වවුනියාව - කොළඹ ප්‍රධාන මාර්ගයේ ධාවනය වෙමින් තිබූ පෞද්ගලික බස් රථයක කන්කරච්චල් සංගීතයට එරෙහිව මගියකු ඊට අදාළ විකාශන යන්ත්‍රයේ වයරය ගලවා දැමූ පුවතක් පසුගිය දිනක අසන්නට ලැබිණි.
තමන් අකමැති වුවද බහුතරයක් පොදු ප්‍රවාහන සේවාවල ගමන්ගන්නා මගීන්ට බහුලව අත්විඳීමට සිදුවන දෙයකි මෙම කන්කරච්චල් සංගීතය. ඊට අමතරව රූපවාහිනී තිර යොදාගෙන අවරගණයේ චිත්‍රපට හා රූප රචනා ඇතුළත් ගීත දර්ශන ද මෙහි ප්‍රදර්ශනය කෙරේ.
මෙම සිද්ධියට සම්බන්ධ මගියා මැදවච්චිය ප්‍රදේශයේ පදිංචි මැදිවියේ පුද්ගලයෙකි. ඔහු සිය තරුණ දියණිය සමග කිසියම් අවශ්‍යතාවකට පුද්ගලික බස් රථයකින් කොළඹට යමින් සිටියේය. මෙහිදී ඔවුන් අසුන්ගෙන සිටි අසුනට ඉහළින් රාක්කය තුළ සවිකර තිබූ ශබ්ද විකාශන (බෆල්) යන්ත්‍රයෙන් තොරතෝංචියක් නැතිව ගීත වාදනය වෙමින් පැවතිණි. “නංගිලා මල්ලිලා දෙන්න උස්සලා අප්පුඩියක්, දෙන්න හොඳ හූවක්” ආදී දේද ඒ අතරතුර අසන්නට ලැබුණි. සිය දියණිය සමග අසුන්ගෙන සිටි මගියා මෙම සිදුවීම්වලින් දැඩි සේ අපහසුතාවට පත්වී සිටියේය. ඒ අනුව ඔහු කොන්දොස්තරවරයා ඒ අසළින් යන අවස්ථාවක් බලා තමන්ට ඉහළින් ඇති ශබ්ද විකාශන යන්ත්‍රය ක්‍රියා විරහිත කරන ලෙස ඉල්ලා සිටියේය.
බස් රථයේ ශබ්ද විකාශන යන්ත්‍ර කීපයක් ඇති බවත් එකක් පමණක් ක්‍රියා විරහිත කළ නොහැකි බවත් මෙහිදී පවසා ඇති කොස්දොස්තරවරයා මගියාගේ ඉල්ලීම ඉවත දමා බස් රථයේ ඉදිරියට ගමන් කර ඇත.
ඒ අනුව ක්‍රියාත්මක වූ මගියා සිය අසුනින් නැගී සිට අදාළ ශබ්ද විකාශන යන්ත්‍රයේ පිටතට එල්ලෙමින් තිබූ වයරක් අතින් ඇද කඩා දමා එහි හඬ ක්‍රියා විරහිත කොට ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේවට වග කියන්න ඕන රුපවාහිනී නාලිකා සහ ගුවන් විදුලි සේවා. ඒ. අයගේ නාලිකාව කන පැලෙන්න අහන අයට පුදුම විදියට තෑගි දෙන්නේ සල්ලි මිටි ගණන් එයි වටින් පිටින් කන පලාගෙන තමයි ගෙදර යන්න වෙන්නේ (බ)
මිනිපෙ ගොන් කතා කියන්න එපා මනුස්සයෝ (බ)
මම ගිය බස් එකක වුණා වෙනස් දෙයක්. දිනපතා යන මගියෙක් බස්එකේ ස්පීකර් සද්දේ ඉවරයක් නැති නිසා දවසක් ගෙදරින් බැටරි වලින් වැඩකරන කැසට් යන්ත්‍රයක් ගෙනවිත් මහා හයියෙන් පිරිත් දමාගෙන ගියා. කොන්දොස්තර ඇවිල්ලා සද්දේ වැඩි බව කිවුවහම මිනිසා කිවුවේ මෙච්චර දවස් ගණනක් මම තමුසෙලගෙ සද්දේ අමාරුවෙන් අහගෙන ආවා, දැන් එක දවසක් මේකත් අහගෙන යනවා කියලා. නමුත් බස්එකේ සේවකයෝ ඉන්පස්සේ සද්දෙට සින්දු දැම්මේ නැහැ. (නි)
