ලියුම් පෙට්ටිය අසල කාඞ් බෝඞ් පෙට්ටියකි. කාඞ්බෝඞ් පෙට්ටියේ බලුපැටවුන් ගොඩකි. උදෑසන තැපැල් කාර්යාල සමීපයේ ඇති මේ දසුන කාගේත් නෙතට සංවේගයක් ඇති කළේය. එකම වර්ණයෙන් එකම ප්‍රමාණයෙන් යුතු මොවුන් දෙස බලමින් අනේ මේ කිරි බොන පැටපු මොන හිතකින් මෙතැනට ගෙනත් දැම්මද? කන්න බොන්න දෙන්න බැරිනම් මොකටද මේ සත්තු හදන්නේ යැයි ඇතැමෙක් කී අතර ඇතැමෙක් අනේ හරි ලස්සන බලු පැටව් පොමනේරියන් වගේ මෙතැන පිරිම සත්තු ඉන්නවද දන්නේ නැහැ යැයි ද කීහ.
කාර්යාලයේ සේවකයෝ ආහාර ආදියෙන් සංග්‍රහ කිරීම නිසා නිතර ඒ අසල සුනඛයින් බළලුන් ආදිය අඩුවක් නොවීය. එනිසාත් මෙම පැටව් පිරිසත් හොඳින් ඇති දැඩි වෙතැයි සිතා මෙතැනට ගෙනැවිත් දමන්න ඇතැයි තවත් ඇතැමෙක් කීහ.
කෙසේ නමුත් නොහොඹිනා ක්‍රියාවක්වූ මෙම බලු පැටවුන් කාර්යාලය අසලට ගෙනැවිත් දැමූ පුද්ගලයා සොයා ගැනීමට කාර්යාල ලිපිකරුවෙක් රහස් මෙහෙයුමක් ක්‍රියාවට නැංවූයේය. ඒ සඳහා බලු පැටවුන් තැපැල් කාර්යාලය අසලා ගෙනැවිත් දැමූ පෙට්ටියේ තිබූ පුවත් පතක කොටසක් සාක්ෂි වශයෙන් තබාගත්තේය. තව ටික දවසකින් මම මේ පරීක්ෂණය අනුව බලු පැටවුන්ගේ අයිතිකාරයින්ව කියන්නම්. බොහෝ දෙනා මවිත කරමින් ඔහු කීවේය.
දිනක් එක් තරුණියක් තැපැල් කාර්යාලයට පැමිණියේය. යම් කිසි සේවාවක් ඉටු කරගත් ඇය පිටත් වෙන්නට හදද්දී ඉහත සේවකයා ඇයට මෙසේ කීවේය. නංගී ඔයාලගේ බලු පැටව් හොඳින් ඉන්නවා එයාලව අතරමං කළාට ස්තුතියි කියන්නත් කිව්වා. අපේ ගරාජ් එක කට්ටියට ගෙදරට වඩා හොඳයිලු.
ඇයට කිසිවක් කර කියා ගත නොහැකි විය. සියල්ල හෙළිවී ඇති බැව් හැඟුණි. ඇය ලජ්ජාවෙන් ඇඹරෙමින් මෙසේ පැවැසුවාය.
‘අනේ අයියේ බලන්නකෝ අපේ තාත්තාගේ වැඩනේ. අහල පහල අයගෙන් වදේ කියලා මෙතැනට ගෙනත් දාලානේ. එසේ කී ඇය තැපැල් කාර්යාලයෙන් ලජ්ජාවෙන් පිටවී ගියාය.
ඒත් සමගම අනෙක් පිරිස පුදුමයෙන් මෙසේ ඇසූහ.
කොහොමද හරියටම ඒ ගෙදර අයයි බලු පැටව් ගෙනාවේ කියලා කිව්වේ.
එවිට සේවකයා මෙසේ කීය.
මේ තියෙන්නේ එදා අර බලු පැටව් ගෙනත් දමාපු පෙට්ටියේ තිබුණු කාඩදාසියක්. මේක ගිය සතියේ ගැසට් පත්‍රයක පිටුවක්. මේකේ හරියටම එක තැනක් හයිලයිට් කරලා පෑනකින් ලකුණු කරලා. ඉතින් මේකට ඉල්ලුම් කළ කෙනා ලියාපදිංචි ලිපියකින් අදාළ කටයුතු සම්පූර්ණ කරන්න මෙතැනට ඒවි කියලා මම හිතුවා. ඒ වගේම මේ පත්තර කඩදාසියේ තිබුණු අත් අකුරු කිහිපයකුයි ඒ ළමයාගේ අත්අකුරුයි හරියටම හරි. ඒකයි මම එහෙම කිව්වේ.
(වලල්ලාවිට විශ්ව ගැමුණු ප්‍රියංකර)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නියම මොළයක් (නි)
මම බලු පැටව් 15 කගේ බඩ පුරවන කෙනෙක් විදිහට කණගාටුයි බලු පැටවුන්ගේ ආදරය විඳීම අහිමි මිනිසුන් ගැන
හිතක් පපුවක් ඇති පුද්ගලයෙක් බලු පැටවු ටික තැපැල් කාර්යාලය ළඟට ගෙනත් දැම්මේ කිසිකෙනෙක් නැති තැනකට දැම්මනම් මොකද වෙන්නේ (අ)
මෙම ලිපිකරු අපේ රටේ බුද්ධි අංශයට සුදුසුයි (නි)
නියම මොළකාරයෙක් (නි)
ඔය උකුසු ඇස තියෙන ලොව එකම ජාතිය ඊශ්‍රායල් ජාතීන්. අපේ අයටත් ඔය මොළේ තිබුණ නම් අපි ගොඩ. (සඳු)
ඔව් පහන් අපේ මිනිස්සු පගාව දෙන්න හදන්න ඇති .පරීක්ෂණ යටපත් කරන්න (බ)
සෑම්, ෂර්ලොක් හෝම්ස් මහත්මයායි වොට්සන් මහත්මයායි දෙන්නම ලංකාවට ආවා දැන් සති 3/4 කට උඩදී. කෝ අපේ මිනිස්සු වැඩක් කරන්න දෙන්නේ නැහැනේ. ඉතින් දෙන්නම එපාවෙලා ආපහු ගියා (නි)
පව් අසරණ බලුපැටව් ටික! උන්ව බලාගන්න තැපැල් මහත්තයට ගොඩාක් පින්! මේ තීරේ පාටක සැමටමත් දීර්ඝායු වේවායි පතමු! (නි)
ෂර්ලොක් හෝම්ස් වගේ නේ (අ)
කොහොමද ටිකිරි මොලේ. ඔබල ගන්න ඕනේ ඇලේ. (අ)
කොහොමද ටිකිරි මොලේ ? නියම රහස් පරික්ෂකයෙක් ,(හේ)
ඇයි තෙවන කාරනාව ......අනුන්ගේ දේවල් වලට ඇඟිලි ගහන එක..??(හේ)
ඒ ලිපිකරු හොදයි එෆ් සි අයි ඩී එකට (හේ)
පට්ට මොළ කාරයෙක් (හේ)
හොඳ දක්ෂයෙක් (අ)
මෙතන නොහොබිනා වැඩ දෙකක් සිදුවෙලා තියෙනවා. බලු පැටව් අතරමං කිරීම සහ ගැසට් පත්‍රයේ පිටුව කඩා දැමීම. (අ)