ඉඩමේ පිහිටීම එම නිවැසියන්ට අපල යැයි පවසමින් අල්ලපු ඉඩමෙන් අඩක් පමණ තම ඉඩමට යා කර ගන්නට තැත් කළ නක්ෂත්‍රකරුවකු පිළිබඳ පුවතකි.
සිද්ධිය මෙසේය.
ඔවුහු ගම්බද ප්‍රදේශයක පිහිටි යාබද ඉඩම් දෙකක පදිංචිකරුවෝය. එක් අයෙකු නක්ෂත්‍රකරුවෙකි. අනෙකා පෙදෙරේරු රස්සාවෙන් එදා වේල සරි කර ගන්නෙකි.
පවත්නා ආර්ථික පීඩාකාරී තත්වයත් සමග සිය රැකියාව අනතුරට ලක්වීම හේතුවෙන් පෙදරේරු රැකියාවේ නිරත වූ හෙතෙම ගතවූ මාස කීපයේ සිය ජීවිකාව කරගෙන ගියේ හතර අතේ ණය වෙමිනි.
දිනෙන් දිනම පවුලේ ණය තුරුස් ඉහළ යාම හේතුවෙන් පෙදරේරුවාගේ බිරිඳ පසුවූයේ දැඩි කනස්සල්ලෙනි. අරපිරිමැස්මෙන් වියපැහැදම් කරන්නට කොතෙක් වෙහෙසුනද එය නිෂ්පල කටයුත්තක්ම විය. අවසානයේ ඇය නතර වූයේ යාබද නිවසේ පදිංචි නක්ෂත්‍රකරුගේ නිවසේය.
සිය අත්දැකීම් මෙන්ම නක්ෂත්‍රය පිළිබඳ දැනුමද පෙදරේරු බිරිය ඉදිරියේ කිසිදු ලෝභකමක් නැතිව දිග හැරි නක්ෂත්‍රකරු ඇයට ලබා දුන්නේ අපූරු උපදෙසකි.
‘‘නංගි මම උඹලගෙ පවුලට වෙලා තියෙන වින්නැහිය දැක්කේ අද ඊයේ නෙවෙයි. ඒත් කියන්නේ කොහොමද කියලයි හිටියෙ. අනෙක උඹල දෙන්න කොයි වෙලාවෙ හරි මට ඔය ගැන කියන බවත් මම දැනගෙනයි හිටියෙ. අදටත් උඹල ඔහොම ඉන්න එකත් මට පුදුමයි’’ නක්ෂත්‍රකරු උජාරුවෙන් කියා සිටියේ තමුන් නක්ෂත්‍රයෙන් කෙළ පැමිණියකු බව අඟවමිනි.
ඔය දෝෂය ලේසි පහසු එකක් නොවෙයි. ඉදිරියේදී දරුවන්ටත් කරදර එන්න පුලුවන්. ඒකට හේතුව තමයි උඹල ඔය පදිංචි ඉඩමේ පිහිටීම. අපේ ඉඩම පැත්තට මුහුණ දාලා තියෙන ඉඩමෙ මුල්ල හරිම අසුබයි. ඔය මුල්ල නිසා අපේ ගෙදරටත් දෝෂ ඇතිවෙලා. මං ඉතින් ඔය යන්ත්‍ර මන්ත්‍ර දන්න නිසා ආරක්ෂාවක් කරගෙන ජීවත් වෙනව. ඕක කඩ න්න නම් ඔය මුල්ල නැතිවෙන විදිහට ඉඩමේ පිහිටීම කෙළින් කරන්න ඕනි. ‘‘නක්ෂත්‍රකරු කියාගෙන ගියේ පෙදරේරුවාගේ බිරිය භීතියෙන් භීතියට පත්කරමිනි.
දෙවරක් නොසිතූ ඇය ඉඩම් ඇදය හරිගස්සන්නට යෝජනාව ගෙන ආ නක්ෂත්‍රකරුටම බාර කළේ ඔහු කෙරේ පූර්ණ විශ්වාසය තබමිනි.
