පිටකොටුවේ සිට කොට්ටාව දක්වා ගමන් ගත් පෞද්ගලික බසයකි. කාර්යාල වේලාව අවසන් වී තිබීම නිසා බසයේ අස්සක් මුල්ලක් නෑර මගීන්ගෙන් පිරී ඉතිරී ගොසිනි.
බසයේ මැද භාගයේ අසුනේ තරුණ යුවළක් වාඩි වී ගමන් කළහ. බසසේ සිටි බොහෝ දෙනාගේ නෙත් මේ දෙදෙනා වෙත යොමු වුණේ ඔවුන්ගේ හැසිරීම නිසාය.
පේ‍්‍රමයට වඩා වැඩි දෙයක් එම අසුනේ සිදු වීම බසයේම සිටි සියලූ දෙනාගේ අප‍්‍රසාදයට හේතු විය.
අසල අසුනේ සිටි උපකාරක පන්ති අවසන්ව යන සිසුන් සිය දෑස් දෑතින් වසාගෙන සිටින්නට විය.
එසැණින් බසයේ සිටි මගීන්ගේ ඉවසීමේ සීමාව කෙළවර විය.
පෙම් සුව විඳිමින් සිටි දෙදෙනාට සදාචාරය හා සංස්කෘතිය පිළිබඳව මහ හයියෙන් පාඩම් කියා දෙන්නට විය.
ඒ අතර එක් මගියකු ලූණු ඇඹුල් ඇතිව ආසන්න අසුනේ සිටි දරුවන් පෙන්වා මෙම යුවළට උපදෙස් දෙන්නට ඉදිරිපත් වූයේය.
ඒත් සමගම පෙම්වතා අසුනෙන් නැගිට අවවාද දුන් පුද්ගලයාට පහර පිට පහර දෙන්නට විය.
බසයේ සිටි මගීන්ගේ අවධානය පහර කෑ පුද්ගලයා වෙත යොමු විණි.
මේ සියලූ සිදුවීම් සිදු වෙද්දී බසය මහරගම නගරය පසු කරමින් ධාවනය වෙමින් පැවතියේය.
හූ හඬ හා විරෝධය මැද්දේ අශෝභන ලෙස බසයේ සිටි දෙපළට ගමන කෙළවර නොකරම බැස යන්නට සිදු විය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
විනය ගරුක නැති මේ වගේ මිනිස්සු සමාජයන් තුරන් කළ යුතුයි.(නදී)
මං ගරු කරනවා බසයේ සිටි මගින් පිරිසට ..! මේවා සියලුම පෙම්වතුන්ට පාඩම් (ගුටි කාපු මගියා ගැන කනගාටුව )කියන්න තියෙන්නේ එක දෙයයි., මේක ලංකාවනේ ...!! (නදී)
පැහැදිළි ඉරිසියාව. අනේ අම්මපා කොල්ලෙකුටයි, කෙලලෙකුටයි නිදහසේ බස් එකක යන්න බැරි හැටි (දිල්)
ඔය විඳලා තියෙන්නේ පෙම් සුව නොවෙයි.....කම් සැප. .....නියම පෙම් සුව විඳින යුවලකට කිසිම දවසක සමාජයෙන් බාධා නැහැ.....ප්‍රේමය නම් රාගයෙන් තොර සද එළිය සේ අචින්ත්‍යයි......පාරිශුද්ධයි ....සුරම්‍යයි.....කියල ..අපේ ජාතියේ මහා ගායිකාව ගයනා කරලා තියෙන්නේ....දැන් ඉන්න තරුණ දූ දරුවෝ..ප්‍රේමය ...රාගය ...පටලවාගෙන........අහෝ.....අනාගතය.... (ස)
වැරැද්දට සමහඑ පෙම්වතුන්ට අමතකයි ඉන්නෙ කොහෙද, කරන්නෙ මොකක්ද කියලා.එයාලා හිතන්නෙ ඒ දෙන්නා ගැන විතරයි. ඕක අපේ ලංකාවෙ ගොඩක් දෙනෙක් කරන ලොකු වැරැද්දක් (ස)
චන්දි, ඇයි ඔච්චර සැර. හොද වෙලාවට ඒකාලේ අපි ඔය බස් වල නොගියේ. (නදී)
ලංකාවේ සමහරක්ට කෙල්ලෙකුයි කොල්ලෙකුයි එක ළග වාඩි වෙලා ගියත් මැජික්.කන්න වගේ බලන්නෙ. (නදී)
සීමාව ඉක්මවා ගියානම් වැරදි නමුත් යම් මානසික මුහුණුවරකින් බැලිය යුතු තැන් තියනවා .මොකද මමත් රූපත් ඔය කියන තරුණ වයස පසුකල අපිත් මතකයි. නමුත් අපි ඒ තරන් අසීලාචාර උනේ නම් නැහැ නමුත් ඔව්‍රන්ටත් ඔවුන්ගේ හැගීම් සීමාවන් තුල ප්‍රකාශ කිරීමට අවස්ථාව දීමට කාරුණික විය යුතුයි.(නදී)
අනු මානයක් නැහැ ...අපේ සරත් තමයි ඊයේ වැඩ ඇරිලා ගිහින් තියෙන්නේ ...පව් දෙවියනේ ...?හිතක් පපුවක් ඇති මිනිසුන් ඔහොම මහා මග දමල යනවද ...? (අ)
ඔය පෙම්වතා කරපු නොහොබිනා වැඩේට හොද පාඩමක් උගන්වන්නයි තියෙන්නේ (නි)
