අගනුවරින් පිම්මේ ඇවිත් උපනගරයක මඳක් ගිමන් හැර නැවතත් ගම්බිම් බලා යන බස් රථයකි.
කටකපා එල්ලාගත් මගීන්ගෙන් බසය පිරී තිබේ. කොන්දොස්තරට සතුටුය. රියැදුරුටත් එසේමය.
බහිනවා....! අයෙක් කියයි. කොන්දොස්තර එය දෙගුණ වන සේ හඬ වැඩිකර රියැදුරුට කියයි. බසය නවතයි නැවතත් ඉදිරියට යයි.
ඉස්සරහ බහිනවා... පස්සෙනුත් බහිනවා... ඔය ඉස්සරහ කඬේ ළඟ දාලා යන්න. ඔය ආදී වදන් රැසක් කොන්දොස්තරගේ කටින් පිටවෙයි.
කෙමෙන් කෙමෙන් බසයේ මගීන් බසයේ ආසන ගණනට අඩු විය. පසුපස අසුනක වාඩි වූ කොන්දොස්තර මුදල් ගනින්නට විය. බැසීමට අවශ්‍ය අය සීනුව නාදකොට බැස ගියේය.
එක් ප‍්‍රසිද්ධ නැවතුමකට බසය ළඟාවෙද්දී උරහිසක එල්ලාගත් බෑගයක් ද සමග තරුණියක් අසුනින් නැගිට්ටාය. සීනුව නාද කිරීමට අත ඉහළට එසවීය.
නැවතත් අත පහතට ගත්තේය. නැවතත් අත එසවීය. නැවතත් පහතට ගත්තේය. ඇයට සීනුව නාද කිරීමට යම් කිසි අපහසු බවක් තිබිණි.
ඇය සෙමින් සෙමින් බසයේ ආසනවල ඇඳි අල්ලමින් රියැදුරු අසුන ළඟට ළං වූවාය. මුදු මොළොක් අන්දමින් රියැදුරුගේ පිටට තට්ටු කළාය.
රියැදුරුට එය ගණනක් වූයේ නැත. බසය වේගයෙන් ඉදිරියට යයි. ඒත් සමගම යාබද අසුනේ මගියෙක් නැගිට වේගයෙන් සීනුව නාද කළේය. තරුණිය බැස ගියාය.
පිටට තට්ටු කරලත් ඇයි ඔයා බස් එක නතර කළේ නැත්තේ... ඒ ළමයා බෙල් එක ගහන්න උත්සාහ කළා... හුඟ සැරයක්. ඒත් එයා ඉහළට අත උස්සද්දී එයාගේ ඇගේ වැඩි කොටසක් අනෙක් අයට පේන්න ගත්තා. හිරිඔතප් බිඳගන්න බයට තමයි ඔයාගේ පිටට තට්ටු කළේ. මගියා එසේ කියද්දී වේගයෙන් ගමන් කරමින් තිබූ බස් රථයේ තවත් වේගය වැඩිකිරීම සඳහා ගියරයක් මාරු කරමින් මගියාට මෙසේ කීවේය.
හිරි ඔතප්! එයාගේ හිරිඔතප් එයා තට්ටු කරන කොට මම පස්ස බැලූවා නම් බස් එකේ අනෙක් මගීන්ගේ හිරි ඔතප් විතරක් නොවෙයි බිඳෙන්න ඕන සේරම බිඳෙන්න තිබ්බා...
