(නයිනමඩම- චන්දන ප‍්‍රනාන්දු)
දීර්ඝ කාලයක් ඉතාලියේ සේවය කර පැමිණ බස් රථයකින් ගමන් කරමින් සිටි තරුණයකුට බස් ටිකට් එක හා ගුවන් ටිකට් එක මාරු වී සිදු වූ අකරතැබ්බයක් මීගමුව හලාවත බස් රථයකින් පසුගියදා වාර්තා විය.
මෙම තරුණයා ඉතාලියට ගොස් වීසා ලැබුණත් ලංකාවට නොපැමිණ දීර්ඝ කාලයක් එහිම රැුකියාව කරමින් ජීවත් වී ඇත්තේ එම පරිසරයට ඔහු වශී වූ නිසා බව වාර්තා විය. කෙසේ වෙතත් මවුපියන්ගේ හා සහෝදරයන්ගේ බල කිරීම නිසාම ලංකාවට ආ මෙම තරුණයා හැසිරුණේ යුරෝපීය ජාතිකයකු වගේමලූ.
ආපසු ඉතාලියට යාමට ළංවී ටිකට් පතේ දිනය තහවුරු කර ගැනීමට අගනුවරට යහළුවකු සමඟ වාහනයක යන්නට සිටියත් බස් රථයේම යන්නට තීරණය කළ මේ තරුණයා මීගමුව බලා යන බස් රථයකට ගොඩ වී ඇත. කොන්දොස්තර මුදල් ගෙන ටිකට්පත දුන්නත් තරුණයා එය විසිකර දමා ඇත.
ටික වේලාවකින් ටිකට් පරීක්ෂාකරන මහත්වරුන් බසයට ගොඩ වී මගින්ගේ ටිකට් පරීක්ෂා කරමින් එම තරුණයාගෙන් ටිකට් එක ඉල්ලද්දී දෙන්න දෙයක් ළඟ නොතිබු නිසා බයටම ගුවන් ටිකට් එක දී ඇත. කොහොමින් කොහොම හරි ටිකට් පරීක්ෂක මහත්වරුන් බස් රථයක යාමේදී ටිකට්පත ළඟ තබා ගැනීමේ වැදගත්කම පෙන්වා දී තරුණයාට අවවාද කර දඩයක් නියම කළාලූ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
චතුරි, එහෙනම් ඒක බජට් වලටත් එයාගිය ලෝබ එයාර් ලයින් එකක්. (ර)
කවුරු වුණත් හරිම මෝඩයෙක් (නි)
සුභාෂ් මොන රටේ මොන සැප වින්දත් මොලේ නම් හැදිලා නැහැ (නදී)
බෝට්ටුවෙන් ඉතාලි ගිය කෙනෙක්ද කොහෙද (නි)
ගොඩක් දවසකින් සමදරා අක්කා ඉන්නවනේ! (නි)
එකත් එකටම ඔය මිගමුව වෙන්නපුව පැත්තෙන් ඉතාලි ගිය කෙනෙක් වෙන්නට ඕනෑ. ඔවුන් තමා මෙසේ හැසිරෙන්නේ (නි)
අනේ ඇත්තට මෙහෙමත් මිනිස්සු! (නි)
ගුවන් ගමනකදිනම් වෙනත් විස්තර තියෙන නිසා ටිකට් එක නැතත් යන්න පුළුවන්. මෙයාගේ මේ බොරු ෂෝක් එකක්. (අ)
ඕවට කියන්නේ අර මොනෂෝ කියල (අ)
හරි හරි චතුරි ,මම දන්නවා ඔයා කියන ගුවන් සමාගම. (නි)