දිසානායක, ඒක ඉතින් හොඳ කාමරයක් බූක් කරලා කළා නම් තමයි හොඳ, පාරේ යන බස් වල කරන්නේ නැතුව. ඒ වගේම ඔය බස් වල අසීලාචාරව හැසිරෙන අය නම් කෙටි කාලීන ආදර වන්තයෝ කියන එක ප්‍රසිද්ධ රහසක් (ස)
චන්දිත් එක්ක මමත් එකඟයි.එච්චර පෙම් සුව විඳගන්න ඕන නම් ඒකට සුදුසු තැනකට යන්න තිබුණා.අහිංසක දැරිවියන් කොච්චර අසරණ වෙන්න ඇතිද පිටුපස සිට. (ස)
සජිත්, මුදල් නැත්නම් මොනවා කරන්නද? පව් දුප්පත් කොල්ලා. (නි)
ඔබ ගැන හරිහැටි හදුනා ගත්තෙමි ඔබ වන බඹරෙකි බඹර කුලේ... (නි)
පෙම් සුව නෙවේ මේ විඳලා තියෙන්නේ, අසීලාචාරව වෙන දෙයක්. අනෙක මෙතන වැරැද්ද පෙන්වපු කෙනාටත් ගහලා. (ස)
මම කැමතියි සදාචාර සම්පන්න සීමාව තුල පමණක් හිරකරලා අදහස් දාන්න. මම කියූ දේ පළමුව තේරුම් අරගෙන දෙවනුව අදහස් පළකරන්න.මගේ අදහස් වල මම නරක දෙයක් කියලා නැහැ. (නි)
දුප්පත් තරුණ යුවලක් වෙන්න ඕනෑ. තානායමක් හෝ හෝටලයකට ගොස් පෙම් සුව විඳීමට මුදල් නොමැතිව , බසයට මුදල් ගෙවා ඇතුළුව පෙම්සුව වින්දේ ඒ නිසා වෙන්න ඇති. අවාසනාවට බසයේ සෙනග. දුප්පත්කමත් වලිගය නැති ගොනා වැනි (නි)
කවුද ඊර්ෂ්‍යාකාරයෙක්ට මේ දෙන්නා වැරදි විදියට පෙනෙන්න ඇති. මේක ලංකාවනේ! (නි)
අප පෙම් කලෙත් බස් එකේ. හැබැයි අපි දෙන්නගේ ආදරයට බසයේ සිටි අයත් ආදරය කළා. අදත් අප ආදරයෙන් ඉන්නවා. මේ කිව්වේ මීට අවුරුදු හතළිහකට විතර පෙර කතාවක්. (ස)
බසයේ මැද පෙළ අසුනක සිටි ඒ පෙම් යුවල ඔය කියන තරම්ම අශෝබන ලෙස සිටිය වෙන්න බැහැ. ලංකාවේ ගොඩක් ඉන්නේ පිවිතුරු විදියට ආදරය කරන අය විතරනේ. ඒ නිසා අතින් අල්ල ගෙන යන පෙම් යුවලක් ව උනත් පෙනෙන්නේ, අශෝබන විදියට. බලන්නේ මැජික් එකක් බලනවා වගේ. ආදරයෙන් ඉන්න පෙම් යුවලක් දකිද්දී සමහරුන්ට හරියට කේන්තිත් යනවා. අනේ! මන්දා?? පිවිතුරු ප්‍රේමයේ රාගය නැති හන්දා මොනවා කරම් දෝ (ස)
කුමාරි, ඔය දේ සිද්ධ උනා කියලා හිතන්නකෝ රාත්‍රී "යාල්දේවි දුම්රියේ" පෙට්ටියටම හිටියේ තව එක්කෙනයි නම් එයා අපහසුතාවයට පත් වෙනවද?...... (ඔතන ප්‍රශ්නේ කිසිම කෙනෙකුට කෙලින් බලන්න බැහැ. තව කෙනෙක් තමන්ට චරිත සහතික දෙයි කියලා) (ස)
ලොව තිබෙන ලොකුම සුවය තමා පෙම් සුවය. මෙය විඳින්නට හැමෝටම බැහැ . කෙසේ නමුත් එය විඳින්නට අවස්ථාව ලැබුනත් එතනත් ඒකට කරදරයක්. (ස)
මේ කරාටේ රන්ජෝ .., විදින සුවයක් විද ගන්නවද සුදුසු තැනකට ගිහිල්ල අපිට අපේ පාඩුවේ බස් එකේ යන්න දීලා ..!! සරත්.., ඔයා පෙම් සුව වින්දේ අර වැව ගාව කොහිල වලේ ඉදන් නේද ..? මතකද අපේ තාත්තා එනවා දැකල බයිසිකලෙත් දාල දිව්වේ ...,බුදු පුතෝ -මම නැතෝ කිය කියා (ස)
හොද ගැහැණු ළමයාගේ හා නරක ගැහැණු ළමයාගේ වෙනස දන්නවාද?හොද ගැහැණු ළමයා උෂ්ණ කාලගුණ තත්වයකදී ඇදුමේ බොත්තම් කීපයක් විවෘර්ථ කරන අතර .නරක ගැහැණු ළමයා කාලගුණය උණුසුම් කරගැනීමට බොත්තම් විවෘර්ථ කරයි .(නදී)
අපේ ජෝති කියලා තියෙන්නෙ " පෙම් සුව විඳිනු වගේ. ප්‍රීතියක් ඇත්තෙ නෑ..." කියලත් (ස)
ඒ තරම් අශීලාචාර වුණේ ඇයි කියලා ටිකක් විස්තර කළා නම් දිසෝ, මම අහගෙන ඉන්නම්. (නි)
අපට නම් ආරංචි වුණා කොහිල කටු ඇනගෙන කාවද හොයන්න ගිය කතාවකුත්.දෙයියෝ සාක්කි! (නි)
ඉතින් චන්දි කොහිල වලවල් වලට වඩා බස් එකේ මුල්ලක ඉන්න එක සැපයි නේ.බයිසිකල් දාලා දුවන්නත් ඕනෑ නැහැනේ (නි)
