(තිහගොඩ - උපසේන ලියනගම)
හම්බන්තොට සිට ගාල්ල දක්වා දිවෙන බස් රථයකි. දින ගණනාවක රජයේ නිවාඩුවෙන් පසු ආ කාර්යාල දිනයක් වූ නිසා බස් රථයේ මගීන් අතුරු සිදුරු නැතිව පිරී පැවතුණි.
තංගල්ල බස් නැවතුමෙන් මගියකු බසයට ගොඩ නැගුණේ ගමන් බෑග් කීපයක් සමඟ කිරි හට්ටියක්ද රැගෙනය. ඔහු බසයේ වූ බඩු රාක්කවල තිබූ බෑග් පාර්සල් අතර තම බෑග් කීපයකද ඔබා අනතුරුව එහි උඩින් කිරි හට්ටියද තැබුවේය.
එහෙත් වැඩි වේලාවක් කිරිහට්ටිය එලෙස තිබුණේ නැත. මාර්ගයේ වංගුවකදී කිරි හට්ටිය ලිස්සා ගොස් ආසන ඇන්දක වැදී පෙරළී ගියේ අසල වාඩිවී සිටි මගීන්ගේ හිස් සහ ඇඳුම් කිරිවලින් නාවමිනි. මේ කලබලය ඔස්සේ කිරිහට්ටි හිමියා සෙනඟ අතරින් රිංගා ඉදිරියට ගිය අතර කිරිවලින් නෑවුණු පිරිස කෝපයෙන් හැසිරෙද්දී තවත් මගීන් පිරිසක් සිනාසුනේ අහක බලාගෙනලූ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොඳ වැඩේ! කිරි කෑ කොකාගේ කතාව මතක්වෙනවා (නි)
හොඳයිනේ. කිරියෙන් නාලා, පැණියෙන් අත හෝදමු. (නි)
දුප්පතාගේ දුක චිත්‍රපටියේ "සේතන් අයියගේ හෝටලේ" සින්දුව වගේ තියෙන්න ඇති (නි)
නෑවේ කිරියෙන් නිසා අලුත් අවුරුද්දේ නරකක් වෙන එකක් නැහැ. (නදී)
දෙයියෝ සාක්කි වලටත් දැන් ප්‍රවෘත්ති නැති වෙලා වගෙයි. (නදී)
මෝඩ මගීයකුගේ අනුවන ක්‍රියාවක් නිසා අපහසුතාවට පත් වූ සියලු දෙනා ගැනම කණගාටුයි. තමන්ගේ අතේ තියන ගමන් මලු හා බඩු භාණ්ඩ තැබිය යුතු ස්ථාන ගැන දෙවරක් සිතා බලන්න මෙය හොද උදාහරණයක්. (නදී)
මහේෂ මුතුකුඩ, බයවෙන්න එපා. එහෙම වුණොත් මම ඔයාට ලියලා එවන්නම් "අන්දරේ අතුරේ ගිය හැටි" (නි)
අයියෝ! ගෙනියන්න ගත් කිරි හට්ටිය කැඩුන එකටත් හොඳ වැඩේ කියන්න තරම් මිනිසුන් ඉන්න තැනක මොනවා ලියන්නද? (නි)
බිලියන ගණන් වාහන යන්නැති අධිවේගවලට වියදම් කරන්නේ නැතුව හොඳ බස් හා කොච්චි ටිකක් අරන් දැම්ම නම් හරි (දිල්)