(මාවතගම කාන්චන මාලා බණ්ඩාර)
පුද්ගලයකු පදමට සූර්වී පොළේ එළවළු මිලදී ගැනීමට ගොස් සිහිමද ගතියෙන් තැන් තැන්වලින් වම්බටුම කිලෝ 10 ක් පමණ මිලට ගෙන ගෙදරයාම නිසා කෝපයට පත් බිරිය පසුදා ඔහු කාර්යාලයට ගෙනයන බත්මුලට වම්බටු ක‍්‍රම 4 කට පිසදීමේ හාස්‍යජනක සිදුවීමක් කුරුණෑගල නගරයේ කාර්යාලයකින් වාර්තාවිය.
එදා ඉරිදා දිනයකි. යහළුවන් සමග පදමට සූර්වී සිටි ඔහු පොළට ගියේය. වම්බටු කෑමට ප‍්‍රිය කළ මෙම පුද්ගලයා පොළේ තැන තැන ඇවිද වම්බටුම මිලට ගත්තේ කලින් මිලට ගත්තේද වම් බටුම බව අමතක වීමත් නිසාය.
සිහි මද ගතියෙන් සිටි ඔහුට පොළේ ඇති අනෙක් එළවළු පරයා බටුම පෙනුණි. ඒ නිසාම ඔහු කීප වතාවක්ම බටුම මිලදී ගත්තේය. නිවෙසට ගිය ඔහු බිරිදට එළවළු සහිත බෑගය දී අඩ සිහියෙන්ම නින්දට ගියේය.
බිරිය පසුදා පාන්දර තම සැමියා අවදිවීමට පෙරම අවදි වී එළවළුමල්ල දැක කෝපවූයේ බටු පමණක්ම කිලෝ 10 ක් පමණ ඇති අයුරු දැකීමෙනි. ‘‘කරන්නම්කෝ හොඳ වැඩක්’’ යැයි නිහඬවම සිතාගත් ඇය පසුදා කාර්යාලයට ගෙනයාම සඳහා බත්මුලක්ද සැමියාට පිරිනැමුවාය.
පසුදා කාර්යාලයේ මිතුරන් හා දිවා කාලයේ කෑම මේසයට වාඩි වූ ඔහු බත්මුල ලෙහීය. ඒ දැක ඔහු අන්දමන්ද වූයේය. යහළුවන්ද ඒ දෙසට එබී බැලූවේ ඔහුගේ මුහුණ කෝපයෙන් රතු වූ නිසාමය. ක‍්‍රම 4 කට පිසූ බටුම එහි විය.
”මොකද බං උඹ ඊයේ පොළෙන් වම්බටු විතරමද අරං ගියේ.” යහළුවන්ගේ කතාවලට ඔහුට උත්තර නැති විය.
