ප්‍රදේශයේ සුප්‍රසිද්ධ විවාහ මංගල උත්සවයකට පැමිණි විදුහල්පතිවරයකු ඇඳ සිටි කෝට් සාක්කුවෙන් දෙනෝ දාහක් බලා සිටිය දී ලැව් ගින්නක් මෙන් හිටි හැටියේම ගිනි කඳක් මතුවූ පුවතක් දකුණේ සුප්‍රසිද්ධ හෝටලයකින් වාර්තා වේ.
වාර්තා වන අන්දමට සිද්ධිය මෙසේය.
ඔහු දකුණේ ප්‍රසිද්ධ විදුහලක විදුහල්පතිවරයකු ලෙස සේවය කර විශ්‍රාම ගොස් සිටි ප්‍රදේශයේ ජනතාවගේ හොඳ නමක් දිනා ගත් විදුහල්පතිවරයෙකි. මේ වන විට විශ්‍රාම ගොස් ටික කලක් ගත වුවද ප්‍රදේශයේ පවතින සෑම උත්සවයක් සඳහාම ඔහුට ආරාධනා කිරීම සාමාන්‍ය සිද්ධියක් විය.
ඒ අනුව ප්‍රදේශයේ ව්‍යාපාරිකයකුගේ දියණියකගේ විවාහ මංගල උත්සවයකට ආරාධනා ලැබූ ඔහු බිරිඳ ද සමඟ එම අවස්ථාවට සහභාගි වීමට පිටත් වූයේ ජැන්ඩි පහට හැඳ පැළඳ මහත් උජාරුවෙනි. කෙසේ වුවද මධුවිත ටිකකින්ද සප්පායම් වූ ඔහුට දුම් වැටියක අවශ්‍යතාව තදින්ම දැනුණ අතර එහි කිසිවකු ළඟ සිගරට් නොතිබුණි.
එහෙත් ඔහුගේ සාක්කුවේ එකම එක සිගරට්ටුවක් විය. එය එක්වරම පානය කිරීමට ඔහු කැමැත්තක් නොදැක්වූයේ ආහාර ගැනීමෙන් පසුවද දුම් වැටියක් අවශ්‍ය බැවිනි. එබැවින් නිස්කලංක ස්ථානයකට ගොස් සිගරට්ටුවෙන් භාගයක් බී ඉතිරිය නිවා කඩදාසි කොළයක ඔතා කෝට් සාක්කුවේ බහාගෙන නැවත ශාලාවට පැමිණ බිරිඳ අසලට වී වාඩිවී සිටියේ කිසිවක් සිදු නොවූ අයුරිනි. එයට හේතුව වූයේ ඔහු සිගරට් පානය කිරීම පිළිබඳ බිරිඳ ද දැඩි විරෝධයක් දැක්වූ බැවිනි.
ටික වේලාවක් මෙසේ සිටින විට එක් වරම විදුහල්පතිවරයාගේ කෝට් සාක්කුවෙන් ලැව් ගින්නක් මෙන් ගිනිදැල්ලක් මතු විය. එය දුටු සියල්ලන්ම කලබල වූ අතර පැමිණි පිරිස මේසයක් මත තිබූ වතුර වීදුරු කිහිපයකින් කෝට් බෑය තෙමීමෙන් පසු ගින්න පැතිරී යෑම වැළකුණි.
මෙය සැමටම ප්‍රහේලිකාවක් වූ අතර මෙසේ ගින්නක් ඇති වූයේ කෙසේද යන්න ගැන සියල්ලන්ම සිහින මවන විට මෙම සිදුවීම දුටු අයෙකු පැමිණ පැවසුවේ ‘‘සර්, සිගරට් එකක් බීල භාගයක් නිවල කෝට් සාක්කුවේ දාගත්තානේ. එය නිවිල තියෙන්න නෑ. කඩදාසියට ආයි ඇවිළෙන්න ඇති.’’ යැයි පවසන විට විදුහල්පතිවරයාට හීන් දහඩිය දැමූ අතර සියලු දෙනාම මුහුණට මුහුණ බලා ගත්තේ එය පැහැදිලිව තේරුම් ගත් බැවිනි.
මේ අතර බිරිඳ මහත් ලැජ්ජාවෙන් තම ස්වාමියාට දොස් කියන අයුරු දුටු මඟුල් ගෙදරට පැමිණි තවත් වැඩිහිටියකු පැවසුවේ එය ඉතා සුළු සිද්ධියක් බවත් මේවා පිටතට යා යුතු තරම් දේවල් නොවන බවත්ය.
කෙසේ වුවද විදුහල්පතිවරයා හිතවතකු සමඟ පැවසුවේ සුළු ලාභයක් සොයා ගොස් රුපියල් 40,000 ක් වටිනා ඇඳුම නැතිවී යාම දරා ගත නොහැකි බවයි.
මෙම සිදුවීම රහසක් සේ තබා ගන්නා ලෙස පැමිණ සිටි නෑ හිතවතුන් පිරිසේ වැඩි දෙනා කතාකරගත් නමුත් ඇතැමුන් විදුහල්පතිවරයා දුටු විට නක්කල් සිනහවකින් සංග්‍රහ කරන අතර එවිට කිසිවක් නොකියා විදුහල්පතිවරයා මාරුවී යනවාලු.
රජ්ගම විශේෂ - ධර්මදාස සිරිවර්ධන
අවුරුද්දේ අරක්කු බීමට මුදල් නොමැතිව සිටි තරුණයන් කීප දෙනකුගෙන් දෙදෙනකු කාන්තා බූරු පිටියකට පැන බියට පත්කර එහි තිබී එකතු කරගත් මුදල්වලින් යහමින් මත්ප
අලුත් අවුරුදු පාටියට ගොස් අලුත් ජූස් එකක් පානය කොට අලි අමාරුවක වැටුණු අයකු පිළිබඳ පුවතක් වතුගෙදරින් අසන්නට ලැබේ.
භුත දෝෂයක් - ශරීරයට ඇතුළු වී සිටි හිරිමල්වියේ පසු වූ තරුණියක ශාන්තිකර්මයක් අතරතුර පොළොවේ පෙරළෙමින් මරළතෝනි දී කෑ ගසා සිය ස්මාට් ජංගම දුරකතනය ඉල්ලා සි
වඳුරු උවදුරෙන් බේරෙන්න පාදුක්ක ප්‍රදේශයේ එක්තරා පුද්ගලයකු වඳුරු වෙස් මුහුණක් දමාගෙන වඳුරන් පන්නා දැමීමට යාමේ දී රැලේ නායක වඳුරා ඔහුව සපා කෑමට පැන වි
දස මසක් කුසේ හොවා ඇති දැඩි කළ තම මව අන්දන්න ගොස් තමන්ම ඇන්දවුණු දුවක ගැන කතාවක් ගාලු දිසාවේ ගමකින් අසන්නට ලැබේ.
අලුත් අවුරුදුවලට කඩිමුඩියේ ලක ලෑස්ති වෙන අතරේ සර්පයෙකු දෂ්ට කර කලබලේට දෂ්ට කළ පුද්ගලයා වෙනුවට වෙනත් පුද්ගලයකු රෝහල වෙත රැගෙන යාමෙන් කිලෝ මීටර් ගණනක
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
මංගල උළෙලට ආ විදුහල්පතිගේ කෝට් සාක්කුවේ ලැව් ගින්නක්