ධාවනය වෙමින් තිබූ දුර ගමන් සේවා බසයක අසුනක වාඩිවී යමින් සිටියදී තමාට නින්ද ගියා යයි හඟවමින් එම අසුනේ යාබදව වාඩිවී සිටි තරුණියගේ උරහිසට සිය හිස තබාගෙන යාමට තැත්කළ තරුණයකු සැකපිට ප‍්‍රශ්න කිරීම සඳහා අත්අඩංගුවට ගත් බව අහුන්ගල්ල පොලිසිය කියයි.
කතරගම සිට කොළඹ බලා ධාවනය වෙමින් තිබූ මගී ප‍්‍රවාහන බසයකදී මේ සිද්ධියට සම්බන්ධ යයි කියන තරුණයා සැකපිට ප‍්‍රශ්න කිරීම සඳහා අත්අඩංගුවට ගෙන ඇත. සැකකාර තරුණයා මෙන්ම මේ සිදුවීමට මුහුණදුන් තරුණියද කතරගමින් එම බසයට ගොඩවී ඇති බවත් පොලිසිය කියයි.
බසයේ සිටි සැකකාර තරුණයා අවස්ථා කීපයකදීම තමාට නින්ද ගියා යයි හඟවමින් අර තරුණියගේ උරය මත සිය හිස තබාගෙන යාමට උත්සාහ දරා ඇති බව පවසන පොලිසිය සැකකාර තරුණයාගේ මේ ක‍්‍රියාව ඉවසනු බැරිම තැන ඇය විසින් කරන ලද පැමිණිල්ලකට අනුව ඔහු අත්අඩංගුවට ගත් බවද කියයි.
සාපරාධී බලහත්කාරකමකට තැත් කිරීමේ චෝදනාව යටතේ මේ සැකකරුට විරුද්ධව නඩු පවරන බවද පොලිසිය කියයි.
අහුන්ගල්ල පොලිසිය මේ පිළිබඳව වැඩිදුර පරීක්‍ෂණ පවත්වයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගෑණු ළමයා වැරදියි. පොඩ්ඩක් කතා කරන්න තිබුනා ඒ කෙනාට. මම නම් එහෙමයි. ඊට පස්සේ වැදගත් විදියට යනවා ඒ අය. (නි)
මිනිස්සුන්ට ඕනා තරම් බස් වල නින්ද යනවා
හරියටම සිදුවූ දෙය කුමක්ද යැයි නොදැන අදහස් දැක්වීමට අපහසුයි. සාමාන්‍යයෙන් ඕනෑම කාන්තාවක් සිය අකමැත්ත පිළිබඳව ඉඟියකින් දැනුම් දෙයි. පළමුවරට උරහිසේ හිස තබනවිට ඇය සිය අකමැත්ත හැඟෙව්වාද? ඉන්පසුවත් තරුණයා ඒ ගැන කිසිදු තැකීමක් කලේ නැද්ද? නැත්නම් ඇය කිසිම ප්‍රතිචාරයක් නොදක්වා, අවසානයේ ඒ ගැන පැමිණිලි කලාද? (නි)
මිනිස්සුන්ට තියෙන අශාවල්
මම නම් කොල්ලා ලස්සන නම් සද්ද නැතිව ඉදලා යාලු කරගන්නවා. (නි)