ප‍්‍රශ්නයක් නෑ බටුම කමු. කළ හැකි කිසිත් නොවූ නිසා ඔහු නිහඬවම කෑම කෑවේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පිට රටවල් වල කටුක දේශ ගුණයත්, සහෝදරයන්ගෙන් වෙන් වී ජීවත් වීමේ කාන්සියත්, යාන්ත්‍රික ජීවිතයේත් පාළුව කාන්සිය මකා ගැනීමට ලංකාදීපයේ එසැණ මට නම් ප්‍රදීපයකි. එහි මොනවා ලීවත්, කීවත් මම සතුටින් කියවමි. (ර)
ගැහැණු පාර්ශවය කොහොමත් වම්බටුවලට කැමැති නෙව ? නේද (බ)
අනේ ෂෙහාන් මලේ, රුපවතීට නම් බනින්න එපා, ඔය වෙලාවකට තවුසන් ටෝක්ස් දුන්නට ගමේ කම හොඳට දන්නා අඳුනන ගම ගැන හොඳට මතක ගමට ආදරේ කරන සංවේදී බවලතෙක්. (ර)
අනේ ඔව් මමත් දැකල තියනවා රුපවති මොනවා උනත් ගමේ කතා ලස්සනට කියනවා. (ර)
පිටබැද්දර ජයා, මෝඩයා කට වහගෙන ඉන්නකම් නුවනක්කාරයි කියලා කියනවා නේද ? (ර)
නියමයි නිශාන්ත (නි)
අනේ ඉතින් මොකද මේ නිශාන්ත වගේ මහාචාර්යවරු වම්බටු හේනට ඇවිල්ලා පට්ටම හෑල්ලු කරගන්නේ? මෝඩ ගොවි, ගෙවිලියන් අතරට ඇවිල්ලා? (නි)
අපේ සමහර දෙනාට පිටරට ගියාම අපේගම,අපේකම අමතකවෙන කාලෙක රූපවතිට ගම ගැන කතා මතක තිබීම ගැන අපි සතුටු වෙන්න ඕනෑ (නි)
රූපවති අක්කා බටු මෝජුවක් හදලා මෙතන හැමෝටම බෙදුවා නම් හරි. ෂෙහාන් ඔහොම අනම් මනම් කියන්න එපා (නි)
අනේ මෙහෙමත් මිනිස්සු! (නි)
පිස්සු මිනිස්සු! (නි)
දීප්ත ඔයාගේ මෝඩ චුන් වලට අපිට කිති නෑ. රූපවතී මහා පණ්ඩිතයි. (බ)
බට්ටේ රස නැට්ටේ... (ර)
අයියෝ ඕක ගණන් ගන්න එපා. අපේ අප්පච්චි වැස්සේ කුඩේ අරන් කඩේට ගිහින් කුඩේ කඩේ තියලා තෙමි තෙමි ගෙදෙර එනවා. (ර)
බටු වල ගොඩක් ජාති තියනවා නේද ? මම නම් කැමතිම තිබ්බටු වලට. (ර)
බිව්වාම කරන සමහර වැඩ හිතාගන්නත් බෑ. (ර)
ඒක ඇත්තමයි ඉනෝකා.මාත් හරිම ආසාවෙන් කියවනවා. (බ)
පුවත් වලටවඩා මම කැමති එහි ප්‍රතිචාර කියවන්නයි.ප්‍රතිචාර නැති පුවත් පරිප්පු නැති හෝටලය වගෙයි. (බ)
අනේ අපේ නෝනා නම් එළවළු කන්න හරිම අසයි (අ)
මම ළඟක හිටියා නම් ඉඟුරු තේ එකක් ගෙනත් දෙනවා හකුරු කෑල්ලකුත් එක්ක චන්දි අක්කට. රුවිනි කිවුවට මොකද උයලා බෙදන්න නම් ලෝබ නැහැ. ඒත් මේ සිදාදියේ පිටරට වැවෙන වම්බටු රස නැහැ, ලංකාවේ ඇට්ටරවෙවී හේනේ වැවෙන බටු තරම්. (නි)
ස්තුතියි රූපා නගෝ. හොදට කටසැරට කාලා දැවිල්ල පිටම ඉඟුරු තේ බොන්න ඕනෑ. එවිට තමයි තේ එකේ රස වැඩියෙන් කටට දැනෙන්නේ (නි)
රෑට කමු අපි වම්බටු වම්බටු හොදි හදලා....(හේ)
