දකුණු පළාතේ සිට කොළඹ බලා ධාවනය වූ පෞද්ගලික බස් රථයකින් අලුත්ගම සංචාරක හෝටලයක රාජකාරියට පැමිණි තරුණ මගියකුට වූ අපූරු සිදුවීමකි මේ. අලුත්ගම නගරයේදී බසයෙන් බැසීමට නියමිතව සිටි මගියාට බසයෙන් බැසීමට නොහැකි වූයේ අලුයම සිට පැමිණි නිසා නින්ද යාම හේතුවෙනි.
නින්දෙන් අවදිවී කලබලයට පත් තරුණයා මේ වන විට අලුත්ගම නගරය පසුකර කිලෝමීටරයක් පමණ බසය ධාවනය වී ඇති නිසා රථයේ රියැදුරාට තමන් පත් වූ ඇබැද්ධිය පවසා ඇති අතර කොන්දොස්තරවරයා පවසා ඇත්තේ මේ බස් රථය අතරමග නවත්තන්නෙ නැති නිසා බේරුවල නගරයෙන් බසින ලෙසය. තම අදහස් අත නොහැරි තරුණයා රියැදුරා ළඟට ගොස් එම ඉල්ලීම කර ඇති අතර ඔහු පවසා ඇත්තේ මේක ඕන ඕන තැන්වල නවත්වන්න බෑ යනුවෙනි. පසුව තරුණ මගියා දෙස බැලූ රියැදුරා පවසා ඇත්තේ වේගය බාලවූ ස්ථානයකදී බසයෙන් පැන ගන්නා ලෙසය. මේ වන විට රාජකාරි ස්ථානයට විනාඩි කිහිපයක් ප්‍රමාද වූ මගියා මොරගල්ල ප්‍රදේශයේ පාසල අසල මගීන් මාරුවන ස්ථානයේදී බසය වේගය බාල වූ විට පැන ඇති අතර ඔහුට අනතුරක් සිදුවී නැත.
(අලුත්ගම විශේෂ තුසිත කුමාර ද සිල්වා)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පව් මටත් ඔය වගේ සිදුවීම් වෙලා තියෙනවා. (ර)
එ්ක අතරමැද නවතින්නේ කව්රුහරි නගින්න හිටියොත් විතරයි. අනේ මෙහෙමත් පොදු ප්‍රවාහන සේවාවක්. සල්ලිත් ගන්නවනේ තව. සේවාවක් නෙමෙයි. පොදු ප්‍රවාහන ව්‍යාපාරයක්. (නි)
මේක මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ අවදානයට දාමුද? නැත්නම් පොලිස්පතිතුමාට දාමුද? (නි)
මම නම් රියැදුරාට දෙකක් ඇනලා බස් එක නවත්වා ගන්නවා. (නි)
කිසිම හිතක් පපුවක් නැති කොන්දොස්තරවරයෙක් (නි)
නමුත් පාරේ සිට කෙනෙක් අත ඉස්සුවා නම් ඔය රියැදුරු හරි කොන්දොස්තර හරි අගේට බස් එක නවත්වනවා ඇත. (නි)
මෙවැනි දේවල් අඩුම තරමින් දුර බැහැර රැකියාවල නියුතු හැම කෙනෙකුටම වගේ ජිවිතේ එක වතාවක් හරි වෙලා තියෙන්න පුළුවන්. ඒ වෙලාවට කෙනෙකුට කරන්න පුළුවන් උදවුවක් තියනවා නම් කිරීම මනුෂ්‍ය ගතියක්. හැබැයි මඟදී ගැහැණු ළමයෙක් අත ඉස්සුවා නම් කොන්දොස්තර උත්තමයා කෑගහලා කියයි, "මචන් මචන්, දාගෙන යමු" කියලා. (නි)
ඔන්න පුද්ගලීකරණය කිරීමේ රග, තව ලංගම වහන්නයි කල්පනාව... (ර)
නැන්දම්මා වගේ තමයි ප්‍රයිවට් බස්කාරයිනුත්. ඇතුළට ගන්නකම් තමයි හැම කරුණාවක්ම. (නි)
පුද්ගලික බස් රථවල කොන්දොස්තරවරුන් නැහැනේ දැන්. ඉන්නේ කොණ්ඩය වවාගත් කරාබු දැමූ විලාසිතාකාරයන්. ඔවුන් බස් රථයට නගිනතුරු පමණයි කරුණාව. ඊටපස්සේ යමපල්ලන්ගේ කන්දොස්කිරියාව (නි)
මේ රට හදන්න බැහැ කවදාවත් (නි)
කවුරුහරි මග නගින්න හිටියානම් බස් එක අපූරුවට නවත්වයි. (බ)
මේක කොහොමද හොඳ පාඩමක් වෙන්නේ? මේක මහා අමනුස්ස වැඩක් ඩ්‍රයිවර්ගෙයි කොන්දොස්තරගෙයි! (බ)