IMG-LOGO

2024 නොවැම්බර් මස 21 වන බ්‍රහස්පතින්දා


බසයේ සිංදුව අස්සේ කොන්දොස්තර අතරමඟ

ගාලූ පාරෙන් ඈත පළාතකට ඇදෙමින් තිබූ බස් රියේ සෙනග සිටියේ ආසන ගණනට පමණි. ඇතැම් නැවතුම් ස්ථානවල දී විනාඩි ගණන් නතර කර තබමින් මගීන් සෙවීමට සිදු වූයේ එනිසාය. වෙනදාට දුර යන මගීන් ගැන පමණක් සිතූ කොන්දොස්තර තැන එදින රුපියල් 9ක කෙටි දුර මගීන් ද පැටවීමට උත්සාහ ගත්තේය. කොන්දොස්තරගේ උත්සාහය හරි ගියේය. දැන් බසය පිරෙන්නට මගීන් ඇත. මගීන් කිටි කිටියේ පටවන කොන්දොස්තර හරි යාං කියන වචනය කී සැණින් රියදුරු පවනට බඳු වේගයෙන් බස් රථය ඉදිරියට රැගෙන යයි. බස් රථයේ ගීත පටි යන්ත‍්‍රයකින් නිකුත් වන සංගීතයේ හඬ ද මගීන්ගේ කන් අඩි පැලෙන තරමට ප‍්‍රබලය. හරි යාං! රියදුරුට ඇසුණි. සුපුරුදු වේගයෙන් බසය ඉදිරියට ඇදුනි. දොරටු දෙකෙහිම සිටි සෙනග අතරින් කොතැනකින් හෝ කොන්දොස්තර ද එල්ලෙන අයුරු දැක ගත හැකි විය. නැවතුම් පොළවල් කීපයක දී එසේ කළ ද කොන්දොස්තරට තව තැනක දී වැඬේ වැරදී බසයට නැග ගැනීමට බැරි විය. බසය වේගයෙන් ඉදිරියට ඇදෙයි. නැවතුම් පොළවල් හතරක් පමණ පසුවූ සැණින් ත‍්‍රිරෝද රථයක් බස් රථය ඉදිරියෙන් නැවැත්වූයේය. මොන මගුලක් ද බං  ඕක වහලා දාපං කතා කරන දෙයක් ඇහෙන්නෙත් නෑ. ඇඟිලි අතරේ රඳවාගෙන සිටි මුදල් නෝට්ටු අතරින් රුපියල් 150ක් ත‍්‍රිරෝද රථ රියදුරාට දුන් කොන්දොස්තර බස් රථයේ දොරටුවක එල්ලී ආවේගශීලී හඬකින් යළිත් කීවේ හරි යාං කියායි.



අදහස් (0)

බසයේ සිංදුව අස්සේ කොන්දොස්තර අතරමඟ

ඔබේ අදහස් එවන්න

දෙයියෝ සාක්කි

මැරුණු ලෙඩා සුවසේ වාට්ටුවක
2024 නොවැම්බර් මස 21 346 0

වයඹ පළාතේ රෝහලකට රාත්‍රි කාලයේ ඇතුළත් කළ හෘද රෝගියකු හදිසි ප්‍රතිකාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී මියගියැයි සඳහන් කළ පසු රෝගියා වෙනත් වාට්ටුවක ප්


පම්පෝරි ගහන්න ගිහින් “ඇඟිල්ලෙන්” පටි රෝල්වෙලා
2024 නොවැම්බර් මස 20 910 0

මේ රජය පත් කරන්න තමන් ගත් උත්සාහය ගැන වීරයෙකු මෙන් පම්පෝරි ගැසූ තරුණයකුට ඇඟිල්ල නිසා පම්පෝරිය නවතා එතනින් මාරුවීමට සිදුවූ පුවතක් කරන්දෙණියෙන් අසන්නට


සිසුවාගේ උත්තරයෙන් මවගේ ​ෙරදි ගැලවිලා
2024 නොවැම්බර් මස 19 8979 1

ගුරුවරයා ඇසූ පැනයකට පහ වසරේ ශිෂ්‍යත්ව පන්තියක සිසුවෙකු දුන් උත්තරයෙන් දරුවාගේ මව රැස්ව සිටි පිරිස් හමුවේ ලැජ්ජාවට පත් වූ පුවතක් ඇතුගල්පුරවර නගරයෙන්


ඡන්දය දාන්න නොදුන්නාම ආච්චිට මළ පැනලා
2024 නොවැම්බර් මස 18 829 1

අවලංගු ගුවන් ගමන් බලපත්‍රයකින් ඡන්දය ප්‍රකාශ කිරීමට අවස්ථාව නොදුන්නැයි ඡන්ද මධ්‍යස්ථානයක නිලධාරීන් කණ්ඩායමකට දොස් නගා බැණ වැදී ඇතැයි කියන වයෝවෘද්ධ


ඡන්දයට සෙට්වී සාක්කුවේ මොනර කොළ ඉගිල්ලිලා
2024 නොවැම්බර් මස 16 295 0

මිතුරන් පිරිසක් සමග ඡන්දය අහන්න ගොස් සෙට්වී නිවසට යාමට නොහැකිවූ අයකු පිළිබඳව කතාවක් ගාලු‍ දිසාවේ ගමකින් ඊයේ (15) උදේ පාන්දරින්ම අසන්න ලැබුණේය.


ලොකුදුවට 43 ක් වෙනකල් මවුපියෝ වංසෙ කබල් ගාලා
2024 නොවැම්බර් මස 15 1231 2

“නංගිට කැමැති කසාදයක් කර ගන්න ඉඩ හැරියා වගේම තමන්ටත් ඕනෑ කසාදයක් කර ගන්න ඉඩ හරින්නේ නෑ”‍ යැයි වයෝවෘද්ධ යුවළක් නිවසේ තනිකර දමා ගොස් ඇතැයි කියන අපූරු දි


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 457 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 689 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1958 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site