බසයෙන් හොරෙන් ගත්ත බඩු මල්ල පැටලී නයි මල්ලක් ගෙදර රැුගෙන ගිය පුද්ගලයකු පිළිබඳව පොතුපිටිය ප‍්‍රදේශයෙන් වාර්තා වේ. සිද්ධිය මෙසේය. ඔහු පොතුපිටියට ආසන්න ගමක ජීවත් වූ පුද්ගලයෙකි.
ගෙදරින් රැගෙන එන මුදල්වලින් මත්පැන් පානය කරන ඔහු සතිපොළ පැවැත්වෙන දිනයේදී බසයේ සිටින කාගේ හෝ බඩු මල්ලක් අරගෙන බසයෙන් බසිති. සිද්ධිය වූ දිනයේද නගරයට පැමිණ ගෙදරින් ගෙනා මුදල් සියල්ල ඉවර වනතුරු මත්පැන් පානය කර බසයට ගොඩවී ඇති අතර නියමිත තැනින් බැසීමේදී සූර්පිට තෙලිඟු පුද්ගලයකුගේ නයි මල්ල රැගෙන බසයෙන් බැස වටපිට නොබලාම ගෙදර ගොස් ඇත.
මල්ල කුස්සියෙන් තැබූ පුද්ගලයා අන්න බඩු ගෙනාවා, පොළේ බඩු අඩු හින්දා වැඩිපුරම ගෙනාවා යැයි කීවේ මල්ලේ බර නිසා එළවළු ගොඩක් ඇති බව සිතාය.
කුස්සිය දෙසින් තම බිරිය කෑගසනු ඇසී ඒ දෙසට ගිය ඔහුට දක්නට ලැබුණේ පෙනය විදහා සිටින නාගයාය. බිරියගේ දෝස්මුර මැද්දේ නාගයා එළවා දැමූ ඔහු මින් මතුවට නොබොන බව කීවාලූ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තෙලිගු කියන්නේ කාටද ? (ස)
හොඳ වැඩේ (හේ)
අපි ඉස්කෝලේ යන කාලේ සිංහල අච්චු පොතේ තිබුනා තෙලිගු කවි කියලා පාඩමක් (නදී)l
සිය බිරිඳගේ ඉල්ලීම් කණකට නොගෙන කණමදයා වගේ හැමදාම බීගෙන ගෙදර එන මේ මිනිහාට, නයෙක් හොඳ පාඩමක් ඉගැන්නුවා වගෙයි එහෙනම්. (ර)
නයාගේ පරණ පිනක් පලදීලා. (ස)
මඟ හිටියොත් තෝ නසී.. ගෙදර ගියොත් අඹු නසී...(ම)
තෙලිඟු කියන්නේ, අපි අහිකුන්ටික කියන අය, කොහොම වුනත් දැන් හිතල බලන්න කවුද නියම අහිකුන්ටිකය කියල, නයෙක් නටවල කියක් හරි හොයා ගන්න කෙනාද , අනුන්ගේ දේ කඩාවඩා ගන්න කෙනාද ? (බ)
තෙලිඟු කියන්නේ ඉන්දියාවේ හයිද්‍රාබාද් ප්‍රාන්තයේ භාෂාව.(නදී)
හොඳ වැඩේ ඕනෑ නැති වැඩ කරනවට (නි)
හයිද්‍රාබාද් කියන්නේ නගරයක්. තෙළිඟු භාෂාව අයත් වන්නේ ආන්ද්‍රා ප්‍රදේශ් කියන ප්‍රාන්තයට. දැන් එතැන ප්‍රාන්ත දෙකක්. අනෙක තමයි තෙලංගානා කියන ප්‍රාන්තය. මේ දෙකේම කතාකරන්නේ තෙළිඟු කියන භාෂාව. මේ මිනිසුන්ව හඳුන්වන්නේ තෙළිඟු මිනිසුන් ලෙසයි. කියැවෙන හැටියට ලංකාවේ ඉන්න අපි අහිකුණ්ඨික ලෙස හඳුන්වන මිනිසුන් මේ තෙළිඟු කියන ජන වර්ගයට අයිති අයයි. මේ ප්‍රාන්තය පිහිටා තියෙන්නේ තමිල්නාඩුවට උතුරින් දකුණු ඉන්දියානු කලාපය තුළයි. (නි)
අණ්ඩර දෙමළ යැයි කියන්නේ මේ තෙළිඟු භාෂාවටය. එම භාෂාව පාවිච්චි කරන්නේ අන්ද්‍රා ප්‍රදේශයේය. (ස)
අන්ඩර දෙමළ කියන්නේ අන්ද්‍රා ප්‍රදේශ් වල ඉන්න අය ටැමිල් අය කතා කරන දෙමල. අපේ ලංකා වේ කතා කරන දෙමල වලට වඩා වෙනස් නිසා අපේ මිනිස්සු " මේ මොන අන්දර දෙමල යක් ද කියන්න පටන් ගත්තා (නදී)