දිවුලපිටිය පරණ හන්දිය ප‍්‍රදේශයේ සිට කොළඹ පංචිකාවත්තට කුලී ගමනක් ගිය ති‍්‍රරෝද රථ රියැදුරකුට සිදුවූ අකරතැබ්බයකි.
පසුගිය දිනෙක දිවුලපිටිය පරණ හන්දිය ප‍්‍රදේශයේ මෝටර් රථ අලූත්වැඩියා කරන ගරාජයක් අසල සිට තරුණයෙක් පාරේ යන එන ති‍්‍රරෝදවලට කුලී ගමනක් යාමට විමසමින් සිටියේය.
ඔහු හුරුබුහුටි තරුණයකු වුවත් ඔහු සමග පංචිකාවත්තට යාමට කිසිවකු එකඟ වූයේ නැත.
මේ අතර සම වයස් තරුණයකු ති‍්‍රරෝද රථයකින් පැමිණි අතර ඔහු පංචිකාවතු ගමනට එකඟ විය. රුපියල් දෙදහසක ගමන රුපියල් එක්දහස් අටසීයකට යාමට ති‍්‍රරෝද රථකරු කැමති විය.
ති‍්‍රරෝද රථය පරණ හන්දියේ ගරාජය අසල සිට පංචිකාවත්ත බලා පිටත්විය.
අතරමගදී දෙදෙනා ඉතාම කුළුපග වූ අතර ඔවුන් කතා නොකළ දෙයක් නැත.
මේ අතර පංචිකාවත්තට යන තරුණයා ති‍්‍රරෝද රථ රියැදුරුට යළි කතා කළේය.
”මචං මට ෆෝන් එක ගේන්න බැරිවෙලා. පෝන් එක නැද්ද උඹ ළඟ...”
”මෙන්න ෆෝන් එක කෝල් එකක් ගන්න...”
ති‍්‍රරෝද රථ රියැදුරුගේ ජංගම දුරකථනයෙන් තරුණයා කථා කරන්නට විය.
”මාමෙ කා එක ගැරේජ් එකකට දැම්මා. මම වීල් එකක් අරගෙන එන්නෙ. මට ආපු ගමන් යන්න පන්දහක් ලෑස්ති කරල තියන්න.”
ති‍්‍රරෝද රථ රියැදුරුට දුරකථනය ආපසු දුන් තරුණයා යළි රියැදුරු ඇමතීය.
”මචං රුපියල් පන්සීයක් නැද්ද? මම කොළඹ දී දාහක්ම දෙන්නම්”
ති‍්‍රරෝද රථ රියැදුරු ඔහුට රුපියල් පන්සීයක් දුන්නේය.
”මචං පංචිකාවත්තෙ දි උඹට රුපියල් දෙදාස් අටසීයක්ම දෙනව. මාම සල්ලි ලෑස්ති කරල ඇති.”
”ගන්ඩ බැරියැ” ති‍්‍රරෝද රථ රියැදුරා ද මිතුදමින් වෙලී කතා කළේය.
දෙදෙනාම අල්ලාප සල්ලාපයෙන් කොළඹ පංචිකාවත්තට ති‍්‍රරෝද රථයෙන් ළඟා වූහ.
”ඉස්සරහ කඬේ ළඟ නවත්තන්න” ති‍්‍රරෝද රිය නතර විය.
තරුණයා ති‍්‍රරෝද රියෙන් බැස එහි සිටියකුගෙන් ”අපේ මාම ආවා ද?” කියා ඇසීය.
ඔහුට ලැබුණු පිළිතුර ති‍්‍රරෝද රථ රියැදුරුට නොඇසුණි.
”අර ඉස්සරහ කඬේ ළඟට යමු” ති‍්‍රරෝද රථය එතැන නැවතුණේය.
”ෆෝන් එක ටිකක් දෙනවද? ඔයා ඔහොම තත්ත්පරයක් ඉන්න මම අර වංගුවෙ කඬේට ගිහින් එනකං”
තරුණයා ජංගම දුරකතනය ද රැගෙන වංගුවෙ කඬේ ළඟින් නොපෙනී ගියේය.
ති‍්‍රරෝද රථ රියැදුරා ඔහු එනතුරු බලා සිටියේය. ජංගම දුරකථනයත් අතේ තිබුණ රුපියල් පන්සීයත් කුලී ගමනේ ගාස්තුවත් රැුගෙන මිතුරා ආපසු එනතුරු ඔහු බලා සිටියේය.
අන්තිමේදී වංගුවේ කඩය ළඟට ගොස් විපරම් කළ ද අලූත් මිතුරා ආගියඅතක් නැත.
