බසයේ ටිකට් කඩන කොන්දොස්තර මහතා යැයි සිතා බසයට ගොඩවූ විරිදුකරුවකුට ටිකට් ගැනීමට මුදල් දීමේ සිදුවීමක් කොළඹ නගරයේදී සිදුවිය.
සිද්ධිය මෙසේය. මෙම තැනැත්තිය විදේශීය කාන්තාවකි.
ඇය කොළඹ නගරයෙන් බස් රථයකට ගොඩවූයේ නාරාහේන්පිට යෑමටය. බස් රථයට ගොඩවූ ඇය ටික වේලාවක් එහි වාඩිවී සිටියේය. ඒ වනවිටත් බසයේ මගීන් පිරිසක් වූහ. රථයේ ගමන් වාරයට තව සුළු වේලාවක්ද තිබුණි.
ඔය අතරතුර අර කාන්තාවද විරිදුකරුවාට රුපියල් විස්සක මුදල් නෝට්ටුවක් ලබා දුන්නාය. විරිදුකරුවා සුදු නෝනාට හොඳ විරුදු පදයක් කියන්නට විය. ටික වේලාවකින් විදුරුකරුවා බසයේ පිටුපස දොරින් බැස ගියේය.
සුදු නෝනා වට පිට බලමින් ළඟ සිටි කාන්තාව දෙස බලා ”නෝ ටිකට් නෝ ටිකට්” යැයි පවසන්නට වූවාය. එහෙත් ඇය තමන්ට හරි හැටි ඉංග‍්‍රීසි නොතේරෙන නිසා යාබද අසුනක සිටි පුද්ගලයකුට මේ සිදුවීම ඇසී හෙතෙම අසලට පැමිණ සුදු නෝනා මේ කියන්නේ කුමක්දැයි විමසීය.
පසුව සුදු නෝනා තමන් මුදල් දුන්නේ බස් රථයේ ටිකට් පත ලබා ගැනීමට බව අර පුද්ගලයාට කීවාය. ළඟ සිටි සියලූ දෙනාටම කාරණය වැටහුණි. බසයේ සිටි පුද්ගලයකු හනිකට බස් රථයෙන් බැස අසල බස් රථයක සිටි විරිදුකරු කැඳවාගෙන ඇවිත් කාරණා තේරුම් කරදී ඔහු අතින් අර රුපියල් විස්සේ නෝට්ටුව නැවත සුදු නෝනාට ලබා දුන්නේ ගැටලූ සමථයකට පත්කර ගනිමිනි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සෑම්,ඔබ නිවැරදියි (නි)
සුදු නෝනා අතේ තිබුණු අන්තිම විස්ස වෙන්න ඇති. නැත්නම් බැංකු කාඩ් එක තමයි දෙන්න වෙන්නෙ කොන්දොස්තරට. (නි)
රුපියලක් වුනත් නැති මනුස්සයට ඒක වටිනවා මෙතන කෑගහන උන්ට වඩා (බ)
අයියෝ සුදු නෝනා.ලැජ්ජ නෑනේ ආයේ ඒ රුපියල් 20 ගන්න.(හේ)
රූපවතී,එම දෙමළ,සහෝදර පිරිස් අපි ඉන්න රටට ඇවිල්ලා තමන් මව්බිමේ සහ ඉන්දියාවේ විඳි අපා දුක් පවසලා තියනවා.ඉතා සංවේදී පුවත් වලට ඔබගේ වනචාරි නුගත් අදහස් වලින් වලකින ලෙස ඉල්ලා සිටිමි. (බ)
සුදු නෝනා හිතන්න ඇති ලංකාවේ බස් කොන්දොස්තරලා කතාකරන්නේ විරිදුවෙන් කියල.එක වෙන්න ඇති සල්ලි දෙන්න ඇත්තේ.(අ)
