ත‍්‍රිකුණාමලේ සිට මුතූර් බලා ධාවනය වෙන පෞද්ගලික බස් රථයකට අතරමගදී පැහැපත් පෙනුමක් ඇති තරුණ කෙනෙක් ගොඩ විය.
බසය ධාවනය වෙයි. මගියා තම ඔඩොක්කුව මත තබාගෙන සිටි කළුපාට බෑගයෙන් සිගරට් පැකට්ටුව සහ ගිනි පෙට්ටියක් අතට ගත්තේය. අසල සිටින මගීහු මේ දෙස බලා සිටිති. බස් රිය තුළ දුම්බීම තහනම් දැන්වීමද මගියාගේ හිසට ඉහළින් දැකගත හැකිවිය.
සිදුවන්නේ කුමක්දැයි මගීහු කටු කුටු ගෑහ. ඔවුහු එකිනෙකාගේ මුහුණු බලාගත්හ.
මගියා ඒ කිසිත් ගණන් ගත්තේ නැත. තැන්පත් ඉරියව්වෙන්ම සෙමෙන් සෙමෙන් සිගරට් පැකට්ටුව විවෘත කළේය. එහි තිබූ බුලත්විටක් අතට ගත්තේය. බුලත් පුවක් සහ හුණු අවශ්‍ය පරිදි සකසා ගත්තේය. විට මුවෙහි රුවා ගත්තේය. පසුව ගිනිපෙට්ටියද ඇරියේය. එයින් ගත් දුම්කොළ කැබැල්ලක් කටේ දාගත්තේය. පසුව සිගරට් පැකට්ටුවත් ගිනි පෙට්ටියත් බෑගයේ දමා ගත්තේය. මගීනට කටඋත්තර නැතිවිය. අර මගියා කට කොනකින් සිනාසුනේය.
අවුරුද්දේ අරක්කු බීමට මුදල් නොමැතිව සිටි තරුණයන් කීප දෙනකුගෙන් දෙදෙනකු කාන්තා බූරු පිටියකට පැන බියට පත්කර එහි තිබී එකතු කරගත් මුදල්වලින් යහමින් මත්ප
අලුත් අවුරුදු පාටියට ගොස් අලුත් ජූස් එකක් පානය කොට අලි අමාරුවක වැටුණු අයකු පිළිබඳ පුවතක් වතුගෙදරින් අසන්නට ලැබේ.
භුත දෝෂයක් - ශරීරයට ඇතුළු වී සිටි හිරිමල්වියේ පසු වූ තරුණියක ශාන්තිකර්මයක් අතරතුර පොළොවේ පෙරළෙමින් මරළතෝනි දී කෑ ගසා සිය ස්මාට් ජංගම දුරකතනය ඉල්ලා සි
වඳුරු උවදුරෙන් බේරෙන්න පාදුක්ක ප්‍රදේශයේ එක්තරා පුද්ගලයකු වඳුරු වෙස් මුහුණක් දමාගෙන වඳුරන් පන්නා දැමීමට යාමේ දී රැලේ නායක වඳුරා ඔහුව සපා කෑමට පැන වි
දස මසක් කුසේ හොවා ඇති දැඩි කළ තම මව අන්දන්න ගොස් තමන්ම ඇන්දවුණු දුවක ගැන කතාවක් ගාලු දිසාවේ ගමකින් අසන්නට ලැබේ.
අලුත් අවුරුදුවලට කඩිමුඩියේ ලක ලෑස්ති වෙන අතරේ සර්පයෙකු දෂ්ට කර කලබලේට දෂ්ට කළ පුද්ගලයා වෙනුවට වෙනත් පුද්ගලයකු රෝහල වෙත රැගෙන යාමෙන් කිලෝ මීටර් ගණනක
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
මගීන්ට තරු පේන්න බුලත්විටක් කාලා
සමන්ති Monday, 14 July 2014 01:44 PM
කොළඹදී නම් බුලත් කෙළ පාරට දැම්මොත් දඩ (නි)
සැම්සන් Monday, 14 July 2014 03:21 PM
ගොන් තඩියෙක් ! (නදී)
හෂාන් Monday, 14 July 2014 05:05 AM
එතකොට බුලත් කෙල ගහන්නේ කොතනටද? (ස)
පහන් Monday, 14 July 2014 03:34 PM
දවසක් සීය කෙනෙක් බුලත් කාල බස් එකේ ඉදල කෙල ගැහැව්වා. එයා හිතුවේ වීදුරුව ඇරලා කියල. කීපදෙනෙක්ම නෑවිලා ගියා (අවුරුදු 10 ට විතර ඉස්සර සිද්දවුණු දෙයක්. (නදී)
ශ්‍රී Monday, 14 July 2014 05:21 AM
අළුත් විධියට හිතන තරුණයෙක්. (ස)
කුමාරි Wednesday, 16 July 2014 01:12 PM
වැඩේ විනෝදයි වුණාට පාරේ යන මඟීන්ට බුදු සරණයි! (නි)
ලලිත් - එස්.එල් Thursday, 17 July 2014 04:26 AM
පහන් ඔය සිදුවීම උනේ කොටහේන පැත්තේ නම් මමත් ඔය බස් එකේම ගියා. මමත් ඔය සිද්දිය දැක්කා. (නදී)
පහන්දී Monday, 14 July 2014 06:46 PM
විනෝදයට බර කෙනෙක් වගේ. ශ්‍රී කියනවා වගේ අලුත් විදියට හිතන කෙනෙක්. නියමයි, ලස්සන වැඩක් (නි)
රුවන් Tuesday, 15 July 2014 07:16 AM
නියම විිහිලුකාරයෙක් (නි)