බසයේ සටනට විරාමයක් ඇති කළ රියදුරකුගේ කතාවක් අගනුවර බස්රථයක සිදුවිය. අපි හැමදාම ගියේ රුපියල් 12ට, මොකද ඔයා විතරක් රුපියල් 16ක් ගත්තේ. කොල්ලූපිටියේ මංසන්ධියෙන් බසයට නැගගත් කාන්තාවන් දෙදෙනකුගෙන් එක් තැනැත්තියක් රුපියල් හතරක් වෙනුවෙන් සටන ආරම්භ කළේ ඒ ආකාරයෙනි. මේ නෝනලා උගත් අය වෙන්න ඇති. ඒක මම හරියට දන්නෙ නැහැ. ඒ වගේම මමත් මගේ රස්සාව තරමට ඉගෙන ගෙන තියෙනවා. කොන්දොස්තර එසේ කියද්දී කාන්තාව නැවතත් මෙසේ කීවාය. ”හා හොඳයි එහෙනම් මට ටිකට් එකක් දෙන්න” කොන්දොස්තර එවර අසරණ විය. රාක්ක දෙස වරක් බැලූ ඔහු බස් රථයේ ඉදිරි ලොකරය හැර යමක් සොයන්නට විය. ටිකට් නිකුත් කිරීමට පොත එහි නැත. නැවතත් පැරණි සුංගුම් බුංගුම් ගොඩක් ඇද්දේය. එවර පැරණි ටිකට් පොතක් එළියට ආවේය. ආ මෙන්න තියා ගන්න දුහුවිලි පිරීගිය ටිකට් පතක් කාන්තාව අත තැබුවේය. මට එපා 28 එකක්. මට දෙන්න මම දුන්නු මුදලට හරියන ටිකට් එකක්. කාන්තාව නැවතත් කීවාය. දැන් බස්රථය බොරැල්ලට ද ආසන්නය. දෙදෙනාගේ ගණුදෙනුව තවමත් අවසන් නැත. කොන්දොස්තර නැවතත් ටිකට් පොත එහා මෙහා පෙරළුවේය. මුළු බස් රථයේම සිටි පිරිසට මෙය ටෙලිනාට්‍යයක් දැයි සැකයක් ද සිතුනේය. ඒ තරම් දෙබස් රසවත්ය. බස් රථය ප‍්‍රසිද්ධ පාසලක් අසල නතර විය. රියදුරු බස්රථය නැවැත්විය. එක්වරම අසුනෙන් නැගිට්ටේය. මේ ඔය දෙන්නගේ කන්දොස්කිරියාව නවත්වනකන් මම මේක අඩියක් හොළවන්නේ නෑ. මොනවද හලෝ ඔය රුපියල් හතරකට නහින්නෙ. ඔන්න ඔය මනුස්සයා දුන්නු ගාණකට ටිකට් දෙනවා. නිකං ලේ පුච්චගන්නේ නැතිව. මේ නෝනා, නෝනා වුණත් බස්රථයක යන්න කළින් මගී නීති ගැන දැනුවත් වෙන්න දැන් බස් ගාස්තු එක්ක රුපියල් 12 ටිකට් එක 16යි. මේ මිනිහා ඒ අවශ්‍ය මුදලට තමයි නෝනාගෙන් අරගත්තේ. බස් ගාස්තු වැඩි වුණාට ඒ ගැන අපටම බැනලා වැඩක් නෑ. ඔය රුපියල් හතරකට දෙන්නා එක්කම ලේ පුච්ච ගන්නේ ඇයි? විනාඩි කිහිපයකින් පසුව දෙදෙනාම නිහඬ වූහ. රියැදුරු බස්රථය පණ ගන්වා ගමන ඇරඹීය.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වැඩේ වෙලා තියෙන්නේ ලංකාදීපෙත් මේ මෝඩ කෙල්ලගේ (තනුජා) ඒවා දාන එකනේ.
තනුජා අයෙ නම් comment දාන එකක් නෑ
තනුජාගේ තාත්තා කොන්දොස්තර කෙනෙක්. එයා එහෙම මාටියා ගැහුවේ නැත්තන් තනුජල බඩගින්නේ.
