IMG-LOGO

2025 අප්‍රේල් මස 14 වන සඳුදා


බසයට ආ යාචකයා නෝනා අන්දවා රුපියල් 20 කට විදලා

කොළඹ සිට ඉංගිරිය බලා ධාවනය වන මගී බස් රියකි. නුගේගොඩ හන්දියේදී බසයට ගොඩවූ යාචකයකු තම නැති බැරිකම කියමින් ආධාරයක් ඉල්ලූවේ ගීත කිහිපයක්ද ගයමිනි. ජෝතිපාලගේ ගී කීපයක්ම ගැයූ ඔහු ඉන්පසු අසුනක් අසුනක් පාසා ගොස් ආධාර ඉල්ලා සිටියේය. බසයේ මැද හරියේ අසුනක වාඩිවී සිටි තරුණ කාන්තාවක් තම බෑගය විවෘත කර එයට අත දමමින් සෙවුවේ යාචක ගායකයාට දීමට මාරු කාසි කිහිපයක් විය හැකිය. සීයයේ, පනහේ, විස්සේ නෝට්ටු කිහිපයක්ම කාන්තාවගේ අත පැටලැවී එළියට එන හැටි යාචකයා බලා සිටියේය. කාන්තාවගේ අරමුණ නෝට්ටුවක් නොදී කාසී කිහිපයක් තමාට දීම බව ඉවෙන් මෙන් වැටහුණු යාචකයාගේ ගිජු දැසට ඊළඟ මොහොතේදී දිස්වූයේ අනෙක් නෝට්ටු පරයා ඉහළට ඉලිප්පී තිබෙන විස්සේ නෝට්ටුවකි. වහා පැන එම නෝට්ටුව ඩැහැගත් ඔහු ”නෝනා මට සීයේ, පනහේ කොළ එපා.  ඕන් මං විස්සයි ගත්තේ.” යැයි කියමින් එය තම ඔලොගුවට දා ගත්තේය. කිසිවක් කර කියා ගැනීමට නොහැකි වූ කාන්තාව නිහඬව බලා හිඳිනු පෙනුණි.



අදහස් (0)

බසයට ආ යාචකයා නෝනා අන්දවා රුපියල් 20 කට විදලා

යාළුව Thursday, 10 May 2012 02:22 PM

හිගන්නන්ට නම් කවදාවත් සල්ලි දෙන්න එපා. කන්න සල්ලි ඉල්ලුවොත් බත් එකක් අරන් දෙන්න.

:       0       0

කුෂාන් Friday, 11 May 2012 06:58 AM

අපේ එක්කෙනෙක් ඉන්නවා.එයාට මෙයාව අහුවුණානම් ඇමති කමක් ගන්න තිබුණා

:       0       0

බණ්ඩාර Tuesday, 15 May 2012 09:56 AM

වැඩි හරියක් හිගන්නෝ බොන ගංජා, කුඩු වලට සල්ලි දෙන අපි කොයි තරම් මෝඩයොද?

:       0       0

නදීක Wednesday, 09 May 2012 11:27 AM

රුපියල් 20 අද කාලේ මොකක්ද?

:       0       0

මංඡුල - බිරුටි Wednesday, 09 May 2012 12:29 PM

තනිකර මංකොල්ල කැමක්. මේ යාචකහොරුන්ට කවුරුත් සල්ලි දෙන්න ඒපා. මහන්සියෙන් සල්ලි හම්බකරන මිනිස්සු විතරයි මුදලේ වටිනාකම දන්නේ.

:       0       0

ෆාරු Wednesday, 09 May 2012 12:32 PM

ඒත් එහෙම කරන්නෙ කොහොමද?

:       0       0

අනුර Wednesday, 09 May 2012 01:09 PM

ලංකාවේ හිගන්නෝ තහනම් කරන්න ඕනේ. හිගන්නෝ බස් වලදී හරි වදයක්.බස්වල බඩු විකුණන එකත් තහනම් කරන්න ඕනේ.