තිලක් සහ මොහොමඩ්, මම කිසි කෙනකුට අපහාසයක් නොකර මට දැනෙන දේ පමණක් ලිවුවා. අදහස් වලට සහ කාන්තාවන්ට නිසිතැන දිය යුතුයි කියන තැන සිට අදහස් දැක් වූ නිසා මා ඔබ දෙපලගේ දෝෂාරෝපනයට ලක් වී තිබේ.සමාජයේ සිදුවන නොහොබිනාකම් වලට එරෙහිව කතා කිරීම තවත් අයකුගේ දෝෂාරෝපනයන්ට ලක්විය යුතු කරානයක්ද? විශේෂයෙන්ම මුස්ලිම් සහෝදරයන් පිලිබදවත් ඔවුන්ගේ සංස්කෘතියේ කාන්තාවන්ට ලැබෙන ආරක්ෂාව සම්බන්ධවත් මා තුල ඇත්තේ විශාල පැහැදීමකි. එය එසේ තිබියදී මොහොමඩ් සහෝදරයා විසින් දැක් වූ අදහස් ලජ්ජා සහගතය.තවද තිලක් ඔබ තුල සිටින්නේ තිලක් මිසක් දිසානායක නෙමෙයි. මම දිසානායක ලෙස අදහස් දක්වන අතර ඔබ තිලක් ලෙස අදහස් දැක්වීමේදී අපහාසයක් නොවීමට වග බලාගත යුතුය.එය ඔබේ මානසික සංහිදියාව හා සම්බන්ද ගැටලුවක් මිස මගේ අදහස් වල දුර්වලතාවයක් නොවන බව මගේ හැගීමයි. (නි)
කාන්තාවන් අපචාර වලට ලක්ව ලක්වෙන්නේ තමන්ගේම වරදින්
මේකේ අදහස් පලකරලා තියෙන ගොඩාක් අය මානසික අසහනයෙන් පෙලෙන අය. තමන්ගේ වාසියට ඕනෑම දෙයක් සාධාරණීයකරණය කරන්න ලෑස්ති කට්ටියක්. දිසානායක ඔබ නිවැරදියි (නි)
ප්‍රශ්නයක් වෙන්න ඇති. ඕක විසඳා ගන්න ඔයිට වැඩි විදියක් තිබුනේ නැද්ද ඇත්තටම. වචනයක් දෙකක් කතා කළා නම් එක්කෝ ළඟ ඉන්න කෙනෙක් මිනිහට අල්ලගෙන ගහයි. එහෙම නැත්නම් කනේ පාරක් දෙන්න්නනේ තිබුනේ. ඕක පොලිසි ගානේ යන්න තරම් දෙයක් නෙමෙයි. ගෑනුත් වෙලාවකට ඕනෑවට වැඩියි. (නි)
කැත හිතින් කළා නම් ඒ වැරදියි
මටත් නින්ද ගිහිල්ලා තියනවා බස් එකේ. පොලිසියට සුබ පැතුම්! (නි)
හන මිටිය තවම මගේ කරේ මම එය කරේ තියා ගනම ඉදිරියට යනවා. කුමාරිහාමි ඔයාලා හණමිටිය බිම තියල ආපස්සට යනවා. හණමිටි කරේ තියාගත්ත අපිට ඔයාගේ නමම ගෞරවනීය නමක්. ඒත් දැන් එයට තේරුම් දෙකක් තියනවා. හනමිට්‍ය බිම තිබ්බ අය දෙන තේරුම කියන්න ඕනේ නැහැනේ. ඒ නිසා හණමිටි දෙමාපියෝ තිබ්බ නම ඔයා වෙනස් කලොත් ඒකත් සාදාරනයි. මෙයට ආසන්නම සිද්දියක් ඔයාටත් කියන්නම් මගේ දුවට වයස 19. කොලඹ උසස් අධයාපනය ලබනවා. සති අන්තයේ ගෙදර එනවා සමහර දිනවලට කොලඹ රැකියාව කරන එක කුස උපන් අයියත් සමග එකට එනවා. එදත් එවැනි දවසක් නමුත් දෙදෙනාට ලැබුනේ දෙපොලක ආසන දෙකක්. බසය නුවර නගරාන්තයක්. දුව ලග හිටිය කාගේ හරි පුතෙක් කඩවතට එනකොටම ඇයගේ කකුලට තට්ටු දාන්න