේ නිවස තුළ සිටය. ඒ වගේම යම් සිදුවීමක් පිළිබඳව පොලිස් විමර්ශන සිදුවන ප්‍රදේශයක් ආසන්නයේම තවත් සිදුවීමක් නොවන්නේ පොලීසිය නිබඳව එම ප්‍රදේශයේ නිරන්තරයෙන් ගැවසෙන බැවිනි.
මේ කාරණා දෙක ගැඹුරට විශ්ලේෂණය කළ පොලිස් පරීක්ෂක ඉරාන් මහතා සොරකම සිදුවූවායි කියමින් පැමිණිල්ල දැමූ නිවෙස් හිමියා ගැනම සැකකරන්නේ එදා දවසේ ගලගොඩ ප්‍රදේශයේ පවත්වාගෙන ගිය බූරුවා සූදු පොළකදී ඔහු ලොකු මුදලක් පරාජයවීම සම්බන්ධයෙන් ලැබුණු තොරතුරකට අනුවය. එදින ඔහු ළඟ විශාල මුදලක් රැඳීමට කිසිදු හේතුවක් නැති බවද එදා රැකියාවට ගොස් සිටි ඔහුගේ භාර්යාවගෙන් ද තොරතුරු ලැබුණ නිසාය.
භාර්යාව රැකියාවට ගිය අතරේ ඔහු ඇය සතු මුදල් හා රන් භාණ්ඩ නිවසින් ගෙන ගොස් උකස් කර බූරුවා ගැසීමට යොදාගත් බවත් එම දේපොළ සොරකම් කොට ඇති බව ඒත්තු ගැන්වීම සඳහා සිය සොහොයුරියගේ නිවස සොරුන් බින්ද ආකාරයටම ජනේලයේ දැල් ආවරණය ගලවා දැමූ බවට පොලීසිය ඉදිරියේ පිළිගත්තේ පොලිස් පරීක්ෂක ඉරාන් මහතාගේ ප්‍රශ්න කිරීම් හමුවේය.
සිය දරුවාගේ අනාගත අභිවෘද්ධිය වෙනුවෙන් මුදලක් වැය කරනවාට වඩා මුදලට සූදු කෙළීමට වටිනාකමක් දුන් මවක පිළිබඳ සිද්ධියක් හසලක නගරයට ආසන්න ප්‍රදේශයකින් වා
වයඹ පළාතේ රෝහලකට රාත්‍රි කාලයේ ඇතුළත් කළ හෘද රෝගියකු හදිසි ප්‍රතිකාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී මියගියැයි සඳහන් කළ පසු රෝගියා වෙනත් වාට්ටුවක ප්
මේ රජය පත් කරන්න තමන් ගත් උත්සාහය ගැන වීරයෙකු මෙන් පම්පෝරි ගැසූ තරුණයකුට ඇඟිල්ල නිසා පම්පෝරිය නවතා එතනින් මාරුවීමට සිදුවූ පුවතක් කරන්දෙණියෙන් අසන්නට
ගුරුවරයා ඇසූ පැනයකට පහ වසරේ ශිෂ්‍යත්ව පන්තියක සිසුවෙකු දුන් උත්තරයෙන් දරුවාගේ මව රැස්ව සිටි පිරිස් හමුවේ ලැජ්ජාවට පත් වූ පුවතක් ඇතුගල්පුරවර නගරයෙන්
අවලංගු ගුවන් ගමන් බලපත්‍රයකින් ඡන්දය ප්‍රකාශ කිරීමට අවස්ථාව නොදුන්නැයි ඡන්ද මධ්‍යස්ථානයක නිලධාරීන් කණ්ඩායමකට දොස් නගා බැණ වැදී ඇතැයි කියන වයෝවෘද්ධ
මිතුරන් පිරිසක් සමග ඡන්දය අහන්න ගොස් සෙට්වී නිවසට යාමට නොහැකිවූ අයකු පිළිබඳව කතාවක් ගාලු දිසාවේ ගමකින් ඊයේ (15) උදේ පාන්දරින්ම අසන්න ලැබුණේය.
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
බූරුවා ගහන්න සල්ලි හොයන්න එකම තාලෙට ගෙවල් බිඳලා....