(කමල් ශ්‍රී ලියනගේ - කොස්ගොඩ)
බස් රථයක් තුළදී තරුණියන් පිරිසකට නිරුවත පෙන්වූ 58 හැවිරිදි අනංගයකු ගුටිබැට පූජාවක්ද දී පොලීසියට බාරදීමේ සිද්ධියක් අම්බලන්ගොඩ ප‍්‍රදේශයෙන් වාර්තා විය.
මෙම බසය අම්බලන්ගොඩ බස් නැවතුමේ සිට බද්දේගම දක්වා ධාවනය කිරීමට සුදානම්ව තිබුණි. බසය පිටත් වීමට තවත් විනාඩි කීපයක් තිබූ අතර සෑහෙන සෙනගක් එයට ගොඩවී සිටියහ.
පිටුපස අසුනේ දඟකාර තරුණියෝ කීපදෙනෙක් උසුළු-විසුළු කරමින් විනෝදයෙන් සිටියහ. ඉදිරි අසුනක වාඩිවී සිටි පුද්ගලයකු හිටි හැටියේම සරම බුරුල් කොට තරුණියන්ට නිරුවත පෙන්වා තිබේ. මේ අශෝභන සිද්ධියෙන් බියට පත් තරුණියක් කෑ ගසා බසයෙන් එළියට පැන බස් නැවතුමේ සිටි අයට සිද්ධිය පවසා ඇත.
පිරිමින් කීපදෙනෙකු එකතුවී ඔහුට හොඳ ගුටිබැට පූජාවක් දී ඔහු අම්බලන්ගොඩ පොලීසියට බාර දෙනු ලැබීය.
කළ වරදට ඔහුට පොලිස් සිර මැදිරියේ පැය කීපයක් ගත කිරීමට සිදුවිය.
දඩබ්බර කිරි එළදෙන මෙල්ල කරන්නට ගිය නිවෙස් හිමියාට බිරිඳට වෙදකම් කිරීමට සිදු වු පුවතකි මේ. සිද්ධිය වාර්තා වෙන්නේ යාපහුව අඩවියෙනි.
අංක හුටපටයෙන් විදෙස් අවුරුදු කුමාරි මාරුවී සංවිධායකයන්, නරඹන්නන් සහ තරගකාරියන් අලි අමාරුවක වැටුණු පුවතක් ගාලු දිසාවේ සංචාරක හෝටලයකින් අසන්නට ලැබේ.
අවුරුද්දේ අරක්කු බීමට මුදල් නොමැතිව සිටි තරුණයන් කීප දෙනකුගෙන් දෙදෙනකු කාන්තා බූරු පිටියකට පැන බියට පත්කර එහි තිබී එකතු කරගත් මුදල්වලින් යහමින් මත්ප
අලුත් අවුරුදු පාටියට ගොස් අලුත් ජූස් එකක් පානය කොට අලි අමාරුවක වැටුණු අයකු පිළිබඳ පුවතක් වතුගෙදරින් අසන්නට ලැබේ.
භුත දෝෂයක් - ශරීරයට ඇතුළු වී සිටි හිරිමල්වියේ පසු වූ තරුණියක ශාන්තිකර්මයක් අතරතුර පොළොවේ පෙරළෙමින් මරළතෝනි දී කෑ ගසා සිය ස්මාට් ජංගම දුරකතනය ඉල්ලා සි
වඳුරු උවදුරෙන් බේරෙන්න පාදුක්ක ප්‍රදේශයේ එක්තරා පුද්ගලයකු වඳුරු වෙස් මුහුණක් දමාගෙන වඳුරන් පන්නා දැමීමට යාමේ දී රැලේ නායක වඳුරා ඔහුව සපා කෑමට පැන වි
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
බසයේදී රඟපෑ ‘අනංග සීයා’ පොලිසියේ
නන්දන පනාගොඩ මිලානෝ Tuesday, 18 November 2014 11:34 PM
බම්බලපිටිය සහ වැල්ලවත්ත දුම්රිය පොළවල් අසළ මුහුඳු තීරයේ මෙවැනි මිනිස්සු ඉන්නවා. (නි)
සිරිසේන Saturday, 15 November 2014 05:44 PM
ගල් ගහන්නම තමා තියෙන්නේ....(දිල්)
පිටිගල Saturday, 15 November 2014 03:31 AM
දැන් හැදෙන ගැණු ළමයි ජීවත් වෙන්නේ අමුතුම ලෝකෙක. පොතෙන් ඉගෙන ගත්තට සාර ධර්ම හෙළ සිරිත් විරිත් මොකුත්ම දන්නේ නැහැ.(හේ)
චමිලා Saturday, 15 November 2014 04:07 AM
අනේ සීයේ පඩුවේ හිටියා නම් ඔය මුකුත් නෑනේ.(හේ)
රවී Monday, 17 November 2014 02:18 PM