අනේ පහන්, එහෙම කිව්වට මම තරහයි. ඒ ළමයි හොදයි. 'ගුඩ් ගර්ල්ස්ලා' කියලා වෙනස් කරන්න. (නි)
චන්දි, ඔයා වෙන රටකද ඉපදුනේ? අපි මේවට නැහැ.නමුත් තමන් මේවට අයත්..හ (නි)
පුංචි කාලේ මං අපේ අක්කා ගැන නොදන්නවා වුණාට දැන් දන්නවා හේතුව. (නි)
මට මතකයි මට මතකයි පුංචි කාලේ මං... කොහිල වලේ පුංචි ලිඳෙන් වතුර නෑවා මං... අපට හොරෙන් අක්කි වලේ දළු කැඩුවා බන්... සරා අයියා අපට හොරා මොකද කළේ බන්// (නි)
අකිල, මං ඉපදුනෙත් සුන්දර ශ්‍රී ලංකාවේ තමයි. ඒත් බස්වල පෙම් සුවය වින්දේ නම් නැහැ. දුක තමයි. (නි)
සරා ගොයිය අපට හොරා මලෙ ලිව්වලු නෙ බං (අ)
.බස් එකේ පෙම් කොලා...අපි ආදරෙන් ඉන්නවා.. ඉරිසියා හිතෙනවා අයියා ඔයාලා තමයි බස් පෙම් කතුවරු...දැන් තිස් හාර කෝටියක් දෙයියෝ බස් එකේ බලන් ඉන්නවා.(අ)
ඇත්තටම කියන්න කනගාටුයි අද බස් එකක පිටිපස්සේ සීට් එකේ දරුවෙක් එක්කනම් වාඩිවෙලා යන්න බැහැ කෙලවරේ ජෝඩුවක් ඉන්නවනම්. මම දිනක් රුවන්වැල්ලේ ඉදලා නිට්ටඹුවට එන්න මගේ දරුවෝ දෙන්නා එක්ක බසයකට නැගලා වාඩි උනේ පිටිපස්සේ සීට් එකේ. මොකද අපි 3 දෙනාටම එක තැනක වාඩි වෙන්න ඕන නිසා. ඒත් ටික වෙලාවකින් ජෝඩුවක් වාඩි උනා කෙළවරෙන්. ඒ දෙන්නට මතක නැතුව ගියා මේක පොදු වාහනයක් කියලා. බසයක පෙම් සුව වින්දට කිසිම වරදක් නෑ. ඒත් කම්සුව විඳින්න බැහැ ඒක පොදු වාහනයක් නිසා. නිට්ටඹුවට යනකන් දරුවන්ට නොපෙනෙන්නට කවර් කරගෙන වගේ ගියා. (අ)
හේරත්, මේ ආදරය කරන්න දන්නේ නැති ඊර්ෂ්‍යාකාරයෙක් කළ වැඩක්. (නි)
මේ ජරා අවිනීත අය නිසා සබැ පෙම්වතුන්ට වත් නිදහසක් නෑ (අ)
ඕක වයසේ වැරැද්ද.මමත් කාලයක් පෙම්වතියක් ආශ්‍රය කළා.අපි හමුවුණෙත් බස් එකේ.උදේටයි හවසටයි.අපි අත් දෙක අල්ලාගෙන ඉන්නකොට සමහරු අපි දිහා බලන්නේ අපි පෙම්සුවයේ උපරිමයට පැමිණිලා ඉන්නවා වාගෙයි.ඕක එච්චර ගණන් ගන්න එපා (නි)
බස්වල ඔයදේ කරන්නේ නැතිව වාහනයක් අරගෙන බ්ලැක් ග්ලාස් කරගත්තනම් හරිනේ (අ)
හු වලින් බේරුනා ඇති,අඩු ගානේ ලැගුම් හලකට වත් ගිහින් පොලිසියට මාට්ටු වුනා නම් උසාවි දාල එච් අය් වී චෙක් කරලා කුඩුවෙත් ඉඳල.ගෙවල් වලටත් මාට්ටු.ඔඉන් ගියා ඇති යන්තම්.අහිසංක කුරුළු ජෝඩු වකට හිරි හැර කරනවට වෙනම නීති නැද්ද ? මේක රෝගයක් ලව් ඇඩික් දෙන්නෙක් තුන්දෙනෙක් බසයේ ඉන්න ඇති. (අ)
ආදරය ඇලජික් කෙනෙක් වෙන්න ඇති බනින්න ඇත්තේ (නි)
බසයක දමා ගෙන තරුණියක් සුදු පාට - පෙම් කෙලිනවා දැක්කා සරතා රෑට..(හීනයක්) (අ)
හූ නොවෙයි මුන් දෙදෙනාට තඩි බාන්න තිබුනේ එනවා බස් වල පෙන් කෙලින්න (අ)
[අපේ ජෝති කියලා තියෙන්නෙ " පෙම් සුව විඳිනු වගේ. ප්‍රීතියක් ඇත්තෙ නෑ..." කියලත්] එත් පුතෝ බස් එකේ බැහැ ඒවා හරිද මන් නොකීවයි කියන්න එපා (අ)
[බසයක පෙම් සුව වින්දට කිසිම වරදක් නෑ.] ඔන්න අම්මා කෙනෙකුගේ තව 'හොද' කතාවක්. බස් තිබෙන්නේ පෙම් සුව විදින්න නොවෙයි, ගමන් බිමන් යන්න. (නි)
මෙතන මලෙන් ඉපදුණු කුමරු කුමරියෝ වගේ කතා කළාට බස් එකක ඔය අත්දැකීමක් නැති කෙනෙක් නැතුව ඇති. පොඩි අයට ඒ දේවල් බලන්න දෙන්න. කවදාහරි ඒ ළමයිනුත් ඔය අත්දැකීම් ලබනවා. හංගන්න ගිය විට වෙන්නේ ඕනෑවටත් වැඩියෙන් ළමයි ඒ දේවල් වලට පෙලඹෙන එක විතරයි. (නි)
