බාල වයසේදී ඇති කරගත් ප්‍රේම සබඳතාවක් නවත්වන්නැයි මවුපියන් සිය දැරියට අවවාද කළ මුත් එම ඉල්ලීමට කන් නොදුන් ඇය සිය පෙම්වතා සමග දිගින් දිගටම සම්බන්ධතාව පවත්වා ගෙන ගොස් තිබේ.
නමුත් දියණියගේ අධ්‍යාපනය කඩාකප්පල් වේයැයි බියට පත් මවුපියන් සිද්ධිය පොලිසියෙන් විසඳා ගැනීමට තීරණය කළේ පොලිස් නිලධාරීන් ලබාදෙන උපදෙස්වලට හෝ ඇය ඇහුම්කන් දෙනු ඇතැයි විශ්වාසයෙනි.
පොලිස් නිලධාරීන් අදාළ තරුණයාද පොලිසියට කැඳවන ලදී. පසුව නිලධාරීහු දෙදෙනාටම කරුණු පැහැදිලි කරදී උපදෙස් ලබාදුන්හ. එය ගණනකටවත් නොගත් තරුණිය වයස අවුරුදු දහඅට සම්පූර්ණවූ වහාම තමන් සිය පෙම්වතාට විවාහ කරදෙන ලෙස ලිඛිතව පොරොන්දුවක් තමාට ලබාදෙන ලෙස ඉල්ලුවාය. කිසිදු තැතිගැන්මක් නොමැතිව සියලුදෙනා ඉදිරියේ සිය දියණිය කළ මෙම ඉල්ලීමෙන් මවුපියෝ පමණක් නොව පොලිස් නිලධාරීහුද පුදුමයට පත්වූහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මම නම් දැන්මම පලයන් කියල දෙකක් දීල පන්නනවා. ළමයෙක් හදන්න පටන්ගන්න ඕන ඉපදුන දවසේ ඉදල. ළමයින්ට ගොඩක් ආදරය කරලා හොදට හොයල බලනවා නම් කවදාවත් ඔහොම වෙන්නේ නැ. TV එකේ යන බොලද කතා 50% විතර වග කියන්නේ ඕනේ මේ තත්වයට. (කෞ)
චාමර මල්ලි, මොකද මේ වියරු වැටිලා වගේ? හැරගිය පෙම්වතිය ගැන කලක් හිතේ පැවති ද්වේශය මුදා හරියාවත්ද? විෂම හෝමෝන ක්‍රියාකාරිත්වය නිසා ඇතිවෙන හැගීම් වල ප්‍රතිපලයක්ද? එහෙම නැත්නම්,ආවේගය විසින් බුද්ධිය ආක්‍රමණය කොට මෝඩකම ප්‍රදර්ශනය වෙලා, ආදරය වයිරයකට පෙරලුනාවත්ද? (අ)
ආනන්ද බැදපු සැමියා හොද නැත්නම් සාමකාමීව දික්කසාද වෙන එක දියුණූ ශිෂ්ට රටවල සාමාන්‍ය දෙයක්.. සැමියා එක්ක ගුටිකකා බිරිද ජීවත්වියයුතුයි කියල දෙයක් තියෙන්නේ 3වෙනි ලෝකයේ(කෞ)
මේක තමා සිංහ ලේ .(කෞ)
දෙමව්පියන් ළමයින්ට පළමුව ආදරයෙන් අවවාද කරලා තමයි දෙවනුව වෙනත් විකල්ප වලට අකමැත්තෙන් හරි යන්නේ. විශේෂයෙන් තමන්ගේ ගැහැණු දරුවා පොලිසියට යන්න වෙන විදියට වැඩක් කරන්න කිසිම අම්මෙක් අප්පෙක් කැමති නැහැ. මේ ටික වුණත් කරන්න ඇත්තේ බයට වෙන්න ඇති. මොකෝ අපේ කාලේ වගේ නෙමෙයිනේ අද කාලේ. ආදරය මුලිකව ශිලාචාරව පැවැත්වෙන ප්‍රේම සම්බන්ධ දකින්නත් වාසනාවන් ! (නි)