:       0       0

ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ Friday, 11 May 2012 11:55 PM

මේ දැඩි ආගමික පසුබිමක් ඇති රටක් නිසා ඒ පසුබිම පවා වක්‍ර අයුරින් යාචක වෘත්තියට අනියම් අයුරින් පිටුවහල් වීදැයි මට සිතේ.මන්ද යාචකයින් කරන්නේ මිනිසුන්ගේ මානව හැඟීම්වලින් අයුතු ප්‍රයෝජන ගෙන ලාභ ලැබීමේ ව්‍යාපාරයකි. දිගින් දිගටම රැවටුනු අය මිසක හිඟන්නන්ගේ සැබෑ පසුබිම සෙසු අය නොදන්නා නිසා හිඟන්නන් එය ඔවුන්ගේ වාසියට භාවිතා කරන බව පෙනී යයි.

:       0       0

මංඡුල බ්රුට් Wednesday, 09 May 2012 03:36 PM

ෆාරු -දන්නවද ඔය ම්නිස්සු හිගාකැවට කොටස් වෙළෙඳ පොලට ආයෝජනය කරන හිගන්නොත් ඉන්නවා.

:       0       0

සංජීව Wednesday, 09 May 2012 04:18 PM

දියුනු රට වලත් හිගන්නො ඉන්නවා. හිගා කෑම නවත්තන්න බෑ.නමුත් ඇත්ත හිගන්නෝ සහ බොරුකාරයෝ අදුර ගන්න මිනිස්සු බුද්ධිමතුන් විය යුතුයි

:       0       0

ඒ.ඒ. Tuesday, 15 May 2012 12:16 PM

ආචාර්ය සුජිත්, පිඩු සිගා යෑම පුරුදු කළේ කවුද?

:       0       0

ෆාරු Wednesday, 09 May 2012 04:57 PM

මේක තනිකර මංකොල්ලයක්නේ

:       0       0

ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ Tuesday, 15 May 2012 09:27 PM

දැන් ඉන්න හිඟන්නෝ අපේ ඇහෙන් ගිහින් කණෙන් මතු වෙන්න පුළුවන් මහ කපටි මිනිස්සු බව මේ වගේ සිදුවීම් අනුව පැහැදිලි වෙනවා.ඒ වගේම මේ හිඟන්නා හිඟාකෑම වගේම අනුන්ගේ දේ කඩාවඩා ගැනීමත් එකටම සිදුකර ඇතිබව මේ සිද්ධිය අනුව පැහැදිලිවම පෙනෙන්න තියෙනවා..

:       0       0

නිලු Wednesday, 09 May 2012 04:58 PM

බස් වල විතරක් නෙමේ දැන් යාචකයෝ කඩ සාප්පු ගානෙත් එනවා. කඩ සාප්පු ඇතුලට ඇවිත් කස්ටමස්ලටත් කරදර කරනවා.කඩේ ඇතුලේ ඉන්න හැමෝම සල්ලි දෙනකම් එලියට යන්නේත් නෑ. හරිම කරදරයක්. මේ අය වැඩි පුරම යන්නේ ඉන්ටෙර්නෙට් කැෆේ, පොත් සාප්පු, වගේ නිතරම පරිභෝගිකයෝ ගැවසෙන තැන වලට.

:       0       0

සුභාෂිණි Friday, 11 May 2012 01:11 PM

ලංකාව හිගන ව්‍යාපාරයක් තියෙන රටක්.හිගන්නන්ට හම්බ වෙන්නේ කොමිස් මුදල විතරයි.හම්බ කර ගන්නේ ව්‍යාපාරිකයෝ

:       0       0

එස්.පී Tuesday, 15 May 2012 01:40 PM

මංකොල්ලයක්ම තමයි

:       0       0

ලියනගේ - කුවේට් Thursday, 10 May 2012 02:43 AM

හිඟා කන එකත් රස්සාවක් කරගෙන.

:       0       0

අසන්ක Wednesday, 16 May 2012 12:15 AM

මේ පින්වන්තිය සිතා සිටියේ ඒ සිගන්නාට රුපියල් 100ක් දීමට බවත් නමුත් ඔහුට 20ක් ඇති නම් ඒ ගැන ඇයටද දුකක් නැති බවත් පසුව වාර්තා විය

:       0       0

ගෝඩුන්නේ ගුණේ Thursday, 10 May 2012 08:56 AM

කියන්නත් ලැජ්ජයි.අපේ චම්පිට තමයි ඕක උනේ

:       0       0

අසන්ක Wednesday, 16 May 2012 01:06 AM

සීයක් දෙන්න හිතුවේ.. ඒ මෝඩයා විස්සක් අරන් දිවුවා... කියලා ඒ නෝනා පස්සේ හිනා වුණා

:       0       0

ධම්මික Tuesday, 15 May 2012 06:38 AM

තව අන්දන්න දෙයක් නෑ අමුතුවෙන්.අපේ නෝනා කොහොමත් ඇදගෙනමයි ඉන්නේ

:       0       0

සෑම් Thursday, 10 May 2012 11:04 AM

හිඟා කෑමක් නෝවේ. මේ මංකොල්ලකැමක්

:       0       0

සූරිය Wednesday, 16 May 2012 02:44 AM

හිගන්නෝ මේවා ඉගෙන ගන්න ඇත්තේ දේශපාලන මගෝඩිස්ලගෙන්.

