කුඩා දරුවන් තිදෙනා නිවසේ හුදෙකලාව දමා සුරතල් බැල්ලියකට වෛද්‍ය ප්‍රතිකාර ලබාදීමට කියා අනියම් සැමියකු මුණ ගැසෙන්නට කුලී රියකින් කිලෝමීටර් තුන්සියයකට ආසන්න දුරක් ගිය තිදරු මවක පිළිබඳව පසුගියදා වයඹ පළාත් මායිමේ ගම්මානයකින් වාර්තා විය.
දකුණේ කෙළවරක උපන් මේ කාන්තාව සැමියා මියගිය තිදරු මවකි. පුතුන් දෙදෙනෙක් සහ දියණියක් වෙති. ඔවුන් තවමත් බාල වියේය. ඔවුන් නඩත්තු කරන්නේ වයෝවෘද්ධ මාමණ්ඩිය විසිනි. ලේලිය අරපිරිමැස්ම ගැන හාංකවිසියක් නොදන්නා කාන්තාවක බවට ප්‍රසිද්ධය.
මාමණ්ඩිය රවට්ටමින් තමන්ගේ සිතැඟි සියල්ල ඉටුකරගන්නට තරම් ඇය කපටිය. සැමියාගේ මරණින් පසු ඇගේ පාසල් මිතුරකු වූ උපන් ගමේ පුද්ගලයකු හා අනියම් ඇසුරක් ඇය පවත්වන්නේ මාමණ්ඩියට හොර රහසේය.
සිංහල අවුරුද්ද පසුවුණා පමණි. ‘තාත්තේ මම බැල්ලිට බේත් ගේන්න යනවා. සල්ලි ටිකක් ඕනෑ.’ ඇය මාමණ්ඩියට කීවාය. කුලී රියක් ගෙන්වා ගත් කාන්තාව හිමිදිරියේම බැල්ලියට බේත් ගේන්නට ගියේ කුඩා දරුවන් තිදෙනා නිවසේ දමාය. මාමණ්ඩිය හවස ගෙදර එනවිට ලේලිය නැත. දරුවන් තිදෙනා කුසගින්නේ හඬමින් සිටිති. ‘අම්මා කෝ?’ ඔහු දරුවන්ගෙන් ඇසුවේය. ‘අම්මා තවම ආවේ නැහැ.’ දරුවන්ගේ පිළිතුර විය.
ඔහු ලේලියට ඇමතුමක් ගත්තේය. ‘තාත්තේ මම ගෙදර ආවා. හෙට දිහාට එන්නම්.’ ඇය කීවාය.
සිද්ධියෙන් කෝපයට පත් මාමණ්ඩිය දරුවන් තිදෙනා සමග මහ රෑම කතරගම බලා පිටත්වූයේය. මැදියම පසු වෙද්දී ලේලියගේ නිවසට සේන්දුවන්නට ඔවුනට හැකිවිය. එහෙත් ඇය එම නිවසේ නැත. ඇගේ මවුපියන් පැවසුවේ දියණිය නොපැමිණි බවය. දෙපක්ෂයේ මව්පියන් එක්ව සොයා බලද්දී ඇය පාසල් පෙම්වතාගේ නිවසේ සිටින බව දැනගන්නට ලැබිණි.
මාමණ්ඩිය එළිවෙද්දීම දරුවන් තිදෙනා සමග ලේලියගේ අනියම් සැමියා වූ පාසල් මිතුරාගේ නිවස බලා ගියේය. ඇය ගමෙන් පැමිණි කුලී රිය ඒ ආසන්නයේ නවතා තිබිණි. දරුවන් තිදෙනා ලේලිය සමීපයේ දැමූ මාමණ්ඩිය කිසිත් නොදොඩා යළි ගම බලා පිටත්වූයේය. ලේලිය දරුවන් තිදෙනා සමග පාසල් පෙම්වතාගේ නිවසේය.
(මීරිගම විශේෂ - පුෂ්පකුමාර මල්ලවආරච්චි)
සිය මෝටර් රථයේ රියැදුරු අසුන මත තිබූ ගැරඬි හැවකට සර්පයකු යැයි සිතා බියට පත්වූ පුද්ගලයකු බිරියටද මහ හයියෙන් කෑ ගසමින්ම සර්පයා මරාදැමීමට පොල්ලක් සොයමි
දඩබ්බර කිරි එළදෙන මෙල්ල කරන්නට ගිය නිවෙස් හිමියාට බිරිඳට වෙදකම් කිරීමට සිදු වු පුවතකි මේ. සිද්ධිය වාර්තා වෙන්නේ යාපහුව අඩවියෙනි.
අංක හුටපටයෙන් විදෙස් අවුරුදු කුමාරි මාරුවී සංවිධායකයන්, නරඹන්නන් සහ තරගකාරියන් අලි අමාරුවක වැටුණු පුවතක් ගාලු දිසාවේ සංචාරක හෝටලයකින් අසන්නට ලැබේ.
අවුරුද්දේ අරක්කු බීමට මුදල් නොමැතිව සිටි තරුණයන් කීප දෙනකුගෙන් දෙදෙනකු කාන්තා බූරු පිටියකට පැන බියට පත්කර එහි තිබී එකතු කරගත් මුදල්වලින් යහමින් මත්ප
අලුත් අවුරුදු පාටියට ගොස් අලුත් ජූස් එකක් පානය කොට අලි අමාරුවක වැටුණු අයකු පිළිබඳ පුවතක් වතුගෙදරින් අසන්නට ලැබේ.
භුත දෝෂයක් - ශරීරයට ඇතුළු වී සිටි හිරිමල්වියේ පසු වූ තරුණියක ශාන්තිකර්මයක් අතරතුර පොළොවේ පෙරළෙමින් මරළතෝනි දී කෑ ගසා සිය ස්මාට් ජංගම දුරකතනය ඉල්ලා සි
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
බැල්ලිට බේත් ගේන්න ගිය ලේලිය අනියම් සැමියගෙ තුරුලේ
pakeer Tuesday, 08 June 2021 09:37 AM
හොඳ පියවරක්... අන්න එහෙමයි ප්‍රශ්න විසඳන්න ඕනේ.. හැමෝගේම අවශ්‍යතා මෙතැනදී ඉටුවෙලා. මේ අංකල් හොඳ ඔලුව තියෙන මනුස්සයෙක්..