ඔහු ප‍්‍රසිද්ධ ව්‍යාපාරිකයෙකි. ආගමික ස්ථානයක පැවති අඩුපාඩුවක් දුටු හෙතෙම තම පෞද්ගලික ධනයෙන් එම කටයුත්ත ඉටුකර දීමට පොරොන්දු විය. ඒ සඳහා පෙදරේරුවකු කර්මිකයකු ඔහුට හමුවිය. අත්උදව් කරු තමා විසින්ම සොයාගන්නා බව ව්‍යාපාරිකයාට පැවසු අතර වැඩය පටන් ගත්තේය. ව්‍යාපාරිකයා වැඩ පරික්‍ෂා කර බැලීමට එම ස්ථානයට යනවිට බාසුන්නැහේ කඩියකු මෙන් වැඩපළ කරමින් සිටියේය. බදාම අනාගැනීම පවා ඔහුම කරගත්තේය. ඒ අසල තරමක් හැඩ කාන්තාවක් සිටිනු දුටු මුදලාලි ”කෝ බාසුන්නැහේ. ඔහේගේ ගෝලයා..”? යි ඇසීය. ඔහුද ”අර ඉන්නේ එයා තමයි” කියා කාන්තාවක් පෙන්නුවේය. එවිට ඇය ඔමරි පාමින් මුදාලාලිට සිනාසුණාය. ගෝලයා වැඩකළ යුතු වුවද එහි සිදුවුණේ බාසුන්නැහේම අනාගන්නා බදාම ටික ඇය ළඟට ගෙනැවිත් දීම පමණකි. මේ අතර තව දිනක වැඩ පරික්‍ෂා කිරීමට මුදලාලි එහි යනවිට ”එම කාන්තාව” අතරමගදී මුණ ගැසිණි. මුදලාලි ඇයගෙන් ඒ ගැන විමසද්දී තම වැඩ කොටස් නිමකළ බැවින් නිවසට යන බව කීවාය. මුදලාලි වැඩපොළට ගොස් ”කෝ බාස්සුන්නැහේ ගෝලයා” විමසනවිට වතුර ටිකක් බීලා එන්නට ගිය බව පෙදරේරුවා කීය. මෙතන පයිප්පයක් තියෙද්දී අහවල් දේකටද වෙන කොහේවත් වතුර බොන්න යන්නේ? යැයි මුදලාලි ප‍්‍රශ්න කරනවිට බාසුන්නැහේ කට උත්තර නැතිව කඩියකු මෙන් යළි වැඩෙහි නිරතවෙමින් මෙසේ කීය. ”මුදලාලි මම එයාගේ වැඩ ටිකත් කරනවානේ.? කීය”. ”එතකොට මම එක මිනිහට විසි දෙකක් ගෙවන එකේ තේරුමක් නැහැනේ” මුදලාලි කීය. ”නෑ.. මුදලාලි මම එයත් එක්ක පොඩි සම්බන්ධයක් තියෙනවා” එවිට පෙදරේරුවා කීය. ඔය බළලා එළියට පැන්නේ.! එහෙම කියන්න එපායැ. කී මුදලාලි එතැනින් නික්ම යද්දී පෙදරේරුවා පිංසෙන්ඩුවෙමින් රහස කිසිවකුට හෝ එළි නොකරන ලෙස බැගෑපැත් වූයේ තමා වෙනත් කාන්තාවක සමග විවාහවී සිටින බවද පවසමිනි. එහෙත් දැන් අත්උදව්වට අනියම් බිරිය ගෝලයකු ලෙස යොදාගත් පුවත හෙළිවෙමින් පවතී.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේවගේ ප්‍රවෘත්ති දාන්න එපා. (අ)
මුස්ලිම් වෙන්න. ලංකාවේ මුස්ලිම් අයට බහු භාර්යා සේවනය නීත්‍යානූකූලයි. (නි)
අපරාදේ මේ ඉඩ ටික. (නි)
හාපෝ. කියලා වැඩක් නැහැ. (නි)
තවත් ගෝලයෙක් වුවමනා කර තිබේ. (නි)
දෙයියෝ සාක්කි! (නි)
අනේ ඇත්තට, මෙයාලත් හොයා ගන්න කතා? (නි)
බාස් වැඩේ ගැහැණුකෙනාට දීලා මෙයා ගෝලයා උනානම් හරි..!!(නු)
මම නම් මේක අනුමත කරන්නේ නැහැ හොදේ. (නි)
බාස් උන්නැහේ කියපු කතාව ඇත්ත. ඇය අත් උදව්වක් කරන කතාවත් ඇත්ත. නැත්නම් බාස් උන්නැහේම තනියෙන් වැඩ කර ගන්න එපැයි . (නි)
අද කාලේ ගෑණුද හරි? නැත්නම් පිරිමිද? (නි)
මොකක්ද මේ? කිසිම රසයක් නැහැනේ. (නි)
අන්න නියමයි
මිල මුදල් තියෙන අයට බිරින්ඳෑවරු යන එන හැම තැනම.මගේ කාර්මිකයා කර ඇත්තේ ඇය තරණ නිසා දිවා කාලයත් ප්‍රවේසම් කිරිම නොවේද? (ස)
'මේසන් බාසුන්නැහැලාට නුපුහුණු කාන්තා අත් උදවුකාරියන් වුවමනා කර තිබේ.' (නි)
කිසිම වැඩක් නැති ප්‍රවෘත්තියක් ලියපු කෙනාට වැඩකුත් නෑ. (අ)
ඔහොම යන්කෝ. (නි)
අද කාලේ දෙන්නෙක් බලාගන්නවා කියන එක ලෙහෙසි නැහැ. (අ)
මේයා බාස්කෙනෙක් නෙමෙ . (අ)
අපිට මොකද අනේ
මේවා වගේ වටිනාකමක් නැති පුවත් දාන්න එපා, ලංකාදීප වටිනාකම නැතිවෙනවා.මේවා පලකෙරීමෙන් මොනවද බලාපොරොත්තු වෙන්නේ. (දී)
අනේ අපොයි මෙහෙමත් කෝලන් ඇත්තට (දී)
අනේ කලේ වනේ වසේ (දී)
ඔන්න ආදර්ශයට ගන්නවානම් වැඩේ. ගැහැණු පෙදරේරුවන්ට හොද අවස්ථාවක් (දී)
අනේ වාසනාවන් (දී)
පුදුම මිනිහෙක්නේ. ගැහැණු කට්ටියට පුලුවන්ද අත් උදව් දෙන්න (දී)
මුදලාලිටත් හොද වාසිය.
මේකට දෙයියෝ සාක්කි කියයිද? (නි)
මල සමයන් (දී)
මේ බාසෙක් නෙමේ ගෙම්බෙක් (දී)
පිස්සු විකාර (වි)