පොදු ප‍්‍රවාහනයක යනකොට ගැළපෙන ඇඳුමක් ඇන්ද නම් ඔය හැම දෙයක්ම පරිස්සම් කරගන්න පුළුවන්.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සෑම එකකටම මුල සිතයි. (නි)
ඉදිරිපස කණ්ණාඩියෙන් බලා කෙල්ලන්ට මුකුළු කරන රියදුරන් සිටින මේ ලෝකයේ මේ රියදුරු මහතා හොද ආදර්ශයක් දුන්නේ. (නි)
මේ ඔයගොල්ලෝ ඇයි හැම වෙලාවේදීම ගෑනුන්ගේම වැරදි දකින්නේ ඇයි පිරිමි කරන වැරදි පේන්නේ නැද්ද?(නදී)
මොනවා කරන්නද? ඒ අය තමන්ට තියෙන දේවල් පෙන්නන්න කරන උත්සාහයක්නේ. (නි)
මරු චාන්ස් එකක් වැරදිලා.(නදී)
මෙයාලා හරියට කතා කරන්නේ 100%ක් නිවැරදි මිනිස්සු වගේනේ. (නි)
කෝ කාන්තා සංවිධාන (දී)
මේකේ දෙපැත්තක් තියෙනවා. මට මතක් වෙන්නේ දොස්තර හොදහිතගේ 'දේසේ හැටියට වාසේ' සින්දුව (දී)
සියල්ල රදා පවතින්නේ ඇදගෙන යන කෙනාගේ ඇදුම තුල නොව බලන කෙනාගේ චේතනාව තුලයි.(නදී)
ඔවු ඒ කතාවෙත් ඇත්තක් තියෙනවා. (නි)
අචිනි වීරසිංහ ගේ අදහසම මමත් අනුමත කරනවා. මගේ වයස අවුරුදු 44 යි. ඒත් දැන් කාලේ වයස අවුරුදු 16-24 අතර පොඩි දැරිවියන් ඇඳුම් අඳින හැටි දැක්කම ඕනෑම වයසක පිරිමියෙකුගේ රාගික ආශාවන් ඇවිස්සෙන පිළිවෙළට ඒවා තියෙන බව පෙනෙන්න තියෙනවා. චේතනාව තමයි ක්‍රියාවක ප්‍රධාන වෙන්නේ. නිරුවතින් ගියත් අනික් අයට මක් වෙනවද කියලා කෙනෙකුට අහන්න පුලුවන්. බලන කෙනාට හැඟීම් අවුස්සා නොගෙන ඉන්න නම් ඒ තැනැත්තා එක්කෝ අනාගාමී හෝ අරහත් මාර්ග ඵලයකට පත් වූ කෙනෙකු වෙන්න ඕනෑ. ඒත් ඉතින් සාමාන්‍යයෙන් බස්වල ගමන් බිමන් කරන්නේ සාමාන්‍ය පුහුදුන් මිනිසුමනේ. පිරිමින්ටම හැම දේකටම ඇඟිල්ල දික් කරන එක වැරදියි. (නි)
දම්මි කියනවා හැතැප්ම ගණනක් ඈතින් බස්සවන්නයි තිබුණේ කියලා. ඒත් පවු දම්මි. ඒ ළමයා ඇඟ පෙනෙන ඇදුමක් ඇඳලා හිටියා කියලා ඇයි එතරම් දරුණු දඬුවමක් ඒ නොදරුවට දෙන්නේ. බලන්නේ නැතුව හිටියා නම් ඉවරයිනේ. (නි)
මෙකේ ඉන්න පිරිමි අපේ වැරදි ඇයි හොයන්නේ. එහෙමනම් අපි දිහාබලන්නේ නැතුව ඉන්න. (නි)
ලංකාවේ රියදුරු මහත්තයෙක් හින්දා ඔයින් ගියා. වෙන රටක වුණා නම්.... ඔන්න ඕකයි කියන්නේ ලංකාවේ බස් වල යන්න කියලා. 60ට ගියත් සිහියෙන්. කියන්නම ඕනෑ, අර කෙල්ල නම් පව්. (නි)
ගැළපෙන ඇදුමක් ඇදගෙන එන්න බැරි එකේ නැවැත්තුවේ අපරාදේ. (නි)
නොබලා හිටියත් ආකර්ෂා, තියෙන ආකර්ෂමත්බව නිසා ඇස ඉබේ ඇදී යනවා? මොනවා කරන්නද අනේ?(ස)
බලාගෙන යනකොට ලංකාවේ වැඩිපුරම ඉන්නේ වදුරෝ. (නි)
