IMG-LOGO

2025 අප්‍රේල් මස 22 වන අඟහරුවාදා


බුලත් අතේ ජංජාලයෙන් තව ඩිංගෙන් මඟුලත් හබක්

(පොල්ගස්ඕවිට එස්. වික්‍රමආරච්චි)
සිය පුත්‍රයාගේ මංගල උත්සවය සඳහා ඥාතී හිතවතුන්ට ආරාධනා කිරීමට රැගෙන ගිය බුලත් අතේ කොළ බුලත් විට කෑම සඳහා යොදාගෙන තිබීම නිසා මංගල ආරාධනාවක් කිරීමට ගිය මාපිය යුවළක් අතර ඇතිවන්නට ගිය විශාල ගැටුමක් නූලෙන් වැළකී යාමේ සිද්ධියක් දකුණේ කඳුකර ගම් ප්‍රදේශයකින් අසන්නට ලැබිණි.


රටේ පැවැති වසංගත වාතාවරණය නිසා දෙතුන් වරක්  කල් දැමීමට සිදුවූ තම එකම පුත්‍රයාගේ මංගල උත්සවය නව සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුව සිදු කිරීම සඳහා මෙම මවුපිය දෙපළ මේ  දිනවල ලහි ලහියේ කටයුතු කරමින් සිටියි.


ඒ අනුව  ඈත ප්‍රදේශවල සිටින තම ළඟම ඥාති හිතවතුන් කීප දෙනකුට ආරාධනා කිරීම සඳහා සිය වාහනයෙන් පුතා සමගින් යාමට මව තීරණය කළේ නිවෙසේ ඇති වෙනත් කටයුතු කීපයක් සිය සැමියාට පැවැරීමෙන් පසුවය.


බුලත් හෙප්පුවක් සහ ඊට අවශ්‍ය බුලත් අතක් ද පිළියෙල කරගත් ඇය පුතා සමගින් පිටත් වන්නට වාහනයට ගොඩවනවාත් සමගම  දිව ආ සැමියා කාලෙකින් නෑදෑ හිතවතුන්ගේ ගෙවල්වල නොගිය නිසා තමන්ටද ගමනට එකතුවීමට අවශ්‍ය බව කියා සිය බිරියට බැගෑපත් වූයේය.


 ඇය⁣ගෙන් ඊට කැමැත්තක් නොලැබුණද පුත්‍රයාගේ ඉල්ලීම මත ඔහුට ඒ සඳහා අවසරය ලැබිණි.


ඔහු දැඩිසේ බුලත්විට කෑමට ඇබ්බැහිවී සිටි අයෙකි. කෙසේවෙතත්  ගමන පිටත්වීමට තිබූ හදිසිය නිසා සිය බුලත් මඩිස්සලයට අවශ්‍ය ප්‍රමාණයට බුලත් හැර අනෙක් සියලු‍ කළමනා පුරවාගත් හෙතෙම බොහෝ සතු⁣ටින් පිටුපස ආසනයට පැන ඉඳ ගත්තේය. 


ගමනේ ටික දුරක් යද්දී ඔහුගේ බුලත් කොළ කීපය අවසන් විය. මඟදී වාහනය නතර කරවා කඩේකින් බුලත් ගැනීමට නොහැක්කේ ඇය සමඟ ගමනක් බිමනක් යන විට බුලත් සැපීම බිරිඳ ඔහුට තහනම් කර තිබෙන බැවිනි. 


බොහෝ වේලාවක් බුලත් විටක් සප්පායම් නොවී සිටීම ඔහුට නම් ලේසි පහසු කටයුත්තක් නොවීය. ආසනය මත බෑගයක තිබූ බුලත් අත ඔහුට සිහි විය.


බිරිඳ ඉදිරි අසුනේ නිදි කිරද්දී හෙතෙම පිටුපසට වී හිතේ හැටියට බුලත් සපමින් ගමන් කළේය.


පැය තුනක පමණ ගමනකින් පසු ප්‍රදේශයේ ප්‍රභූ ඥාති නිවෙසක් අසල වාහනය නතර කෙරිණ. හාපුරා කියා සුබ නැකතින් එම නිවසේ අයට මංගල ආරාධනාව කිරීම සඳහා නියමිත වේලාව පැමිණෙන තුරු  මව සහ පුතා බුලත් හෙප්පුව සකස් කරන්නට සූදානම් වූවා පමණි.


