(වියලූව වාර්තාකරු)
තමා ගමන් ගත් බසයේ සීනුව නාද නොවුනේ යැයි උරණ වූ තරුණයකු බස් කොන්දොස්තරගේ කනට ගැසූ බව කියැවෙන පුවතක් වියලූවේ ගම්මානයකින් වාර්තාවේ.
සිද්ධිය මෙසේය.
එය ඌව පළාතේ ප‍්‍රධාන මාර්ගයක ගමන් ගත් බසයකි. බස් රථය මගීන්ගෙන් අතුරු සිදුරු නැතිව පිරී ගොස් තිබිණි. බසයේ සිටි තරුණයකු තම බසින ස්ථානය ළඟා වීමත් සමගම එහි සීනුව නාද කරන්නට වූයේ බසයෙන් ඉක්මනින් බැස ගන්නටය. සීනුවට සම්බන්ධ ලණුව කීප විටක් ඇද්දද බසයේ සීනුව නාද නොවූ අතර බසයද වේගයෙන් ඉදිරියට ඇදෙන්නට විය.
තමා බසින ස්ථානය පසුවූ තරුණයාගේද ඉවසීමේ සීමාව පැන්නේය. ඔහු ඉදිරියට පැමිණ කොන්දොස්තර සමග කතාවකට පැටලූණේ ඔහුට තම අයිතිවාසිකම් ගැනද කියා දෙමිනි. වචන දෙක තුන මාරුවෙද්දී තරුණයාගේ අත කොන්දොස්තරගේ කන හරහාද එහා මෙහා ගියේ තරුණයාගේ ඉවසීමේ සීමාව ඉක්මවූ නිසාය.
පරදීමෙන් පසු ඉබේම නතරවූ බසයෙන් තරුණයා බැස ගියේ හිතේ කේන්තියෙන් පුපුරා යමිනි. තමාට පහරදුන් තරුණයාට පාඩමක් ඉගැන්වීමට සිතූ කොන්දොස්තරවරයාද බසයෙන් බැසගොස් රෝහල් ගතවූයේ කන් ඇසීමේ දුර්වලතාවයක් ඇති බව එහි සිටි අයට පවසමිනි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වැඩේ තියෙන්නේ සමහර බස් වල සෙනග හිර වුනාම ලණුව ඇදගන්නවත් විදියක් නැහැ. (හේ)
සියලුම බස් කොන්දොස්තර මහත්වරු "සීනුව මගේ කන නොවේ" කියා දැන්වීම් පුවරුවක් නිල ඇඳුමේ පැළඳගත යුතු බව කියමි. (නි)
මට මේ කතා අහලා පිස්සු වගෙයි (නි)
බොහෝ දෙනා අදහස් දක්වන්නේ මාතෘකාවට පටහැනිවයි (නි)
කොන්දලාට ගහලා මදි.(හේ)
සමහර රියදුරෝ සීනුව ඇහුනත් නවත්වන්නේ නැහැ, පිටුපසින් තව බස් එකක් එනවා නම්. මට ඕක වෙලා තිබෙනවා. (නි)
ජෙහාන් ඔබ දුන් තොරතුරට ස්තුතියි. මම ආසයි සෙනග පිරුනු බස්වල යන්න(අ)
මෙතන බොරැල්ල තලවතුගොඩ බස් මාර්ගයේ යන්න ඉන්න කට්ටිය ඉන්නවා නම් කරුණාකර බස් එකට නැග්ග ගමන් අත් ඔසවා ගන්න. අත් දෙක පහල දැම්මොත් සෙනග පැටෙව්වාට පසුව ලනුව අදින්න අත් උස්සනවා බොරු. (බ)
හොඳ වැඩේ කොන්දොස්තරට (නි)
අපේ කාලයේ වීරයෙක් (නි)
අපි ඉස්සර ගමන් ගියේ ටැක්සි කාර්වල. දැන් යන්නේ තෙමි නොතෙමි ත්‍රිවීල්වල. අපි යන්නේ පස්සටද ? (ර)
පුද්ගලික බස්වල සමහර කොන්දොස්තරවරු කියන වචන අපිට ඇහිලා තියනවා. එම තරුණයාගේ ඉවසීමේ සීමාව පැන්නද දන්නැ. හැම දේටම වාද විවාද වලට යාමෙන් තමයි මේවැනි දේ සිදුවන්නේ. කාත් කව්රුත් ඉවසීම පුරුදු කරගන්නවානම් මේවැනි දේ සිදුවන්නේ නැහැ. (ර)
