මංගල ගමනක් ආ බසයේ රියැදුරා පිරිස බස්සවා තම ජාතික හැඳුනුම්පත අලූත් කරගන්නට කොළඹ යාමෙන් එහි ආ පිරිස පැය ගණනක් යනඑන මං නැතිව සිට අන්තිමේ වෙනත් බසයක් කුලියට ගෙන ගම්බිම් බලා ගිය පුවතක් පසුගියදා ඇතුගල්පුරයෙන් වාර්තා විය.
ඌව පළාතේ තරුණයකු හා ඇතුගල්පුරවරයේ තරුණියක අතර මංගල උළෙල සුබ නැකතට යෙදුනේ ඔවුනොවුන් හා බැඳුණු ආදර අන්දරයක් මල්ඵල ගැන්වීමෙනි.
ඌවේ මනාලයා ඇතුළු නෑදෑ පිරිස මේ ගමනට යොදා ගත්තේ ප‍්‍රදේශයේ හිතවත් අයකුගේ බස්රියකි. රියදුරා පිරිස සමග මනාලියගේ නිවෙසට ආයේ උදේ කාලයේය. සියලූ චාරිත‍්‍ර හමාර වීමෙන් පසු නව යුවළ පිටත්වන නැකත යෙදී තිබුණේ පස්වරු හතරත් පසුවීමෙන් පසුවය.
ඒ බව දැනගත් රියැදුරා තම ජාතික හැඳුනුම්
පත අලූත්කර ගැනීමද මේ ගමනින්ම කරගන්නට අදහස් කළේය. ඒ නිසා ඔහු කළේ පිරිස මනාලියගේ නිවෙසට බැස්සවීමෙන් පසු වෙනත් බසයකින් කොළඹ බලා යාමය. සවස හතරට පෙර ආපසු එන අදහස ඔහු තුළවිය. ඔහුගේ ඉල්ලීම් පත‍්‍රයේ අඩුපාඩු නිසා ගිය කටයුත්තට කල් වේලා ගත කරන්නට සිදුවිය. පස්වරු හතරට ආසන්න වුවත් ඔහුට කොළඹින් පිටත්වීමට අවස්ථාව ලැබුණේ නැත.
සුභ නැකතට යුවළ පිටත්වීමට සූදානම්ය. මනාලයාගේ ඥාතී හිතවත් පිරිස බසයේ රියැදුරා ගැන සොයා බලන්නට වූයේ ඒ අවස්ථාවේදීය. ඔහු තවම නැත. දුරඇමතුම් එකින් එක ගත්තත් පිළිතුරක් ද නැත. බොහෝ වේලාවකට පසු ආ ඇමතුමෙන් කියවුණේ ඉක්මනින් එන බවය. වේලාව පැයෙන් පැය ගෙවෙන්නට විය.
බලා සිටීමෙන් පලක් නොවන බව දැනගත් පිරිස මනාලියගේ පාර්ශ්වයෙන් සොයා දුන් බසයකින් ආපසු ගම රට බලා පිටත්වූයේ රාත‍්‍රි හතට පමණය. ඒ අතර පිරිසේ සිටි ගැටවු කීපදෙනකු එක්වී ඔවුන් ආ බසයේ රෝදවල හුළං ඇර තිබූ බව කිසිවකු දැන සිටියේද නැත.
