ලියුම් පෙට්ටිය අසල කාඞ්බෝඞ් පෙට්ටියකි. එහි බලූපැටවුන් රංචුවකි. උදෑසන තැපැල් කාර්යාල සමීපයේ ඇති මේ දසුන කාගේත් නෙතට සංවේගයක් ඇති කළේය. එකම වර්ණයෙන් එකම ප‍්‍රමාණයෙන් යුතු මොවුන් දෙස බලමින්... අනේ මේ කිරි බොන පැටවු මොන හිතකින් මෙතැනට ගෙනත් දැම්මද? කන්න බොන්න දෙන්න බැරි නම් මොකටද මේ සත්තු හදන්නේ? යැයි ඇතැමෙක් කියූ අතර ඇතැමෙක්... ආනේ හරි ලස්සන බලූ පැටව්. පොමනේරින් වගේ. මෙතැන පිරිමි සතුන් ඉන්නවද දන්නේ නැහැ යැයි ද කීහ. මෙම බලූ පැටවුන් කාර්යාලය අසලට ගෙනැවිත් දැම්මේ කවුදැයි සෙවීමට කාර්යාල ලිපිකරුවෙක් රහස් මෙහෙයුමක් ක‍්‍රියාවට නැංවූයේය. තැපැල් කාර්යාලය අසලට ගෙනැවිත් දැමූ පෙට්ටියේ තිබූ පුවත් පතක කොටසක්ද සාක්ෂි වශයෙන් ඔහු තබාගත්තේය. ”තව ටික දවසකින් මම මේ පරීක්ෂණය අනුව බලූ පැටවුන්ගේ අයිතිකාරයින් කියන්නම්.” බොහෝ දෙනා මවිත කරමින් ඔහු කීය. දිනක් එක් තරුණියක් තැපැල් කාර්යාලයට ආවාය. යම්කිසි සේවාවක් ඉටුකර ගත් ඇය පිටත්වෙන්නට හදද්දී, ”නංගී ඔයාලගේ බලූ පැටව් හොඳින් ඉන්නවා එයාල අතරමං කළාට ස්තූතියි කියන්නත් කිව්වා. අපේ ගරාජ් එක කට්ටියට ගෙදරට වඩා හොඳයිලූ” කීවේ අප ඉහත කී ලිපිකරුය. ඇයට කිසිවක් කරකියා ගත නොහැකි විය. සියල්ල හෙළි වී ඇති බැව් හැඟුණි. ඇය ලැජ්ජාවෙන් ඇඹරෙමින් මෙසේ පැවසුවාය. ”අනේ අයියේ බලන්නකෝ අපේ තාත්තාගේ වැඩ නේ. අහල පහළ අයගෙන් වදේ කියලා මෙතැනට ගෙනැත් දාලා නේ...” එසේ කියූ ඇය තැපැල් කාර්යාලයෙන් පිටවී ගියේ ලැජ්ජාවෙනි. ඒ සමගම අනෙක් පිරිස පුදුමයෙන් මෙසේ ඇසීය. කොහොමද හරියටම ඒ ගෙදර අයයි බලූ පැටව් ගෙනාවේ කියලා කිව්වේ. එවිට ඔහු මෙසේ කීය. ”මේ තියෙන්නේ එදා අර බලූ පැටවුන් ගෙනත් දැමූ පෙට්ටියේ තිබුණු කඩදාසියක්. මේක ගිය සතියේ ගැසට් පත‍්‍රයක පිටුවක්. මේකේ හරියටම එක තැනක් හයිලයිට් කරලා පෑනකින් ලකුණු කරලා ඉතින් මේකට ඉල්ලූම් කළ කෙනා ලියාපදිංචි ලිපියකින් අදාළ කටයුතු සම්පූර්ණ කරන්න මෙතැනට ඒවි කියලා මම හිතුවා. ඒ වගේම මේ පත්තර කඩදාසියේ තිබුණු අත් අකුරු කිහිපයකුයි ඒ ළමයාගේ අත් අකුරුයි හරියටම හරි. ඒකයි මම එහෙම කිව්වේ.” ඔහු තම පරීක්ෂණයේ ප‍්‍රතිඵල ප‍්‍රකාශ කළේය.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මරු තර්ක විග්‍රහය. ඇත්තරම ෂෙර්ලොක් හ්ලොම්ස් චරිතය ජිවමානයි කියෙල හිතෙනවා.
අයිය මාව කසාද බදින්න කැමතියිද?
මේ මහත්මයට හොඳම තැනක් දෙන්න ,
මේ අයියා එතන අකුරට වැඩද දන්නේ නෑ
හා.. හා.. බලාගෙනයි දෙතොලේ කටු ඇනෙයි
ශර්ලක් හොම්ස් වගේ නේ
මේක පලවෙනි වතාවනම් වෙන්න බැහැ
අළුත උපන් මිනිස් පැටවු දාලා යන ලංකාවේ බලු පැටවු කජ්ජක්ද රාළේ?
'නංගි සහ බලු පැටවු සමග තැපැල් අයියා' කියලා නාටකයක් හැදුවොත් කොහොමද?
මල්ලි ඔයා නම් නියම කොල්ලෙක්
අයියන්ඩියේ බලාගෙනයි, හොඳ හොඳ සෙල්ලම් එළිවෙන ජාමෙට පුහුල් හොරා කරෙන් දැනේ........
ඔය මහත්තයාගේ හැකියාවට සේවය කරන්න ඕනෙ තැපැල් කන්තෝරුවේ නොව බුද්ධි අංශයේයි...
මරු තර්ක විග්‍රහය, ඇත්තටම ‘‘ෂෙර්ලොක් හ්ලොම්ස්‘‘ චරිතය ජිවමානයි කියල හතෙනවා..
මෙවැනි මහතුන් මෙන් බුද්ධිය මෙහෙයවා සාධාරණත්වය ඉටුකරන්නේනමි ලංකාවද මත්දව්‍යවලින්තොර, නිධන් කොල්ලකෑමිවලින්තොර, මිනීමැරිමිවලින් තොර, සියලු දුෂණයෙන්තොර, නිදහස් නිවහල් රටක්වනවා නොවනුමානයි. මෙම මහතා වෙනත් ස්ථානයක සිට මෙම උපක්‍රමය වෙනත් දුෂිතරාජකාරියක් සදහා යෙදුවෙිනමි සමහරවිට මේ මහතාගේ රැකියාව අහිමිවිය හැකිය. නැතිහොත් ස්ථානමාරැවක් ලැබිමට පුලුවන. මෙය බල්ලන් සම්බන්ධ කතාවක් නිසා මේ කිසිවක් සිදුනොවෙයි.
ඔය නිදන් හාරන අයවත් අල්ල දෙන්න බැරිද ඔහොම.....
ශර්ලක් හෝම්ස් වගේ
ඔබ සැබෑ දක්ෂයෙක්. ඔබේ ක්‍රියාව අගේ කළ යුතුයි.
අයියේ, ඔයා ඉන්න ඕන ඔතන නෙමෙයි.
ඔයා මාරයිනෙ අයියා .අපේ රටේ වෙන මිණී මැරුම් ටිකත් හොයල දෙන්නකෝ.........
මහත්තය නම් බුද්ධි අංශයට හොදයි.
ෂර්ලොක් හෝම්ස් වගේ ලස්සනට තර්ක භාවිතා කරලා. සමහර අයට උත්පත්තියෙන්ම පිහිටන දෙයක්. ඒ මහත්තයගෙ ගෙදර අයට නම් කල්පනාවෙන් ඉන්න වෙයි.
සී අයි ඩී එකටනම් නියමයි