නියම බිරිඳක් (බ)
කාලෙකින් හොදට හිනා වුණා (ම)
රුපවතිලගේ ගමේ කෙනෙක්ගේ වැඩක් වගේ , කොහොමත් ඔය කොබෙයිගනේ පැත්තේ වම්බොටු වලට පුදුම කැමැත්තක් තියෙන්නේ (බ)
බටු කිලෝ10ක් ගෙනාපුවාම අපටත් තරහ යනවා තමයි.ඒ කොහොම උනත් ගෙදර කාන්තාව ක්‍රම 4කට වම්බටු උයලා තියෙන්නේ ඇය හොඳ සුපවේදිනියක් නිසා.දැන් ඉන්න සමහර අයට එක ක්‍රමේකටවත් උයාගන්න පුලුවන්ද කියලා සැකයි.වම්බටු බැදලා කහබත් සමග අම්මා උයලා දුන්න රසවත් බත් වේල මතක් වුනා. මෙහෙ මා ඉන්නා රටේ ගොඩක් වෙලාවට ප්‍රමාණයෙන් විශාල බටු තමයි දකින්න ලැබෙන්නේ.ලංකාවේ බටු තරම් රස නැහැ. බදින්නත් ගොඩාක් වෙලා යනවා. (බ)
මාරයි..! ලජ්ජා ඇත්නම් මිනිහා කවදාවත් බිලා පොලේ යන්නේ නැහැ., (හේ)
මට නම් ඔය බීලා කරන කෝලම් අප්පිරියයි. කොහොම ගෙදර අය මේවා ඉවසනවාද මන්දා. (ර)
කිරට, මිරිසට, බැදලා, තෙම්පරාදු කරලා හතර විදියක්. මාර රසයිනේ. (ර)
ඉනෝක ඉන්න රටේ බටු බැදෙන්න පරක්කු දේශගුනික ප්‍රශ්නයක් වෙන්න ඇති ලංකාවේ බටු තරම් කොහෙවත් බටු හොදයි කියන්න බෑ කාපු අය විතරයි එක දන්නේ (බ)
හොද පාඩමක්.(හේ)
ස්වාමියා කරලා තියෙන්නේ වැරදි වැඩක්. නමුත් බිරිඳ කරලා තියෙන්නේ මෝඩ වැඩක්. (ර)
තෙම්පරාදු කරන්නේ කොහොමද? (බ)
වැඩිපුර බටු ටික අහල පහල අයට බෙදලා දීලා නිකම් ඉන්න එකයි ඇත්තේ. (ර)
ඔය වගේ දේවල් හැමතැනම වෙනවා.(හේ)
මටත් දවසක එහෙමවුනා. එළවලු මල්ල කාරෙකේ තියලා කුකුල් මස් ටික ඩිකියේ දැම්මා. පහුවදා ඉවසන්න බැරි ගදක් ආවට පස්සේ මතක් වුනේ. (හේ)
අපි ඉන්න රටේ නම් වම්බටු හරිම රසයි (බ)
හොඳ බිරිඳක් (නි)
මම කොබෙයිගනේ.බැද්දේගම අපේ හේනේ වැවුණු වම්බටු කෑවොත් පිටබැද්දර ජයා අයියා ආපසු යනවා නොවෙයි සිදාදියට.ඒ තරමට රසයි අම්මා උයන වම්බටු බැදුම... (නි)
අගය කළයුතු බිරිඳක් (නි)
මට අවුරුදු 15 විතර කාලේදී අම්මා මාර්කට් එකට ගිහිල්ලා වම්බටු 500 කුයි අමුමිරිස් 100 කුයි ගෙනෙන්න කිව්වා. මම අම්ොව කේන්ති ගස්සන්න හිතාගෙන "මොනවද අම්මේ කිව්වේ බටු 100 මිරිස් 500 නේද ?" කියා කියා පස් හය සැරයක් ඇහුවා. මාර්කට් එකට ගිහිල්ලත් මුදලාලිගෙන් මිරිස් 500 අරගෙන බටු 100 ඉල්ලනකොට, "මහත්තයා මොකටද හත්මාලුවකටද" කියලා මුදලාලි අහනකොට තමා මට අවුල තේරුනේ. මම සද්ද නැතුව ඔව් කියලා මුදලාලි කිරන්නෙත් නැතුව මල්ලට දැම්ම බටු කරල් දෙක ගෙදර අරන් ඇවිල්ලා අම්මගෙන් ලුණු ඇඹුල් ඇතුව අහගත්තා. (නි)