සුදු පුතු මගේ... නුඹ දෙවියන් රැක දෙත්වා.... (නි)
අනේ මන්දා හේරත් මාමේ, ඔයා බොරුවටද ඇත්තටමද එහෙම කියන්නේ කියලා මට හිතාගන්න බැහැ (නි)
බොරුවට ආයු නැත. ඇත්ත කියු සුදු පුතුව තිස්තුන් කෝටියක් දෙවියන් රැක දෙත්වා! (නි)
හරිම අසාධාරනයි මෙතන. බටහිර ඇත්තෝ හූ කියන්නේ 'හු ආ යු' කියන ප්‍රශ්නය බව තේරුම් ගන්න. 'අයි ඇම්' කියලා එතකොට තමන්ගේ නම කියන්න. මොකද අපි නම් ඔය නරි හූව දාන්න ඉගෙනගෙන නැහැ (නි)
සුදු පුතාට තේරුණා. හේරත් කියනවා වගේ " තිස්තුන් කෝටියක් දෙවි දේවතාවන්ගේ පිහිටයි ආරක්ෂාවයි" (නි)
ඒක මට පේනවා. (නි)
'හු ආ යු' ? (නි)
'අවවාද දුන් පුද්ගලයාට පහර පිට පහර දෙනකම් වටාපිටාවේ අය බලාගෙන ඉදලා'. මොනවගේ මිනිස්සු වර්ගයක්ද ඒ වෙලාවේ බස් එකේ ඉදලා තියෙන්නේ? (නි)
ලීබඩු කඩයක් ළග නතර කරලා පිටිපස්සට ඇදක් දාල දුන්නනම් හරි නේ .(දිල්)
රූපවතී අක්කයි චන්දියි දෙන්නා එකතුවෙලා ටෙනි අයියාට දීලා තිබෙන දඩුවම නම් බොහොම බරපතල රජ කාලේවත් නොතිබුන එකක්. (නි)
එයාල ප්‍රසිද්ධියේ පෙම්සුව විඳින හැටි වීඩියෝ කරලා ප්‍රසිද්ධ කරන්නයි තිබුනේ පාඩමක් වෙන්න (නි)
පෙම් සුව ලබන්න තැනැක් හදලා දෙනවා නම් හොදයි (අ)
හැබැයි සෞදියේ නම් ඔය වගේ දේවල් නෑ. (ත)
පිටිපස්සට ඇදක් දාල දුන්නනම් හරි නේ කොට්ටාවට යන ගමන් නේ මල්ලියේ (දිල්)
බස් වල යන ගොඩක් පෙම්වතුන් බස් එකේ කොනක වාඩී උනාම හිතන්නේ, ඒ සීට් එක විතරයි මුළු බස් එකටම තියෙන්නේ ඒ දෙන්න විතරයි, මුළු බස් එකේම යන්නේ කියලා (දිල්)
සාමාන්‍යයෙන් පෙම් සුවේ උපරිමය රති සුවය.මේක නැතුව ලෝකයක් තියෙන්නම බැහැ.හැබයි මේ හැම එකකටම සීමා මිම් ඇති බව සිතනු. (අ)
බමුණු, ඔයා මම කියපු කතාව වැරදියට වටහාගෙන තියෙන්නේ. ඔයා කවදාවත් ඔයාගේ ගැහැණු ළමයා සමග බස් එකක එක ෂීට් එකක වාඩිවෙලා, ළං වෙලා කතා කර කර ගිහිල්ලා නැද්ද? කොහොමද එහෙම පෙම්වතුන් යන එක තහනම් කියන්නේ? අපිත් ආදරය කරන කාලේ ඔෆිස් අවසන් වෙලා එක බස් එකේ එනවා කතා කර කර. ඒක පෙම්වතුන්ට තහනම් නැහැ. නමුත් පෙම්වතුන් දැනගන්න ඕනෑ මේක පොදු වාහනයක්, මේකේ හැම තරාතිරමකම පුද්ගලයෝ යනවා, ඒ නිසා වැදගත් විදිහට හැසිරෙන්න ඕනෑ කියලා. (නි)
අද තරුණ දියණිවරුන්ට මෙන්ම කාන්තාවන්ටද තම නිවෙසේ පවා ආරක්ෂාව අහිමිවූ වාතාවරණයක් ඇතිවී තිබේ. තම නිවෙස තුළදී මෙන්ම මහමගදී, පොදු ප‍්‍රවාහන සේවා වලදී, පාසලේදී, රැකියා ස්ථානයේදී ආදී වශයෙන් සමාජයේ සියලූම තැන්හිදී බාලවයස්කාර දැරියෝ මෙන්ම කාන්තාවෝද දුෂණයට ලක්වෙති. එමෙන්ම ලිංගික වද හිංසාවන්ට හා ඝාතනයට ගොදුරු වෙති. පාරිභෝගිකවාදී සමාජ ව්‍යුහය මත අද බොහෝ මිනිසුන් නොනවතින අරගලයක නිරත වී සිටියි. ධනය, බලය හා ලිංගිකත්වය මත තම අරමුණු කේන්ද්‍ර කරගත් බහුතර මිනිසා මගින් ගුණදහම් ඈත්ව යාමත්, සමාජ සම්මතයන් හා සම්ප‍්‍රදායයන් නොසළකා හැරීමත් පොදු ලක්ෂණයක් බවට පත්ව ඇති අයුරු දැකිය හැකිය. (නි)
පෙම්සුව විදිනු වගේ -ප්‍රීතියක් ඇත්තේ නෑ.... ඒ දෙන්නා ලැජ්ජාවට පත්වෙලා මොනවා හෝ කරගනීද දන්නේ නැහැ.තරුණ අය නේ. (නි)