අනේ සමදරා අක්කේ, මම නම් ඔය බස් වල කෝච්චි වල හිරවෙවී, මිනිසුන්ගේ "කුඩ මිටි" වලින් ඇනුම් කාගෙන යන්න කැමති නැහැ. මගේ පොඩි කාරකින් ගමන් බිමන් යන්න තමයි කැමති. (ර)
ඕවට කියන්නේ ෂෝ කියලා. (ර)
බලාගෙන ඔහොම යනකොට හාමිනෙයි වෙන අයවයි පැටලෙයි. (ර)
ගුවන් යානයේ කෑම බෙදන කොට එක ගෑණු කෙනෙක් කෑම එපා කිව්වලු .ළඟ හිටපු මනුස්සයා ඇහුවලු ඇයි කියලා .අනේ මහත්තයෝ ඕවට ගෙවන්න සල්ලි මගේ ළඟ නැහැ කියලා .(ම)
සුබෝධනී, බස් කෝච්චි වල සෙනග වැඩි තරමට මම ආසයි (බ)
මට නම් මේ. ඇත්ත කතාවක්ද ප්‍රබන්දයක් ද කියලා නොසිතුනාමත් නොවෙයි.මෙය ඇත්ත නම්,මේ දවස් වල දේශපාලන වාද පිටියේ රැව් දෙන "බත් කන හරක්"කියලා කොට්ටාසයක් ගැන කියවෙනවානේ.මෙයත් එහෙම කෙනෙක් ද දන්නේ නැහැ. (හේ)
සමදරා, අපි දෙකේ පන්තියේ ඉගෙනගන්න කාලේ කියලා දුන්න කතාවක් මතක්වුණා.එකෝමත් එක රටක නරියෙක් කිවුවාලු,අපෝ! මේ මිදි කාටද ඕනෑ,හරිම ඇඹුල්නේ කියලා. (නි)
සුභාෂ්,සමාවෙන්න....නොදන්නා නිසා ඇහුවේ. ඔබතුමා ඩුබායි වල සැප සම්පත් විඳින්න ගිය කෙනෙක්ද? ඉඳි වතුවල අයිතිකරුවෙක්ද? (නි)
පහන්, එම කාන්තාව හරි. මේ ගුවන් යානය කෑමට පමණක් නෙමෙයි පොරවනයටත් මුදල් අයකරනවා. මගේම අත්‍දැකීමක්. මගේ ළඟ සිටි ගැහැණු කෙනා ඩුබායි වලින් මෙයට ගොඩවුණේ. ටික වෙලාවකින් එයාට හරිම සීතලයි කියා මට කිව්වා. මම එහි සේවිකාවට කතාකර බ්ලැන්කට් එකයි,කෝපි එකයි ඉල්ලුවා. මට බිලක් දුන්නා පළමුව ගෙවන්න. මම ඩොලර් 2 දී කෝපි එකක් පමණක් ගෙනදුන්නා (නි)
මට නම් හරිම ලැජ්ජයි ලංකාවේ කියලා කියන්නත්. අපි මෙහෙ ඩුබායි වල කොච්චර හොඳට ඉන්නවද? (නි)
මමත් බස් කෝච්චියෙ යන්න හරිම ආසයි. කාර් එපා මට (අ)
දුන් ටිකට්පත විසි කරදැමීම යුරෝපා ජාතික හැසිරීමක් නම් නොවේ.(ම)
ලැජ්ජාවේ බෑ.(හේ)
වගේ හැසිරුනත් මොලේ තරම පේනවා ටිකට් එක පරීක්ෂා කරගන්න අගනුවරට ගිය එකෙන්. ඉන්ටෙර්නෙට් හැමතැනම.(හේ)
පිටරට හෝ ලංකාවේ හිටියත් ගමනක් යනවිට ප්‍රවේශ පතක් ලබාගත්තාම ඒ ගමන අවසානය දක්වා තමන් ලඟ තබාගන්න ඕනි. ලෝකයේ කොයි රටක හිටියත් නීතිය එකයි. අනික බස් එක යන්නේ උඩින් නොවෙයිනේ.ගුවන් ටිකට් එක දෙන්න. (ම)