සූදානම් කරගෙන ආ බුලත් අතෙන් ඉතුරුවී තිබුණේ කොළ දෙක තුනක්  පමණි. ඒවාට සිදුවූ සන්තෑසිය තේරුම් ගැනීමට මවටත් පුතාටත් මහ වෙලාවක් නොගියේය. යක්ෂාවේශයෙන් සැමියා දෙසට හැරුණු ඇය හොඳ අඩව්වක් ඇල්ලීමට සූදානම් වුවද පුත්‍රයා සිය මව අස්වසා සුබ මොහොතට තවත් ටික වේලාවක් තිබූ බැවින් අසල වෙළෙඳසලකට ගොස් අවශ්‍ය බුලත් ප්‍රමාණය ගෙනාවේය. මේ නිසා සිදුවන්නට ගිය මහා අකරතැබ්බයකින් ⁣බේරුණාලු‍.



අදහස් (0)

බුලත් අතේ ජංජාලයෙන් තව ඩිංගෙන් මඟුලත් හබක්

ඔබේ අදහස් එවන්න

 

 
 

දෙයියෝ සාක්කි

ගැරඬි හැවකට යකා නටලා
2025 අප්‍රේල් මස 22 262 0

සිය මෝටර් රථයේ රියැදුරු අසුන මත තිබූ ගැරඬි හැවකට සර්පයකු යැයි සිතා බියට පත්වූ පුද්ගලයකු බිරියටද මහ හයියෙන් කෑ ගසමින්ම සර්පයා මරාදැමීමට පොල්ලක් සොයමි


කිරි දොවන්න ගිහින් රෝහ​ෙල් ලගින්න වෙලා
2025 අප්‍රේල් මස 21 537 0

දඩබ්බර කිරි එළදෙන මෙල්ල කරන්නට ගිය නිවෙස් හිමියාට බිරිඳට වෙදකම් කිරීමට සිදු වු පුවතකි මේ. සිද්ධිය වාර්තා වෙන්නේ යාපහුව අඩවියෙනි.


නවය හයවී අවුරුදු කුමාරිගෙ ඔටුන්න ගැලවිලා
2025 අප්‍රේල් මස 19 575 0

අංක හුටපටයෙන් විදෙස් අවුරුදු කුමාරි මාරුවී සංවිධායකයන්, නරඹන්නන් සහ තරගකාරියන් අලි අමාරුවක වැටුණු පුවතක් ගාලු‍ දිසාවේ සංචාරක හෝටලයකින් අසන්නට ලැබේ.


කාකි කෝට් පිහිටෙන් සූර්වෙලා
2025 අප්‍රේල් මස 18 685 1

අවුරුද්දේ අරක්කු බීමට මුදල් නොමැතිව සිටි තරුණයන් කීප දෙනකුගෙන් දෙදෙනකු කාන්තා බූරු පිටියකට පැන බියට පත්කර එහි තිබී එකතු කරගත් මුදල්වලින් යහමින් මත්ප


අවුරුදු සාදයේ ජූස් බී අලි අමාරුවක වැටිලා
2025 අප්‍රේල් මස 17 678 1

අලු‍ත් අවුරුදු පාටියට ගොස් අලු‍ත් ජූස් එකක් පානය කොට අලි අමාරුවක වැටුණු අයකු පිළිබඳ පුවතක් වතුගෙදරින් අසන්නට ලැබේ.


භූතයා ස්මාර්ට් ෆෝන් ඉල්ලලා
2025 අප්‍රේල් මස 11 1103 0

භුත දෝෂයක් - ශරීරයට ඇතුළු වී සිටි හිරිමල්වියේ පසු වූ තරුණියක ශාන්තිකර්මයක් අතරතුර පොළොවේ පෙරළෙමින් මරළතෝනි දී කෑ ගසා සිය ස්මාට් ජංගම දුරකතනය ඉල්ලා සි


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 579 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 305 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 460 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site