කුරුණෑගල සිට හලාවත දක්වා දිවෙන පෞද්ගලික බස් රථයකි. තරුණිය බස් රථයට නැග්ගේ අතර මගිනි. ඇය හෙට්ටිපොළ යැයි පවසා කොන්දොස්තර මහතාට මුදල් දුන්නාය. ඒ වෙනුවෙන් ඇයට ටිකට් පතක් නොලැබිණි. ඇයට පසුව රථයට ගොඩවූ උදවියට ටිකට්පත් ලැබිණි. තරුණිය කිහිප වතාවක් තරුණ කොන්දොස්තරවරයා දෙසට දෑස් හෙලූවාය. තමා කඩවසම් වූ නිසාවෙන් තරුණිය නිතර නිතර බලනවා යැයි සිතූ කොන්දොස්තරවරයා තරුණියට ඉඟි බිඟි පෑවේය. බසින තැන ආසන්න වූ විට තරුණිය කොන්දොස්තර මහතාට කිට්ටු විය. ”ඇයි මට ටිකට් එකක් නොදුන්නේ” ”ඔයාට ටිකට් ඕන්නෑ” ඕනෑ නම් දැන් දෙන්නම්. බස් එකට නැග්ගම ඔහේලට මුදල් දුන්න බවට අපට තියෙන එකම සාක්ෂිය තමයි ටිකට් එක. ඒකත් නැති වුණාම මගියො අසරණ වෙන බව දන්නෙ නැද්ද? ටිකට් එක දෙන්න කියන්න මම කීප වතාවක් ඔහේ දිහා බැලූවා. මනමාලකම් පෙන්නුවා මිසක් ටිකට් එක දුන්නේ නැහැ. තරුණිය බසයෙන් බසිනවාත් සමගම කොන්දොස්තර තැන ඉස්සරහා දොරටුව වෙත ගියේ පිටිපස සිටි මගීන්ගේ උසුළු විසුළු මැදිනි.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් ලංකාවෙ ගෑනු ළමයි දියුණුයි. උවමනා දේට කතා කරන එක හොදයි.
ඇයි ඉස්සර ගෑණු ළමයි දියුණු නැද්ද?
රුව ඇති පුතෙක් සහ කට ඇති දුවෙක්. සියල්ල වෙනස්වන කාලයේ මේවාද වෙනස් වෙමින් පවතී.
අම්මපා මෙහෙමත් මිනිස්සු
එයා ලස්සන ඇති ඒකයි එහෙම බලන්න ඇත්තේ....
පිස්සු හාදයෙක්....
නියම කතාව
මේකනම් බොරුවක් (ස)
කට තියෙන්නෙ කෑ ගහල ඉල්ලන්නනේ තිබිබේ...
කොන්දොස්තර බුදුවෙලා නෑනේ.පවු.අහිංසක මිනිහා
මේ වගේම කොන්දොස්තර කෙනෙක් වත්තල පැත්තෙත් ඉන්නවා.එයා එයාගේ දුරකතන අංකයත් ලියලා දෙනවා ටිකට් එකේ පිටිපස්සේ
මම ඕනෙනම් බස් එකේ නොම්බරෙත් කියන්නම්
කොන්දොස්තරට හරපන් ප්‍රයිවට් බස් ඩ්‍රයිවර්ලා.ඒ ගොල්ලෝ හොල්ට් එකකදීවත් පිරිමියෙක් අත ඇල්ලුවම නග්ග ගන්නේ නැහැ.ඒ වුනාට බස් හොල්ට් එකක් නොවන තැනකදී කෙල්ලෙක් දැක්ක ගමන් බස් එකේ ස්පීඩ් එක අඩු කරලා ඒ කෙල්ලව බලෙන් හරි දා ගෙන යන්නමයි බලන්නේ. ආපහු බහිද්දී වුනත් පිරිමියෙකුට බස් හොල්ට් එකකදී කොච්චර බෙල් කලත් හයි ස්පීඩ් පිඹගෙන යන ඩ්‍රයිවර්ලා කෙල්ලෙක් බස් හොල්ට් එකක් නොවන තැනකදී වුනත් බහින්න හැදුවොත් වරුවක් වුනත් බස් එක නතර කරගෙන ඉන්නවා. ඒ වගේම යම්තම් චීත්තයක් දැක්ක ගමන් මෙලෝ සිහිසන්නයක් නැතිව හොල්ට් එකක් නොවෙන තැනකදී වුනත් දඩස් ගාලා බස් එක නතර කරනවා. සමහර ඩ්‍රයවර්ලා පොලිසියට බයත් නැහැ.පොලීසිය ගණන් ගන්නෙත් නැහැ.කාගේ හයිය ඇඟට අරගෙනද එහෙම වැඩ කරන්නනේ මෙයාලා.
බස් එකේ නොම්මරේ අපිත් දන්නවා. මිනිහා ඔහොම කරන්න ගිහින් ළඟදී හොඳ පරිප්පුවකුත් කෑවා..ඒක් ලැජ්ජාවකුත් නැහැ. හැදෙන්නෙත් නැහැ..මොකද අපිත් යන්නේ එන්නේ ඒ රූඩ් එකෙනේ. ඔය වගේම අනංග කොන්දොස්තරලා ටිකක් ඉන්නවා...