IMG-LOGO

2024 නොවැම්බර් මස 25 වන සඳුදා


බසයට සල්ලි මදි වී දෙල් ගෙඩියක් හිලව් කරලා

(තිහගොඩ උපසේන ලියනගම)
ගෙවත්තේ තිබූ දෙල් ගසක ගෙඩි විශාල ප්‍රමාණයක් වූ හෙයින් ඒවා කඩා වෙළෙඳ සලකට ගෙන යාමට ගෝනියක දමා බැඳගත් ඔහු මේ සඳහා බසයෙන් යාමට සිල්ලර කාසි කීපයක් සොයා ගත්තේ අමාරුවෙනි.


බසයට නැග දෙල් ගෝනියද පටවාගත් ඔහු සුපුරුදු බස් ගාස්තුව කොන්දොස්තර තැනට දුන්නත් ඔහු එය ගැන බලා කීවේ තවත් රුපියල් හැටක මුදලක් අඩු බවය.


‘‘දැන් බස් ගාස්තු වැඩි කරලා. ඒ එක්කම දෙල් ගොනියේ බරටත් ලැගේජ් කඩනවා. තව රුපියල් අසූවක් දෙන්න’’ ඔහු කීය.


තම සන්තකයටම ඇත්තේ සොයාගෙන ඇති මුදල බව කියුවත් කොන්දොස්තර තැන කීවේ හිඟ මුදල ගෙවිය නොහැකිනම් බසයෙන් බසින හැටියටය.


මඳක් සිතූ ඔහු දෙල් ගෝනියෙන් ගෙඩියක් ගෙන ඔහුට දිගු කළේ ‘‘ඒකට මේක හිලව් කර ගන්න’’ කියමිනි. මෙය බාර නොගෙන ගමනට අවසර ලැබෙතැයි සිතුවත්’’ ඔයගොල්ල වගේම අපිත් අමාරුවෙන් ඉන්නේ’’  කියමින් එම දෙල්ගෙඩිය ගෙන ඔහු බසයේ ඉදිරිපස වූ මල්ලකට දැමූ අතර දෙල් ගෙනා තැනැත්තාට දෙවියන් සිහිවුණාලු.

 



අදහස් (0)

බසයට සල්ලි මදි වී දෙල් ගෙඩියක් හිලව් කරලා

ඔබේ අදහස් එවන්න

දෙයියෝ සාක්කි

කෙසෙල් කැන කෙසෙල් මුවක් වෙලා
2024 නොවැම්බර් මස 25 283 0

රුපියල් 4000 ක පමණ වටිනාකමකින් යුත් පැසී තිබූ ඇම්බුන් කෙසෙල් කැන වෙනුවට එම කෙසෙල් ගසේ කෙසෙල් මුවක් මතු වීමේ පුවතක් කන්ද උඩරට ගම්මානයකින් වාර්තා වෙයි.


දරුවාට වඩා “සූදුව”ලොකු වෙලා
2024 නොවැම්බර් මස 22 838 0

සිය දරුවාගේ අනාගත අභිවෘද්ධිය වෙනුවෙන් මුදලක් වැය කරනවාට වඩා මුදලට සූදු කෙළීමට වටිනාකමක් දුන් මවක පිළිබඳ සිද්ධියක් හසලක නගරයට ආසන්න ප‍්‍රදේශයකින් වා


මැරුණු ලෙඩා සුවසේ වාට්ටුවක
2024 නොවැම්බර් මස 21 822 0

වයඹ පළාතේ රෝහලකට රාත්‍රි කාලයේ ඇතුළත් කළ හෘද රෝගියකු හදිසි ප්‍රතිකාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී මියගියැයි සඳහන් කළ පසු රෝගියා වෙනත් වාට්ටුවක ප්


පම්පෝරි ගහන්න ගිහින් “ඇඟිල්ලෙන්” පටි රෝල්වෙලා
2024 නොවැම්බර් මස 20 1150 0

මේ රජය පත් කරන්න තමන් ගත් උත්සාහය ගැන වීරයෙකු මෙන් පම්පෝරි ගැසූ තරුණයකුට ඇඟිල්ල නිසා පම්පෝරිය නවතා එතනින් මාරුවීමට සිදුවූ පුවතක් කරන්දෙණියෙන් අසන්නට


සිසුවාගේ උත්තරයෙන් මවගේ ​ෙරදි ගැලවිලා
2024 නොවැම්බර් මස 19 9472 1

ගුරුවරයා ඇසූ පැනයකට පහ වසරේ ශිෂ්‍යත්ව පන්තියක සිසුවෙකු දුන් උත්තරයෙන් දරුවාගේ මව රැස්ව සිටි පිරිස් හමුවේ ලැජ්ජාවට පත් වූ පුවතක් ඇතුගල්පුරවර නගරයෙන්


ඡන්දය දාන්න නොදුන්නාම ආච්චිට මළ පැනලා
2024 නොවැම්බර් මස 18 879 1

අවලංගු ගුවන් ගමන් බලපත්‍රයකින් ඡන්දය ප්‍රකාශ කිරීමට අවස්ථාව නොදුන්නැයි ඡන්ද මධ්‍යස්ථානයක නිලධාරීන් කණ්ඩායමකට දොස් නගා බැණ වැදී ඇතැයි කියන වයෝවෘද්ධ


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 515 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 734 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2049 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site