:       0       0

සුන්දරද නිහතමානීද පොල් Tuesday, 15 May 2012 08:27 AM

යාචකයා මමනම් විදින්නේ නෝනාගේ රු. 20 ට නෙමෙයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

දෙයියෝ සාක්කි

භූතයා ස්මාර්ට් ෆෝන් ඉල්ලලා
2025 අප්‍රේල් මස 11 702 0

භුත දෝෂයක් - ශරීරයට ඇතුළු වී සිටි හිරිමල්වියේ පසු වූ තරුණියක ශාන්තිකර්මයක් අතරතුර පොළොවේ පෙරළෙමින් මරළතෝනි දී කෑ ගසා සිය ස්මාට් ජංගම දුරකතනය ඉල්ලා සි


වඳුරු මූණෙන් අනූනවයෙන් බේරිලා
2025 අප්‍රේල් මස 10 708 0

වඳුරු උවදුරෙන් බේරෙන්න පාදුක්ක ප්‍රදේශයේ එක්තරා පුද්ගලයකු වඳුරු වෙස් මුහුණක් දමාගෙන වඳුරන් පන්නා දැමීමට යාමේ දී රැලේ නායක වඳුරා ඔහුව සපා කෑමට පැන වි


අම්මාගේ ගැටේට දුවත් හොල්මන්
2025 අප්‍රේල් මස 09 2106 2

දස මසක් කුසේ හොවා ඇති දැඩි කළ තම මව අන්දන්න ගොස් තමන්ම ඇන්දවුණු දුවක ගැන කතාවක් ගාලු‍ දිසාවේ ගමකින් අසන්නට ලැබේ.


ලෙඩා මාරු වී ජංජාලයක්
2025 අප්‍රේල් මස 08 752 1

අලු‍ත් අවුරුදුවලට කඩිමුඩියේ ලක ලෑස්ති වෙන අතරේ සර්පයෙකු දෂ්ට කර කලබලේට දෂ්ට කළ පුද්ගලයා වෙනුවට වෙනත් පුද්ගලයකු රෝහල වෙත රැගෙන යාමෙන් කිලෝ මීටර් ගණනක


අවංකකම පෙන්වන්න ගිහින් අම්බානට ගුටි කාලා
2025 අප්‍රේල් මස 07 962 2

විවාහ උත්සවයේදී අධික බීමතින් කියූ වචනයක් නිසා අම්බානක ගුටි කන්න වූ පුද්ගලයකු පිළිබඳව බස්නාහිර පළාතේ එක්තරා ගමකින් අසන්නට ලැබුණි. සිද්ධිය මෙසේය.


ගිනි පෙට්ටියට ඩිස්කවුන්ට් ඉල්ලලා
2025 අප්‍රේල් මස 05 355 0

දකුණු ලක අග නගරයට සමීප ප්‍රධාන උප නගරයකි. හෙතෙම හොඳ හොඳ බොනපාට් කෙනෙකු සේම දුම්පානයට ද තදින්ම ඇබ්බැහි වූවෙකි. කෙසේ වෙතත් ජැන්ඩියට ඇඳ පැලඳ සිටින අපේ කතාන


මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 98 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 252 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

NSBM හරිත සරසවිය තම සිසුන්ට ඇමෙරිකානු සරසවියේ දොරහරියි 2025 අප්‍රේල් මස 09 827 0
NSBM හරිත සරසවිය තම සිසුන්ට ඇමෙරිකානු සරසවියේ දොරහරියි

ඇමරිකානු තානාපතිනී ජූලි චන්ග් මැතිනිය ඉකුත් අප්‍රේල් මස හතර වැනිදා ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනයේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කළ NSBM හරිත සරසවියට පැමිණියා

Our Group Site