ගුටි කලා බේරුණ එක හොදයි.(හේ)
ලණුව තව හොඳයි. ඕක වෙනුවට බොත්තම් ඔබන්න තිබුණනම් අපේ අයියලා තියන බාලම වර්ගයේ බොත්තමක් අරන් හයි කරයි. (හේ)
මම නම් මඟියා කළ වැඩේ අනුමත කරනවා. මොකද කොන්දොස්තරලා හැමෝම ඔහොමයි. සමහර බස්, මඟියෙක් බාගෙට බහිනකොට බස් එක අද්දනවා. (නි)
පවු අහිංසක කොන්දොස්තර.(හේ)
එම ක්‍රියාව අනුමත කිරීමට බැහැ.බෙල් එක වැඩ කරේ නෑ කියලා කොන්දොස්තර මහත්තයා පලිද?(හේ)
ඇත්තටම ලංගමයෙන් හොඳ සේවාවක් සිදුවෙනවා. පෞද්ගලික අංශයට හොද තරගයක් දෙන්න පුළුවන් තත්වයේ. මමත් උදේට කාර්යාලයට e එන්නේ ලංගම බුස් එකක. තරුණ වයසට ටිකක් තරහ යනවා තමයි. එ්ක වැඩිහිටියෝ තේරුම් ගත යුතුයි. එ්ත් පහර දීම අනුමත කල නොහැක. (නදී)
සීනුව නාද උනේ නැත්නම් ඒ තරුණයාට තිබුනේ "බහිනවා" කියල හයියෙන් කෑගහල කියන්න. පව් අහිංසක කොන්දොස්තර. (නදී)
මම ඉපදුනේ 60 දශකයේ අග භාගයේ. මතක තිබෙන්නේ අර ඩබල් ඩෙකර් බස් විතරයි. ගාල්ලේ ආච්චි අම්මලාගේ ගෙදර ගියෙත් පැද්දී පැද්දී යන ලංගම බස් වල. හැමදාම මම බස් එකේ වමනේ දානවාලු. (නදී)
චන්ද්‍රා කියපු කතාව ඔන්න බන්දුල පෙරේරාවත් කිව්වා නම් අපිට විස්වාශ කරන්න තිබුනා. එතුමාගේ වයසේ සහ අදහස් වල හැටියට 60 දශකයේදී වායු සමනය කල බස් වල ගිහින් මොලය අක්‍රිය වෙලා කියල වත් හිතා ගන්න පුළුවන්. (නදී)
මේක සියලුම බස්රථ සේවාවටම ගහපු කනේ පාරක්. මේ වගේ අඩුපාඩු තියෙන ලංගම බස් පමණක් නොවෙයි අර්ධ සුඛෝපභෝගී කියාගන්නා පුද්ගලික බස්රථ හැමතැනම දුවනවා. අපි වගේ මහජනයා යන්නේ ඉතින් බස්වලනේ. ඒවා දන්නේ අපිම තමයි. කතා කරන්න බැහැ. ජීවිත අනතුරේ. වායුසමීකරණ බස්වල ගිය අය කොයි ලෝකේ ඉඳන් කතා කරනවද අපි දන්නේ නැහැ. අපි ඉන්නේ මේ දුපතේ පොලවේ අඩිය තියල. මේ ලංකාදීප සංවාද මණ්ඩපය ඉතා වටිනා තැනක්. ආවාට ගියාට හිතුන හිතුන දේ ලියන්නේ ඇයි ? ඉඳ හිට පුංචි විහිළුවක් කලාට කමක් නැහැ කාන්සියට. සංගදාස සොහොයුරත් , සමන්ති සොහොයුරියත් නිවැරිදියි මගේ පියා අවුරුදු තිස් ගණනක් රැකියාව කලේ ලංගමයේ. මම තාමත් ගමන් යන්ට කැමති බස් රියේ. මේ සිදුවීම ඉතා හොඳ පාඩමක් වගේම තවත් මේ වගේ තරුණයින්ට පුර්වාදර්ශයක්. ශ්‍රී ලංකාවේ දුප්පත් ජනතාව සියයට අසූවකට වඩා