කොළඹ සිට ඉංගිරිය බලා ධාවනය වන මගී බස් රියකි. නුගේගොඩ හන්දියේදී බසයට ගොඩවූ යාචකයකු තම නැති බැරිකම කියමින් ආධාරයක් ඉල්ලූවේ ගීත කිහිපයක්ද ගයමිනි. ජෝතිපාලගේ ගී කීපයක්ම ගැයූ ඔහු ඉන්පසු අසුනක් අසුනක් පාසා ගොස් ආධාර ඉල්ලා සිටියේය. බසයේ මැද හරියේ අසුනක වාඩිවී සිටි තරුණ කාන්තාවක් තම බෑගය විවෘත කර එයට අත දමමින් සෙවුවේ යාචක ගායකයාට දීමට මාරු කාසි කිහිපයක් විය හැකිය. සීයයේ, පනහේ, විස්සේ නෝට්ටු කිහිපයක්ම කාන්තාවගේ අත පැටලැවී එළියට එන හැටි යාචකයා බලා සිටියේය. කාන්තාවගේ අරමුණ නෝට්ටුවක් නොදී කාසී කිහිපයක් තමාට දීම බව ඉවෙන් මෙන් වැටහුණු යාචකයාගේ ගිජු දැසට ඊළඟ මොහොතේදී දිස්වූයේ අනෙක් නෝට්ටු පරයා ඉහළට ඉලිප්පී තිබෙන විස්සේ නෝට්ටුවකි. වහා පැන එම නෝට්ටුව ඩැහැගත් ඔහු ”නෝනා මට සීයේ, පනහේ කොළ එපා. ඕන් මං විස්සයි ගත්තේ.” යැයි කියමින් එය තම ඔලොගුවට දා ගත්තේය. කිසිවක් කර කියා ගැනීමට නොහැකි වූ කාන්තාව නිහඬව බලා හිඳිනු පෙනුණි.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ එක්කෙනෙක් ඉන්නවා.එයාට මෙයාව අහුවුණානම් ඇමති කමක් ගන්න තිබුණා
හිගන්නෝ මේවා ඉගෙන ගන්න ඇත්තේ දේශපාලන මගෝඩිස්ලගෙන්.
සීයක් දෙන්න හිතුවේ.. ඒ මෝඩයා විස්සක් අරන් දිවුවා... කියලා ඒ නෝනා පස්සේ හිනා වුණා
මේ පින්වන්තිය සිතා සිටියේ ඒ සිගන්නාට රුපියල් 100ක් දීමට බවත් නමුත් ඔහුට 20ක් ඇති නම් ඒ ගැන ඇයටද දුකක් නැති බවත් පසුව වාර්තා විය
දැන් ඉන්න හිඟන්නෝ අපේ ඇහෙන් ගිහින් කණෙන් මතු වෙන්න පුළුවන් මහ කපටි මිනිස්සු බව මේ වගේ සිදුවීම් අනුව පැහැදිලි වෙනවා.ඒ වගේම මේ හිඟන්නා හිඟාකෑම වගේම අනුන්ගේ දේ කඩාවඩා ගැනීමත් එකටම සිදුකර ඇතිබව මේ සිද්ධිය අනුව පැහැදිලිවම පෙනෙන්න තියෙනවා..
මංකොල්ලයක්ම තමයි
ආචාර්ය සුජිත්, පිඩු සිගා යෑම පුරුදු කළේ කවුද?
වැඩි හරියක් හිගන්නෝ බොන ගංජා, කුඩු වලට සල්ලි දෙන අපි කොයි තරම් මෝඩයොද?
යාචකයා මමනම් විදින්නේ නෝනාගේ රු. 20 ට නෙමෙයි.
තව අන්දන්න දෙයක් නෑ අමුතුවෙන්.අපේ නෝනා කොහොමත් ඇදගෙනමයි ඉන්නේ
මේ දැඩි ආගමික පසුබිමක් ඇති රටක් නිසා ඒ පසුබිම පවා වක්‍ර අයුරින් යාචක වෘත්තියට අනියම් අයුරින් පිටුවහල් වීදැයි මට සිතේ.මන්ද යාචකයින් කරන්නේ මිනිසුන්ගේ මානව හැඟීම්වලින් අයුතු ප්‍රයෝජන ගෙන ලාභ ලැබීමේ ව්‍යාපාරයකි. දිගින් දිගටම රැවටුනු අය මිසක හිඟන්නන්ගේ සැබෑ පසුබිම සෙසු අය නොදන්නා නිසා හිඟන්නන් එය ඔවුන්ගේ වාසියට භාවිතා කරන බව පෙනී යයි.
ලංකාව හිගන ව්‍යාපාරයක් තියෙන රටක්.හිගන්නන්ට හම්බ වෙන්නේ කොමිස් මුදල විතරයි.හම්බ කර ගන්නේ ව්‍යාපාරිකයෝ
රුපියල් 20 අද කාලේ මොකක්ද?
හිගන්නන්ට නම් කවදාවත් සල්ලි දෙන්න එපා. කන්න සල්ලි ඉල්ලුවොත් බත් එකක් අරන් දෙන්න.
හිඟා කෑමක් නෝවේ. මේ මංකොල්ලකැමක්
කියන්නත් ලැජ්ජයි.අපේ චම්පිට තමයි ඕක උනේ
හිඟා කන එකත් රස්සාවක් කරගෙන.
බස් වල විතරක් නෙමේ දැන් යාචකයෝ කඩ සාප්පු ගානෙත් එනවා. කඩ සාප්පු ඇතුලට ඇවිත් කස්ටමස්ලටත් කරදර කරනවා.කඩේ ඇතුලේ ඉන්න හැමෝම සල්ලි දෙනකම් එලියට යන්නේත් නෑ. හරිම කරදරයක්. මේ අය වැඩි පුරම යන්නේ ඉන්ටෙර්නෙට් කැෆේ, පොත් සාප්පු, වගේ නිතරම පරිභෝගිකයෝ ගැවසෙන තැන වලට.
මේක තනිකර මංකොල්ලයක්නේ
දියුනු රට වලත් හිගන්නො ඉන්නවා. හිගා කෑම නවත්තන්න බෑ.නමුත් ඇත්ත හිගන්නෝ සහ බොරුකාරයෝ අදුර ගන්න මිනිස්සු බුද්ධිමතුන් විය යුතුයි
ෆාරු -දන්නවද ඔය ම්නිස්සු හිගාකැවට කොටස් වෙළෙඳ පොලට ආයෝජනය කරන හිගන්නොත් ඉන්නවා.
ලංකාවේ හිගන්නෝ තහනම් කරන්න ඕනේ. හිගන්නෝ බස් වලදී හරි වදයක්.බස්වල බඩු විකුණන එකත් තහනම් කරන්න ඕනේ.
ඒත් එහෙම කරන්නෙ කොහොමද?
තනිකර මංකොල්ල කැමක්. මේ යාචකහොරුන්ට කවුරුත් සල්ලි දෙන්න ඒපා. මහන්සියෙන් සල්ලි හම්බකරන මිනිස්සු විතරයි මුදලේ වටිනාකම දන්නේ.