පෙරවරු හයට පිටත්වී පෙරවරු අටට පමණ කළුතර නගරයට පැමිණීමට නියමිත පෞද්ගලික බස්රථයකි. කළුතරට එන වැඩි පිරිසක් ගමන් පහසුව සලසා ගන්නේද මෙම බස්රථයෙනි. මෙම බස් රථයට ”බඩගාමී” යනුවෙන් නමක්ද පටබැඳී ඇත. සමහර දවස්වල දී කළුතරට ළඟා වනවිට පෙරවරු අටහමාරත් පසුවෙයි. ප‍්‍රදේශවාසීන්ට බසයේ ගමන් ලතාව හුරුවී ඇති බැවින් ගැටුමක් පැන නොනගී. දිනක් යුරෝපීය ඇඳුමෙන් සැරසුණු අමුත්තෙක් බසයට ගොඩවිය. ඔහු විටින් විට ඔරලෝසුව දෙසත් රියදුරු දෙසත් නොසතුටු බැල්මක් හෙලමින් ගමන්ගනී. නාකි බල්ලෝ කොළඹ යනවා වගේ ගාටනවා මට කොළඹ යන්න වෙන්නෙ හෙට. ඔහු අවට සිටි අයටත් ඇසෙන්න කීවේය. මිනිහ නම් ඩ‍්‍රයිවර් එක්ක කොක්කක් දාගන්නව....... අසල සිටි පිරිසක් තොල් මැතිරුවා පමණි. අයිසෙ මේක කළුතර යන්නෙ අදද හෙටද ටිකක් පාගල යන්” අමුත්තා රියදුරාට කීවේය. ”මහත්තයො මේක වතුරෙන් දුවන්නෑ ටයර් දාන්න ඕනෑ පඩි දෙන්න ඕනෑ රේස් ගියාම කෝ ආදායමක්. බලන්නකො සීට් ගානටවත් කට්ටිය නෑ රියදුරා කීවේය. කෙසේ හෝ කළුතරට එනතුරුම ආගන්තුක මගියා රියදුරුට බැණ වැදුනේය. රියදුරා ගොලූවත රකිමින් බසය ධාවනය කරයි. කළුතරට පැමිණි විගස පළමුවෙන් බැස්සේ අමුත්තාය. බැස්ස ගමන් ඔහු රියදුරු අසුන ළඟට ගියේය. ” ඕයි ඩ‍්‍රයිටර්” කීවේය. රියදුරු ජනේලෙන් පිටතට හිස දැමීය. ඒත් සමගම අමුත්තා කී දෙයකින් කිපුණු රියදුරු බසයේ හදිසි දොරටුවෙන් පැන මගියාගේ බොටුවෙන් අල්ලා ගත්තේය. ඒත් සමග සෙසු පිරිස බැස පහර දීම වැලැක්වූහ. රියදුරු යළි බසට නංවාගෙන අමුත්තා පිටත් කළහ. ”බස් එකේ බැණ බැණ එද්දී තමන්ට නෙවෙයි වගේ හිටිය. හෙමින් කියපුදේට ඇයි ඔහොම තද වුනේ මොකක්ද මිනිහා කීවේ? කොන්දොස්තර තරුණයා ඇසුවේය. බැණ්නට මට නැග්ගෙ නෑ. මගේ කනට ළංවෙලා කීවේ තොගෙ අප්පා ඉබ්බෙක්ද? කියලා. ඒකට මට කේන්ති ගියා. රියදුරු පැවසුවේය.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රියදුරාගේ තාත්තා චීටා වුණත් වැඩක් නැහැ. කොච්චර පෑගුවත් බස් එක හයියෙන් අදින්නෙ නැත්නම්. (නි)
නියම බොරුවක්ද කොහේද? (නි)
පුදුම ඉබ්බෙක්නේ. (නි)
මොනවා උනත් රියදුරන්ට බනින්න බෑ. මොකද හවසට ගාන දුන්නේ නැත්නම් රියදුරාට තමයි උත්තර බදින්න වෙන්නේ..මම ඩ්‍රයිවර් වුණානම් දත් දෙකක් ගලවනවා (ස)
දෙයියෝ සාක්කි කියන එක වෙනස් කරන්න, කළුතර සිට නොව අලුත්ගම සිටත් කොළඹටම පැය 2න් යන්න පුළුවන්. අලුත්ගම හෝ මතුගම ඉඳලා හෙමින් ආවත් පැයකින් එන්න පුළුවන්.මේක කියපු කෙනා ගොකරල්ල් ඉඳල කළුතරට ඇවිල්ල ඇති.(ස)
එතකොට බස් එක යන්නේම නැතුව මඟ හිටියොත් තාත්තා ජීවතුන් අතර නෑ කියන එකද ?(ස)
මොකද දන්නේ නැහැ සියලුම බස් ඉබ්බන් වගේ යන්නේ? (නි)
පැන්නනම් ගෙම්බෙක් වෙන්න ඕන..!(නු)
ගම්පහ කඩුවෙල බසුත් මේ වගේ තමයි... හෙමින් යන්නේ අංසභාගෙ හැදුන අය තමයි.. එයාලගේ පය පෑගෙන්නේ නැහැ හයියෙන් යන්න..!(නු)