තාමත් ගමන්යන්නේ බස්වල. සුෆෝපඛභෝගී , අර්ධසුඛෝපභෝගී සාමාන්‍ය ගාස්තු , ලංගම බස් , ආදී වශයෙන් පෝලිම් කීපයක් මම ඇහින් දැක්කා . සති අන්තය ගතකොට නැවත රස්සාවලට යන්න ඉන්න අයගෙන් සාමාන්‍ය ගාස්තු පෝලිමේ දිග දැක්කහම , වරු ගණන් තෙරපෙන අසරණයන් දැක්කම අපේ ඇස්වලට කඳුළු එනවා. මේ අසරණ නිර්ධනයන්ට වෙන අසාධාරණකම් එමටයි. අපි ඒවාට පිළිතුරු සොයමු. " සිහින ලොවින් ඔබ බිමට බසිනු මැන. නැඹුරුව මේ මවු බිම සිප ගනු මැන " (නදී)
සංගදාස මහත්තයෝ, හැටේ දශකයේ වායු සමීකරණය කරපු ලංගම බස් වල ඉස්කෝලේ ගිය අය දැන් නාන්නේ උණුවතුර. ගනන් ගන්න එපා. (නදී)
ලංගමේ කිව්වම මට මතක් උනේ 1983 ජුලි 23 දා රත්මලාන අපේ කර්මාන්ත ශාලාව ගිනි තියන්න අාවේ ලංගමේ වෘර්තීය සමිතියක චන්ඩි ටිකක්. ආරක්ෂක කාර්යාලයේ හිටිය වයසක මනුස්සයාගේ අත් දෙක කැඩෙන්න යකඩ පොල්ලකින් ගහලා ඇතුලට ආව කට්ටිය ඉස්සෙල්ලම වටිනා කියන දේ අරන් ගිනිතියන්න එපා කියල පින්සෙන්ඩු වෙන සේවිකාවන් එලෙවලා දමලා ගිනි තිබුවා. අපි 1100 කට රස්සා නැති උනා. මගේ මෝටර් සයිකලයත් අරන් ගියා. පැමිණිලිත් කළා ගල්කිස්ස පොලිසියට. ඒ ගැන තාම විමර්ශනය කරනවා. ලංගමයට සම්බන්ද ඒ වෘතීය සමිතියේ හිටිය චන්ඩි එදා ලංගම බස් වලින් ඇවිත් මුළු රත්මලානම භීතියෙන් අඳුරු කළා. ඒ උනාට ගිනි තිබ්බේ මොකක්ද දේශපාලන පක්ෂයක කට්ටිය කියලා ඒ පක්ෂයත් තහනම් කළා. හපොයි එහෙම කාලයක් ආයෙත් ඒවිද? (නදී)
ලංගම අැති උනේ 1958 ජනවාරි. 60 දශකයේ ජර්මනියෙන් ගෙන්වූ "මර්සිධීස් බෙන්ස් " බස්රථවල දොර ස්වයක්‍රියව වැසෙන නමුත් වායුසමීකරණ යන්ත්‍ර නොතිබුණි. මෙම බස්රථ වල ආසන තිබුනේ තුනී ලෑලි වර්ගයකින්. එයට පෙර තිබු සමහර බස්වල පිටුපසින් දොරටුව තිබුනේ. (නදී)
60 දශකයේ ලංගමයේ බස් වල වායුසමීකරණ යන්ත්‍ර තිබුනද? මම 60 දශකයේ උපන් කෙනෙක්.ලංගමයේත් අවුරුදු 15 ක් වැඩ කළා.මට මේ ගැන ඇහුවම නිකන් කරකවලා අතහැරියා වගේ. (නි)
අයියෝ! ලංකාවේ බස් වල දැන් සීනු ගසන්නේ ලණුවෙන් ඇදලද? දැනට අවුරුදු 50 කට පෙර නම් බොත්තම ඔබන සීනු තිබුනේ. ශ්‍රී ලංකාව ආශ්චර්යය කරා ශීඝ්‍රයෙන් ගමන් ගනී.කොළඹ නුවර පාරේ අපි 60 දශකයේ ලංගම වායු සමනය කළ බස් වල පාසල් ගියා. (නි)
ඇහෙන්නේ නැත්තේ මොන කනද කියලා අහලා, අනිත් කනටත් ඒ වගේ පාරක් ගැහුවා නම් ඇසීම යථා තත්වයට පත්කරගන්න තිබුනා. (නි)