(හෝමාගම - එම්. හිරිපිටිය)
පාදුක්ක නගරයට ආසන්න විහාරස්ථානයක පසුගිය දිනක පින්කමකි. මෙම පින්කමට පාදුක්ක හා ඒ අවට පදිංචි අය අතර එක්තරා මැදි වියේ කාන්තාවක් ද පැමිණ ඇත. ඇය කාඞ්බෝඞ් පෙට්ටියක් රැුගෙන පැමිණ විහාරස්ථානය අසලින් තබා විහාරස්ථානයේ පින්කමට එක්වී ඇත.
මද වේලාවකින් බලූ පැටවුන්ගේ හඬන ශබ්දයක් අඛණ්ඩව ඇසීමට පටන් ගැනීමත් සමග පින්කමට පැමිණි කීප දෙනකු ඒ අවට විමසා බැලීමේ දී පෙට්ටියක් තුළින් එම ශබ්දය ඇසී ඒ අසලට ගොස් පෙට්ටිය විවෘත කිරීමේ දී බලූ පැටවුන් තිදෙනකු සිටිනු බව දැක ඇත. බලූ පැටවුන්ට අමතරව එම පෙට්ටියේ ජාතික හැඳුනුම්පතක් හා බැංකු පොතක් තිබී එය විහාරාධිපති හිමියන්ට ලබා දී තිබේ. බලූ පැටවුන් දමා ගෙන ආ පෙට්ටියේ තමන්ගේ හැඳුනුම්පත හා බැංකු පොත එහි වැටී ඇති බව නොදන්නා මෙම කාන්තාවට විහාරස්ථානයේ සිට නිවසට පැමිණ මද වේලාවකින් විහාරාධිපති හිමියන්ගේ පණිවිඩයක් ලැබී තිබේ. ඒ විහාරස්ථානයට පැමිණෙන ලෙසට පණිවිඩය ලැබුණු විගස වහා පැමිණි කාන්තාවට විහාරාධිපති හිමියන් ”ආ... උපාසක අම්මේ අර විහාරස්ථානය ළඟ බලූ පැටවු දමා ගිය පෙට්ටියේ උපාසක අම්මාගේ හැඳුනුම්පතයි බැංකු පොතයි තිබුණා. මේ දෙකත් එක්ක අර බලූ පැටවුන් ටිකත් රැගෙන යන්න” කියා පැවසූ විට ”අනේ හාමුදුරුවනේ මට සමා වෙන්න” කියා බලූ පැටවුන් තිදෙනාත් රැුගෙන විහාරස්ථානයෙන් පිටව ගොස් ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සිල් ගන්න, නිතර පින්කම් කරන බහුතරයකගෙ තත්ත්වය ඕක තමයි. අපායේ යන්න බයේ පින්කම් කළාට හිතේ කිසි ශ්‍රද්ධාවක් නැහැ. (නි)
වැඩිදෙනක් පන්සලට ගිහින් බණ අහලා ඒ බණ පන්සල ඇතුළෙම තියලා කගේහරි ඕපාදුපයක් දොඩවමින් ගෙදර යනවා (නි)
ඔයාගේ අදහස නම් සහතික ඇත්ත කුසල්. (ස)
ඒ මනුස්සයට තුන් දෙනෙකුගේ බරක් කරගහන්න තරම් වත්කමක් නැතුව ඇති.(නදී)
මේ හැමෝටම "උපාසක අම්මා" කියන එක නවත්තන්න ඕනේ. (හේ)
රට ජාතිය බේරාගන්නවා කියලා කෑගහපු උපාසක මහත්තයෙකුත් හිටියා. දැන් එයත් යන්න ගිහින්. (නි)
හොඳ වැඩේ ඒ කාන්තාවට (නි)
ගොඩක් කට්ටිය ඉන්න නිසා කැමති කෙනෙක් රැගෙන යාවි කියලා හිතන්න ඇති. (නි)
සමහර පුරාණ පන්සල් තිබියදී එම ස්ථාන අසළම තවත් ආගමික ස්ථාන හදනවා. අර පන්සල වහන්න වෙන විදියට මිනිසුන් මුලාකරමින් මිනිසුන්ගේ මුදල් සහ භක්තිය සුරාකන්න කටයුතු කරනවා. පුරාණ පන්සලේ තිබුන නිදහස් බව අලුත් තැන විඳිය නොහැකි බව මිනිසුන්ට තේරෙන්නේ නැහැ (නි)
අපේ ගෙදරට පසුපස ගෙදර උදවියත් සිල් ගන්නවා. ඊටපස්සේ අසල්වැසියන්ට හිරිහැර කරනවා (නි)