තරුණ කාලයේ දහ අට වන්නමම නටපු අය ඉක්මනින්ම "උපාසක පට්ටම" අරගෙන වගෙයි. ඔය දකින දේවල් වලට වැඩි දර්ශන ගෙදර රූපවාහිනියෙන් දකිද්දී නම් සතුටු ඇති මගේ හිතේ. සමහරවිට බස් වල යන පෙම්වතුන්ගේ "ආදර දෙබසට"හොඳින් සවන් දෙන්න පුළුවන් වුණා නම් මෙතරම්ම තරහ යන එකක් නැහැ. (නි)
කුසුම් නැන්දේ, ඔයා දහ අට වන්නම නටලා තියෙනවද? මටත් ආසා හිතුනා ඔයා කියනකොට. ඡායාරූප නම් බසයේදී දකිනවා. (නි)
නැතුව නැතුව පැන්චෝ!!! මම තවම "පෙන්ෂන්" ගිහින් නැහැ. අසාවෙන් ඉගෙන ගන්න, එතකොට ඔයාට විසි වන්නම වුණත් නටන්න බැරි වෙන එකක් නැහැ. මගේ චුටි පැන්චෝ!! (අ)
කාට කාටත් හොද පාඩමක් (දී)
අපි ළඟ කාසි නැහැ හොදේ. හොඳ නැන්දා වගේ කියන්න හෙට ඉස්කෝලෙ යන බසයේදි මම මොන වන්නමද දාන්නේ? (නි)
නැහැදිච්ච එව්වෝ ඉන්නවා ඔය විදියට බස් එකේ යන්න ඕන තමුන් විතරයි කියල හිතන් ඉන්න... එයාලට දොසක් කිව්වොත් හොදටම ගහන්න බලන් ඉන්නේ..හැබයි ඉතින් අපිනම් ඔය පගර නැට්ටන්ට බය නැහැ....(දී)
නොමිලේම, බස් එකේ නටන වන්නම ගැන නම් මට වැඩිය බබාගේ තාත්තා හොඳට දන්නවා ඇති. අහල ඉගෙන ගන්න පැන්චෝ. (අ)
මේවා බස් වල නෙමෙයි මොන ප්‍රසිද්ධ ස්ථානවලත් නොවිය යුතු වැඩ (දී)
අර කිව්වා වගේ බස් එකේ සීට් එක තියෙන්නේ තමන්ට විතරයි කියල හිතාගෙන ඉන්න අයත් බස් වලට නිතර නගිනවා. (දී)
අම්මෝ මෙහෙ අයත් මේක පටන් ගනීද දන්නේ නැහැ ? (දී)
අනේ කුසුම් නැන්දේ? කියල දෙන්නකෝ... (දී)
හරිම නරකයි. (නි)
අර කියපු වන්නම් නම්, දැන් කාලේ හැමෝම වගේ හොඳට නටනවා. (නි)
බන්දුල පෙරේරා, ආදරය කරලා නැති, පවුලක් නැති, හැගීමක් දැනීමක් නැති අය අපි ඕනෑ තරම් දැකලා තිබෙනවා. (නි)
පෙම්සුව විඳිනවා කියන එක විග්‍රහ කළොත් හොඳයි. බස් එකේ කතා කරමින් යන එකද පෙම්සුව විඳිනවා කියන්නේ? (නි)
අනේ අද රටකට ගිය කල! (නි)
මේවා නොදන්නා අය කරුණාකර ළිඳ ළඟ අපේ සංගමයට එන්න. අපි කියලා දෙන්නම්. (නි)
කුසුම් නැන්දේ, බස් කොන්දොස්තරයි, රියැදුරයි නැතුව බස් කොහොමද පාරේ යන්නේ? (නි)
ඕනෑම දෙයක සීමාවක් තිබෙනවා නේද? (නි)
කුසුම් නැන්දේ, ඔය "උපාසක පට්ටම්" ගත් අය තආ ඒ කාලේ හොදටම නටලා තියෙන්නේ. අනෙක ඔය කියන සීමාවල් තේරෙන්නේ නැහැනේ එතකොට. ආදරය කොහොමත් බොළදයි. "බොළද ආදරය තම රසවත්". පුළුවන් නම් කියන්නකෝ "පොතේ හැටියට ආදරය කරලා" දිනපු කෙනෙක ගැන (නි)
බස් පාලකයන්ගේ වැරදි. සල්ලි හොයන එක පමණයි වැදගත්. (නි)
සිය්ලල පැත්තකින් තියලා කුසුම් අක්කා සමග බස් එකක පොඩි ගමනක් යන්න හිතෙනවා හිත හැදෙන්නත් එක්ක (නි)
කුසුම්, පුළුවන් නම් නම්, දැන් කාලේ හැමෝම වගේ හොඳට නටන එක නැටුමක් කියන්න. පෙන්නන්න බැරි නිසා. මම කියවන්නම්, ඔයා ලියන්නකෝ.මගේ ඇඟේ මාළු නටනවා මේවා අහලා (නි)
නගින්න ..නගින්න නෝනා...මහත්තයා...කොට්ටවටද? පුත්තලමට ද? මගින් බහිනවා නම් මැද සීට් එකක වාඩි වන්න... හරි..හරී .. (දී)
සරත් අය්යේ "බොළද ආදරය තමා රසවත්" ...එහෙනම් කියන්න එක මොන රසද කියල...ඔට්ටුයි බැරුවට... (දී)
හොද වැඩේ ගහන්න ම තමයි තිබ්බේ (දී)
බස් වල නම් ලජ්ජා නැති මේ වගේ අය යනවා තමයි (දී)
හරියටම හරි ඔයත් බස් එකේ නේ යන්නේ. කොට්ටාව ... (දී)
