බස්නාහිර පළාතේ ග‍්‍රාමීය ප‍්‍රදේශයක් කරා දෛනිකව ගමන් ගන්නා බසයකි.
බසය නගරයේ සිට කිලෝමීටර් හතරක තරම් දුරක් ධාවනය වූ පසු අලූතෙන් බසයට නැගගත් මගියකු ටිකට්පත ගැනීමට කොන්දොස්තර සෙවුවත් ඔහු බසයේ නොවීය.
මගීන්ගේ කසුකුසුව අතරේ මේ ආරංචිය රියැදුරුගේ කනට ද ගියේය.
ඔහු බසය පසෙකට ගෙන වහා නැවැත්වීය. මොහොතකට පසු බසය පසුපස වේගයෙන් ආ ත‍්‍රිරෝද රථයක් නැවතිණ.
ඒ තුළ ආ කොන්දොස්තර ” මම හන්දියේදි පස්සෙන් බැහැල ඉස්සරහට දොරට එන්න හදද්දි බස් එක ඇද්දුවා” කීවේ හතිලමිනි.
”එතකොට කවුද රයිට් කියල බෙල් එක ගැහුවේ” කී රියැදුරු වේගයෙන් බසය ඇද්දුවේ ඉදිරිපස කණ්ණාඩියෙන් මගීන් දෙස කෝපයෙන් බලමින්ලූ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නියම වැඩේ හා...හා... (ස)
නුවන් බස් එකේ ගිහින් නැතුව වගේ.නගින්නකො වෙලාවක බස් එකකට තිත්ත ඇත්ත බලන්න. වයසක අය,ගැබිණි මව්වරු, ආබාධිතයින් නොදැක්ක වගේ තරුණ ජෝඩු හුරතල් වෙන හැටි බලන්න. කොන්දාස්තර හෝ රියදුරු කියනකම් ආසනයක් දෙන්නේ නැහැ. නොදැක්ක වගේ ඉන්න ලස්සන බලන්න.පිරිහිලාද,නැද්ද කියා ඇස් දෙකෙන්ම බලා ගන්න පුළුවන් ඔබට.(නදී)
සමන්තිත් මාර වැඩ තම කරන්නේ. සමන්ති කියපු විදියට බස් එකේ ඉස්සරහටයි පස්සටයි යන්න ගිහින් අන්න 'අචිර' ඉස්පිරිතාලේ ලු...(නදී)
එතකොට සමන්ති කියන්නේ තමිල්නාඩුවේ ඉන්න කල්ලතෝනියන්ට වඩා අපේ විනය පිරිහිලා කියලද? (නදී)
චි කැතයි හොදේ. (නදී)
සමන්ති කියන දේ හරි (නි)
අනේ සමන්ති ළමයෝ මොනවද මේ කියන්නේ? (ස)
අචිර, පළමුව බස්රථයක ගොස් බලන්න. (නි)
සමන්ති, බොරු කියන්න එපා (නි)
තමිල්නාඩු වල බස්වල කාන්තාවන්ට සීට් වෙන්කර ඇති අතර ඒවා හිස්ව තිබුණත් පිරිමින්ට ඉඳගනීම තහනම්ය . එම සීට් අසල සිටගෙන සිටීමත් තහනම්ය .එසේ තහනම් බවට දැන්වීම් අලවා නැත .නමුත් නීතිය කඩන්නේ නැත (අ).
ගන්නට මුදල් යන බසයෙහි හැටට හැටේ. ගැරහුම් මැදින් ගැවසෙන්නෙමි හතර වටේ. අතැගිලි ලිහුණු දා පා පුවරුවෙන් වැටේ. රැකියාවක්ය 'කොන්දොස්තර' මකර කටේ.(දිල්)
කව්රු හරි කරල තියෙන්නෙ කැත වැඩක් නේද ?කොන්දොස්තර මහත්තයා (අ)
අදනම් ටිකක් හිනා ගියා.(දිල්)
කොන්දොස්තරල හරිම කැමතියි බවලත් මගින් අතරින් ඇඟේ හැප්පෙමින් බස් රථයේ එහා මෙහා යන්න. අපරාදේ ගමනාන්තය දක්වාම හැටට හැටේ ගියා නම් හොඳයි. (ස)
සාමාන්‍යයෙන් ග්‍රාමිය ප්‍රදේශ වල ඒ පාරේ දුවන්නේ එක බස් එකයි. ඒ වෙලාවට පාරේ ඉන්න සෙනඟ ගත්තේ නැතිනම් ඒ බැනුනුත් ඔය මහත්තයටම තමයි.නිකන් හරි ඒ මහත්තයා ඒ වෙලාවේ බස් එකට ගොඩවෙද්දීම අැද්දුව නම් එයාගේ ජිවිතේ ගැන මොකද වෙන්නේ?හැම කෙනෙක්ම තමන් කරන දේ ගැන දෙසැරයක් නැවතිල්ලේ සිතිය යුතුයි. (ස)
කොන්දොස්තරගේ රැකියාව හරිම අමිහිරියි.එක තැන ඉන්න බැහැ.කෑගහන්න ඕන.අපේ මගීනුත් කොන්දොස්තර හොයන් ගිහිල්ලා ටිකට් ගන්න අය නෙවෙයි.දෙගොල්ලන්ගේම විනය හැදෙන කන් මේක මෙහෙම්මම තමයි. (දිල්)
හොඳ වැඩේ ඕනවට වැඩිය පටවනවට. (ස)
අපි ඉස්කෝලේ ගිය කාලේ මතක් වෙනවා ! දවසක් අපි රියදුරු මහත්තයත් එක්ක කතා කරලම ඔය දෙය කොන්දොස්තරට කලා. අපේ ඉස්කෝලේ ගාව ස්කුල් බස් එක නතර කලාට පස්සේ වෙන බස් එකකින් කොන්දොස්තර ඇවිත් ඔක්කොමටම බැන බැන බැස්ස ! (ස)
දැන් රයිට් කියාලා බෙල් ගහන දෙකම කරන්නේ නැහැ. "හරි යං" කියනවා විතරයි. මේ කතාව තව හොයලා බලන්න ඕනේ (අ)
පුද්ගලික බස් රථවල බොහෝවිට බස්රථයේ කොන්දොස්තර සෙනඟ තදකරමින් ඉස්සරහට ගොස් බසයෙන් බැස නැවතත් පසුපසින් ගොඩවී බසයේ සෙනඟ අතරින් තදවී ඉස්සරහට යනවා (නි)
ඒ මඟියා පරණ තරහක් පිරිමහගන්න කරපු වැඩක්ද කොහෙද? (නි)