ගැහැණු ළමයෙකුට පවුල් ජීවිතයට හැඩගැහෙන්න, තේරුම් ගන්න තරම් අවබෝධයක් ලැබෙන්න යම් වයසකට එළඹෙන්න ඕනෑ නේද ? අපේ රටේ බහුතරයක් ගැහැණු ළමයින්ට ආදරය කරන්න පුළුවන් වුණාට උදෙන් නැගිටලා තේ කෝප්පයක් හදා ගන්න බැහැ. හිතන්නේ කසාද බැන්දාම තිබෙන එකම කාර්යය සැමියා සමඟ අතින් අල්ලාගෙන එහෙ මෙහෙ විනෝද ගමන් යාම විතරයි කියලා. මේවා තේරුම්නොගත් ලාබාල විවාහක තරුණියන් වයස 16 දී බැඳලා 17 දී ළමයි ලැබිලා 21 දී දික්කසාද වෙනවා. නැත්නම් සැමියා දමා ගිහින් අසරණ වෙනවා. (නි)
හරිම නිර්භීත දුවෙක් වගේ... (නි)
මේක තමයි නියම සත්‍ය ආදරේ කරන නියම වයස (ම)
අනුෂ්ක ආදරේ කියල හිතන් ඉන්නේ ගැණු පිරිමි අතරේ ඇතිවෙන ලිංගික අකර්ශනයටද? නැත්නම් දෙයක් තමන්ගේම වෙන්න ඕනේ කියල හිතෙන තණ්හාවටද?(කෞ)
ඕක ආදරේ නෙමෙයි හෝමෝන ක්‍රියාකාරීත්වයේ බලපෑම. ඔය කාලේදී හෝමෝන මගින් බුද්ධිය ආක්‍රමණය කරනවා. හෝමෝන ක්‍රියාකාරීත්වය කාලේකින් ඉවර උනහම ඔය කියන අකර්ශනයත් ඉවරයි. එට පස්සේ බුද්ධිය ඉස්මතු වෙනවා, එත් ඒවෙනකොට අශ්වයා පැනල ගියහම ඉස්තාලේ වැහුවා වගේ තමා.(හේ)
චාමර, පිවිතුරු ප්‍රේමයේ රාගය නැති හන්දා..... මොනවා කරම්දෝ හනිමුන් ගිය දෙන්නා....... (නි)
ආදරය කරලා නැති මිනිස්සු වගේ කියවන්න එපා. ආදරයක් දැනුනහම එහෙම තමයි. මෙතන අදහස් දැමූ අයට මෙහෙම වුණා නම් බලාගන්න තිබුණා නාඩගම. ආදරයට අකුල් හෙළන අයටත් එහි පලවිපාක ලැබෙනවා. (නි)
මලිත් ඔය දැනෙන එකට ආදරයේ තේරුමට ගැලපෙන්නේ නැහැ. ආදරයයි හෝමෝන ක්‍රියාකාරිත්වය නිසා ඇතිවෙන ශාරීරික අවශ්‍යතාවයයි පටලවන්න එපා. ආදරේ චපලයි කියන්නේ එහෙම පැටලුනහම තමයි. හෝමෝන ක්‍රියාකාරීත්වය ඕනෑම නිරෝගී මනුස්සයෙක් නියම කල වයසේදී අත්විදිනවා. ඒක සම්පුර්න ස්බවිකයි වගේම තාවකාලිකයි. හෝමෝන ක්‍රියාකාරීත්වය ඉතාම බලවත්, මොකද එකේ අවශ්‍යතාවය වර්ගයාගේ පැවැත්ම සහතික කිරීමයි. දැනගෙන වැඩ කිරීම නුවනට හුරුයි. වැඩිහිටියෝ ඒවා වලක්වන්න හදන්නේ එයාලගේ අත්දැකීමෙන් ඇසුරෙන් තමන්ගේ දරුවට හොදක් වෙන්නෙයි. (ර)