රාත‍්‍රි දහයට පමණ දියැදුරා මනාලියගේ නිවෙස ළඟට ආයේය. පිරිස නැත. බසයේ රෝදවල හුළංද නැත. කරකියා ගත දෙයක් නැතිවී ඔහු පසුදා පහන්වනතුරු ගත කළේ මදුරුවන් තලමිනි. මනාලියගේ පියා ඔහුට රාත‍්‍රි ආහාරය ලබා දෙන්නට කාරුණිකවී තිබිණි. ගමන ඒමට පෙර අත්තිකාරමක්වත් නොගත් නිසා පසුදා පහන්වීමෙන් පසු බසයේ අඩුපාඩු හරි ගස්වාගෙන ඔහු ගමට යන්නට පිටත්වූයේ හිස් අතිනි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ ඔච්චරම ගණන් නම් අපිට එපා, මගේ පුංචි පෙත්තා පුතේ. ඕන් පුතා කියන්නකෝ රස කතාවක් අපිට. (නි)
රියදුරා මෙහෙම හිතන්න ඇති. ඇතුගල්පුර කොල්ලෝ නැද්ද? ඌවේ කෙල්ලෝ නැද්ද? කපුකමක් නම් කමක් නෑ. මුන් දෙන්නම මොකටද සෙට් වුනේ? (ස)
ඉල්ලීම් පත‍්‍රයේ අඩුපාඩු නොතිබුණත් ඔය වෙලාවම යනවා. (නි)
මජිඩ්, කොහේද එතකොට හලාල්? (නි)
මම කියන්නද පොඩි කතාවක්, හැබැයි මේකට කොහෙත්ම සම්බන්ද නැහැ. සෑහෙන කාලෙකට පෙර මම හිටියේ එක හමුදාවක, උදේ කාලේදී අපිට නිතරම අපේ සගයන්ගේ මළගෙවල් වල යන්න සිදුවෙනවා. දිනක් අපි මාතර ගියා යාලුවෙකුගේ මල ගෙදර ආචාර පෙළපාලිය සදහා, යන අතරේ කෑමට කියල හික්කඩුව හරියේ නැවැත්තුවා. මට ඉදිරිපිට සිටි මගේ යාලුවෙක් තව කෙනෙකුට කිව්වා එක්තරා ලොරියක අංක ටික බලාගෙන එන්න කියලා. මම දැක්කා ඔහුගේ අතේ අර ටිකට් පත තියනවා,කොහොම හරි අමාරුවෙන් මම අංක ටික බලාගත්තා. ඉක්මනට ගොස් අනිත් යාලුවට කිව්වා මේ විදිහට අංක ටික ලියාගෙන ගිහින් දෙන්න මේකේ විහිළුවක් හැබැයි කියන්න එපා කියලා. ඔහුට අංක දීමෙන් පසු ඔවුන් දෙදෙනා දිනුමක් තිබේ දැයි බැලුවා. ලොරිය අයිති මගේ යාළුවා වටපිට බැලුවේ ඉතා සතුටිනි. ඔහු කාටවත් මේ බව කිව්වේ නැහැ. නමුත් මගේ අනිත් යාළුවගේ පෙරැත්ත මත ඔහු සියලු දෙනාටම මේ ගැන පැවසුවා. අප ගමන් කල බසයේ 50 වගේ ගානක් සිටියා. පසුව අපි කාගේත් පෙරැත්ත මත යහළුවන්ගෙන් නයට ඉල්ලා ගත් මුදලින් නොයෙක් කැම බීම අප හට ලැබුනා. ක්ෂණිකවම රාත්‍රී 2 කට පමණ අපි නැවතත් කදුරට පැමින ඔහුට පැවසුවේ මෙය විහිළුවක් බවයි, ඉන්පසු සිදු උන සිදුවීම අහන්න ආසනම් කියන්න.(නදී)
කියන්නකෝ ඉතිරි ටිකත්?.(නදී)
අනේ පෙරේරා කියන්නකෝ ඉතිරි ටිකත් ...!!! (නි)
තාම නැහැනේ.මමත් බලාගෙන ඉන්නේ.. (නි)
පෙරේරා,කෝ කියන්න බලන්න ඔයාගේ ලස්සන ඉතිරි ටික (නි)
අනේ පෙරේරා, ඉක්මණට කියන්න. මට වැඩ තිබෙනවා (නි)
අනේ රත්තරන්, මොකද කතා මෙච්චර ගණන්? (නි)
මිනිහ හදල තියෙන්නේ එක ගලෙන් කුරුල්ලෝ දෙන්නෙක මරන්න (දිල්)
කතා පෙට්ටියේ බැටරිය බැහැලලු මාමේ (නි)
පෙරේරා, ඔය පද කතාව කියන්නම බැරි නම් යන්න. (අ)