ඔහු ති‍්‍රරෝද රථය ආපසු හරවා ගෙන දිවුලපිටියට ආවේ හිස් අතිනි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දුරකතන අංක හරහා ඔය හොරා අල්ලන්න පුළුවන්. මිනිහ ෆෝන් එකෙන් කාටද කතාකලේ කියල හොයාගන්න.(ස)
පාඩමක් ඉගෙන ගන්න ගිය දුර ගැන සිතා දැන්වත් දුර දිග සිතා බලා කල්පනාකාරීව තීරණ ගන්න (නි)
මනුස්සකකම බල්ලට ගිහින් දැන් රටේ (නි)
මේක වෙන්න පුළුවන් දෙයක්. මේ ත්‍රී රෝද රියැදුරා අනිවාර්යෙන්ම ආධුනිකයෙක්. ඒ වගේම දිවුලපිටිය කියන්නෙ තාම ගැමිකම තියෙන පළාතක්. ඉතින් ත්‍රී රෝද රියැදුරු අනෙකාට උදව් කරපු එක පුදුමයට කරුණක් නෙමෙයි. ගෙන්දගම් පොළොවෙ පයගහපු මිනිහෙක් නම් රු. 500 ඉල්ලද්දිම වැඩේ තේරෙනවා. (නි)
ඔය වැඩේ කරපු එකා කියනවා ඇති, 'මම නියම වැඩක් කළා, ත්‍රීවීල් කාරයකුට' කියලා පන්පොරි ගහනවා ඇති? ඒත් එයා දන්නෙ නැතුව ඇති එයාගේ තිරිසන්කම මුළු ලෝකෙටම එලි වුණා කියලා.රියදුරු මහත්තයෝ, ඕක ගැන හිතන්න එපා ඔයාට වැඩිවැඩියෙන් ලැබෙනවා සත්තයි (නි)
ගොඩක් දෙනෙක් හිතන්නේ මෝඩ කමට කියලා. ඒත් ගොඩක් දෙනෙක් දන්නැහැ එහෙම වෙන්නේ හිත හොද මිනුස්සුන්ට කියලා?(නදී)
ත්‍රීරෝද රිය සොහොයුරනේ මේ පොලොස් කොට්ටෝරුවා තව අයටත් කොටයි.(නදී)
ත්‍රීවීලර් රියදුරෝ ගොඩ දෙනෙක් හොද හිත ඇති අහිංසකයෝ. එයාලගේ මනුස්ස කමින් මේවගේ වැඩ කරගන්න නරුමයින්ට හෙන ගහනවා මට කියන්න තියෙන්නේ එපමණයි.(නදී)
මට නම් මේකෙන් පෙන්නේ ලංකාව කොච්චර පිරිහිලාද කියන එක විතරයි. හැමතැනම හොරකම්, වංචා, මිනී මැරුම් කොල්ලකෑම්. තව ඉස්සරහට මේවා තව වැඩිවෙයි. මොකද රට පාලනය කරන්නෙත් මේ වගේ අයනේ දැන්. රට ඉතින් එයාලා වගේ වෙනවා.(නදී)
හොදට හිතල බලන්න. මෙවැනි සිද්දීන් දෙක තුනක් උනාම ත්‍රීවීල් රියදුරා මුලු සමාජය දිහාම බලන්නෙ පපුවෙ තෙතමනයක් නැතිව. ඊටපස්සෙ අපි එයාලට බනිනවා අනුකම්පාවක් නැති මිනිස්සු කියලා. සාධාරනද?(නදී)
අනේ අනුර , එහෙම කරන්නේ කොහොමද ? හොරා ෆෝන් එකත් අරන් ගිහිල්ලනේ (නි)
කාලෙට ඔබින ගැටයක්
ඔබේ සිත දුක් වන්නේ ටික කලයි . ඒ හිස් පුරුෂයා කල්පයක් නිරයේ ගිනි දැල් අනුබව කරනු ඇති. (නි)
මෙයාව අල්ලන්න පුළුවන් රියදුරාගේ ජංගම දුරකතන අංකයට අනුව දුරකතනයේ එමි අංකයට දැම්ම වෙනත් සිම් මොනවද බලලා. පොලිසියට ගිහින් පැමිණිල්ලක් දාන්න (නි)
ඔයා නිසා දුවලා.. රෝද තුනත් ගෙවිලා.(ස)
පාඩමක් ඉගෙන ගන්න ගිය දුර ගැන සිතා දැන්වත් දුර දිග සිතා බලා කල්පනාකාරීව තීරණ ගන්න.(ස)
