මඩකළපුවේදී ”ලංගම” බසයකට රිංගාගත් ගැරඬියකු කලවංචිකුඩියේදී බසය තුළ මහත් කලබැගෑනියක් සිදුකොට එයින් බැස යන්නට දැරූ උත්සාහයක් නිසා එම බසය විනාඩි විස්සක් පමණ පාර මැද නතර කර තැබූ සිද්ධියක් මඩකළපුව-කල්මුණ ප‍්‍රධාන මාර්ගයෙන් වාර්තා වේ.
පෙරේදා 19 මඩකළපුව-කල්මුණ නගරාන්තර ලංගම බසයක් සවස 2.45ට පමණ කල්මුණ බලා ගමන් අරඹා තිබිණි. එය කලවංචිකුඩි ප‍්‍රදේශයේදී එක්වරම පාර මැද නතර කළ රියදුරා කෑගසා රියැදුරු අසුනෙන් ඉවත්ව පැන ගියේය.
මගීහු අන්දුන්කුන්න් වෙමින් වටපිට බැලූ අතර කීපදෙනෙක් දෙමළ භාෂාවෙන් ”පාම්බු... පාම්බු” යැයි කෑගැසූහ.
එහෙත් ”පාම්බු” ඇසුරු සැණකින් ඇන්ජිම කොටසට රිංගා අතුරුදන් විය. බොහෝ වේලාවක් කෝටුවලින් ඇන අහුමුළුවල බැලූ පසු ඌ එළියට දැමීමට හැකිවිය. එහෙත් බැස ගියේ ”පාම්බු” කෙනෙකු නොව ගැරඬියෙකි.
ගැරඬියා තණ නිල්ලට පැන කැලෑවට ඇදෙනු දුටු මගියකු ” ඕයි... සල්ලි දීලා යනවා” යැයි කියා කෑගසද්දී මගීහු උස් හඬින් සිනාසුණහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොනවාද මේ කතා..!(නු)
මේ ගරඩි කතාව අහලා මට පන යනකල් හිනා. (නි)
නයාට දෙමළ බසින් කියන්නේ පාම්බු(නු)
පාම්බු කියන්නේ නයාට(නු)
පාම්බු කියන්නේ නයාට. (නි)
රසවත් ප්‍රවෘත්තියක්. (නි)
පාම්බු කියන්නේ මොකක්ද? (නි)
එහෙනම් රියදුරත් බයවුන පාර භූමිතෙල් ගහපු ගැරඩියා වගේ දුවලා තියෙනවා. හහ්..හහ්. හා..!(නු)
කතාවනම් හොදයි.. හොද වෙලාවට බස් එකේ ඇතුලේ පොලිසියෙන් කෙනෙක් හිටියෙ නැත්තෙ..?(නු)
ඉතාම හොද පුවත්පතක්..!(නු)
කාලෙකට පස්සේ හොද කතාවක්. (නි)
පිස්සු විකාර වගේ මට නම්. (නි)
අනිත් පුවත් වල හැටියට හිනා වෙන්නත් හොද කතාවක් තියෙන්න ඕන..!(නු)
හොද කතාවක්.. මේ අවුරුද්දටම ඇති..!(නු)
සල්ලි නොදී බස් වල ගොස් ගැරඩි වගේ බැහැලා යන අයත් නැතිවම නොවෙයි..!(නු)
හක හක හක...(නු)
හහ්... හහ්.. ඇත්තටම හොද කතාවක්...!(නු)
සල්ලි නම් ඉල්ලුවට කමක් නැහැ ගැරඩි මරලා පව් පුරෝගන්නෙ නැතිව..!(නු)
:-D(නු)