බැලූ හැම පැත්තෙම මීදුමයි. දකුණු පළාත් මායිමේ සිට අගනුවරට එන බසයකි. දහවලට මෙන් වාහන රෝද අතරින් ඇවිස්සෙන දුහුවිල්ල එතරම් නොවීය. දිනපතා බසයේ යන්නවුන් කවුළු අයින් අල්ලා වාඩිවී සිටින අතර ඇතැමෙක් හිස පහතට නමාගෙන නිදති. ඇතැමෙක් තමා අසල වාඩි වී සිටින්නාට බර දී බෙල්ල පද්දමින් නිදති. මෙසේ මීදුම කපාගෙන අගනුවරට එන අනෙක් බස් රථවල සේම මෙහි ද කවුළු සියල්ල උදෑසන වසා තිබූ අයුරින්ම තිබේ. මොරටුව ආසන්න වෙද්දීම බසය අතුරු සිදුරු නැති තත්ත්වයක් ඇති විය. බසයේ හිටගෙන සිටි මගියෙක් වේගයෙන් කවුළුවක් විවර කළේය. ඒත් සමගම කවුළුව අසල අසුනේ වාඩිවී සිටි මගියා දැස් විවර කොට බලා කවුළුව නැවතත් වැසුවේය. හිටගෙන සිටි මගියා දත් කූරු කමින් නැවතත් වීදුරුව විවර කරමින් මෙසේ කීය. අරිනවා වීදුරුව, අපි තැම්බෙනවා. ඉඳගෙන සිටි මගියා නැවතත් වීදුරුව වසා තැම්බෙනවා තැම්බෙනව නම් තුන පහ ටිකක් දාගන්නවා..යැයි ගුගුරමින් කීවේය. තුන පහ... තුන පහ... මම කියන්නෑ තුනපහ දාගන්න හැටි එවර හිටගෙන සිටි මගියා මඳ සිනාවකින් යුතුව අවඥාවෙන් මෙන් එසේ කියමින් නැවතත් වීදුරුව විවර කළේය. මොකද දත් නැතිව බත් කන්න ආසද? වාඩි වී සිටි මගියා ඉතා ආවේගයෙන් ඇසීය. බත් කන්න...බත් කන්න තියෙනව නම් කොච්චර හොඳද දත් නැතිව හරි අද හාල්වල ගණන් හැටියට චූ...ස් ඒත් සමගම පළාත දෙවනත් කරන හඬක් සමගම බසය මාර්ගයෙන් අයින් කැර නැවැත්වීය. බස් රථයේ ඉදිරි රෝදයේ හුළං ගොස් තිබිණි. මගීන් සියල්ලන්ටම බසයෙන් බැසීමට සිදුවිය. කවුළුවට රණ්ඩු කළ දෙදෙනාම මඳ වේලාවක් තිස්සේ බලා සිට මාර්ගයේ වෙනත් බසයකට ගොඩ වී එකම තැනක හිටගෙන යනු දැකගත හැකි විය.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මටත් හිතෙන්නෙ මේක අළුත්ගම කොළඹ බස් එකක් කියල. මොනව වුනත් රණ්ඩුවක් වුනත් ඔය වගේ නිර්මාණශීලීව යනව නං හොඳයි අනිත් අයටත් හිනාවෙන්න. (දී)
දෙන්නම බැස්සුවනම් හරි (දී)
දකුණු පළාතෙ මායිම කිවුවහම මේක අළුත්ගම බස් එකක් වෙන්න ඕනෑ. ඒ හැර මායිමෙන් වෙන බස් එන්නෙ නෑනෙ. අළුත්ගම අයිති බස්නාහිරට, මේක වුණෙත් මොරටුව හරියේ. ඒ වුණත් බැනුම දකුණට. (නි)
බසයේ හුළං ගියේ මගියන් දෙදෙනාගේ රණ්ඩුව නිසාදැයි කියා මට දැනගැනිමට අවශ්‍යයි. (නි)
මාරු වැඩේ (දී)
මේක ඇත්ත කතාවක්ද (දී)
ඕව ලියන්නත් දෙයක්ද. බස් වල වෙන ඒවා ලිවිවොත් වෙනම පත්තරයක් ගහන්න පුලුවන්... වැදගත් දේවල් ලියනව නමි වඩා හොඳයි
සාමකාමිව ප්‍රශ්න විසදන ක්‍රමයක් (දී)
මේ විදියට දකුණු පළාත ගෑවිච්ච ගමන් ඒකට දකුණු පළාතට හේතුවක් නැතුව අපහාස කරන එක දැන් සමහරුන්ට පුරැද්දක් වෙලා. (නි)
කාලෝචිත දඬුවමක් (දී)
ජනතාව බස් වල හිරවෙලා යද්දී දේශපාලඥයින්ට ලැම්බොගිනි. තව ලැජ්ජා නැතුව ඡන්දෙත් දීපල්ලකෝ. (නි)
දකුණේ මිනිස්සු නැත්නම් අද ලංකාවක් නැහැ. (නි)
ඔහොම වෙන්න ඕන (ස)
සමහරු දකුණත් එක්ක පුදුම තරහක්නේ තියෙන්නේ (ස)
විකාර වැඩ (දී)
ඉතින් ඉතින් ඊට පස්සේ මොකද වුණේ ? (ස)
බෙන්තර ගගෙන් එහා ඔහොමම තමයි. (නි)
ඔයා හරි මධු. (නි)
නියමයි (ස)
සමහර නෝනලත් ඔහොම තමයි. කට ඇරගෙන නිදි. (නි)
අයියෝ! දකුණු පළාතට ඕක එච්චර ගණන් ගන්න තරම් දෙයක් නෙමෙයි. (නි)
ඔය මායිමේ ඉඳලා එන කට්ටිය ඔහොම තමා. කවදාවත් හදන්න බැහැ. (නි)
ඒ කියන්නේ අන්තිමට මේ දෙන්නගෙත් හුළං ගියා. (නි)
මේකට හිනා යනවද මන්දා? (නි)
කලකින් අහපු හොද කතාවක්. (නි)
ඉතිං ඊට පස්සේ මොකද වුණේ? (නි)
අපිට හරි හිනා, දෙයියෝ සාක්කි. (නි)
සිද්ධිය වුණේ මොරටුව, බස් එක ආවෙ දකුණු පළාතේ මායමින්. හැබැයි දකුණට බනින්න බලාගෙන ඉන්න අයට ඒකත් ඇති. (ස)
දකුණේ අයට දැන් මොළේ නැහැ වගෙයි. (නි)
කතාව නිකංම ඉවර උනානේ..!(නු)
කතාවේ අන්තිමට හුළං ගිහිල්ලනේ. (නි)
දකුණු පළාතේ අයට ඔහොම කියන්න එපා. (නි)
ඇයි මේ හැමදෙයක්ම දකුණෙම වෙන්නේ? (නි)
දෙන්නටම දුන්නනම් දුම් විසික්වෙන්න (දී)