IMG-LOGO

2024 ඔක්තෝබර් මස 22 වන අඟහරුවාදා


බසයට ගොඩවූ තරුණියට ටිකට් නොදී කොන්දොස්තර ‘අනඟ බැල්ම’ දාලා

කුරුණෑගල සිට හලාවත දක්වා දිවෙන පෞද්ගලික බස් රථයකි. තරුණිය බස් රථයට නැග්ගේ අතර මගිනි. ඇය හෙට්ටිපොළ යැයි පවසා කොන්දොස්තර මහතාට මුදල් දුන්නාය. ඒ වෙනුවෙන් ඇයට ටිකට් පතක් නොලැබිණි. ඇයට පසුව රථයට ගොඩවූ උදවියට ටිකට්පත් ලැබිණි. තරුණිය කිහිප වතාවක් තරුණ කොන්දොස්තරවරයා දෙසට දෑස් හෙලූවාය. තමා කඩවසම් වූ නිසාවෙන් තරුණිය නිතර නිතර බලනවා යැයි සිතූ කොන්දොස්තරවරයා තරුණියට ඉඟි බිඟි පෑවේය. බසින තැන ආසන්න වූ විට තරුණිය කොන්දොස්තර මහතාට කිට්ටු විය. ”ඇයි මට ටිකට් එකක් නොදුන්නේ” ”ඔයාට ටිකට් ඕන්නෑ” ඕනෑ නම් දැන් දෙන්නම්. බස් එකට නැග්ගම ඔහේලට මුදල් දුන්න බවට අපට තියෙන එකම සාක්ෂිය තමයි ටිකට් එක. ඒකත් නැති වුණාම මගියො අසරණ වෙන බව දන්නෙ නැද්ද? ටිකට් එක දෙන්න කියන්න මම කීප වතාවක් ඔහේ දිහා බැලූවා. මනමාලකම් පෙන්නුවා මිසක් ටිකට් එක දුන්නේ නැහැ. තරුණිය බසයෙන් බසිනවාත් සමගම කොන්දොස්තර තැන ඉස්සරහා දොරටුව වෙත ගියේ පිටිපස සිටි මගීන්ගේ උසුළු විසුළු මැදිනි.



අදහස් (0)

බසයට ගොඩවූ තරුණියට ටිකට් නොදී කොන්දොස්තර ‘අනඟ බැල්ම’ දාලා

බලී Thursday, 03 May 2012 02:04 PM

ඇයි ඉස්සර ගෑණු ළමයි දියුණු නැද්ද?

:       0       0

අලිබබා Thursday, 03 May 2012 02:07 PM

රුව ඇති පුතෙක් සහ කට ඇති දුවෙක්. සියල්ල වෙනස්වන කාලයේ මේවාද වෙනස් වෙමින් පවතී.

:       0       0

සානු Tuesday, 08 May 2012 08:22 AM

මේ වගේම කොන්දොස්තර කෙනෙක් වත්තල පැත්තෙත් ඉන්නවා.එයා එයාගේ දුරකතන අංකයත් ලියලා දෙනවා ටිකට් එකේ පිටිපස්සේ

:       0       0

සානු Tuesday, 08 May 2012 08:22 AM

මම ඕනෙනම් බස් එකේ නොම්බරෙත් කියන්නම්

:       0       0

අභීත Thursday, 03 May 2012 04:42 PM

අම්මපා මෙහෙමත් මිනිස්සු

:       0       0

ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ Wednesday, 16 May 2012 10:11 AM

කොන්දොස්තරට හරපන් ප්‍රයිවට් බස් ඩ්‍රයිවර්ලා.ඒ ගොල්ලෝ හොල්ට් එකකදීවත් පිරිමියෙක් අත ඇල්ලුවම නග්ග ගන්නේ නැහැ.ඒ වුනාට බස් හොල්ට් එකක් නොවන තැනකදී කෙල්ලෙක් දැක්ක ගමන් බස් එකේ ස්පීඩ් එක අඩු කරලා ඒ කෙල්ලව බලෙන් හරි දා ගෙන යන්නමයි බලන්නේ. ආපහු බහිද්දී වුනත් පිරිමියෙකුට බස් හොල්ට් එකකදී කොච්චර බෙල් කලත් හයි ස්පීඩ් පිඹගෙන යන ඩ්‍රයිවර්ලා කෙල්ලෙක් බස් හොල්ට් එකක් නොවන තැනකදී වුනත් බහින්න හැදුවොත් වරුවක් වුනත් බස් එක නතර කරගෙන ඉන්නවා. ඒ වගේම යම්තම් චීත්තයක් දැක්ක ගමන් මෙලෝ සිහිසන්නයක් නැතිව හොල්ට් එකක් නොවෙන තැනකදී වුනත් දඩස් ගාලා බස් එක නතර කරනවා. සමහර ඩ්‍රයවර්ලා පොලිසියට බයත් නැහැ.පොලීසිය ගණන් ගන්නෙත් නැහැ.කාගේ හයිය ඇඟට අරගෙනද එහෙම වැඩ කරන්නනේ මෙයාලා.