අරගෙන. ටිකක් බලපුවම් වැරදීමක් නොවන බවට ඇයට වැටහුනාලු. ඒ අතරම ඇය අතක් ඔහුගේ කකුල උඩින් තියල කතාකරන්න පටන් ගත්තලු. නුවරට එනවිට සියලුම පවුලේ තොර තුරු ගෙදර සහ ජංගම දුරකථන අංක සියල්ල මෙයා ලග පිලිමතලාවෙන් බහින්න ඕන මිනිහා නුවරට එනකම් ඇවිල්ලා. දුව නුවර රේල් ගේට්ටුව පසුවෙද්දී ඉදිරි අසුනේ ඉන්න අයියව පෙන්නලා කිව්වලු ඒ ඉන්නේ මගේ අයියා මන් දුන් ඔය දුරකථන අංකයත් එයාගේ. මින්පස්සේ බස් එකේදී ගැහැනු ළමයින්ගේ කකුල් අතගාන්න එපා අම්මට කියල ඉක්මනට කසාදයක් බැදගන්න ඔයාට බැරිනම් දුරකතනයෙන් මම ඔයාගේ අම්මට කියන්නම්. අර පුතා දහස් වරක් සමාව ඉල්ලලා ගියාලු. කාගේ උනත් උගත් හොද රැකියාවක් කරන පුතෙක්. කොහොම උනත් දෙන්නගෙන් එක්කෙනෙක්වත් අපහසු තාවයට පත් උනෙත් නැහැ ආත්ම ගරුත්වය කෙලසා ගත්තෙත් නැහැ. හැබයි මගේ දරුවනුත් තාම හණමිටිය සම්පූර්ණයෙන් බිම තයලා නැහැ. එත් ඇදලා හිටියේ රෙද්දයි හැට්ටෙයි නොවෙයි දණහිස තෙක් වූ සායක්.(නදී)
බස් එකේ උරහිසේ නිදියාම තහනම් කියලා බෝඩ් එකක් ගහලා තිබුනද?මේ ආසන කාන්තා පක්ෂයට පමණයි කියලා ගහලා තිබුනද? ඒ දෙකම ලියලා තිබුනේ නැත්නම් පිරිමියාගේ මානව හිමිකම් බිඳලා. ලේසියෙන් අත අරින්නේ නැහැ වන්දි ඉල්ලලා මම යනවා ජිනිවා (නි)
තිලක්, ඔයාගේ බිරිඳටයි, සහෝදරියන්ටයි, අම්මටයි ඔය දේ ගැන දැනුවත් කරලා තියන්න. එතකොට අනිත් පිරිමින්ට කිසි සැකයක් නැතුව හොඳට උරහිසේ නිදාගෙන යන්න පුළුවන්. (නි)
වැදගත් උගත් ගෑනු ළමයෙක් උසාවි ගානේ රස්තියාදු වෙන්නේ නැහැ කියලා කියන්නේ ගැහුණුන්ට අතවර කරන පිරිමි. තමන්ට වෙන අසාධාරණයකදී උසාවි යන්න ගැහුණු අයටත් අයිතියක් තියෙනවා. තිලක් කියන විදියට නීතිඥයෝ, විනිසුරුවරයෝ උසාවි වල සේවය කරන සියළුම ගැහැණු නූගත් නොවැදගත් අය. අනේ මෙහෙමත් හනමිටිකාරයෝ. එයා එයාගේ භාර්‍යාවට අදින්න දෙන්නේ රෙද්දයි හැට්ටෙයි විකරයි වෙන්න ඇති.(නදී)
අද කාලේනම් දුර ගමන් සේවා බසයකට ගොඩ වුණොත් නින්දයන කතාව නම් බොරු. බස් රථයේ ඇසෙන සින්දු කන්දොස්කිරියාවට ඔලුවේ කැක්කුම හැදෙනවා අනේ. කොල්ලා ලාවට උත්සාහ කරලා බලන්න ඇති. (නි)