මගීන්ට තිබුණේ එයාට හොඳට නෙලන්න (ස)
හිමින් ගියත් බැණුම්. හයියෙන් ගියත් බැණුම්. හැටට හැටේ පාගලා යන්න තිබුණේ ඇගේ ලේ වතුර වෙන්න. (නි)
අයියෝ ඉබ්බා
ලංගම ගොඩදැම්මොත් පින්. (නි)
ලංකාවේ ගොඩක් බස් ඩ්‍රයිවර්ලා ඔහොම තමයි (ස)
මෙහෙමත් වැඩක්
නියම කතාව
නොනැග තියෙයිද
බෝඩ් එකක් සවිකළා නම් හරි, "හිමින් කොට කොටා යන බසයකි. ගමනාන්තය කීයටදැයි කිව නොහැක" කියලා. (නි)
රංග, කොළඔ ඉදල කලුතරට ඔබ ගිහින් නැහැ වගේ. පැය දෙකකට වඩා සමහර දිනවලදි ගතවෙනවා. (නි)
හෙමින් හයියෙන් කතාවක් නෙමේ. ප්‍රසස්ථ වේගයක්. ඒ කියන්නේ ගමනට සාධරන වේගයක් (ස)
150,175 ත් ඔහොමමයි. (නි)
අයියෝ සල්ලි
රාජා හරි.කෙටි ගමන් සේවාවල රියදුරන්ගේ තාත්තලා ඉබ්බෝ.දුර ගමන් සේවාවල රියදුරන්ගේ තාත්තලා අශ්වයෝ.(ස)
කළුතර විතරක් නෙමෙයි ලංකාව පුරාම පුද්ගලික බස් ඔහොම තමයි . දුර දිග කල්පනා නොකර ලංගම විකුණලා පුද්ගලික සමාගම් වලට දුන්නොත් සමහරුන්ගේ මිණි වලලවල් වලටත් හෙණ ගහවි .(ස)
කතාව ඇත්ත වාහන දුවන්නේ වතුරෙන් නම් නොවෙයි (දී)
154,104 මාර්ගයේ බසුත් ඒ වගේ ? මහත්තයගේ කතාවට මසුරන් දාන්න ඕනි .(ස)
මේකත් බොරු කතාවක් වගේ .(ස)
රියදුරාට මොකක්ද තියෙන අයිතිය ඒ මනුස්සයගෙ බොටුවෙන් අල්ලන්න. මේවට අපේ බස් සංගම් සභාපති මොකද දන්නෙ නැ කියන්නෙ. මගියටත් තිබුණේ අනිත් පැත්ත හැරිල දෙකක් දෙන්න. බසයේ සිටි අනිත් මගින්ටත් තිබුණේ මගියගෙ පැත්ත අරන් රියදුරට හොද පාඩමක් උගන්වන්න. කොහද අපේ මිනිස්සුන්ගෙ කිසි සමහියක් නැනෙ...................(ස)
හුගක් බස් රියදුරන්ගේ තාත්තල ඉබ්බෝ, අනෙක් අයගෙ තාත්තල අශ්වයෝ.මිනිස් තාත්තල ඇතිඅය බොහොම ටිකයි..(ස)
කාලයකට පසු හොඳ කතාවක් .(ස)
අපිටනම් ගැලපෙන බස් සේවය (ස)
නියමයි (ස)
බස් එක පිටත්වෙච්ච තැන දැම්මේ නැති එක තමයි අඩුව (ස)
කතාව ඇත්ත උනක් ටිකක් සැර වැඩියි වගේ නේද....?
ඕනෑම බස් එකක් බඩ ගානවා තමයි
ඔය ඕන පැත්තේ උණු සිද්දියක්ද
බස්වල විතරක් නෙවෙයි යුරෝපා ඇඳුම් ඇඳ ටයි කෝට් දමා යුරෝපා වාහන එලවන අයට සුනඛ ජාන ඇති මහත්තුරුත් ඉන්නවා (ස)
මාර්ග අංක 275 බෝපිටිය - කොළඹ බසුත් මේ වගේ (ස)
ඕක බොරැ කථාවක් පැය දෙකක් ගෙවලා කළුතරට එන මාර්ග කළුතර නැහැ කළුතරට නගරයට ලඟා වන ගමනාන්තවල උපරිම කාලය පැය 01 යි(ස)
ඕක බොරු කතාවක් පැය දෙකක් ගෙවලා කළුතරට එන මාර්ග කළුතර නැහැ. කළුතරට නගරයට ලගාවන ගමනාන්ත වල උපරිම කාලය පැය 01 යි (ස)
අපේ පැත්තෙත් තියනවා මෙහෙම බඩගාමී බස්, සැතැපුම් 5 ක් යන්න පැයක් ගන්නවා, හැබැයි මේ රියදුරු මහතාට නම් කොච්චර බැන්නත් තරහා යන්නේ නහැ. මම හිතන්නේ රියදුරු මහත්තයාගේ ජාන ඉබ්බෙක්ගේ නෙවේ, ගල් ඉබ්බෙක්ගේ (ස)
පුද්ගලික බස් වල වැඩ කරන්නෙම ඉබි පරපුරේ අය තමා (ස)
ඒ මහත්තයාගේ තාත්තගේ නම මොකද්ද ?(ස)
කොන්දොස්තරලා ඔහොම තමයි