අනේ මෙහෙමත් ළමයි! (නි)
ආදරය කරලා නැති මිනිස්සු වගේ කියවන්න එපා. ආදරයක් දැනුනහම එහෙම තමයි. සමහර වැඩිහිටියෝ මේවා තේරුම්ගන්න ලාබාල වැඩි වගේ. ඒ තරුණයා වාසනාවන්තයි, ඉගෙන ගෙන හොඳ තැනකට එන්න ලැබේවා කියලා ප්‍රර්ථනා කරනවා. (ර)
චාමර/හීන් මැණිකා, දෙමාපියෝ තමන්ගේ දරුවට හොඳක් කරන්න හදන බව ඇත්ත, නමුත් වයසයි ආදරයයි පටලවන්න හදන්න එපා. ආදරයට වයසක් අවශ්‍ය නෑ. මැරුණ මිනිස්සුන්ට පවා මිනිසුන් ආදරේ කරනවා. අනික හිතයි හෝමෝනයි පටලවගන්නත් එපා. සිදුහත් කුමරුගේ විවාහය අවුරුදු දහසය වන විට සිදුකළා. නමුත් ආදරයේ අඩුවක් සිදු වුනාද? "මගේ පුංචි රෝස මලේ මමයි නුඹේ වියපත් බඹරා" මේකත් වයසට ගියාම ඇතිවන හෝමෝන ක්‍රියාවලිය නිසා සිදු වූවක්ද? ආදරය කරන්න වයසක් අවශ්‍ය වන්නේ නෑ. ආදරයට ආදරය තමයි අවශ්‍ය වන්නේ. ආදරේ චපලයි කියන්නේ ආදරය හැර වෙනත් දේවල් වෙනුවෙන් ආදරය දීම නිසා. (බ)
සිය දැරියට අවවාද කළ මුත් එම ඉල්ලීමට කන් නොදුන් ඇය සිය පෙම්වතා සමග දිගින් දිගටම සම්බන්ධතාව පවත්වා ගෙන ගොස් තිබේ. -- තමන්ගේ දෙමව්පියන්ට වඩා ආදරය කරන කෙනා වෙනුවෙන් දැනෙන ආදරය වැඩියි. දෙමව්පියන් මේ ලෙසින් තම දියණියට කන් නොදී සාධාරණත්වයෙන් ඇය දෙස නොබැලීමයි මෙතන වරද. (බ)
ඇටෙන් පොත්තෙන් පනින්නත් කලින් මගුල් විසේ ගහලා. දැන් දෙමාපියන්ට දෙන ගින්න ඊලගට දෙන්නේ බැදපු මිනිහට. (ර)
කොහොමද දැන් කාලේ අයගේ වැඩ. (ර)
කවදා සිදුවූන දේවල්ද මේ. (ර)
""සදාතනික පෙම පතලා, මල් වියේ හිත උමතු වෙලා සගවන්නට බෑ කිසිදා පුoචි පෙම්වත් කතා"" (ර)
අද කාලේ පොෂ් දුවලා මෙහෙම තමයි. අපිනම් ප්‍රේම සම්බන්දකම් ගැන ගෙදරට කිව්වේ පස් මහා බැලුම් බලලා බයේ ගැහි ගැහි . ඒ ටිකත් , හිතවත් ඥාතියෙකු ඉස්සරහට තල්ලු කරලා. (ර)
කෙල්ල ඇත්තටම ආදරේ පාටයි. (ර)
"අබුද්දස්ස කාලේ ලබුත් තිත්තයි රාලේ" (ර)
ආදරේ රගේ පෙනේවි තුන් වේල කන්න නැතිව ජිවත් වෙන්න අමාරු වෙලා , රැකියාවක් නැති සැමියාගෙන් ගුටි කනකොට. (ර)
මේ වගේ අයට දුවලා කියන්න පුලුවන්ද..? (ර)
අනේ මන්දා මොනවා කියන්න ද කියලා.(ම)