කිසියම් ඉදිකිරීම් කටයුත්තක් සඳහා දින කීපයක් දුර බැහැර කොන්ත්‍රාත් වැඩපලක සේවයට ගොස් සිටි සැමියා සිය වත්තට ගොඩ වෙද්දීම දුටුවේ තම ඉඩමේ අඩකට ආසන්න කොටසක් යාබද ඉඩමට යාවන පරිදි වැටක් ගසා ඇති අයුරකි.
යක්ෂයා ආවේශ වූ හෙතෙම නිවසට කඩා වුදුණේ සිය බිරිඳගෙන් ඊට හේතු විමසමිනි.‘‘යක්ෂාවේශ වී සිටි සැමියා ඉදිරියේ ඇය සියල්ල පවසා සිටියේ පවුලට ඇතිවී තිබෙන දෝෂය පිළිබඳවද ඔහු දැනුවත් කරමිනි.
බිරියගේ කතාවෙන් තව තවත් කෝපවිෂ්ඨ වූ හෙතෙම ආවේශ වූ කපුවකු පරිද්දෙන් තම ඉඩමෙන් අඩක් පමණ යාවෙන ලෙස නක්ෂත්‍රකරු විසින් සකස් කර තිබූ ඉණි වැට ගලවා විසි කළේ‘‘ගෑනු මෝඩයින්ට අන්දන මෙහෙමත් මිනිස්සුයැයි ගුගුරමිනි.
සිද්ධියෙන් පසු නක්ෂත්‍රකරු හමුවූවිට ගමේ කොල්ලො කුරුට්ටෝ ‘මාමෙ ඉඩමක් කෙලින් කරමුදැ’ අසනවාලු.
වියලුව වාර්තාකරු
දඩබ්බර කිරි එළදෙන මෙල්ල කරන්නට ගිය නිවෙස් හිමියාට බිරිඳට වෙදකම් කිරීමට සිදු වු පුවතකි මේ. සිද්ධිය වාර්තා වෙන්නේ යාපහුව අඩවියෙනි.
අංක හුටපටයෙන් විදෙස් අවුරුදු කුමාරි මාරුවී සංවිධායකයන්, නරඹන්නන් සහ තරගකාරියන් අලි අමාරුවක වැටුණු පුවතක් ගාලු දිසාවේ සංචාරක හෝටලයකින් අසන්නට ලැබේ.
අවුරුද්දේ අරක්කු බීමට මුදල් නොමැතිව සිටි තරුණයන් කීප දෙනකුගෙන් දෙදෙනකු කාන්තා බූරු පිටියකට පැන බියට පත්කර එහි තිබී එකතු කරගත් මුදල්වලින් යහමින් මත්ප
අලුත් අවුරුදු පාටියට ගොස් අලුත් ජූස් එකක් පානය කොට අලි අමාරුවක වැටුණු අයකු පිළිබඳ පුවතක් වතුගෙදරින් අසන්නට ලැබේ.
භුත දෝෂයක් - ශරීරයට ඇතුළු වී සිටි හිරිමල්වියේ පසු වූ තරුණියක ශාන්තිකර්මයක් අතරතුර පොළොවේ පෙරළෙමින් මරළතෝනි දී කෑ ගසා සිය ස්මාට් ජංගම දුරකතනය ඉල්ලා සි
වඳුරු උවදුරෙන් බේරෙන්න පාදුක්ක ප්‍රදේශයේ එක්තරා පුද්ගලයකු වඳුරු වෙස් මුහුණක් දමාගෙන වඳුරන් පන්නා දැමීමට යාමේ දී රැලේ නායක වඳුරා ඔහුව සපා කෑමට පැන වි
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
භූමියේ දෝසෙ කපන්න ඉඩම කෙළින් කරලා