මේ ඔය ගොල්ලෝ ඔය ගොල්ලන්ගේ වැඩක් බලා ගන්නවද? අපි ඇඳුම් අඳින්නේ අපි සල්ලි දීලා අරගෙන. මෙතන ඉන්න කිසිම කෙනෙක් ඒවාට අපිට සල්ලි ගෙවනවද? නැහැනේ. ඉතින් බොරුවට කුහක විදිහට කතා කරන්න එපා. පිරිමි කියන්නේ හරිම අවස්ථාවාදී ජාතියක් තමයි. (නි)
මේවට තමයි ලිංගික ඊර්ෂ්‍යාව කියලා කියන්නේ. (නි)
තැනට ඔබින ඇදුම් අදින්න පුරුදු වෙන්න (දී)
හැමෝම රෙදි අදිද්දි එක්කෙනෙක් විතරක් බාගෙට ඇදලා ඉන්නව නම් ඒ දෙස බලන විදිහ වැරදියි නේද?(නදී)
චතුරිකා නංගි, හැම පිරිමියෙක්ම අවස්ථාවාදී කියල නෙමෙයි නේද අදහස් කලේ? සමහරෙක් අවස්ථාවාදී බව මම පිලිගනිමි.(නදී)
මම නම් ඇඳුම් පැළඳුම් අඳින්නේ මට ඕනෑ විදිහට. මමත් ටිකක් කොටට හිරට අඳිනවා තමයි හැබැයි ඒ මම කැමති නිසා. මම සාරි ඇඳලා යද්දී වුණත් අසංවර අය එහෙම හැසිරෙනවා මම බස් රථවලදී හොඳටම අත්විඳලා තියෙනවා. ඒත් මේකේ පිරිමි බලන්න එපායෑ උපාසක මහත්තුරු ටික වගේ කතා කරලා තියෙන ලස්සන. මේවා බොරුවට කියන කතානේ. බලන්න මෙකේ අදහස් දක්වලා තියෙන අයට අවස්ථාවක් ලබාදීලා. එතකොට කවුද වැඩිපුරම වැරදි කරන්නේ කියලා ඔයාලටම බලාගන්න පුලුවන් වේවි. (නි)
මෙතැන ඉන්න පිරිමි වැඩි හරියක් ආත්මාර්ථකාමී කුහක පිරිමි. බොරුවට කාන්තාවන් වන අපිට බැනලා කතා කරලා හරියට ලොකුවට සුද්දවන්තයෝ විදිහට පෙන්නුවට කරන තරමක් වැරදි වැඩ ස්ත්‍රී දුෂණ කරන්නේම මේ වගේ අය කියලා මම දැකලා තියෙනවා. මේ අයගේ පාපී චේතනා කාන්තාවන්ව ගෝනිවලින් වහලා නතර කර ගන්නයි මෙයාලා මේ හදන්නේ කියලා අපි නම් හොඳටම දන්නවා. චතුරිකා කියන දේ මමත් 100% ක්ම අනුමත කරනවා. (නි)
අචිර, ඔව් ඔයා හරි තමයි. ඔයා විතරයි මෙතන අවංක පිරිමියෙකුට ඉන්නේ. ඒත් රංජිත් කුහකයි. රකිත් අයියා නම් මධ්‍යස්ථයි කියලා මට හිතෙනවා. (නි)
මම හිතනවා කාන්තාවක් වුණහම ටිකක් විතර මෝස්තර කළ යුතුමයි කියලා. ඒක යුවයතිකට උරුම ස්වභාවික ලක්ෂණයක්. පිරිමි කාන්තාවන් වන අපිව ඒ නිසා අවතක්සේරු කළ යුතු නැහැ කියන මතයේ මම ඉන්නවා. (නි)
කවුරුත් ඉතින් මනුස්සයෝනේ... (නි)
රියැදුරා හරි. (නි)
නරකද ඔය සිදුවීම ලස්සන වැකියකට නගලා බස් එකේ ඇලෙව්වා නම්.(නදී)
රියදුරු මල්ලි හරි. සමහර ගෑණු ළමයි ඉඳගත්තම වහගන්න බැරි දේවල් එමටයි. හෑන්ඩ් බෑග් එකේ පිහිට තමයි ගොඩන් අයට . (ස)
මට කියන්න තියෙන්නේ ඉතින් පව් කියල තමයි (දී)
රියදුරු මහත්තයා හරි.. . (ස)
කලාතුරකින් හරි මෙහෙමත් හොඳ රියදුරු මහත්වරු ගැන අහන්න ලැබෙනවා... (ස)
තැනට ඔබින ලෙස අදින්න කියන්නේ ඕක තමයි (දී)