මම විරුදු කාරයන්ට කැමති නැහැ. එයාල අපිව බ්ලැක් මේල් කරනවා විරුදුවෙන් . බලෙන් බයගන්නල සල්ලි ගන්නවා (නදී)
සුද්ද වගේ වැඩ කියන්නේ මම ඉන්න රටෙත් අන්තිම සත්‍යදක්වා මදල් ගණන් බේරනවා අපිට ඒ වගේම අපිත් අන්තිම සතේට ගණන් බලිය යතයි (අ)
සෑම් මහත්මයා බොහොම හරි (නදී)
බලන කොට උන් ඔක්කොම හිඟන්නෝ (බ)
විරිදුකාරයෝ කියන්නෙත් හිඟන්නෝම තමයි. මොකද සින්දු බලෙන් අස්සලා සල්ලි ඉල්ලන එකනේ කරන්නේ.(බ)
බස් වලට ගොඩවෙන විරිඳු කාරයෝ මගීන් අපහසු තාවයට පත්වෙන දේවල් විරිඳුවෙන් කියලා සල්ලි මංකොල්ල කෑමක් කරන්නේ. දෙන්න ඕනේම නෑ. (බ)
අනේ සමදරා අක්කේ ඔයා ආපු එකනම් කොච්චර හොඳද (නදී)
ගොඩක් විදේශික මිනිස්සු කැමති අවංකකමට සහ වැඩේ තිබෙන විනිවිදබාවයට. සල්ලි ගත්තා නම් ටිකට් එකක් දෙන්න ඕනෑ. අනික විරිදුකාරයාගේ සහ කොන්දොස්තරගේ වෙනස හඳුනන්න අමාරුයි. දෙන්නම බෙරිහන් දෙනවනේ. (නි)
අය්යෝ හිඟන සුදු නෝනා කෙනෙක්නෙ. රුපියල් විස්සට මැරෙන්න හදන්නේ. මම හිටියනම් ටිකට් එකක් අරන් දෙනවා. අපරාදේ කියපු විරිඳු ටික මෙහෙම කෙනෙකුට. (ස)
ලංකාවට එන යුරෝපීය සංචාරකයන් පොහොසතුන් නොවේ. අවම මුදලින් රටතොට නරඹා සියලු දේවල් විස්තරාත්මකව ඉගෙන, තම සංචාරය නිමකර ආපසු යෑමටයි ඔවුන් එන්නේ.තම රැකියාවෙන් ලබන වැටුපෙන් නිකන් හොරුන්ට සල්ලි දෙන්න එන්නේ නැහැ. (නි)
අනෙක තමයි සුදු නෝනට දොස් කියන්න බැහැ මොකද එම රටවල හිගන්නන් හෝ සින්දු විරිදු කියා මුදල් එකතු කිරීමට බස් වලට එන්නේ නැති නිසා දෙදෙනාටම දොස් කියන්න බැහැ වැරදිමක්නේ වෙලා තියෙන්නේ (අ)
මා සේවය කරන රටෙත් ඒ වගෙයි මහින්ද කිතුල්ගොඩ.., බසය ගමන පටන් ගන්නා තැන ඉදල අවසන් කරන තැනටම ගියත් අතර මගින් බැස්සත් එකම ගාණ තමයි (අ)
වටේ හිටියේ නැද්ද කෙනෙක් 20 දෙන්න විමසලා..ඒ රටවල හිගන්නෝ නැහැ බස් රථවල ගොඩ වෙලා ..මේවා දන්නේ නැහැ එයා.. සුදු නෝනා බය වෙලා ..මම කැමතියි විස්සට ..විස්ස කැමති නැහැ මට .. (අ)
පව්! විරිදුකාර මනුස්සයා ගත්ත සල්ලි වලට එයාගේ සේවය සපයලානේ තියෙන්නේ. ගත්ත මුදල් ආපසු දෙන්නත්, දුප්පතා අවංක වීම ගැන සතුටු විය යුතුයි. (නදී)
