එක්තරා ව්‍යාපාරිකයෙකි. ඉඩකඩම් ගේදොර හිමි ධනවතෙක්. වතුපිටි, හරකාබානට අමතරව නිවසේ ආරක්‍ෂාවට සුරතලයට ඇතිකරන බල්ලෝ කීප දෙනෙක් ද සිටිති.
මොහු ධනවතකු වුවද ලෝභයෙකි. වියදම අරපරිස්සමටම නොව මසුරු කමටය. පරම්පරාවෙන් ලත් දේපළ ද බොහෝය. ඒවා නඩත්තු කරන්නේ ද ආදායම් උපරිමව ලැබෙන එහෙත් වියදම් අඩු ක‍්‍රමයටය. එබැවින් අඩු පඩි දී කුලී කම්කරුවන්ගෙන් ද බැනුම් අසයි.
කන්නේ නොකා බැරිකමයට. මොහු සතියකට දෙතුන් වතාවක් නගරයේ මාළු වෙළෙඳපොළට යයි. ඒ බල්ලන්ට කෑමට මාළු ගැනීමටය. වෙළඳුන්ගෙන් ඉල්ලන්නේ බල්ලන්ට දීමට ‘පොඩි මාළු’ ටිකකි. මේ මාළු ගෙනියන්නේ බල්ලන්ට ද හාම්පුතාටදැයි වෙළඳුන්ට කුකුසකි.
දිනක් මොහු මාළු වෙළඳපොළට ආවේය. ‘‘මුදලාලි පෙරේදා අරන් ගිය මාළු හරිනෑනේ? ‘‘ඇයි මහත්තයා මක්වෙලාද?’’ ‘‘ඒවා කුණු රහයිනේ පරණ මාළු වගයක්ද කොහෙද? ‘‘මහත්තය මාළු අරන් ගියේ බල්ලන්ට කියලනේ. බල්ලන්ට උයපු ඒවා මහත්තයත් කාලා බැලූවාදැයි’’ මාළු වෙළෙන්දා ඇසීය. තමාගේ කට වැරදුණු බව දැනුණු හෙතෙම මුණිවත රකිමින් හිමින් සීරුවේ වෙනත් මාළු ලෑල්ලක් දෙසට පා එසැවීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔයා ඕවා ගණන් ගන්න එපා නන්දා. (නි)
අපි කන හැටි ළිපා දනී (නි)
මේ මහත්තයා මම හඳුනන කෙනෙක්ද මන්දා? (නි)
හුරුල්ලෝ කියන්නේ අඩු මිලට ලැබෙන ඉතාමත්ම හොඳ මාළු වර්ගයක්. (නි)
හොද පාඩම.පුද්ගලයා කවිද කිවුවනමි තවත් හොදයි.(ස)
මාළු කාරයා කුණු වෙච්ච මාළු විකුනනවා මදිවට ඒක ඒ මනුස්සයාගේ ඇගේ ගහපු එකයි මරු වැඩේ . තමන් කන බොන විදිහ කාටත් අදාල නැහැ . කුණූ මාලු විකුනපු එකයි වැරැද්ද. (අ)
බල්ලන්ව හදන්නේ තමන්ගේ ගේ දොර ආරක්ෂා කරගන්න තියෙන ආත්මාර්ථකාමී අදහසින් මිස සත්ව කරුණාවකින් නෙවේ. මම දුටුවා ලංකාවේ ගෙවල් කීපයක බල්ලව එළියේ බැඳලා. කන්න දාන්නෙත් කිසි පිරිසිදු කමක් නැතිව. (ස)
සමහර අයට කොච්චර තිබුනත් කන්න පින නැහැ. කන්න පින තිබුනත් කොච්චර සල්ලි , කෑම තිබුනත් අපි කාටත් කන්න පුළුවන් බඩට අල්ලන ප්‍රමාණය විතරනේ. (නි)
නන්දා,බල්ලන්ට කියලා ගත්තට හුරුල්ලෝ කන්නේ එයාලමයි. ඔයා දුක් වෙන්න එපා.අපි සුලු වැටුපකින් ජීවත්වෙන මිනිස්සු (නි)
සාමාන්‍යයෙන් වැදගත් මහත්මාවරු කොල්ලන්ට බල්ලන්ට සලකන්නේ එක විදියට. එකම කෑම. එ්ක තමා වියයුතු.(නදී)
බොරු පම්පෝරි ගැන හිතන්න ඕන නැහැ. පොඩි මාළු කියන්නේ අනික් ලොකු මාළුන්ට වඩා ගුණ මාළු වර්ගයක්. ඒ නිසා ලැජ්ජා නොවී තමන්ටම කන්න කියල අලුත්ම පොඩි මාළු ඉල්ලන්න කිසිම කෙනෙක් පැකිලෙන්න එපා.(නධී)
මට හිතන්නේ මේ මුදලාලිගේ හාමිනේ සහ දරු පැටවුනුත් හාල්මැස්සන් වගේ කෙට්ටු ඇති. (නි)
ලොකු මාළු,පොඩි මාළු,කියලා වැදගත් නැනේ තමන් කන්න කැමති දේනේ වැදගත් වෙන්නේ.ඉතින් ඇයි බොරු කියන්නේ කාව රවටන්නද එකෙන් වෙන්නේ තමන්ම රැවටෙනවා විතරයි.(දිල්)
මම සුපිරි වෙළද පොළෙන් හුරුල්ලෝ ගත්තම එක නෝනා කෙනෙක් ඇවිල්ල බල්ලන්ට කියල හුරුල්ලෝ ගත්තා.මට ඇහෙන්න ..(දිල්)
මොනවා උනත් ඒ මහත්මයා ටිකක් අරපරිස්සමට බරයි වගේ. තව කෙනෙක්ගෙන් දෙයක් උදුරා ගන්නවට වඩා තියනේ දේ ආරක්ෂා කරගෙන හෙට ගැනත් හිතන කෙනෙක් (දිල්)
ගිය ආත්මවල කරපු පිනකට මේ ආත්මයේ මනුස්ස ආත්මයක් ලබපු අපි මේ ආත්මයෙන් සසර කෙටිකර ගන්න බලන්න ඕනා. මෙවැනි අය ගැන අනුකම්පා කරනවා. වැඩිපුර දෙයක් තියෙනවා නම් නැති කෙනෙක්ට දෙන්න. දීලා ඒ අය සතුටුවෙනවා බලලා සතුටුවෙන්න. (නදී)
මෙයාට තිබුණේ වත්තෙම එළවලු ටික වවාගෙන පැත්තකට වෙන්න ලොකු පොකුණක් හදල මාළුත් දා ගත්ත නම් හම්බ කරපු මුළු බූදලේම මැරෙන කොට ගෙනියන්න තිබුණා.අනේ මන්ද නොමැරෙන්න ආපු මිනිස්සු කොච්චර නම් ඉන්නවද? (ස)
හොද වැඩේ ඕනවට වැඩිය කුනුකම මොනවටද ? මැරිච්චාම ගෙනියන්ඩද පොදි ගහලා.(නදී)
කට බොරු කිව්වත් දිව බොරු කියන්නේ නෑ කියන්නේ ඔන්න ඔය වගේ දේවල් වලට තමයි ...!!! (ස)