පිනට ලැබුණු බලු පැටියාට කෑමට දීමට මාළු නොදුන් කායවර්ධන ක්‍රීඩකයකුට සති දෙකක කාලයක් කාය වර්ධන පුහුණුවීම් නතර කළ අපූරු කායවර්ධන පුහුණුකරුවකු පිළිබඳ පුවතක් ගාලු දිසාවේ ප්‍රසිද්ධ නගරයකින් අසන්නට ලැබේ.
ක්‍රීඩා සමාජයක කායවර්ධන පුහුණු මධ්‍යස්ථානයකි. එහි පුහුණුවීම්වලට ගිය අයකුගෙන් කායවර්ධන මධ්‍යස්ථානයේ පුහුණුකරුට උසස් වර්ගයේ මිල අධික බලු පැටියකු ලැබුණේ පිනටය. ඒ පුහුණුකරුගේ ඉල්ලීමකටය.මේ බලු පැටියා මාළු නැත්නම් බත් නොකන බව ද කියති.
මේ කායවර්ධන මධ්‍යස්ථානය බෝට්ටු අයිතිකරුවන්ගෙන් මාළු ඉල්ල ඉල්ලා එන්නේ පස්සෙනි. එහෙත් ඒ සල්ලිවලට නොව පිනටය. මාළු බෝට්ටු ඇති සමයේ මේ කාය වර්ධන පුහුණු මධ්‍යස්ථානයේ ක්‍රීඩා පුහුණුවට එන මාළු මුදලාලි කෙනෙකු මාළු දුන්නේ. ඉල්ලන තරම් ඔහුට නොමිලයේ මාළු දුන්නේය. බලු පැටියාගේ මුවාවෙන් ඔහු ගෙදර කෑමට ද මාළු ගෙන ගියේය.
මේ අතරවාරයේ දී මේ මාළු මුදලාලි සිය බෝට්ටු වික්කේය. එහෙත් මේ කායවර්ධන පුහුණුකරුගෙන් මාළු ඉල්ලා ඔහුට ගැලවීමක් නොතිබුණේය. තමාට දැන් බෝට්ටු නැති බව කීව ද ඔහුගේ පිනට මාළු ඉල්ලීම නතර නොවිණ.
බෝට්ටු නැති ඔහුට කායවර්ධන පුහුණුකරුට මාළු දීමට නොහැකිවිය. එයින් උරණවූ කායවර්ධන පුහුණුකරු බොරු චෝදනා ගොඩක් ගොනු කොට සති දෙකක කාලයක් මාළු මුදලාලිගේ කායවර්ධන පුහුණුව නතර කළේය.
එම කායවර්ධන මධ්‍යස්ථානයේ අදාළ බලධාරීන්ට මේ ප්‍රශ්නය ගැන සැලවී මාළු මුදලාලිට යළි කායවර්ධන පුහුණුවීමට අවස්ථාව ලබා දුන්නත් ඔහු යළි එහි නොයන්නේ මාළු නොදුන් නිසා තමා සමග වෛරයෙන් සිටින මේ පුහුණුකරු ඊළඟට මොනවගේ අංචියක් අදීවී දැයි නොදන්නා නිසාලු.
මේ පුහුණුකරුගේ මේ අල්ලස නිසාම දැන් වෙනදා පැමිණි බොහෝ දෙනකු කායවර්ධන පුහුණුවීම් සඳහා නොයෙන බවද කියති.
දඩබ්බර කිරි එළදෙන මෙල්ල කරන්නට ගිය නිවෙස් හිමියාට බිරිඳට වෙදකම් කිරීමට සිදු වු පුවතකි මේ. සිද්ධිය වාර්තා වෙන්නේ යාපහුව අඩවියෙනි.
අංක හුටපටයෙන් විදෙස් අවුරුදු කුමාරි මාරුවී සංවිධායකයන්, නරඹන්නන් සහ තරගකාරියන් අලි අමාරුවක වැටුණු පුවතක් ගාලු දිසාවේ සංචාරක හෝටලයකින් අසන්නට ලැබේ.
අවුරුද්දේ අරක්කු බීමට මුදල් නොමැතිව සිටි තරුණයන් කීප දෙනකුගෙන් දෙදෙනකු කාන්තා බූරු පිටියකට පැන බියට පත්කර එහි තිබී එකතු කරගත් මුදල්වලින් යහමින් මත්ප
අලුත් අවුරුදු පාටියට ගොස් අලුත් ජූස් එකක් පානය කොට අලි අමාරුවක වැටුණු අයකු පිළිබඳ පුවතක් වතුගෙදරින් අසන්නට ලැබේ.
භුත දෝෂයක් - ශරීරයට ඇතුළු වී සිටි හිරිමල්වියේ පසු වූ තරුණියක ශාන්තිකර්මයක් අතරතුර පොළොවේ පෙරළෙමින් මරළතෝනි දී කෑ ගසා සිය ස්මාට් ජංගම දුරකතනය ඉල්ලා සි
වඳුරු උවදුරෙන් බේරෙන්න පාදුක්ක ප්‍රදේශයේ එක්තරා පුද්ගලයකු වඳුරු වෙස් මුහුණක් දමාගෙන වඳුරන් පන්නා දැමීමට යාමේ දී රැලේ නායක වඳුරා ඔහුව සපා කෑමට පැන වි
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
බල්ලාට මාළු නොදුන්නාට කායවර්ධන ගුරා හීන් නූලෙන් අංචි ඇදලා