බීමතින් නිවසට එන සැමියාට අපූරු පාඩමක් උගන්වා ඇතැයි කියන වයෝවෘද්ධ කාන්තාවක පිළිබඳ පුවතක් කෑගල්ල ප්‍රදේශයෙන් වාර්තා වෙයි.
වාර්තා වන අන්දමට සිද්ධිය මෙසේය.
කෑගල්ල ප්‍රදේශයේ වයෝවෘද්ධ යුවළක් මහ ගෙදර නිවසේ පදිංචිව සිටිති. ඒ ආසන්නයේ ඔවුන්ගේ බාල පිරිමි දරුවා නව නිවෙසක් ඉදි කරගෙන අඹු දරුවන් සමග පදිංචිව සිටියි.
බාල පුතාගේ බිරිය දවසේ තුන් වේලටම මෙම දෙදෙනාට කෑම බීම ගෙනත් දෙන අතර රොටියක් ඉදි ආප්පයක් ඊට අමතරව ඔවුන් සාදා ගන්නා බවත් වාර්තා වේ.
නිවෙසේ ගෙහිමියා තදින්ම කාලයක සිට මතට ඇබ්බැහි වූවෙකි. මත්පැන් පානය කර නිවෙසට පැමිණෙන වයෝවෘද්ධ පුද්ගලයා ගෙදර තිබෙන කෑමක් කා කල් තියා නිවසේ සාලයේ පැදුරක් දමාගෙන නින්දට වැටෙයි. මොහුට මාස ගණනාවක සිට ඉදහිට රාත්‍රියට නොදැනීම මුත්‍ර පහ වෙයි. මුත්‍ර පහ වූ පසුදාට බිරිය වතුර දමා ගෙමැද්ද පිරිසුදු කරන්නේ ඇණුම් බැණුම් වලින් අඩුවක් නොමැතිවය. වයෝවෘද්ධ පුද්ගලයා ඒ අවස්ථාවේ දී නිවෙසින් පිට වී කඩ මණ්ඩියට බාල පුතාගේ නිවසට හෝ දිව යන්නේ කිසිවක් නොවුණ ගානටය.
මීට දින කිහිපයකට ඉහත දී ද වයෝවෘද්ධ පුද්ගලයා මත්පැන් පානය කර පැමිණ සුපුරුදු පරිදි කා බී සාලයේ පැදුරක් දමාගෙන නින්දට වැටුණු අවස්ථාවේ දී මුත්‍ර පහ වී පැදුරෙන් පිටතට ද ගලා ගොස් තිබේ. වයෝවෘද්ධ කාන්තාව විදුලි පන්දමක් අතැතිව එළියට යාමට ගිය අවස්ථාවේ දී මුත්‍ර ගොඩ පෑගී පය ලෙස්සා වැටුණේ දවල් තරු ද දකිමිනි.
අසල තිබුණු දොර පියන අල්ලාගෙන නැගිට ගත් ඇය අද නම් පාඩමක් ඉගැන්විය යුතු යැයි සිතුවේ වැටුණ වේදනාව සහ හිතට නැගුණ කෝපය ද සමගය. ඒ වන විට වයෝවෘද්ධ සැමියා ගොර හඩ පතුරවමින් තද නින්දේ පසු වෙමින් සිටියේය.
නිවෙසේ ප්‍රධාන දොර විවෘත කළ කාන්තාව සිය සැමියාගේ කකුල් දෙකෙන් අල්ලාගෙන ඇදගෙන ගොස් නිවෙසින් පිටතට මිදුලට ඇද දැමුවාය. පැදුර ද රෙදි පෙරිදි ද කොනකින් අල්ලාගෙන මිදුලට විසි කර දමා දොරගුළු ද දමා ගත්තාය. මිදුලේ වැතිරී සිටි සැමියාට කර කියා ගත හැකි දෙයක් නොවීය.
කාරණාව තේරුම් ගත් ඔහු පිල් අගුව අල්ලාගෙන නැගිට ගත්තේය. පසුව රාත්‍රියේම බාල පුතාගේ නිවෙසට දිව ගොස් ලේලියට කතා කර නිවෙසේ පිටත පිහිටි කාමරයක රැය පහන් කර ඇතැයි වාර්තා වෙයි.
මෙම සිදු වීමෙන් පසුව වයෝවෘද්ධ පුද්ගලයා මත්පැන් පානය කිරීම සම්පූර්ණයෙන්ම නතර කර දමා ඇතැයි ද වාර්තා වෙයි.
දඩබ්බර කිරි එළදෙන මෙල්ල කරන්නට ගිය නිවෙස් හිමියාට බිරිඳට වෙදකම් කිරීමට සිදු වු පුවතකි මේ. සිද්ධිය වාර්තා වෙන්නේ යාපහුව අඩවියෙනි.
අංක හුටපටයෙන් විදෙස් අවුරුදු කුමාරි මාරුවී සංවිධායකයන්, නරඹන්නන් සහ තරගකාරියන් අලි අමාරුවක වැටුණු පුවතක් ගාලු දිසාවේ සංචාරක හෝටලයකින් අසන්නට ලැබේ.
අවුරුද්දේ අරක්කු බීමට මුදල් නොමැතිව සිටි තරුණයන් කීප දෙනකුගෙන් දෙදෙනකු කාන්තා බූරු පිටියකට පැන බියට පත්කර එහි තිබී එකතු කරගත් මුදල්වලින් යහමින් මත්ප
අලුත් අවුරුදු පාටියට ගොස් අලුත් ජූස් එකක් පානය කොට අලි අමාරුවක වැටුණු අයකු පිළිබඳ පුවතක් වතුගෙදරින් අසන්නට ලැබේ.
භුත දෝෂයක් - ශරීරයට ඇතුළු වී සිටි හිරිමල්වියේ පසු වූ තරුණියක ශාන්තිකර්මයක් අතරතුර පොළොවේ පෙරළෙමින් මරළතෝනි දී කෑ ගසා සිය ස්මාට් ජංගම දුරකතනය ඉල්ලා සි
වඳුරු උවදුරෙන් බේරෙන්න පාදුක්ක ප්‍රදේශයේ එක්තරා පුද්ගලයකු වඳුරු වෙස් මුහුණක් දමාගෙන වඳුරන් පන්නා දැමීමට යාමේ දී රැලේ නායක වඳුරා ඔහුව සපා කෑමට පැන වි
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
බීලා ගෙදර ආවාට බිරියගෙන් පාඩමක්