බට්ටෝ,සරත් වෙනුවට මං උත්තර දුන්නට කමක් නැහැ නේද ....?ඒ බොළද ආදරේ රස කියන්නේ බට්ටෝ හරියටම.., හරියටම.., ඔව් බට්ටෝ හරියටම නෙල්ලි වල තියෙන රසේම තමයි ..!! කහටයි ,තිත්තයි,ඇබුලයි.පැණි රසයි , හැබැයි අන්තිම ටික නම් මාරයි (බොරු නම් ඔයා කාලම බලන්නකෝ )
බට්ටා, ආදරයේ රස දන්නා කෙනා දන්නවා. (දී)
හා හා... මම ඔයාගේ බබාගේ තාත්තාගෙන් අහලා ඉගෙන ගන්නම්කො (නි)
ඔය බසය ගමන් කර තිබෙන අයගෙන් අර ජෝඩුව හැර ඉතිරි සියල්ලෝම නැහැදිච්ච මිනිස්සු කියලයි මම නම් කියන්නේ (නි)
අත්තමයි චන්දි අන්තිම ටික නිකන් දිවියලූකේ ගියාවගේ දැනෙනවා (ත)
ඇත්තමයි චන්දි අන්තිම ටික නිකන් දිව්‍ය ලෝකේ ගියා වගේ දැනෙනවා (නදී)
පෙත්තෙක් කියල ලොකුවට හිතපු "නිලමැස්සෙක්" දවසක් පුංචි පැන්චෙකුගේ ඇඟේ වැහුවලු.(දිල්)
රූපා මැන්චෙස්ටර්වලට කැමති එයාට ඒ රටේ බස්වල ඕවා කරන්න පුළුවන් නිසා. අපි තරුණ කාලේ බස් එකේ උඩ තට්ටුවේ ඕවාට වෙනම සීට් එකක් තිබුණා. අන්තිම පේලියේ කාටවත් පෙන්නේ නැහැ. පාසැල් යන කොල්ලෝ හැබයි හොරෙන් බලනවා. හරි ජෝයි ඒ කාලේ (නදී)
ඔය වෙන රටවල පුරුදු අපේ රටට එපා (දිල්)
පෙම් සුවයි කම් සුවයි අතර තියෙන්නේ පොඩි වෙනසක්, අපි ඔක්කොම කාමයෙන් අන්ධවුණු පෘතග්ජනයෝ (ත)
සමදරා නැන්දේ,මම මෑන්චෙස්ටර් වල වුණාට රැකියාවට ඇවිල්ලා ඉන්නේ වෙනත් රටකටයි. මේ රටවල ඔය විකාර නටන්නෙත් නැහැ. ඒත් එහෙමයි කියලා මේ මිනිසුන් කාටවත් ගරහන්නේ නැහැ. මේ රටේ ඒක සාමාන්‍ය දෙයක් විදියට දකින්න ලොකු කුඩා උගත් හැමෝම පුරුදු වෙලා.ඒ වගේම අපේ රටේ වගේ මහමග දුෂණයන් මේ රටවල දකින්න අඩුයි (නි)
රුපවති දුවේ ඔයා අපේ රටට ගරහන එක්ක ඇත්තටම නවත්වන්නේ කවදද?(දිල්)
නෙල්ලි කෑදර වැඩි වුණාමලු වමනේ යන්නෙත් මහා රැයේ.... මගේ ආදරේ හිතේ රසයයි නෙල්ලි නම් නොව මගෙ ලියේ.... (නි)
හරිම වැඩේ තමයි වෙලා තියෙන්නේ (නි)
ඔයාටත් එහෙම වුණාද බෝපේ? (නි)
ළගකදී ඉදලා සමදරා නැන්දටත් පොඩි අමුත්තක් දැනිලද කොහෙද ඔහේ කියවනවා පෙත්තා වගේ. (නි)
ඔය සමදරා, නන්ද, පොඩ්ඩක් පෙන්නනවද මට, මම කොහෙද අපේ රටට ගරහලා තියෙන්නේ කියලා (නි)
කටු අත්තක් වාගේ ඇමිනේ රූපක්කා.. (නි)
ඔන්න මාළු ටැංකියක මාළුවෝ දෙන්නෙක් බොහොම යාලුකමෙන් හිටියලු. තවත් මාලුවෙක් ටැංකියට ආවලු. දැන් අර පරණ යාලුවෝ දෙන්නාත් සමග හැමදාම රණ්ඩුලු.එක දවසක් රණ්ඩුවක් වෙලා එක මාලුවෙක් අල්ලා ගත්තලු අනික් මාළුවාගේ වලිගෙන්.ඒ පාර අනික් මාළුවත් කැරකිලා අල්ලා ගත්තලු අනිකාගේ වලිගෙන්. දෙන්නා වලිග දෙක කන්න පටන් ගත්තලු. කාගෙන කාගෙන ගිහිල්ලා යාළුවො දෙන්නා අතුරුදහන් වුණාලු. කොහෙද ගියේ කියලා අලුත් මාළුවා ටැංකිය පුරා තාම හොයනවලු... දෙයියෝ සාක්කි! (නි)
මටනම් තේරෙන්නේ නැහැ මේ පෙම් සුවයේ අන්තිම ජවනිකාව සෙනග ගොඩක් මැද්දේ බස් එකක් ඇතුලේ කොහොම කරගනිද කියල (අ)
ලංකාවේ මිනිස්සුන් නම් ඇත්තටම බස් එකකට ජෝඩුවක් නැග්ගහම කන්න වගේ බලන් ඉන්නේ මොන හරි කියන්න ...පව් අහිංසක ජෝඩුව.. (අ)
රූපා දුවේ, මට පෙනෙන්නේ ඔයා මේ කියූ දේවලින් අපේ මේ පුංචි රටට ගරහනවා වගේ, එහෙම කරන්න එපා ළමයෝ. (නි)