අනේ ගෑණු කියන්නේ පත්තිනි අම්මලා නෙවෙයි (නි)
අපරාදේ බාරයක් වෙලාම ඕක කලානම් කිසිම කරදරයක් නැතිවම නිදාගන්න තිබුනා.(නදී)
ඔය මනුස්සයා අනිවාර්යෙන්ම ඕක වුවමනාවෙන්මයි කරන්න ඇත්තේ. එයාට හොඳ දඬුවමක් දෙන්න ඕනෑ හැමදාටම මතක හිටින්න (නි)
ඇත්තම කියනවා නම් මටත් නින්ද යනවා, නින්ද ගියාම ළඟ කවුද ඉන්නේ කියල තේරෙන්නේ නෑ, මේ ප්‍රශ්නේ මානුෂීය පැත්තකුත් තියන බව අමතක කරන්න නරකයි. (ස)
අනේ රාජනී, දුක තමයි රන්ජනී, (ස)
ඇත්තටම නින්ද ගියාද ,නිදා ගත්තා වගේ හේත්තු වෙලා යන්න හැදුවද කියලා දන්නේ ඔහුම තමා. කොහොම වුණත් ගැහැණු ළමයෙක් අකමැත්ත ඉඟියෙන් හරි පෙන්නනවා වචනයෙන් කියන්න දහිරියක් නැත්නම්. ඔහු බොරුවට නිදා ගත් නිසා අකමැත්ත ගණන් නොගෙන ඉන්න ඇති. පැය 5- 6 ක් ලොකු මානසික පිඩනයකටත් ලක්වෙන්න ඇති. ඒ නිසයි පැමිණිලි කරන්නට ඇත්තේ. ඔහු හිතා මතා එය කළා නම් එය වරදක්. පොඩි හෝ ලොකු වුවත් වරද වරදමයි. (නි)
තිලක්ගේ අදහස් බලන්න. අහිංසක වින්දනයක් ලබනවලු . තව කෙනෙකුට හිරිහැරයක් කරලා ලබන අහිංසක වින්දනේ. අනේද කියන්නේ. තරුණ ළමයි ඉන්න තාත්ත කෙනෙක් නේද මෙහෙම කියන්නේ. ඔය වයසේ නාකි මිනිස්සුන්ගෙන් තමා බස් වලදී කාන්තාවන් වැඩිපුරම අපහසුතාවයට පත්වෙන්නේ. මානසික ලෙඩ්ඩු. (නි)
රන්ජනී මගෙන් අහගන්න එපා.අපි ඔයාලා වෙනුවෙන් අදහස් දක්වලා මිනිස්සුන්ගෙන් බැනුම් අහනවා (නි)
මම දවසක් බසයේ යන විට සීට් එකේ වාඩිවෙලා නින්ද ගිහින් දොග් ගාලා බිම වැටුනා ( ඕක නින්ද හැටිය) (නි)
රංජනී යාලු වෙන්න තිබ්බා ඇහැරලා හිටියා නම්.නිදි අය එක්ක කොහොමද යාළු වෙන්නේ? (නි)
මිනිස්සු දැන් හැඟීම් වලට යටත් වෙලා ඉන්නේ
ස්ත්‍රීවාදය ගැන හෙළිදරවු වෙනවට සමහරු බයයි වගේ (නි)
ඉතින් ඉතින් රංජනී , ඊට පස්සේ! (නි)
දිසානායක මහත්මයාගේ කථාවේ සැබෑ යථාර්තයක් ගැබ් වී තිබෙනවා.නමුත් ඒ යථාර්තය තේරුම් ගන්න සමහරක් උදවියට නොහැකි වීම කණගාටුවට කරුණක්. (නි)
අනේ රන්ජනියෝ ඊයේ රෑ මම ඔයත් එක්ක බස් එකේ ගියා. කියන්න ඔයා මාත් එක්ක යාළුද කියල? "උත්තර එනකන් පපුව පැලෙන්න වගේ."(නදී)
