(වියලූව වාර්තාකරු)
තමන් සේවය කරන බසය නතර කරන ස්ථානවලදී බසයෙන් බැස ගොස් තම ජංගම දුරකථනයට රී-ලෝඞ් දමන්නට පුරුදුවී සිටි තරුණ කොන්දොස්තරවරයකුට එම බසයේ දිනපතා ගමන් කරන තරුණ පිරිසක් දුන් අපූරු දඬුවමක් පිළිබඳ පුවතක් ඌව පළාතෙන් වාර්තා වේ. සිද්ධිය මෙසේය.
එය ඌව පළාතේ ප‍්‍රධාන අතුරු මාර්ගයක උදේ සවස ධාවනයවන පෞද්ගලික බසයකි. ප‍්‍රදේශයේ ජනතාවට සිය ගමන් බිමන් කරගෙන යාමට තිබූ එකම බසය මෙය බැවින් නගරයේ කාර්යාලවල සේවයට යන සේවක සේවිකාවෝ විශාල පිරිසක් මෙම බසයේ ගමන් ගත්හ.
බසයට ගොඩවන ඔවුන් කලට වේලාවට ගමනාන්තයට ළඟාවීමට අපේක්‍ෂා කළත් මගීන් නැංවීමට හා බැස්සවීමට බසය නතර කරන ඇතැම් ස්ථානවලදී බසයෙන් බැසයන එහි කොන්දොස්තරවරයා තම ජංගම දුරකතනයට රී ලෝඞ් දමන්නට කටයුතු කළේ මගීන්ගේ ප‍්‍රමාදය පවා සැලකිල්ලට නොගනිමිනි.
කෙසේ වෙතත් දින කීපයක් තිස්සේ කොන්දොස්තරවරයාගේ මෙම ක‍්‍රියා කලාපය පිළිබඳ විමසිල්ලෙන් සිටි බසයේ ගමන්ගත් තරුණ පිරිසක් කොන්දොස්තරවරයා සිය කාර්ය සඳහා බසයෙන් බැස යනු බලා සිට එක්වරම එහි සීනුව නාද කර ”හරි හරි යං” යැයි කිව්වේ කොන්දොස්තරවරයාගේ හඬ අනුකරණය කරමිනි.
නිසි සංඥාව ලැබීමෙන් වහා ක‍්‍රියාත්මක වූ බසයේ රියදුරාද බසය පණගන්වා වේගයෙන් ඉදිරියට එය ධාවනය කළේ බසය ඉක්මනින් ගමනාන්තය කරා රැගෙන යාමේ අටියෙනි.
කෙසේ වෙතත් බසය ටිකදුරක් ගමන් කරද්දී එහි කොන්දොස්තරවරයා නැති බව දැනගත් බස් රථ රියදුරා කොන්දොස්තරවරයාගේ දුරකතනයට ඇමැතුමක් දී කියා සිටියේ හැකි ඉක්මණින් ත‍්‍රීවීලරයක හෝ නැගී බස් රථය කරා පැමිණෙන ලෙසයි.
කෙසේ වෙතත් මගීන් තමන්ට දුන් දඬුවමින් පාඩමක් ඉගනගත් මෙම කොන්දොස්තරවරයා දැන් අතර මගින් බැස රී-ලෝඞ් නොදමන බව බසයේ යන මගීහු පවසති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එකපාරම ලොකු මුදලක් රීලෝඩ් කරගත්තා නම් වැඩේ ඉවරනේ. (නි)
තව ටික කාලයක් ගියා නම් කෑමත් කාලාම එයි. (නි)
ලංකාවේ පුද්ගලික බසයකට නගින මඟී අපි බසයෙන් බහිනතෙක් කොන්දොස්තරගේ සහ රියදුරුගේ ප්‍රාණ ඇපකරුවන්ය (නි)
ඒ අයට අපි කලට වෙලාවට ගමනාන්තයට ගියත් නොගියත් ප්‍රශ්නයක් නැහැ. (හේ)
ඔය වගේ අයට ඔහොම කරන්න ඕනේ.(හේ)
පෞගලික බස් රථ රියදුරන්ට සහ කොන්දොස්තර වරුන්ට අලුත් නීති මාලාවක් පනවා එය ක්‍රියාත්මක කල යුතුය. බසය අයිතිකරුගේ තරා තිරම නොබලා දඬුවම් කල යුතුමය . නැතුව මේවා වලක්වනට බැහැ. (ර)
වෙච්ච දේ නම් මරු. (ර)
බලවත්ම ප්‍රශ්නය මොන බස් රථයක් තුළ දී වුවත් අසධාරනයකට විරුද්ධව කතාකරන බස් මගියෙකුගේ පැත්ත ගැනීමට අනිකුත් මගීන් ඉදිරිපත් නොවීමය. එක මගියෙක් කතා කරනවිට අනිකුත් අය අපට නොවෙයි යන ප්‍රතිපත්තියේ මගීන් තමන්ටම කරගන්න පාඩුවකි. බස් රටවල ගෙන යන ගෝසාකර සින්දු මගීන් අනුමත නොකලත් ශබ්දය අඩුකරන්න කියා කීමට ඉදිරිපත් වන්නේ නැත. ඉදිරිපත් වූ කෙනෙකුට සහයෝගයක් දෙන්නේද නැත. (බ)
ඔතන තිබෙන ප්‍රශ්නය කොන්දොස්තර කියන රැකියාවේ නොවේ. ඒ රැකියාව සඳහා තෝරාගත් පුද්ගලයාගේය. එම නිසා එම කාර්ය කිරීමට මානුෂික හැඟීම් වලින් පිරි කෙනෙක් පත්කළ යුතුය. මොනවා වුණත් මඟීන් කළ දේ නම් ගොඩක් හොඳයි, ආයේ ඒ වගේ දෙයක් නොකර ඉන්න. (නි)
කොන්දස්තරලා කොහොමත් රී ලෝඩ් මනේ කරන්නේ. (නදී)
දුර ගමන් යන බස් නවත්වන තේ කඩවල තත්වයද ඉතාම දුක්මුසුයි. මේ ගැන හොයන්න කිසිම කෙනෙක් නැත. කාට මේ ගැන කියම්ද ? (නදී)
මානුෂික හැඟීම් තිබෙන මිනිහෙක් හෙවුවොත් කවදාවත් ඒ ගොඩට කොන්දොස්තර කෙනෙක් ඇතුළත් වෙන්නේ නැහැ (නි)
කොන්දොස්තරලා ගැන නම් කතාකරලා වැඩක් නැහැ (නි)