සුදු නෝනට හිඟන්න කව්ද විරිදු කාරය කව්ද කියල ..තේරුමක් නෑ..අද සමහර කොන්දොස්තරලත් ...හිඟන්නොන්ට වඩා පොඩි වෙනසයි තියෙන්නේ .....ඕකට සුද්දෙක් වෙන්නම ඕන නෑ. ගමේ වයසක අම්ම කෙනෙක් උනත් රැවටෙන්න පුළුවන්....එකට මේ රටේ කොහෙන් නැග්ගත් කොහෙට ගියත් එකම ගාන...ඇතුලට එද්දී රියදුරුතුමා ටිකට් එකත් නිකුත් කරනවා...(ස)
චමින්ද, මෙතන තියෙන්නේ රුපියල් විස්සේ වටිනාකම ගැන වත් ඒක ආපසු ඉල්ලුව ඒක ගැන ලැජ්ජාවක් වත් නොවේ. හිඟන්නෙක් උනත් වංචා නොකරන අය තවම ලංකාවේ ඉතුරුවෙලා ඉන්න ඒක ගැන ආඩම්බර විය යුතුයි. සුද්දෝ බොරු මාන්නක්කාරයෝ වත් මෝඩයෝ වත් නොවේ. කඩයකින් යමක් මිලදී ගෙන ඉතුරු සත පහ දෙනකම් බලා ඉඳලා ඒක අරගන්නා තැනැත්තාම ඊළඟට සැල්වේෂන් ආමි එකට ගිහින් ඩොලර් සීයක් පිනට දෙනවා. තමන් කරන දේ දැනගෙන මුදල් වියදම් කරනවා මිසක් සතයක්වත් "අයාලේ" යවන්නේ නැහැ . (අ)
ඔයිට වඩා හිඟන්නුන් වටේ හිටපු අය. (ස)
හිඟන්නට වැඩිය හිඟන්නේක්නේ සුදු නෝනා. රුපියල් 20 ට ආයෙත් විරිදු කාරයාගෙන් සල්ලි ඉල්ලන්න ගියේ. (අ)
මත්තේගොඩ - පිටකොටුව බස් රථයක තලතුනා කොන්දොස්තර් ඉතුරු මුදල් දෙන්නේ කාසිටික මුදල් කොලයේ තබා ඔතලා. හැබැයි කාසි අඩුවෙන් දෙන්නේ. සමහරු ඉතිරි මුදල් ගණන් නොකර බෑගයට දාගන්න බැවිනි. (නදී)
සුදු නෝනට නෙවෙයි කොන්දොස්තර අපිටත් වරදිනවා. හේතුව ඔවුන්ට නිසි ඇඳුමක් නැති නිසා. බොහෝවිට බස්වල ඉන්නේ "ඇහින්දාස් කොන්දොස්තර" ටිකට් ටිකට් කිව්වට ඔහු අත ටිකට් නිකුත් කිරීමට ක්‍රමවේදයක් නැත. ඇඳුම අහිකුන්ටක ජනයාගේ "රිලවාට අන්දන ඇඳුම " වැනි ජම්පර කලිසම ,කනේ කරාබු, ඇහින්දාස් තොප්පිය, කොණ්ඩය රබර් බෑන්ඩ්. අතේ රබර් පටි හෝ නුල් මිටි බැඳලා. (නදී)
මෙහෙමයි, සුදු නෝනා උනත් දැනගන්න ඕන ලස්සන විරුදු නිකන් අහන්න බැරි බව (නදී)
දුන් දේ සුවඳයි කෑ දේ ගඳයි කියන එක සුදු නෝනා දන්නේ නැතුවද ? නැත්නම් හම විතරක් සුදු වෙලා සුද්දියෙක් උනාද ? නැත්නම් රු 20 වටිනාකම නොදැන දුන් දේ නැවත ගත්තද ? විලි ලැජ්ජයි සුදු නෝනේ (නදී)