කලක් තිස්සේ පැවති මුත්‍රා ගල් අමාරුව සුව කර ගැනීම සඳහා සොයාගත් අපුරු ප්‍රතිකාරයක් පිළිබඳ පුවතකි.
සිද්ධිය මෙසේය
කිතුල් මල් මැදීමේ නිරත මැදිවියේ පුද්ගලයෙකි. ඔහු මුත්‍රාශයේ හටගෙන තිබූ ගල් කිහිපයක් නිසා දැඩි ලෙස පීඩා විඳිමින් සිටියේය.
වේදනාව ඉවසාගත නොහැකි වූ හෙතෙම වෛද්‍ය ප්‍රතිකාර පැතුවේ යම් සුවයක් ලැබීමේ අරමුණෙනි. දරුවන්ගේ ද උදව් ඇතිව අගනුවර ප්‍රදේශයේ ප්‍රධාන රෝහලකට ඇතුළු වී ප්‍රතිකාර ගත් ඔහුට මුත්‍රාශයේ තිබූ ගල් ඉවත් කිරීම සඳහා වෛද්‍යවරයා විසින් දිනයක් නියම කෙරිණි.
රෝහලේ පොරොත්තු ලේඛනය දිගුවීම නිසා ශල්‍ය කර්මයේ දිනය යෙදී තිබුණේ මාස හයක පමණ විරාමයකට පසුව ය.
ශල්‍ය කර්මය ඉක්මන් කළ යුතු යැයි ඔහු කියා සිටිය ද වෛද්‍යවරයාට කරන්නට ද අන් යමක් නොවිණි.
පසුව ඔහු අගනුවරින් බැහැර තවත් ප්‍රධාන රෝහලකට ඇතුළු වූයේ එතැනින් හෝ යම් සහනයක් ලබා ගැනීමේ අටියෙනි. එහි තිබූ පොරොත්තු ලේඛනය ද දිගු වූයෙන් ඔහුට මාසයක විරාමයකට පසුව දිනයක් ලබාදීමට එහිදී ඔහු පරීක්ෂා කළ වෛද්‍යවරයා විසින් පියවර ගෙන තිබිණි.
දරාගත නොහැකි වේදනාව පිටම නිවසට පැමිණි හෙතෙම අත් බෙහෙත් කීපයක් කළද ඉන් තාවකාලික හෝ සුවයක් නොලැබිණි. වේදනාව ඉවසිය නොහැකි තැන ඔහු තීරණයක් ගත්තේ කරන්නට අන් යමක් නැතැයි සිතමිනි.
හෙතෙම නගරයට ගොස් වස බෝතලයක් මිලදී ගත්තේ එහි පළමු පියවර වශයෙනි.
අනතුරුව තමන් විසින්ම මදිනු ලබන කිතුල් ගසකට ගොඩවී එහි තිබූ බෝතල් හත අටකින් යුත් රා කළගෙඩියක්ම පානය කළේ ඉන් අනතුරුව ඉනේ ගසාගෙන තිබූ වස බෝතලයද පානය කිරීමේ අරමුණෙනි.
වෙනදා මෙන් තුන් හතර ගුණයක් රා පානය කිරීම නිසාදෝ සිහිය විකල්වූ හෙතෙම වස බෝතලය කිතුල් ගස මුලට විසිකර බමන මතින්ම නිවස වෙත පියමං කළේ වෙරිවූ මීයෙකු පරිද්දෙනි.
ඇඳේ වැතිරුණූ ඔහුට රෑ මැදියමේ පියවි සිහිය ලැබුණේ අධික ලෙස මුත්‍රා පිටකිරීමේ අවශ්‍යතාවක් දැනීම හේතුවෙනි.
දැඩි වේදනාවකින් යුතුව මුත්‍රා පහ කරමින් සිටි ඔහුට මුත්‍රාද සමඟ ගල් කැබැලි කීපයක්ම පිටවනු දැක ගන්නට ලැබිණි.
පසුදින අවදි වූ ඔහුට අපූරු සුවයක් දැනුණි. පිටතට ආ ගල් ටිකද රැගෙන ඔහු ගමේ රෝහලට ගියේ සිදුවූයේ කුමක්දැයි දැන ගැනීමටය.
“රා බෝතල් හත අටක් බිව්වට පස්සේ ඒ මුත්‍රාත් එක්ක ගල් ටික එළියට එන්න ඇති” යැයි ගමේ රෝහලේ දොස්තර මහතා ඔහුට කාරුණීකව පහදා දුන්නේ වැඩිපුර ජලය පානය කිරීමත් මුත්‍රා ගල් ඉවත්කර ගැනීමට යම් උපකාරයක් වන බව ඔහුට පැහැදිලි කරමිනි.
(වියලුව වාර්තාකරු)
මවගේ අවමගුලේදී ලොක්කා කළ කතාවෙන් පොඩ්ඩාට අවමඟුලක් උදාවූ අපූරු කතාවක් දකුණේ ගමකින් අසන්නට ලැබේ.
ඔහු දකුණු පළාතේ පාසලක තරුණ විදුහල්පතිවරයෙකි. විදුහලේ සියලුම දෙනා සමගම ඉතා සුහදව කටයුතු කරයි.
සිය මෝටර් රථයේ රියැදුරු අසුන මත තිබූ ගැරඬි හැවකට සර්පයකු යැයි සිතා බියට පත්වූ පුද්ගලයකු බිරියටද මහ හයියෙන් කෑ ගසමින්ම සර්පයා මරාදැමීමට පොල්ලක් සොයමි
දඩබ්බර කිරි එළදෙන මෙල්ල කරන්නට ගිය නිවෙස් හිමියාට බිරිඳට වෙදකම් කිරීමට සිදු වු පුවතකි මේ. සිද්ධිය වාර්තා වෙන්නේ යාපහුව අඩවියෙනි.
අංක හුටපටයෙන් විදෙස් අවුරුදු කුමාරි මාරුවී සංවිධායකයන්, නරඹන්නන් සහ තරගකාරියන් අලි අමාරුවක වැටුණු පුවතක් ගාලු දිසාවේ සංචාරක හෝටලයකින් අසන්නට ලැබේ.
අවුරුද්දේ අරක්කු බීමට මුදල් නොමැතිව සිටි තරුණයන් කීප දෙනකුගෙන් දෙදෙනකු කාන්තා බූරු පිටියකට පැන බියට පත්කර එහි තිබී එකතු කරගත් මුදල්වලින් යහමින් මත්ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
‘මී පදමට’ සූර්වුණාම ලෙඬේ කම්මුතුයි