මේවා දෙමාපියන්ගෙ වැරදි. අද කාලෙ ගොඩක් දෙමාපියන් ළමයින්ට බයේ තමයි ජීවත් වෙන්නෙ. කුඩා කාලෙ ඉදල කීකරුකමට ගුනයහපත් කමට හදා ගත්ත නැති එකේ වරද. අවසානෙදි මේ වගේ මෝඩ අහංකාර ළමයින්ගෙ මෝඩ තීරන නිසා තමනුත් අමාරුවෙ වැටිලා තමන් ගෙ සහකරුත් අමාරුවෙ දාලා දෙමාපියන්ටත් රටටත් බරක් වෙනව විතරක් නෙවෙයි තමන් විසින් බිහිකරන දරුවනුත් අසරන භාවයට පත් කරනවා. (ර)
මේ වගේ ළමයින්ව තමයි සමහර දෙමව්පියන් ඉල්ලන ඉල්ලන දේවල් එසැනින්ම දීලා නරක කරගෙන තියෙන්නේ. සමහරු හිතන්නේ අනේ අපි පොඩි කාලේ විඳපු දුක් ළමයින්ට විඳින්න ඉඩ තියන්න හොඳ නැහැ කියලා. ඕන ඔට්ටුවක් මේ ළමයාට තේ එකක් හදන්න කොස්ස උස්සලා අතු ගාන්න වත් බැරිව ඇති. සැමියාගේ ගෙදර ගිහින් නැන්දම්මා ගෙන් ලුණුඅඹුල් ඇතිව අහ ගන්නකොට තේරේවි පවුල් ජිවිතේ කියන්නේ මොකද්ද කියලා . අම්මලා හිතුවක්කාර දුවලාව ඇත ඇරියාට මුරණ්ඩු පුතාලාව ජිවිතෙන් අයින් කරන්නේ නැහැ.(හේ)
ජීවිතේට වත් තරුණවියේ ආදරය නොකළ කිසිම හිතුවක්කාර තීරණ ගෙන නොමැති, සමහර ප්‍රබුද්ධ නෝනලා, මහත්තුරු ටික දැන් අර අවුරුදු දාහතේ තරුණ ගැහැණු ළමයාගේ ආදරය කියන මහා අපරාධය කළාට හා පොලිසියේදී කළ ප්‍රකාශය ගැනත් කෝප වෙලා මෙතන අදහස් පළකරනවා. දෙමව්පියන්ට කරුණු පැහැදිලි කර ගෙදරදීම හිමිහිට විසඳා ගතහැකි ගැටළුවක්, පොලිසිය සම්බන්ධ කර ගනිමින් බලහත්කාරයෙන් විසදන්න යාමෙන් ප්‍රශ්න දෙගුණ තෙගුණ කර ගැනීම තමයි මට නම් පෙනෙන්නේ. තරුණ වියට පත් දරුවන් හා විවෘතව ඔවුන්ගේ තාරුණ්‍ය හැගීම් වලට සවන් දෙමින් ඉවසීමෙන් ඔවුනට යහපත් උපදෙස් හා අවවාද දීම තමයි වැඩිහිටියන් කළ යුත්තේ. ඒ වෙනුවට තර්ජනය කර පොලිස් බලය යොදා දරුවන්ගේ ආදර සම්බන්ධ කම් නැවත්වීමට උත්සහ කිරීම හාස්‍යට කරුණක්. (බ)
මට කොසොල් රජතුමා දැකපු හීන ටික මතක් වුණා.(හේ)
අබුද්දස්ස කාලේ කියලා තමයි මටත් කියන්න තියෙන්නේ. (නි)
මෙතන අදහස් පල කර ඇති සුද්ද වන්ත නෝනලා ,මහත්තුරු ටික අර ඔලුවේ මොකක්ද එකක් තියාගෙන " මම සුද්දයි ,මම සුද්දයි කියන ඉස්සා වගෙයි කියලයි මට නම් හිතෙන්නේ.(අ)
ඊළඟට බැඳපු මිනිහ හොඳ මදි කියල අනියම් සැමියා සමග යාමටත් ඔය විදියටම ඉල්ලයි.(අ)