මොනා වුණත් .. මේවගේ දේවල් හොඳ සිහිකල්පනාවෙන් වෙන දේවල් නොවේ . එ්නිසා ගුටිබැට පුජාවල් දෙනවාට වැඩිය හොඳියි මානසික දොස්තර කෙනෙකුට මෙයා හඳුන්වාල දෙන එක . පිස්සන්ට ගහලා පව් සිද්ධ කරගන්න එපා..!(හේ)
දේවිකා Saturday, 15 November 2014 04:30 AM
නාකී කමට නෙමෙයි වැඩ.(හේ)
ඉසුරන්දි දෝහා Sunday, 16 November 2014 04:45 AM
කවුරු හරි හෝ වැරදි ,මෙතන වැඩිහිටියෙකුගෙන් බාල පරපුරට දීල තියෙන ආදර්ශය නම් බොහොම කැතයි.(දිල්)
අශෝකා Saturday, 15 November 2014 06:39 AM
පසල් යන නංගිලට ඔහොම වන්නත් ඔනෙ.මොකඩ එයල හිතාගෙන ඉන්නෙ එයල ඔක්කොම දන්න අය කියල. අද කාලෙ නංගිලට යන්තම් අවුරුදු දහය වෙන කොට හොයන්නෙ ලොවෙ කරන්න හොඳ කොල්ලො (අ)
කුලතුංග Monday, 17 November 2014 08:27 AM
හොඳ වැඩේ (නි)
මනෝජ්-සාජා Monday, 17 November 2014 02:20 AM
දමයන්ති එතැන හිටියා නම් මොකද කරන්නේ? (නි)
දයා අලහකෝන් Sunday, 16 November 2014 08:35 AM
මෙතෙනදී දෙගොල්ලම වැරදී. (ර)
සුමිත් Monday, 17 November 2014 08:41 AM
වයසේ හැටියටද වැඩ.(හේ)
සිරිසේන Monday, 17 November 2014 02:55 AM
කියලා වැඩක් නැහැ දමයන්ති හිටියා නම්... මොකටද මගේ කට! (නි)
සුමේධ Saturday, 15 November 2014 10:41 AM
හොද වැඩේ.මේ මිනිස්සුන්ට අල්ලගෙන ගල් ගහන්න ඔනේ.(හේ)
ප්‍රනීත් Friday, 14 November 2014 08:08 PM
දුරගමන් සේවා මාර්ග අංක 87 මාර්ගයේත් ගැහැණු ළමයෙකුට තරුණකම පෙන්වපු අන්කල් කෙනෙකුටත් බීපු කිරි මතක්වෙන්න බස් එක ඇතුළෙදි සැළකුවා. (නි)
දසනායක Friday, 14 November 2014 08:51 PM
සීයාට කන්කරච්චලේ ඉවසගන්නම බැරුව යන්න ඇති. (නි)
අජේ Sunday, 16 November 2014 02:09 PM
දේවික ඔය අස නැද්ද (අ)
අමල් Friday, 14 November 2014 11:46 PM
සීයාගේ රංගනය නම් බොහොම අශෝභන වැඩක්. නමුත් කියන්න ලැජ්ජයි ,බසයක යන පාසල් ගැහැණු ළමයි සහ වෙනත් ගැහැණු ළමයි ළඟ ඉන්න බොහොම අපහසුයි. එතරම්ම අශෝභනයි කතාව.හරියට බස් එක තමන්ගේ පුද්ගලික දෙයක් වගේ. සීයා බැරිම තැන අරවගේ දෙයක් කරන්න ඇති.හැමෝටම පෙනිලා තියෙන්නේ සීයාගේ වැරැද්ද පමණයි. තරුණියෝ නිවැරදිද? හරිම පුදුමයි.සීයාට දෙවියන්ගේම පිහිටයි! (නි)
ධනුක Saturday, 15 November 2014 01:17 AM
දැන් කාලයේ සමහර තරුණියනුත් මේ වගේ දේවල් වලට අතවනන විදියට තමයි හැසිරෙන්නේ. එක පාරක් නුවර කොළඹ පුද්ගලික බසයක මෙහෙම කෑගසමින් හැසිරුණු තරුණියන් කල්ලියකට මුළු බසයේම මිනිස්සු බනින්න පටන් අරගෙන කරබාගෙන ඉතිරි දුර යන්න වුණා. (නි)
පිටබැද්දර ජයා Monday, 17 November 2014 05:36 AM
දමයන්ති, ඔයා එතන හිටියා නම් ඔයාට නුල් බඳින්න වෙනවා (නි)
අසේල Monday, 17 November 2014 12:51 PM
අනේ පව් සියාට වෙච්ච දෙයක්.තරුණ කාලේ මතක් වුණාද දන්නේ නෑ.(හේ)
දමයන්ති Sunday, 16 November 2014 04:22 PM
අපරාදේ! මම හිටියේ නැහැනේ මෙතන? හිටියා නම්.... (නි)