වෙන්න බැහැ. පංචිකාවත්ත කියන්නේ මොකද්ද කියලා මම පොඩි කාලෙත් අහලා තියෙනවා. වීල් කාරයෝ අහුවෙනේනෙ නැහැ ලේසියෙන් (නි)
ත්‍රීවීල් රියදුරු ආධුනිකයෙක්, මගියා පළපුරුදු හොරෙක්. (නි)
ඩයල් එක මතක තියාගනින් මල්ලියේ. ගහට ගහක් මොරටුවේදී මුන ගැහෙනවලුනේ. (නි)
රටේ අද සිදුවෙන හොරකම් ,මංකොල්ලකෑම් ,මිනී මැරුම්,මත් ද්‍රව්‍ය ප්‍රවාහනය, ස්ත්‍රීන් හා තරුණියන් රවටා අමාරුවේ දැමීම මේවා බොහෝ දුරට සිදුවන්නේ තරුණ ත්‍රීරෝද රියදුරන් මුල්කරගෙන. ගනනක් පොරොන්දු නොවී ගියොත් අවසානයේ රණ්ඩු. මගියා කරපු දෙය හාස්‍ය ජනකයි (නි)
මෙතන මොකක් හරි වැරදීමක් වෙලා තියෙනවා. මොකද අද කාලේ ත්‍රීවීලර් රියදුරනුත් ඔයවගේ සිද්ධීන්ගෙන් හොදට තෙම්පරාදූ වුන අය. ඔය වගේ සිද්ධි ත්‍රීවීල් පාර්ක් එකේ ඉන්නකොට මෙයාො පත්තරවලින් බලනවා. අනිත් මිතුරන්ගේ අත්දැකීම් බෙදාගන්නවා. ඒ අනුව මේ අලුත් මිතුරා ගැන ටික වෙලාවක් යනකොට තේරෙන්න ඕනෑ. මිතුරාගේ හොර වැඩේ නෙමෙයි, මේ කොල්ලා මේකට අහු වුණ එකයි පුදුම. මොන ක්‍රමයකින් ආවත් හොරා හොරාමයි. හොද වෙලාවට කොල්ලගේ ත්‍රීවීලර් එක බේරුනේ. (නි)
මුණ ගැහුනා වෙලාවට මල්ලියේ ගලාවපිය ඕකගේ හම. පොලිස් ප්‍රශ්න පස්සේ බලා ගමු.(නදී)
ඔයිට වැඩිය වැඩ ත්‍රී වීල් අයියලා කරනවා (නි)
උදව්වට දෙන අත සපා කන සුනඛයෝ ඉන්න රටක් තව කොහෙද තියෙන්නේ? (නි)
ඔයා නිසා දුවලා.. රෝද තුනත් ගෙවිලා.. (නි)
කවදාහරි කෙහෙල් ගහට කොටලා අහුවෙයිනේ (නි)
ඕකෙන් පෙනෙන්නේ මොකක්ද?රටේ මිනිස්සුන්ගේ පිරිහීම නොවෙයිද? (නි)
ත්‍රීරෝද රථ රියදුරාගේ පවුල ඉස්සුවේ නැති එක විතරයි වුනේ.(නදී)
ටිකක් හිතලා බලන්න! ඔය වගේ ගිණිගෙඩි තව කීදෙනෙකුට කළින් දීල තියෙනවද කියලා. ඒවගේ විපාක තමයි ඔය තමුන් ගෙවුවලා තියනේ.(නදී)
"ජීවිතයට අත්දැකීමක්" වැඩක් නිවැරදිව කරන්නේ අත්දැකීම් වැඩිම කෙනා. අත්දැකීම් වැඩිම කෙනා කියන්නේ වැඩියෙන්ම වැරදුනු කෙනා. මල්ලි කවදාහෝ වැඩේ නිවැරදිවම කරාවී. (ස)
හ්ම්ම්ම්ම්ම්ම්ම්ම්, ඕනෑම කෙනෙක් මතක තියාගන්න. අපි කරන හැමදෙයක්ම අපිට විදවන්න වෙනවා. නරක දේ තාවකාලික සතුටක්. ඒ වුණාට ජීවිතේ තියෙන තාක්කල් විදවන්න වෙනවා. (නි)
අනේ එහෙම සල්ලිත් දෙන ත්‍රීවිල් රියදුරන් ඉන්නවද? (නි)
අපි ආදර්ශයට ගන්න ඕනේ
මම මීගමුවේ ඉදිද්දී මගේ වීල් එකට ඇවිත් ජෝඩුවක් ඇහුවා කාමරයක් හොයාගන්න. මම දන්නා ගාන අඩු තැනකට එක්ක ගියා මට කිව්වා හෙට උදේ හතට එක්ක යන්න එන්න කියලා. මම උදේ ගියා. දෙන්නා උදේ යන්න ගිහින්. මටත් කනුව තමයි. (නි)