(තිහගොඩ - උපසේන ලියනගම)
දකුණු පළාතේ එක්තරා ගමකි. ගමනක් යන සිරිදාසට බඩගින්නක් දැනුනෙන් අතරමග සයිවර් කඩයකට ගොඩ වුණේය. තෝසේ 2ක් සහ වඩේ 1 ක් ඕඩර් කළ ඔහු හදිසි අවශ්‍යතාවකට කඩේ පිටුපස වැසිකිළියට ගියේය. සෑහෙන වෙලාවක් ගතවුවද ඔහු ආපසු ආවේ නැත. වේටර්වරයා ගොස් කැෂියර්ට කීවේය. ඔහුගේ නියමය පරිදි වේටර් වැසිකිළිය ළඟට ගියේය. එය තිබුණේ කඩයට මඳක් දුරිනි.
වැසිකිළිය තවමත් වැසූ ගමන්ය. වේටර් සැකයෙන් යුතුව වැසිකිළියේ දොරට තට්ටුවක් දමා කතා කළේය. එය තුළ සිටි මගියා “මට පොඩි කරදරයක් වුණා. මගේ මුඛවාඩම යකඩ ඇනයක එල්ලලා වතුර බාල්දිය පුරවනකොට ඒක හුළඟට ගැලවිලා වතුර එකට වැටුණා. ඉතිං ඒක නැතුව එන්න බැරි නිසා මම ඒක අරගෙන වේලනවා.” කීවේ කලබලයෙනි.
“හත්දෙයියනේ, මය ජරාවට වැටුන එක වේලලා ආපසු දාගන්න එපා. මම අලුත් එකක් දෙන්නම්.” කී ඔහු කඩය තුළට දිව ගොස් අලුත් මුඛ වැස්මක් ගෙනවිත් වැසිකිළි වා කවුළුවෙන් එය ඇතුළට දිගුකොට “මේක දාගන්න” යැයි කීවේය.
2025 දෙසැම්බර් මස 04
789
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
580
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
462
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
මුඛවාඩම නැතුව වැසිකිළියේ හිරවෙලා