මීරිගම විශේෂ පුෂ්පකුමාර මල්ලවආරච්චි
මංගල දිනය පෙනි පෙනී තිබිය දී මනාලයා මනාලිය හොරරහසේ කැන්දාගෙන යාමේ සිද්ධියක් හේතුවෙන් දෙපාර්ශ්වයේම ඥාතීන් බලවත් පීඩාවට පත්වීමේ සිදුවීමක් පසුගියදා මා ඔය අසබඩ ගම්මානයකින් වාර්තා විය.
සමීප ගම්මාන දෙකක තරුණයකුගේ හා තරුණියකගේ මංගල්‍යය කතිකා කෙරුණේ කපු මහතකු හරහා ය . දෙපක්ෂයේ ඥාතීන් කළ සොයා බැලීම්වලින් අනතුරු ව මනාල යුවළ හමුවී කතාබස් කරගත් අතර මංගල්‍යයට දින නියම විය.
මංගල්‍යයට ඇත්තේ දින කිහිපයකි . දෙපාර්ශ්වයම එකම දවසක එකම ස්ථානයක උත්සවය පැවැත්වීමට මූලික කටයුතු සම්පාදනය කර තිබිණි . මේ මංගල්ලේ ආරාධිත ගණන ද ඉතාමත් සීමිත පිරිසකි.
දෙපක්ෂයේ ඥාතීන් මංගල කටයුතු සඳහා යුහුසුළුව වැඩ කටයුතු කරමින් තිබිණි . මංගල දිනයට තවත් ඇත්තේ දින දෙකකි . මනාලයා මනාලියගේ නිවසට ආවේ මේ අතරය.
දෙදෙනා අවශ්‍යතාවකට නගරයට යන බව පවසා පිටව ගොස් පැය හත අටක් වන තුරුත් පැමිණියේ නැත . ඔවුනට දුරකථන ඇමතුම් ලබා දුන්නත් ඒවාට පිළිතුරු ද නැත. මනාලයාට සිදුවූයේ කුමක් දැයි ඔවුන්ගේ පවුල්වල අයත් මනාලිය කොහේදැයි මනාලියගේ පවුලේ අයත් සොයන්නට වූයේ මේ නිසාය.
පසුදිනට පහන් වෙද්දී දුර බැහැර ඥාතියකුගෙන් පණිවුඩයක් ලැබිණි. මනාල යුවළ එහි පැමිණ සිටින බව ද එම ප්‍රදේශයේ කුලියට ගත් නිවසක දෙදෙනා මංගල දිනයට දින දෙකක් තිබියදී පදිංචි ව නව දිවි ගමන් අරඹා ඇතැයි ද ඒ පණිවිඩයෙන් කියවිණි .
පසුදාට නියමිත මංගල උත්සවය ගැනීම සඳහා යුවළ ගෙන්වා ගැනීමට දෙපාර්ශවයේ ඥාතීන් ගත් සියලු උත්සාහයන් ව්‍යර්ථවීමෙන් පසු නෑ හිත මිතුරන් දැනුවත් කර මංගල උළෙල නවතා දමන්නට කටයුතු කෙරිණි.
කෙසේ වෙතත් නියමිත දිනය අත ළඟම තිබියදී හොර රහසේ පලාගොස් පවුල් කන්නට තරම් මේ යුවළට සිදු වූ හේතුව මෙතෙක් අනාවරණය වී නැත.
අවුරුද්දේ අරක්කු බීමට මුදල් නොමැතිව සිටි තරුණයන් කීප දෙනකුගෙන් දෙදෙනකු කාන්තා බූරු පිටියකට පැන බියට පත්කර එහි තිබී එකතු කරගත් මුදල්වලින් යහමින් මත්ප
අලුත් අවුරුදු පාටියට ගොස් අලුත් ජූස් එකක් පානය කොට අලි අමාරුවක වැටුණු අයකු පිළිබඳ පුවතක් වතුගෙදරින් අසන්නට ලැබේ.
භුත දෝෂයක් - ශරීරයට ඇතුළු වී සිටි හිරිමල්වියේ පසු වූ තරුණියක ශාන්තිකර්මයක් අතරතුර පොළොවේ පෙරළෙමින් මරළතෝනි දී කෑ ගසා සිය ස්මාට් ජංගම දුරකතනය ඉල්ලා සි
වඳුරු උවදුරෙන් බේරෙන්න පාදුක්ක ප්‍රදේශයේ එක්තරා පුද්ගලයකු වඳුරු වෙස් මුහුණක් දමාගෙන වඳුරන් පන්නා දැමීමට යාමේ දී රැලේ නායක වඳුරා ඔහුව සපා කෑමට පැන වි
දස මසක් කුසේ හොවා ඇති දැඩි කළ තම මව අන්දන්න ගොස් තමන්ම ඇන්දවුණු දුවක ගැන කතාවක් ගාලු දිසාවේ ගමකින් අසන්නට ලැබේ.
අලුත් අවුරුදුවලට කඩිමුඩියේ ලක ලෑස්ති වෙන අතරේ සර්පයෙකු දෂ්ට කර කලබලේට දෂ්ට කළ පුද්ගලයා වෙනුවට වෙනත් පුද්ගලයකු රෝහල වෙත රැගෙන යාමෙන් කිලෝ මීටර් ගණනක
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
මගුල් දා පෙනී පෙනී ජෝඩුව හොරෙන් පැන ගිහින්