අලූතින් සෑදීමට යන නිවෙස සඳහා අත්තිවාරම් කැපීමට පෙර බහිරව පූජාවක් පැවැත්විය යුතු බව ගෙදර අය කතා වූහ. මේ සඳහා සුදුසුම පුද්ගලයා කන්දේ දේවාලයේ සුද්දප්පු ගුරුන්නාන්සේ බව වටහාගත් ගෙහිමියා සුද්දප්පු ගුරුන්නාන්සේ හමුවීමට ගොස් තම අවශ්‍යතාව පැවසීය. “දැන් කීයටද ඔය නැකත තියෙන්නේ” සුද්දප්පු ගුරුන්නාන්සේ ගෙහිමියාගෙන් විමසීය. “හරියටම බ‍්‍රහස්පතින්දා උදේ හයයි පහට” ගෙහිමියා පිළිතුරු දුන්නේය. “චහ්! හරියටම එදාටම ඒ නැකතටම මට තවත් රාජකාරියක් තියෙනවා ඉස්කෝලේ මහත්තයන්ලැ ගෙදර. ඒක තමයි ප‍්‍රශ්නෙ” “අනේ ගුරුන්නාන්සේ බෑ කියන්න නම් එපා. මේක අපට කරලාම දෙන්නැ” යි ගේහිමියා ඇවිටිලි කළේය. “හරි ඒකට මම පිළිවෙළක් යොදන්නම්, මෙන්න අඩුම කුඩුමවල ලැයිස්තුව. වැඬේ ලෑස්ති කරන්න මම එන්නම්” යැයි ගුරුන්නාන්සේ පැවසීය. බහිරව පූජාව පැවැත්වීමේ වේලාට ආසන්න වුවත් ගුරුන්නාන්සේ පැමිණියේ නැත. හදිසියේම ගෙපළ කපන ස්ථානයට ත‍්‍රීරෝද රථයකින් පැමිණි ගුරුන්නාන්සේ ගෙහිමියන් අමතා, කලබල වෙන්න කාරි නෑ, අපි වැඬේ කරමු” යි පැවසීය. “ගුරුන්නාන්සේ දැන් නැකැත්වේලාව පහුවෙලා” යයි ගෙහිමියා පැවසීය. “කාරියක් නෑ. මම බහිරව උන්නාන්සේත් එක්ක කතා කරගත්තා. මම ඇස්.ඇම්.ඇස්. එකක් ගැහුවා පූජාව ටිකක් පරක්කු කරමු කියා, උන්නාසේ ඒකට එකඟවුණා” යයි ඇඟටපතට නොදැනී ගුරුන්නාන්සේ පැවසීය.“දෙයියෝ සාක්කි” යැයි ගෙහිමියාට ඉබේටම කියවුණා ලූ.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේක නම් ලංකාවේ වෙන්න බැහැ. (නි)
දැන් ඕක වෙලා තියෙන්නේ කොහෙද ?මටත් එස්.එම්.එස් එකක් යවන්න..බහිරවයගේ දුරකථන අංකයක් දෙන්නකෝ.. (නි)
බහිරව උන්වහන්සේගේ අංකය මොකක් දන්නේ නෑ (අ)
බොරුවක්ද කොහෙද? :? (ස)
පිස්සු නැත්තම් හොඳයි....(ස)
මේ වගේ විහිළු කරන අය කොච්චර ඉන්නවද ? (ස)
මම හිතුවේ ඕක තව අවුරුදු 5 කින් විතර වෙයි කියලා..(ස)
බහිරවයට ඔය දුරකතනය අරන් දුන්නේ තෙල් සංස්ථාවෙන්ද? නැත්නම් විදුලිබල මණ්ඩලයෙන්ද? (නි)
හරිම බොලද කථාවක්නේ. (නි)
අනේ බහිරවයාගේ නොම්මරේ දෙන්න බැරිද ?(නු)
අපි ළගත් තියෙන මිත්‍යා අදහස් දුරලා ගන්න මේවා හොද පාඩම්. (නි)
මේ ලංකාවෙ අලුත් සංස්කෘතිය..ආසියාවේ ආශ්චර්යය..(නු)
මෙක නොදියුණු පළාතක සිදුවුණු සිදුවීමක් වෙන්න ඇති...!(නු)
දෙයියෝම සාක්කි! (නි)
අනේ අපොයි මෙහෙමත් නූගත් මිනිස්සු ඉන්නවානෙ..!!(නු)
බහිරවයට විතරයි දුරකථනයක් අඩුව තිබුණෙ.. දැං ඒකත් හරි.. අනාගතයේදී ලංකාව හොදට දියුණු වෙයි වගේ....!!(නු)
ලංකාව පුදුම දියුණු මෝඩයෝ ඉන්නවනේ (දී)
මොඩන් සංස්කෘතියනේ (දී)
දෙන්නම එකම ජාතියෙ අය වගෙයි..!(නු)
කතාව ඇත්ත මොකද බහිරව උන්නාන්සේලා ඉන්නෙත් අපි අතරම තමා....!!(නු)
මම කිව්වා මේ යෝදයට කාටවත් කියන්න එපා කියලා මට ෆෝන් එකක් තියෙනවා කියලා.. ඉවරයිනෙ දැං ඉතිං...!! - බහිරවයා..(නු)
ෆෝන් එකෙන් නැකත් පලා පල බලන්නේ ඒ වගේ තමයි ඉතින් (දී)
ඇයි එස්.එම්.එස්. එකක් යැව්වෙ මෙල් එකක් යවන්න තිබුණනෙ...? (නු)