අනිත් අයට පෙන්නන්න ඕන අය තමයි ඔය විදියට අදින්නේ.(නදී)
මගේ අදහස් දැම්මොත් නංගිලාට, අක්කලාට, අම්මලාට තරහා යයිනේ. (නි)
වටින කියමනක් රියදුරු මහත්තය කියල තියෙන්නේ . දැන් ගැහැණු ළමයි ඇදුම් අදින්නේ විලි වහ ගන්න නෙවෙයි පේන්න. ඇත්තටම ඔහොම ගියොත් නම් බිදෙන්නේ නැතුව බෙර ගන්න අමාරු වෙයි තමා.. (ස)
නාභිය පේන්න සාරිය ඇදගෙන අපි බලනකොට වහ ගන්න අක්කලා තමා පෙන්නන්න බැරි. පේන්න ඇදගෙන ආවා නම් බැලුවහම මොකෝ? (නි)
ගැණු ළමය ඇදන් හිටිය ඇදුම ගැන මොකුත් නැති නිසා වැඩි විස්තරයක් කිව නොහැක. සමහර විට ටී ෂර්ට් එකක් ඇන්දනම් බඩ පෙනෙන නිසා විය හැක. ගැහැණු නෙවි පිරිමි ඇන්දත් ටී ෂර්ට් එකක් ඇන්දත් උඩට අත උස්සද්දී බඩ පෙනෙන එක පුදුම විය යුතු නැත. දැන් කියන්න එපා, ඇයි ටී ෂර්ට් අදින්නේ කියල, ගොඩක් තලතුනා උදවිය කියන්නේ අද කලේ ඇදුම් බලන්නත් ලැජ්ජයි කියල, මිනි ස්කර්ට් අවේ කොයි කලේද කියල දන්නෝ දනිති.. මෙතැනදී රියැදුර හා ගැහැණු ළමයා දෙදනාගේම වැරද්දක් මන් දකින්නේ නැත, හැබැයි ඔය දුරගමන් සේවා වල සීනුව ඉහලින් සවි කිරීමනම් සමහර අයට අපහසු විය හැක. ඒ නිසා ඒවා පිලිබඳ අවදානය යොමු කිරීම වටි .(නදී)
රියදුරු මහත්තයට පිටට තට්ටු කළේ අතින්ද...??? ඒකනේ නවත්වලා නැත්තේ.... (ස)
වෙලාවට රියදුරු වයසක කෙනෙක්ද දන්නෙ නැහැ. . (ස)
හු කියන්න තිබ්බේ, පාරේ යනකොට පිරිමි අපිට ලැජ්ජයි ගැහැණු ඇදන් යන ඒවා දැක්කාම (දී)
නියමයි . (ස)
ඇත්ත කියලා හිතන්න පුලුවන් කතාවක්(නදී)
හැතැප්ම ගනනක් ඈතින් බස්සවන්නයි තිබුනෙ.(නදී)
මේ වගේ අවස්ථා මම ගොඩාක් දැකලා තියෙනවා. සමහර තරුණියෝ අත්නැති ටීෂර්ට් ඇඳගෙන බස් රථයේ සීනුව නාද කරන්න ළඟ ඉන්න කෙනාට තමයි කියන්නෙ. (නි)
ඒ නංගී රියැදුරාට නොබැණ පිටට තට්ටු කළ එක ගැන සතුටු වියයුතුයි. (නි)
පවු වැඩ එපා මලේ. හැතැප්ම ගණනක් ඈතින් බස්සවන්නයි තිබුනෙ. (නි)
ඒ ඇදුම් ඇදගෙන බස් එකේ එද්දී ලැජ්ජා හිතුණේ නැද්ද දන්නෙ නැහැ. (නි)
සීනුව ගහන්න විතරද එයාට ලැජ්ජා හිතිලා තියෙන්නේ? (නි)
ඔවැනි විලාසිතා තුලින් තමයි මිනිසුන්ගේ සිත් නොමගට ඇදිලා යන්නේ.(නදී)
අයියෝ..!ඕක ඔයතරම් දෙයක්යෑ? මටත් කියන්න තියෙන්නේ ඩ්‍රයිවර් තැන හරි.......! (නි)
ඉසුරන්දි, ඔවැනි විලාසිතා වලින් තමයි පිරිමි තිරිසන්නු, එහෙම නැත්නම් නොමිනිස්සු වෙන්නේ කියලා ටිකක් තදින් දාන්න. (නි)
ආසියාවේ ආස්චර්ය.(නදී)
ඇයි ඕකටත් විවෘත ආර්තිකයට බනින්නේ නැත්තේ.(නදී)