හේරත් එහෙනම් ඔයාගේ පපුව පැලෙනකන් රංජනීට කරන්න දෙයක් නැහැ. මොකද රංජනී කියලා තියෙන්නේ ලස්සන කොල්ලෝ ගැන!! (නි)
දිසානායක මහත්තයා සහතික ඇත්ත කියලා තියෙන්නේ. (නි)
නිකන් නින්ද ගියාට කමක් නැහැ. එයාටත් තිබුනේ හොදට හේත්තු වෙලා නින්දක් දාන්න. (නි)
උරය...උරය....මාර උරයක් නෙව ඒක. පව් දෙය්යනේ.(නදී)
මගියාට ඇත්තටම නින්ද ගියාම සංයෝජන නැති වෙනවා. (නි)
කාන්තාවන්ට දැන් කාලේ පාරේ තොටේ යන්න බැහැ
කාන්ත හිංසනයට විරුද්ධ වන්න ඒ සදහා ඔබට සදාචාරාත්මක අයිතියක් ඇත.මන්ද ඔබගේ මවද කාන්තාවක් බැවිනි.මෙතැන් සිට මේ තීරයට අදහස් දමන විට පළමුව තමන්ගේ මවත් සහෝදරියනුත් සහ සමස්ත කාන්තා පක්ෂයේ ගරුත්වය ආරක්ෂා වන ලෙස අදහස් දක්වන්න .එසේ නොමැති පුද්ගලි මවු කුසකින් එලිය නොදුටුවෝ වෙති . (නි)
ඇත්තටම බස් වල යනකොට නම් නින්ද යනවා. දුර ගමනක් නිසා නැගිටලා යන්නත් බැහැ. තත්පර ගණනට බෙල්ල කඩා වැටෙනවා. පව් අහිංසක මගියා (නි)
ඔය සාපරාධී කේස් එකක්නේ නේ දූෂනය කළේ නැහැනේ. එතකොට තංගල්ල, අකුරැස්ස,කොටකෙතන,මහරගම පලා බබාලට ඔය නීති බලපාන්නේ නැද්ද?(නදී)
මටත් බස් එකකට නැගපු ගමන් නින්ද යනවා. බෙල්ල කඩා වැටිලා බැනුම් අහපු වාර ගනන අනන්තයි. ඒත් ඔච්චර දුර දිග ගිහිල්ල නැහැ. පුලුවන් තරම් ගෑනු නැති සීට්වල වාඩි වෙන්ඩ.(නදී)
ඔන් බලාපිය, මේන් බලාපිය දකුණුලකේ සිරි.(නදී)
නින්ද යන්න ඇති ඒ මනුස්සයාට
කාන්තාවන් අතවර වලට ලක් වෙන්නේ කාන්තාවන්ගේ වරදින් පමණයි
මේක කියවපු කාටවත් ආයේ බොරුවට නොවේ ඇත්තටමවත් බස්වල නම් නින්ද යන්නේ නැතිවෙයි.(නදී)
මගේ උර හිසේ කොච්චරනම් නිදාගෙන තියනවද? මම කවදාවත් මොනවත් කියලා නැහැ. අහිංසක පිරිමි. ඕක ගෑනු කෙනෙක් කරානම්.(නදී)
දුර ගමන් සේවාවල තනි ආසන තමා හොඳම. නැත්නම් ලොකු කරදර වලට මූණ දෙන්න වෙනවා. (නි)
පොදු බස් වල ඔය වගේ දේවල් සිදු වෙනවනේ. ඕක ඔච්චර දෙයක් නෙමෙයිනේ. තරුණියගේ උරහිසට හිස තබාගෙන ගියා කියලා ගෙවුනේ නැහැනේ (නි)
ඔය වයසට ඔහොම තමයි අනේ! (නි)
මමනම් කවදාවත් ඔය වැඩේ කරන්නේ නෑ (අ)
