ගෙදර ඇති කරන බලූ රංචුවට කියා ගෙන ගිය මස්වල අමුතු රහක් ඇති බව පැවසීමෙන් ප‍්‍රදේශයේ ධනවතකුට වු අකරතැබ්බයක් පසුගියදා වෙන්නප්පුව ප‍්‍රදේශයෙන් වාර්තා විය.
සිද්ධිය මෙසේ විය.
වෙන්නප්පුව ප‍්‍රදේශයේ ප‍්‍රසිද්ධ මස් වෙළෙඳසැලකි. මෙම වෙළෙඳසැල සති අන්තයේ මෙන්ම සතියේ දිනවලද පාරිභෝගිකයන්ගෙන් පිරී යන්නේ එම වෙළෙඳසැලේ අයිතිකරු පාරිභෝගිකයන්ගේ උවමනා එපාකම් අනුව සාධාරණව තම වෙළෙඳාම කරන බැවිනි.
කාලයක සිටම තමන්ගේ හොඳ පාරිභෝගිකයකු වූ ප‍්‍රදේශයේ හොඳ ධනවතකු තම පවුලේ පරිභෝජනයට මෙන්ම තම නිවසේ ඇති දැඩි කරන බලූ රංචුවකටත් මස් රැගෙන යාම පුරුද්දක් කරගෙන සිටියාලූ බොහෝ මස් වෙළෙඳසැල්වල බල්ලන් වෙනුවෙන් ඉවත දමන මස් ලබා දෙන අතර ඒ සඳහා ඉතා අඩු මුදලක් අය කරයි.
එලෙස දිනක් මස් රැගෙන ගිය ඉහත ධනවතා පසු දින පැමිණ මස් වෙළෙඳසැල් හිමියාගෙන් විමසා ඇත්තේ දීපු මස්වල අමුතු රහක් තිබුණනේ මුදලාලි අපිට පරණ මස් දීලා වගේ කියලා.
මෙයට උත්තර දුන් මුදලාලි පවසා ඇත්තේ මහත්තයා ඊයේ මස් අරන් ගියේ බල්ලන්ට මස් කියලා නේද? ඉතින් ඒවයෙ රහ කොහොමද මහත්තයා දන්නේ.
තමන්ට වුන වැරදීම අවබෝධ කරගත් පාරිභෝගිකයා එදයින් පස්සේ මස් කඬේ පැත්තෙවත් ආවේ නැහැල්ලූ. මුදලාලි ළඟ හිටපු අයට පවසා ඇත්තේ හැමදාම බල්ලන්ට මස් කියලා අරන් ගිහිං ගෙදර අයගේ කෑමට අරන් වගේ කියලා.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය මහා දනවතුන් කියා ගන්න අය තමයි අන්තිම කුණු ලෝබකම් කරන්නේ. දුප්පතා අතේ තියන මුදල් වියදම් කරලා එදා වේල පිරිමසාගෙන සතුටින් ජීවත් වෙනවා. (නදී)
මස් කඩ වල කොහොමද සාධාරණයක් තියෙන්නේ? සතෙක්ගේ ජීවිතයකට කොහොමද මිලක් නියම කරන්නේ? (නදී)
අනුන්ගේ මස් කුණු රසය! (නි)
"කට බොරු කිවත් දිව බොරු කියන්නේ නැහැ කියන්නේ ඔය දේට තමයි". මහා දානපතියෝ වෙන්නේ මේ විදිහට මුදල් ඉතුරු කරලා. බුදුහාමුදුරුවන්ගේ කාලේ හිටපු "අදින්න පුබ්බක" සිටුවරයාගේ කතාව මෙනෙහි කරන්න. එවිට මසුරුකමේ තරම වැටහේවි. (නි)
"බල්ලන්ට ගෙනිච්ච මස්ටික වැරදීමකින් ගෙදර අයට උයලා වගේ".අපි එහෙම හිතමු. (නි)
මැරිච්ච සත්ව මළකුණු කන්නේ ඇයි(නදී)
මම දන්නා ප්‍රසිද්ධ පුද්ගලයෙක් හිටියා.ගෙදර වාහන දෙකක්. රියදුරු පඩිය දෙන්න වෙන නිසා ත්‍රීරෝද වලින් ගමන් ගියා. ගෙදර කෑමට කරවල ගණන් කරලා දුන්නේ. පැවිදි ජීවිතයෙන් ගිහි ජිවිතයට ආ කෙනෙක්.විවාහ වුණේ තමාට වඩා වයස 25 අවුරුද්දක් අඩු කෙනෙක් සමඟ. නැන්දම්මා මොහුට වඩා බාලයි.අන්තිමට නොකා දුක්විඳලා දෙවසකට පෙර මියගියා. අපි එයාට කිව්වේ පෙර ආත්මයේ අදින්න පුබ්බක කියලා. (නි)
චන්න බුවනක,මියගිය සත්ව මළකුණු මිසක් පණ ඇති මළකුණු තිබෙනවද? (නි)
තිලක්, ඔයාගේ අදහසමයි මටත් හිතට ආවේ. සමහරුන්ට ඒකත් තේරිලා නේ වගේ.(නදී)
එහෙම නොකර කොහොමෙයි ධනවත්තු වෙන්නේ? (නදී)
තණ්හාය ජායතී ශෝකෝ (නදී)
අනේ දෙවියනේ කාගේවත් මළකඳන් නේද මේ කන්නේ (නදී)
දනවතාට කියන්න තිබුනේ මෙහෙමයි." බල්ලෝ තමයි කීවේ අමුතු රහයි කියලා."මම බලු බාෂාව ටිකක් විතර දන්නවා.කියලා. මොකද බල්ලන්ට උනත් කුණු මස් දෙන්න ඕනේ නැහැනේ. බල්ලාත් ගෙදර සමාජීකයෙක්. (නදී)
කව්රුත් කලබල වෙන්න එපා,මෙයා බල්ලන්ට වුණත් යමක් දෙන්නේ ඒවායේ රහ ගුණ බලල වෙන්න ඇති.(ම)
මෙතන කට්ටිය මස් කන එකට අනුන්ගේ මල කඳන් කනවා කියල මෙතන මොර දෙනවා. එතකොට මාළු කුණු වෙනකම් වේලලා කරවල කියල සප්පායම් වෙන කොට ඒ කුණු රසේත් අමුතු රහක් තියනවා කියල තලු මරමින් කන්නේ නැද්ද? එතකොට මාළු කියන්නේ සත්ව කොට්ටාසයක් නෙමේද? (ර)