මේ සිදුවීම ගැන දී තියෙන ප්‍රතිචාර වල ඇත්තේ ගුණාත්මක වටිනාකමකට වඩා ප්‍රමාණාත්මක බවක්. ශ්‍රී ලංකාව එදා සදාචාරාත්මක රටක් වී තිබුණාට පාලකයින්ගේ වරදින් අද එය අන්තයටම පිරිහී තිබෙනවා. මේ යුවලට හොරකම් කළ මුදල් තිබුනා නම් "පෙම් සුව විඳින්න" බසයේ මැද අසුනක් තෝරා නොගන්නා බව කවුරු කවුරුත් තේරුම් ගන්නවා නම් හොඳයි. (නි)
පෙම් කැකුළ පිපි එන විට මහදේ..එය පරව ගියා... (නදී)
බස් තුළට නිදන කාමර එක් කිරීමෙන් අමතර ආදායමක් ලබන අතර පාරිභෝගික තෘප්තියද ලබා දීමට පිළිවන (නි)
හොදම අදහස් ලියලා තිබුනේ කවුද? (නි)
ප්‍රේමයේත් ඇති නැති පරතරය බලපානවා අද එකටත් මිලක් නියමවෙලා තියෙන්නේ ඇති හැකි අයගේ ප්‍රේමයත් නැති බැරි අයගේ ප්‍රේමයත් කරන තැන අනුව බලන ඇස වෙනස් වෙනවා අද ප්‍රේමය කලසර්ප යෝගයට අසුවෙලා මෙය එහි ප්‍රතිඵලයක් (අ)
ප්‍රේමවන්තයෙක් නේ ශාන්ති?(දිල්)
මමයි මගේ පෙම්වතියයි බසයේ යද්දී පෙම් කරන්නේත් පසුපස ආසනයේ ඉඳගෙන තමයි. (නි)
චමින්ද මල්ලියේ, පොඩි උදව්වක් කරනවද? අන්න අර ලීල් ගුණවර්දන අයියට පොඩි ගැටළුවක්..මොනවා කරගෙනද දන්නේ නැහැ මේ වෙනකොටත්? සොයලා බලනවද? (නි)
මේ බට්ටෝ,අනුන්ගේ දේවල් සොය සොයා ඉන්නවාට වැඩිය ඔයාට වෙන වැඩක් නැද්ද මල්ලියෝ? (නි)
චමින්ද ප්‍රදීප් මල්ලියෝ,පෙම් සුව වින්දට කම් නැහැ, සීමාව ඉක්මවා යන්න එපා. (නි)
කවුරු කුමන අයුරින් පෙම් කළත් අපිට කිසිම ගැටළුක් නැත. මමද පෙම් කර ඇත. දැනුදු පෙම් කරන්නියක්මි. ප්‍රේමය පිළිබඳව මගේ සිතේ දැඩි කැමැත්තක් ඇත. අද මම විවාහක ගැහැණියක් සහ දරුවන් සිටින මවකි. (නි)
ගරු කතෘතුමාට ස්තුතියි මගේ අදහස් පළකරනවාට (නි)
මමත් බස් එක් පිටිපස්ස් ආසනයේ මගේ පෙම්වතියව සිප වැළඳ ගනිමින් හා පෙම්බස් කියමින් අනන්තවත් ගිහිල්ලා ඇති. ඇයි එහෙම යන්න තහනම්ද? ලංකාවේ බස්වල පෙම් කරන්න කාගෙන්වත් අවසර ගන්න ඕනෑද? සුදු රෙදි පොරවාගත් උපාසක චණ්ඩින්ගේ හොර උපාසකකම් වලින් මට වැඩක් නැහැ. (නි)
මමත් ඔය විදිහට බස් එකේ පිටුපස ආසනයේ පොඩියට පෙම්වතිය සමග සුව විදිමින් ගමන් කරලා තිබෙනවා. දැන් මට දුවලා දෙන්නෙකුත් ඉන්නවා. (නි)
අනේ චන්දි අක්කේ මගේ ගෑනු ලමයා නම් එච්චර ලස්සන කෙල්ලක් නෙවෙයි. .(අ)
අනේ දරුවෝ, බස්වල පසුපස ආසනයේ පෙම්වතෙකුට තුරුලු වෙලා නොයෙකුත් අසැබි දේවල් කරමින් යන්න සමහරු ආසයි. (නි)
අද කාලේ තැනක් නොතැනක් නෑ.හම්බෙන චාන්ස් එක අත ඇර ගන්න කවුද අකමැති(දිල්)
චමින්ද මල්ලියෝ..!ඔයාගේ ගැහැණු ළමයා ලස්සන නැහැ කියල තිබුනනේ .., මට සියයට ,සීයක් ෂුවර් කෙල්ලගේ හදවතත්,චරිතයත්.., දෙකම ගොඩක් ලස්සන ඇති (කවදාවත් තමන්ගේ කෙල්ලට එහෙම කියන්න එපා විහිළුවටවත් හොදේ) (නදී)
මට මේ සමදරා ඇන්ටිව එක්කන් යන්න ඕන සොමවතියට ..ලක්ෂ 15ක් විතර ජනකායක් පැමිණෙන දවසකට ...තනියම සිල් ගන්න ,,නිදහසේ ...?ආපසු එක්කන් එන්න නම් මට බැහැ...?ඒ හේ කැලෑ වල සිල් සමාදන් වෙන්න ආරන්‍යක් හොයල දෙන්නත් පුළුවන් ...?(නදී)
සමදරා ඇන්ටි අපට මොටද අනේ සුදුසුකම්...පත්තරේ බලල ආස්වාදයක් සතුටක් ලබන එක විතරයි අපට ඕනේ..තාක්ෂනෙට පිහිටවෙන්න අපි සතුටුවෙන කොට ඕනේ ලංකාදීපේ අපේ කියන හැඟීම විතරයි. කඩු මුගුරු හරස්කොරන් අපි මොකටද ලොකු කම් කියන්නේ..කෙස්වලු පටලා ගන්නේ?(නදී)