නිදාගන්නම ඕනෑ නම් ඉදිරි අසුනේ ඇන්දට හිස තබා නිදාගන්න (නි)
ඉත්සෙල්ලම මා ගැ කතා කලොත් මට නම් නිදියන තැන මාරු උනොත් ලේහෙසියෙන් නින්ද යන්නේ නැහැ. අමාරුම අවස්තාවක නිදි කිරා වැටුනත් අවට පරිසරය ගැන පොඞි හෝ හැගීමක් එනවා. ඒත් මෙ ප්‍රශ්ණය මෙ විදියට බැලුවොත් අපේ රටේ 100/90 කට වැඩි පිරිසක් අවම පහසුකම් මැද දුක්විදිමීන් විසාල මානසික පීඩනයකින් ඡිවිතය ජීවත් කරවන්න උත්සහ කරවමින් සිටිනවා. අප ලොව විශාලම ආදරය දයාව කරුනාව සහ බුද්ධිමත් දර්ශනයක්ද සහිත ආගමික මාර්ගයක ගමන් කරමින් සිටිමු. ඵබැවින් මා හට මෙසේ සිතේ! මිනිසෙකුවන මට සතෙකුට වඞා යමක් කල හැකිය එය නම් කතාකිරිමය. එසේනම් ඔවුන් දෙදෙනාගෙන් එක් අයෙකුට හෝ කතා කිරිමේ හැකියාවක් තිබුනේද? බසය තුල සිටිය උන් අයට ගත හැකි ඌ බුද්ධිමත්ම තිරනය ඉතුරු(10)ගෙන ඇති බවක්ද? (නදී)
නිල්මිණී විතරයි හරියට තේරුම් ගත්තේ. අනිත් කාන්තාවොත් තේරුම් ගන්නකො අපි කොච්චර අහිංසකද කියලා. (නි)
උර හිස මත බෙල්ල තැබීමත් ලංකාවේ සාපරාදී ක්‍රියාවක් . මිනි මරණ අයට ගස් බඳින අයට . හොටෙල් වල ගිහින් අහිංසකයන්ට ගුටි බැට දෙන ඒවා සාපරාදී නොවේ එහෙනම්. අර අහිංසකයට තදින් අවවාද කර ඇරියනම් ඉවරනේ . එහෙම නැතිනම් මානසික වෛද්‍ය වරයෙක් ගාවට ඇරියනම්. අබුද්දස්ස කලේ ලබුත් තිත්තලු.(නදී)
උපුල්, ඔව් අනේ ඕවා ඔච්චර ගණන් ගන්න ඕනෙද, අනික දැන් 2013 වසරනේ.(නදී)
නිල්මිණි ඔයා මීට පස්සේ බස් වල යනකොට 3ක් යන සීට් වල මැදින් වැඩිවෙන්න, එතොකොට එකපාර ඔයාගේ සේවය දෙන්නේකුටම දෙන්න පුළුවනි.(නදී)
මටත් ඔයිට වඩා කරදරයකට මුණ දෙන්න උනා කොලඹ ඉදන් ඒ.සී එකක යද්දී. ඔය වගේ ගැටළු වෙන නිසා මම ඉස්සරහ ආසනයක ඉද ගත්තේ. ඔය උන ප්‍රශ්නේ මම ගමනා ගමනා කොමිසන් සබාවට පැමිණිලි කලා. ගොඩක් ඉස්තුති වන්ත වෙනවා මම ඒ මහත්වරුන්ට. සාදාරන විදියට ඒ පැමිණිල්ල විභාග කලා. මට උන දේ කොන්දොස්තරට යි රියදුරාටයි කිව්වම ඒ ගැන අවදානය යොමු කලේ නැති එකට බස් එකට විරුද්දව කටයුතු කලා.(නදී)
ඇයි කොල්ලෝ කෝච්චියක බෙල්ල තිබ්බේ.(නදී)