:       0       0

ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ Wednesday, 16 May 2012 07:49 PM

බස් එකේ නොම්මරේ අපිත් දන්නවා. මිනිහා ඔහොම කරන්න ගිහින් ළඟදී හොඳ පරිප්පුවකුත් කෑවා..ඒක් ලැජ්ජාවකුත් නැහැ. හැදෙන්නෙත් නැහැ..මොකද අපිත් යන්නේ එන්නේ ඒ රූඩ් එකෙනේ. ඔය වගේම අනංග කොන්දොස්තරලා ටිකක් ඉන්නවා...

:       0       0

අමර Thursday, 03 May 2012 08:45 PM

එයා ලස්සන ඇති ඒකයි එහෙම බලන්න ඇත්තේ‍‍‍....

:       0       0

හේවගේ Thursday, 03 May 2012 09:39 PM

පිස්සු හාදයෙක්....

:       0       0

දිසානායක Saturday, 05 May 2012 04:40 PM

මේකනම් බොරුවක් (ස)

:       0       0

තුෂාර Friday, 04 May 2012 05:58 PM

නියම කතාව

:       0       0

ශානක Sunday, 06 May 2012 07:19 PM

කට තියෙන්නෙ කෑ ගහල ඉල්ලන්නනේ තිබිබේ...

:       0       0

මලී Thursday, 03 May 2012 11:41 AM

දැන් ලංකාවෙ ගෑනු ළමයි දියුණුයි. උවමනා දේට කතා කරන එක හොදයි.

:       0       0

ලලිත් Monday, 07 May 2012 09:32 PM

කොන්දොස්තර බුදුවෙලා නෑනේ.පවු.අහිංසක මිනිහා

:       0       0

ඔබේ අදහස් එවන්න

දෙයියෝ සාක්කි

මිතුරා මළැයි කියා සිතා බූරුවා ගහන්න ගෙදර ඇවිත්
2024 ඔක්තෝබර් මස 22 300 0

ගාල්ල නගරාසන්නයේ ගමක විසූ මිතුරන් දෙදෙනෙකි. දෙදෙනාම සුරාවට ලොල්ය. පසුගිය දිනක සවස දෙදෙනා හොඳටම රත්වූහ.


බිරින්දෑවරුන් මාරුකරගෙන මඟු‍ලත් කැඩිලා
2024 ඔක්තෝබර් මස 21 916 0

සිය බිරින්දෑවරුන් දෙදෙනා වෙනසකට වගේ මාරුකරගත් යහළුවන් දෙදෙනෙකු ඔවුන් දිගටම ඇසුර පවත්වාගෙන යෑම හේතුවෙන් එය විසඳා ගැනීමට එක් බිරියක රුහුණේ පොලිසියක


මං ගොනා බිලට පොලු තියා අමාරුවේ වැටිලා
2024 ඔක්තෝබර් මස 19 606 0

පිටේ දවටා තිබුණු යමක් සමච්චලයට ලක් කිරීමෙන් මිතුරා උරණ වීම හේතුවෙන් හෝටලයක කෑම බිල ගෙවා ගත නොහැකිව තවත් මිතුරන් පිරිසක් දැඩි අපහසුතාවකට පත්වූ පුවතක්


කප්පාදු කරන්න කීවාම තේ ගස් පිටින්ම කපලා
2024 ඔක්තෝබර් මස 19 607 0

කළයුතු දේ හරිහැටි සොයා නොබලා කටයුතු කිරීමෙන් තම බිරියගේ පවුලේ අයගේ දෝෂ දර්ශනයට ලක් වූ පුද්ගලයකු පිළිබඳ පුවතක් මාතර මොරවක්කෝරළය පෙදෙසින් වාර්තා වෙයි.


සංගීතයේ පුටු ගෙවල්වලට පියාබලා
2024 ඔක්තෝබර් මස 19 192 0

වැස්සට පිං සිද්ධ වෙන්න පුටු තොගයක් සිය නිවෙස්වලට රැගෙන ගිය පිරිසක් පිළිබඳව කතාවක් ඇල්පිටියෙන් අසන්නට ලැබේ.


ගුලි දෙක මාරුවී ඉහ මොළ රත් වෙලා
2024 ඔක්තෝබර් මස 19 223 0

මෙය බලංගොඩ ප්‍රදේශයේ එක්තරා ගමක සිදුවූ අපූරු සිදුවීමකි. නිවසක පෙර දින රාත්‍රියේ ආහාරයට ගෘහණිය විසින් කුරක්කන් තලප සූදානම් කර තිබිණි නිවසේ සිටින්නේ ව


මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 90 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 788 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 543 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

Our Group Site