චමින්ද මල්ලියෝ. පින්තාරු කරපු හැඩ ගෑනු ඔය කඩවල් වල සෝ කේස් ඇතුලේ ඉන්නේ...අලුත් පේන්ට් කරපු පරණ කාර් ඔය පාරේ යන්නේ...පාට බැලුන් ඔය එල්ලලා තියෙන්න...වෙසක් එකට බල්බ් දාපු තෝරන් තියෙන්නේ. කෙල්ලගේ ලස්සන තියෙන්නේ ඔය කියන ලස්සනේ නෙවෙයි මලේ. හිත ඇත්නම් පත කුඩාද කිව්වලු. සැට ලයිට්ස් සරුන්ගෝල පස්සේ ගිහින් රැවටෙන්න එපා.(නදී)
අනේ මේ රුප ඇන්ටි ඔයාට මොකද මේ ඩෝන් යන්නේ. තමාගේ අදහස සමදරා ඇන්ටි ලියනවා. ඔයා ඇයි මේ ඒවා කියවල පුපුරන්නේ? හිනාවෙන්න ..සතුටුවන්න..ප්‍රීතිමත් දිනකි උදාවෙලා තියෙන්නේ ..හිතනවාට ලියනවාට වඩා සොඳුරු ලංකාදීපේ නේදබලන්නේ..කුල් ඩවුන් රූපා ඇන්ටි(නදී)
මට ලියන්න එපා කියල ඔයාම ලියනවනේ රුපක්කේ ..!!අනේ අපි වෙනද වගේ කවියක් ,විරිදුවක් ලියල කතෘ තුමාට කියල පලකරවන් සතුටු වෙමුකෝ ..!! හා හා ඔන්න රුපෝ පටන් ගන්න කවියක් කියන්න අපේ දිසාටවත් (නදී)
එහෙනම් අනේ මම කවියක් ලියන්නද? කොස් තම්බලා කිරි හොද්දක් හදන්නද? කොච්චිත් එක්ක ලොකු ගුලියක් අනන්නද ? අනපු ගුලිය කාගේ කටෙ ඔබන්නද?(නදී)
අයියෝ සුළු දෙයක්නේ
ඊට වඩා සතුටු වෙන්න පුළුවන් කොනකට වෙලා ඉදගෙන ගියහම.. (නි)
අලෙවිකරණ මූලධර්ම අනුව ලංගම ආදායම දෙගුණ තෙගුණ කර ගැනීමට හොඳ උපාය මාර්ගයක් ඇත. බස් රිය තුල මනාව ආවරණය කළ අසුන් දෙක බැගින් නිර්මාණය කර පෙම්වතුන්ගේ පරාදීස ලෙස නම් කර ඉහළ මිලකට අළෙවි කරන්න.කැමති නම් කසාද බැඳපු අයටත් ලබා දෙන්න.පාසල් දරුවන්ට නම් කිට්ටු වෙන්න දෙන්න එපා. (නි)
තරහ වෙන්න එපා. ධම්ම කියන පරිදි එයාගේ පෙම්වති ගැන මට ප්‍රශ්න ගොඩයි. මොකද බසයේ හැමෝම එයාට ආදරෙයි කියන්නේ? ධම්ම, මම ඉන්නේ පිටරට. මට පහර දෙන්න හොයලා වැඩක් නැහැ (නි)
හැමෝම ආදරේ කිව්වට...ඉබ්බාගේ යතුර තියෙන්නේ කටුවේ(දිල්)
කොස් තම්බලා පොල් මැල්ලුම හදාලා.. ගනින් කොල්ලෝ සුදු කොච්චිත් තලලා .. සේරම එකට දා ගුලියක් හදාලා .., කවපන් පුතේ වැදු අම්මට ඉස්සෙල්ලා (නදී)
වැදු අම්මා නිවන් දැකලා --ඒ වල මත්තේ ගසුත් හැදීලා - චන්දිගේ දත් නැති කට ඇරලා - කොච්චි ටිකක් වැඩි කොරලා --රසකර දෙන්නම්...අරින්නකෝ ... (ස)
ඇයි, පෙරේරා මහත්තයෝ,මං ඔයාට කළ වැරැද්ද මොකක්ද මට කොච්චි කවන්න? අනේ ඔයාට හිතක්,පපුවක් නැද්ද මහත්තයෝ? (නි)
පෙරේරා ,මහත්තයෝ හිත රිදුනා නම් මට සමාවෙන්න ..!!මේ ලෝකේ ඇති උතුම්ම කෙනා අපේ අම්ම නිසයි පළමුව වැදු මවට කවන්න කිවේ .!! (දිල්)
කවුරු මොනවා කිව්වත් හු කියපු අය ඔයිට වඩා වැඩ කරලා ඇති, නැත්නම් හු කියන්නෙ... (ස)
චික් විතරක්, හැසිරෙන්නවත් දන්නැති ජාතියක්.......! (ස)
රුසියාවට වඩා ඉරිසියාව ලොකුයිනෙ (ස)
හැසිරෙන්නේ මැස්සෝ නේ චික් (අ)
"අනේ ඔයාට හිතක්,පපුවක් නැද්ද මහත්තයෝ" - ඒ දෙක මොන සාක්කුවේ දැම්මද මතක නෑ අනේ. මොලේ නම් ඩිංගක් තියෙනවා වගේ දැනෙනවා..(අ)
කෝ මට කිවුවේ නැහැනේ පෙරේරා මහත්තයෝ සමාව දෙනවද, නැද්ද කියලා (නි)
සමාව ඉල්ලන්න දෙයක් නැහැ චන්දි නගෝ.කලබල වෙන්න එපා. අපි ලංකාදීපයේ කතා වීරයෝනේ. (නි)
"අලෙවිකරණ මූලධර්ම අනුව" විකිණීමට ඇති සියලු දේ ප්‍රමිතියට අනුව සාධාරන මිලට පාරිභෝගිකයාට ගන්නට පුලුවන් වියයුතුය. දාමුද ඇමසෝන් එකට? (නි)
අන්න චන්දිට සමාව ලැබිලා. (නි)