දිසානායක, ඔය වගේ සුදනෝ වෙන්න හදන අය අපි ඕනා තරම් දැකල තියනවා. මෙලොව උපදින හැම මිනිහෙකුටම ආසාව කියන එක අඩු වැඩි වශයෙන් තියනවා. නැතිනම් මේ ලෝකේ පැවැත්මක් නැහැ. එය එක්තරා ප්‍රමාණයකට පාලනය කරන හින්දා තමයි අපි තිරිසනුන්ගෙන් වෙනස්වෙලා ඉන්නේ. එක්තරා වයසකදී, එක්තරා අවස්ථාවකදී අපි නොදැනුවත්වම ඔය පාලනයෙන් අපි මිදෙනවා. එවැනි වෙලාවට ඔය වගේ අහිංසක වින්දන අපි ලබනවා. හොදම දේ ඕක මහා කන්දක් නොකර අවවාද කර නිදහස් කරන එක. ඇය වැදගත් සීලාචාර ගැහැණු ළමයෙක් නම් එයයි කල යුත්තේ. වැදගත් උගත් ගෑනු ළමයෙක් උසාවි ගානේ රස්තියාදු වෙන්නේ නැහැ. දිසා කතා කරන්නේ උපාසකයෙක් වගේ. යමෙකුට ඇගිල්ල දික්කරන කලින් තමන් ගැනත් ටිකක් හිතල බලන්න.(නදී)
නිල්මිණි ඔයා යන මාර්ග අංකය එහෙම කියන්න එපා. නැති අවුලක් වෙයි.(නදී)
නුවර ඉදලා කොළඹ යනකල් නංගි කෙනෙක් මගේ උරහිසේ නිදාගන මට හරියට කරදර කලා. මට එතකොට සාපරාදී බලහත්කාර කමකට නීතියේ පිහිට ලබාගන්න පුලුවන්ද?(නදී)
ගොඩක් අය නොදන්නවා උනාට ස්ත්‍රී දුෂණවලට විතරක් නෙමේ මේ වගේ හිංසන වලට විරුද්ධවත් නීති තියනවා. සමහර පිරිමි අය බස්වල යන්නේ මුළු සීට් එකම එයාගේ කියල හිතාගෙන. ළඟ ඉන්න ගැණු කෙනා අමාරුවෙන් අර පුංචි ඉඩේ වැඩිවෙලා යන්න ඕනි. එයාලටත් අම්මල සහෝදරියෝ දුවලා ඉන්න බව මතක නැහැ එතකොට.(නදී)
පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වන්නේ මොකටද?? තරුණයා මිනීමැරුම්, ස්ත්‍රී දූෂණ හෝ මත්ද්‍රව්‍ය ජාවාරම් වලට විත්තිකාරයෙක් ද කියලා බලන්නද?? (නි)
දවසක් මම බස් එකේ යද්දී ගෑනු කෙනෙක් මගේ උරේ හිස තියාගෙන නිදා ගත්තා. මම කිසිවක් කිවුවේ නැහැ.බහින තැනදී කතා කරලා නැගිට්ටුවා. ඒ කාන්තාව මගෙන් සමාව ඉල්ලුවා. එයා දන්නේ නැතුවම නින්ද ගියා කියලා. සමහර අයට බස් වලදී වාහන වල ගමන් කරන කොට නින්ද යනවා. නමුත් මේ සිද්ධිය කොහොම එකක්ද දන්නේ නැහැ (නි)
දිසානායක වෙනි අය අර දෙපැත්තටම නැති අය වගේ. කවුරු හෝ අදහසක් දැම්මම අපහාස විදියට අම්මා ගැන කරුණු කියන්නේ. අදහස් වැරදී හෝ හරි බව කියන්න. (නි)