ආරි ඔයාට තේරිලා නැහැ මම කියපු කතාව. කොළොඹ ගිහින් ඔක්කොම ලිපිගොනු පෙන්නලා ඔප්පු කරන්න ඕන හැඳුනුම්පත ගන්න. නිකන් ආවට ගියාට දෙන්න හොඳ නැහැ. මට පේනා හැටියට පිරිමින්ගෙන් මොලේයි හැඳිමිට තරම් දිග (අ)
මජිඩ් අපේ කට්ටිය ඉන්නවා. ඇයි මොකද වෙන්න ඕනෑ? (අ)
කතාව කිව්වා මේකේ දල නෙහෙ වෙනත් දවසක (අ)
චන්ඩි පෙත්ත පැටිය මගේ. හොරකම් කරන්න එපා (නදී)
ඔහේගේ නම් ඔහේ ගන්න හොද නැහැ නොව දොස් කියන්න පෙත්තෙක් කොහිද මාළග.. (සමදරා මන් හොරකම් කරන්නෙත් නැහැ හැබැයි තාම සිල් ගන්නෙත් නැහැ )(නදී)
එතකොට පෙත්ත පැටිය පූස් පැටියෙක් වෙන්ටැති. බලාගෙන මියෝ අල්ලාවි.(නදී)
දැන් පෙත්තට අයිති කාරයෝ දෙන්නයි. හා සමදරා අදින්න ඔයාට ඕන පැත්තට චන්දි අදින්න ඔයාට ඕන පැත්තට...එකයි...දෙකයි...තුනයි...හයියෙන් අදින්න ..පෙත්ත ඇඩුවට කමක නෑ....තිත්ත එක්කෙනාගේ පෙත්ත...(නදී)
පැංචි, පැහුණු රා ටිකක් බිවුවා නම් ඔක්කොම හිතේ අමාරුව යනවා (නි)
හොද වැඩේ අනුන්ගේ එළියෙන් පහන බලනවට ... (නි)
කතාවක් නම් තියෙනවා, කොහොමද ලියන්නේ කියලයි කල්පනා කරන්නේ.... (නි)
කොහොම වුණත් ගමේ මිනිහා ගැන කවුරුත් ටිකක් අනුකම්පා කරන්න ඕනෑ. වරදක් වුණත් සිතකින් නොවේ...පළිගන්නේ ඇයි...ඉවසන්න... (නි)
මීට පෙර රජයේ ආයතනයකින් වැඩක් කරගෙනම නැද්ද? (නි)
දෙගොල්ලෝම පවු නේද? (නි)
පළාතේ ග්‍රාමසේවක මාර්ගයෙන් ජාතික හැඳුනුම්පත අලුත් කරවාගත හැකි බව ඔහු නොදැන ඉන්න ඇති. (නි)
එතකොට මනමාලි?පව් නේ! (නි)
අම්මපා! ඇගේ මාළු නටනවා (නි)
කෝ බොදුබල සේනාව? (නි)
රූපවතී හොදයි කිවුවට හුලන් යවපු එක වැරදියි (නි)
කොළඹ හරියට ට්‍රැෆික්, වැඩක් කරගන්න දවසම යනවා (නි)
අම්මපා! ඇගේ මාළු නටනවාද? ඉක්මනට ටැංකියකට දා ගන්න (නි)
ආරි, සමහර වෙලාවට ග්‍රාම සේවක කොළඹ යන්න කියනවා. ඒක හොඳයි. ඔක්කොම පරීක්ෂා කරලනේ දෙන්න ඕනෑ (නි)
ගණන් ගන්න දෙයක් නැහැ අයියේ. රාජකාරි අස්සේ පුද්ගලික වැඩ කරන්න ගිහින් අපිත් ඔහොම කරගෙන නැත්තේම නැහැ. (නි)
සමදරා,ග්‍රාම නිලධාරියා කොළඹ යන්න කිවුවත් ,තමන්ට ඒක ප්‍රතික්ෂේප කරන්න පුළුවන්.හේතුව ඒක ග්‍රාම නිලධාරියාගේ රාජකාරියේ කොටසක්. (නි)
හුළං යවපු එක වැරදියි.දැන් ඉතින් හුළං ගහන්නත් එපායැ. (නි)
මජීඩ් කියන කෙනාට ඕනා එකකට "බොදු බල සේනාව" (ස)
මජිඩ්, කියන කෙනාට මොලේ නැහැ. යන්නේ කොහෙද මල්ලේ පොල්. (ස)
මේ මජීඩ් කියන කෙනා තම්බියෙක් නිසා තොප්පියත් රවුම් නිසා හැම වෙලේම මතක් වෙන්නේ බොදු බල සේනාව, ගණන් ගන්න එපා. ඔහොම තමයි ඒ ගොල්ලන්ගෙ හැටි. (ස)
එකත් එකටම රියදුරාට ඔය යෝජනාව කලේ එයාගේ බිරිඳ වෙන්ට ඕන. දඹුලු ගිහින් තලගොයිත් මරන එන්න කියලා. මටත් ඉන්නවා ඒ වගේ නෑනෙක්. (ස)