ඇමීඩා ඔයාට වැරදිලා එයා මොඩ නැ. නිවුන් නොව්නට එයා මගේ සහොදරී එකම ලේ,එයා අල්ලපුගෙදර.මෝඩයි කියා මිනිසුන්ට අපහස එපා.
නෝනිස්, චමිල්, නදීක.... අනේ අනේ .......ඔයගොල්ලොත් බලන්නේ කල දුටු කල වල ඉහ ගන්න තමයි. මොකක්ද රුපියලේ කතා දෙන්නේ. ලැජ්ජ නැතිව මහ සුද්දවන්තයෝ වගේ කථාව.
තනුජට සල්ලි තිබුනට අපට සල්ලි නැහැ. අපි දුප්පත් මිනිස්සු. අපිට රුපියල පවා වටිනවා. නිකකන් මෝඩ කතා කියන්නැතිව ඉන්න තනුජා.
කොන්ද පණ තියෙන මනුස්සයෙක් ඔය 177 බස් කාරයන්ට නැගි සිටින්න කාලය හරි
නදික ඔයා කොහොමද දන්නෙ තනුජා මොඩයි කියල එයා ඔයාගෙ නිවුන් සහොදරියද??
අය්යෝ සල්ලි
මම තනුජව දන්නව එයාට බ්ස් තියෙනවා
තනුජා,ඔයා පොහොසත් ඇති ඒ නිසා තමා අහිංසක මගීන්ගේ දුක තේරෙන් නැත්තේ
මේ වගේ සිදුවීම් අපි හරියට දකිනවා සමහර මිනිස්සු රුපියලකට නහිනවා බස් වල ඉබ්බට යන (හොරෙන් යෑම) අය කොච්චර ඉන්නවද තවත් සමහර අපේ මිනිස්සු රුපියලට දෙකට රපියල් දාහක් විතර වියදම් කරන්න ලේ පුච්ච ගන්නවා මෝඩ මිනිස්සු
තනුජා කියන්නේ මෝඩ කෙල්ලෙක්. කියන ඒවා ගණන් ගන්න එපා.
නියමිත ගාස්තුව බස් රථයේ ප්‍රදර්ශනයකරලා., නියමිත මුදලට ටිකට් එකක් දුන්නනම් ප්‍රශ්නයක් නැහැ.
ටිකට් නැතුව යන එක මගීන්ට අවාසියි. මේකට නීතියක් නැහැ. ගනන් වැඩි ගණන් වැඩිකරද්දිනම් යුනිෆෝම්, ටිකට් ගැන කතා කරනවා විතරයි.
ඒක නම් ඇත්ත තමා...බැරි වෙලාවත්,අසරණ කමකටවත් අපි අතින් රුපියලක් අඩුව දුන්නොත් කෙහොම තියේවිද.බස් එකේ යනවා තියා හිතන්න වත් පුළුවන්ද...? එහෙම කියලා දුප්පත් ජනතාවගෙන් රුපියල රුපියල ගසා කන කොට ඒ මිනිස්සු පවු නේද....?
තනුජා බස් එකකට ගිහින් රුපියලක් අඩුවෙන් දීල ටිකට් එකක් ගන්න බලන්න
අපි රැපියලක් අඩුව දුන්නොත් බස් එකේ යන්න බැ.
අපි රුපියලක් අඩුව දුන්නොත් බස් එකේ යන්න බෑ. කොන්දොස්තර අපේ සල්ලි වලට විදින්න ඉන්නේ .
තනුජා, අපි සල්ලි ගස් වලින් කඩන්නෙ නෑති නිසා අපිට රුපියලත් වටිනවා. ඔය වගෙ අයට තමා මොඩ මිනිස්සු කියන්නෙ.
තනුජා ඔයාගෙ අප්පොච්චිටනම් ඉතින් බස් එකේ යන්න දෙන්න සල්ලි ඇති ඒත් මේ රටේ සාමාන්‍ය ජනතාවට රුපියලත් ගොඩක් වටිනවා. බස් එකේ හැමදාම ගමන් බිමන් යන අයට දවසගානේ ඔය විදියට රුපියල දෙක නුදුන්නහම මොකද වෙන්නේ?