ගුවන් යානා වල වගේ තමන්ට පමණක් ශ්‍රවනය කළහැකි ක්‍රමයක් ඇති කළයුතුයි. (නි)
රට පාලනය කරන උදවිය ජාත්‍යන්තර පාසල් වලට යවල,බස් රියදුරු,කොන්දොස්තර වරු ගැන සිතමු.(ම)
කොහමද ඔලුව කැක්කුමකට බෙහෙත් ගන්න යද්දී මේවගේ බස් රථවල සංගීත කරච්චලට අහුවුනාම.... නියමයි නේද....(බ)
ප්‍රනාන්දු, නිකන් හැමදේම ලියන්න එපා. ලංකාව දියුණු රටක් නෙමෙයිනේ එහෙම කරන්න (නි)
මමත් අතුල මහත්මයාගේ ප්‍රතිචාරයට එකගයි. ඒත් ප්‍රශ්නය දැන් රටේ ඔපමණ පාසල් වැහිලද තව කොපමණ වසන්න නියම වෙලාද කියල ඔබ දන්නවද? අන්තිමට රට පාලනය කරන අයගේ දරුවන් සල්ලි කාරයන්ගේ දරුවන්ට පමණක් පාසල් යාමේ වරම හිමි වෙයි. එතකොට රට මීටත් වඩා හපන් වෙයි. පරණ කියමනක් තියෙනවා එක පාසලක් වැහුනොත් හිරගෙවල් 10ක් අරින්න වෙනවා කියල. මේක යහපාලනයෙන් පටන් ගත්ත එකක් නෙමෙයි. අම්මා කෙනෙක් රට කරවන කාලේ පටන් ගත්ත දෙයක්. (බ)
දියුණු රටවල බස් රියදුරු ලෙස ගන්නේ 12 වෙනි පන්තිය සමත් අය. ඔවුන් හට ප්‍රථමාදාර පිළිබද සහතිකයක් පවා තිබිය යුතුයි.(කෞ)
ඉස්සර ජයයි මායි, කාර්යාල වැඩ වලට කොළඹ ගිහින් එනකොටත් පොඩි බ්ලේඩ් කෑල්ලක් තමයි අපිව බස් එකේ සින්දු කරච්චලෙන් බේරන්නෙ. (බ)
එක දවසක් අපි දෙන්නම කනවා හොඳ කෑමක් කොන්දොස්තර මල්ලිගෙනුයි ඩ්‍රයිවර් අයගෙනුයි , අනුනාවයට බේරුනේ (බ)
හා හා මේවා මේ බස් ගැමුණු මහතා සත් සිතින් දෙන දායාද.(කෞ)
නියමයි. මමත් හුඟක් වෙලාවට ඉල්ලනවා සද්දේ අඩු කරන්න කියල. කොන්දොස්ටර බලන්නේ අරුම පුදුම දෙයක් දිහා වගේ, අඩු කරන්නේ නේ. මේකට විරුද්ධව නීති තියෙන්න ඕනේ.(ම)
ඉතින් කියනවා පුද්ගලික වාහනවලින් යන්න එපා කියලා
ඉස්සෙල්ලම රියදුරු සහ කොන්දොස්තර ඉස්කෝලේ යවල ඉන්න ඕනේ!(ම)
මම හිතන්නේ ලංකාවේ බස් රථ වල සංගීතෙයි ටී වී යි සම්පුර්ණයෙන්ම තහනම් කළානම් කාටත් පහසුවක් . මිනිස්සු කව්රුවත් සංගීතය හෝ ටී වී රස විඳින්න බස් එකට නගින්නේ නැහැ . කනක් ඇහිලා නිදහසේ තමන්ගේ ගමනාන්තයට යන එක තමා කාගේත් බලාපොරොත්තුව . ඒ වාගේම මළ ගෙදරක යන කෙනෙක් ,අසනීපෙන් රෝහලට යන කෙනෙක් , එහෙම නැතිනම් වෙනත් කරදරයකින් ගමන් කරන කෙනෙකුට මේකෙන් වෙන අපහසුව කාටවත් නොපෙනීම පුදුමයක් (බ)
බොහොම හොඳ වැඩේ කෙරුවේ. මම අනුමත කරනවා. (බ)