(පී.ජේ. සුබසිංහ ආරච්චි - සූරියවැව)
කායික රෝග විශේෂඥ වෛද්‍ය වරයකු හමුවීමට පෞද්ගලික වෛද්‍ය ආයතනයකට පැමිණි වයසක මවකට, වැට් බදු හේතුවෙන් රෝහල් ගාස්තු වැඩිවී ඇති නිසා ගෙනෙන ලද මුදල් මදිවීමෙන් වෛද්‍යවරයා හමුවීමට නොහැකිවී ‘‘වැට් එකෙන් නොව මඩුවලිගෙන් අපට ගහන්න ඕනෑ’’ යි කියමින් පිටව ගියාය.
මෙම පෞද්ගලික වෛද්‍ය ආයතනයට පැමිණි වයසක මව මුදල් කවුළුව වෙත ගොස් අදාළ වෛද්‍යවරයාගේ නම කියා රිසිට්පත ගෙන රුපියල් 900 ක් දුන්නාය.
රුපියල් නමසීයට බැහැ අම්මා. දැන් රුපියල් එක්දහස් පනහක් ඕනෑ.
ගිය වාරෙ පෙන්නුවෙ රුපියල් නවසීයට දැන් අම්මෙ වැට් එක නැගලනේ. මොකක් වැට් එක වැට් එකෙන් නෙවෙයි අපට ගහන්න ඕන මඩුවලිගෙන් යයි කියූ මව වෛද්‍යවරයා හමු නොවී පිටව ගියාය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පුද්ගලික වෛද්‍ය ආයතන වල වෛද්‍යවරුන් අසාධාරණ අයුරින් මුදල් ඉපැයීම රජය මැදිහත් වී වළක්වන්න (නි)
මෙය කියවද්දී මගේ ඇහැට කඳුලක් නැඟුනා. මේ අසරණ මව රුපියල් නවසීයත් හොයාගන්න ඇත්තේ බොහොම අමාරුවෙන් වෙන්න ඇති. ඇති හැකි අය මෙම අසරණයින්ගේ ඡන්ද වලින් කෝටී ගණන් වල සුඛෝපභෝගී වාහන වල යද්දී මෙයාලට වෙලා තියෙන්නේ හුළං බොන්න. නුඹේ කෝපය සාධාරණයි අම්මේ..! (නි)
මෙන්න මේකට තමයි දොස්තරලා දත කන්නේ. දොස්තරට කුට්ටිය, මහලු මවට වැට් එක. ප්‍රමිතිගත ගුණාත්මක හොඳ අධ්‍යාපනයක් ඇති සිසුන්ට පුද්ගලික වෛද්‍ය විද්‍යාල වලින් උපාධි පිරිනමලා ඔය එ්කාධිකාරය බිඳින්නම වෙනවා (නි)
බෙහෙත් වලට වැට් නැහැ කියලා ඇමති කිව්වා නේද? වෛද්‍ය සේවයට වැට් නැති කළයුතුයි. (නි)
ඔබට සතුටුයිද දැන්? (නි)
පාලන මිලක් යොදා පාරිභෝගික අධිකාරියෙන් පාලනය කළ හැකිනම් වඩා සුදුසුයි (නි)
වැට් එක ගන්නේ දොස්තරද? (නි)
රජිත්, මම ඔබ සමඟයි (නි)
මම නම් හිතන්නේ රජය මැදිහත්වෙලා රජයේ සහ පුද්ගලික වෛයිද්‍යවරුන්ට ස්ථිර ගණනක් නියම කළයුතුයි. (නි)
සිගප්පුරු අගමැති තුමා වරෙක කියල තිබුන රට හුස්ම ගන්නවටත් බදු ගහන්න පුලුවන්නම් කරනවා කියලා, දෙවන ලෝක යුද්ධේන් පස්සේ ජපානේ මිනිස්සු පඩි රහිතව වැඩ කළා රට වෙනුවෙන්, අපි ඉතින් හැමදාම නිකන් කන්න බලන් ඉන්නේ... (ර)
හැමෝට මඩුවලිග මදිවේවි... (ර)
බෙහෙත් වලට නෑ කිව්වා . එ්ත් දොස්තර මහත්තුරු ගන්නවා. ඒ අයට මොන වැට් එක්කක්ද? ඔක්කොම ගෙවන්න වෙලා තියෙන්නේ දුප්පත් අපිට. අනේ මෙහෙමත් රටක්.(හේ)
මේ පිටබැද්දර ජයා, නිකන් බොරු මවන්න එපා. මමත් ඔය කියන රටවල් 2කේම ජීවත්වුණා. කවුරුත් නිකන් වැඩ කළේ නැහැ. දේශපාලුවන්ට කඩේ යන්න එපා. (නි)
වැට් බදු වැඩිකිරීමෙන් පස්සේ විවිධ රෝහල් විවිධ ගණනින් රෝහල් ගාස්තු වැඩිකර තිබෙනවා. වෙනදා රු. 500/- වූ කොළඹ ප්‍රධාන පෙළේ රෝහලක දැන් ගාස්තුව රු.875/- වෙලා. (නි)