(බුලත්කොහුපිටිය - රවීන්‍ද්‍ර වෙලගෙදර)
මගහැරුණු දුරකතන ඇමතුමකින් හාදවී පෙම්වතාගෙන් රුපියල් ලක්‍ෂ එකහමාරක මුදලක් ලබාගෙන පෙම්වතා මග හැරිය දෙදරු මවක් හා පෙමත් මුදලත් අහිමි වූ තරුණයෙකු පිළිබඳව බුලත්කොහුපිටිය ප්‍රදේශයෙන් වාර්තා විය. සිද්ධිය සැකවින් මෙසේය.
මෙම සිද්ධියේ තරුණයා අනුරාධපුරයේ පදිංචි අයෙකි. මෙහි කාන්තාව බුලත්කොහුපිටිය ප්‍රදේශයේ පදිංචිය මීට මාසයකට පමණ ඉහත දී කාන්තාවගේ දුරකතනයට අර තරුණයා ඇමතුමක් ලබා ගත්තේ වැරදීමකින් තමන්ගේ යහළුවෙකුට ගන්නා ඇමතුමක් ලෙසය. නමුත් එම ඇමතුම වැරදි එකක් බව කාන්තාව තරුණයාට කීවේය. එහෙත් දිගින් දිගටම මෙම තරුණයා කාන්තාවට කරදර කරමින් දුරකතන ඇමතුම් ගන්නට විය. නොදැනුවත්වම මේ සිදුවීම ඔස්සේ දෙදෙනා දුරකතනයෙන් සම්බන්ධයක් ඇතිකර ගත්හ. දෙදෙනාම පෙම්වතුන් බවට නිරායාසයෙන් පත්විය. මෙම සිද්ධියේ කාන්තාව විවාහකය. ඇයට දරුවන් දෙදෙනෙකි. එහෙත් ඒ සම්බන්ධව කිසිවක් තරුණයාට පැවසීමෙන් වැළකී සිටීමට මෙම කාන්තාව වගබලා ගත්තාය. කාලය කෙමෙන් ගෙවී ගියේය. දිනක් මෙම කාන්තාවට මුදල් හදිස්සියක් ඇතිවිය කිහිප දෙනෙකුගේ අත මාරුවට මුදලක් ඉල්ලුවත් ඇයට මුදලක් නොලැබුණි.
ඇයට තමන්ගේ පෙම්වතා මතක්විය. මාස ගණනක් දුරකතනයෙන් පෙම්කළ තරුණයාට තමන්ගේ අවශ්‍යතාව ඇය පැවසුවාය. මට හදිස්සියකට ලක්‍ෂ එකහමාරක් ඕනෑ. ඔයාට මගේ බැංකු ගිණුමෙ අංකය දෙන්නම් සල්ලි දාන්න පුළුවන්ද” යැයි කීය. ජීවිතේටවත් කතගේ මූණවත් නොදැකපු තරුණයා කාන්තාව විශ්වාස කර අර බැංකු ගිණුමට මුදල් දැම්මේය. දින ගණනක් ගතවිය. වෙනදා නිතර එන දුරකතන ඇමතුම් කිසිවක් මින් පසු ලැබුණේ නැත. කොටින්ම කියනවානම් මෙම කාන්තාවගේ දුරකතන ක්‍රියා විරහිත කර තිබිණ. තරුණයා කර කියා ගන්නට දෙයක් නැතිවිය.
බැරිම තැන හෙතෙම කාන්තාවගේ බැංකු ගිණුම් අංකය පරික්ෂා කිරීමට අදාළ බැංකුවට ගියේය. බැංකුව වෙතට ගිය ඔහුට තමන්ට සිදු වූ ඇබැද්දිය එහි කළමනාකාරීත්වයට පැවසීමෙන් පසු ඒ ඔස්සේ අදාළ කාන්තාවගේ ලිපිනය සොයා ගැනීමට තරුණයාට හැකිවිය. පසුව ඔහු ලිපිනයේ සඳහන් ආකාරයට තම පෙම්වතිය සොයා ගියේය. යන අතර මගදී ත්‍රීරෝද නැවතුම්පොළක් තරුණයාට මුණ ගැසුණි. එහි සිටි පිරිස වෙත තම අත රැඳි ලිපිනය පෙන්වා ඇගේ නිවස කොහේ තිබෙන්නේ දැයි විමසීය. එහි සිටි පිරිස “මල්ලී මොකද්ද ප්‍රශ්නයක් දැයි” තරුණයාගෙන් ඇසීය. තරුණයා තමන්ට සිදුව තිබෙන අකරතැබ්බිය පිළිබඳව ත්‍රීරෝද නැවතුම්පලේ පිරිසට කීය. එවිට ඔහුට දැන ගන්නට ලැබුණේ තමන්ගේ පෙම්වතිය විවාහක දෙදරුමවක් බවය. තරුණයාට එකවරම කදුළු වැටුණි. දැන් ඉතින් කරන්න දෙයක් නැහැ. ආයෙ ඔය ගෑණි හම්බවෙලා වැඩක් නැහැ. මම යන්නම් කියා තරුණයා ත්‍රීරෝද නැවතුම්පළේ පිරිසට සමු දී කදුළු පිරි දෙනෙතින් තමන්ගේ ගමරටබලා පැමිණියේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අආලය අන්ධයි කියන්නේ ඕකට තමයි. මොන මෝඩයද කවදාවත් නොදැකපු කෙනෙකුට ඔහොම සල්ලිඑ යවන්නේ.\n(රේ)
කට්ට කෛරාටික වෙට්ට පිත්තල ගනයේ කපටි ගැහැනියකට හසු උ තවත් මෝඩ අහිංසක තරුණයෙක් , අඩුම තරමේ මේ තරම් විස්තර සොයාගත් එකේ පොලිසියට නොගියේ මන්ද ?(රේ)
බුලත්කොහුපිටියේ ගොඩක් අය පිරිමි රවට්ටනවා මෝඩ පිරිමි අහුෙවනවා.ඔය වගේ ගෑණු නියම පිරිමියකුට අහුෙවන්න ඕනි....(බ)
එහෙනම් මේවගේ කට්ට සිංහල ගෑණු බුලත්කොහුපිටිය වගේ ගම්වලත් ඉන්නවානේ (බ)
මල්ලි කරදර කරල ඇමතුම් අරගන ඉල්ලන් කාල තියෙන්නෙ. (අ)
ජයා, අවුරුදු 25 පස්සට ගියොත් මමත් ඔය වගේ තමා. යොවුන් වියට ගොඩක් දුර පෙනෙන්නේ නැහැනේ. (නි)
අනේ මේ රටේ තරම් අහිංසක පිරිමි ඉන්න රටක් කොහෙවත් නැහැ නේද ජයා? (නි)
ආලය අන්ධයි කියලා කියමනක් තිබෙනවා අහලා නැද්ද කාන්ති? ඒ වගේම සැබෑ ආදරය කරන එකේ වටිනාකම ව්‍යාජ ආදරය කරන පෙම්වතියන් දන්නේ නැහැ. ඒ වගේම දරුවෝ ඉන්න විවාහක ගැහැණු අයට ආදරය කරන ගොඩාක් තරුණයෝ මේ විදිහට අපේ රටේ රැවටීම් වලට හසුවෙනවා කාන්ති (නි)
ආදරය තරුණියකට වඩා විවාහක දෙදරු මවක සම්බන්ධයෙන් නම් අවිවාහක තරුණයෙකුට වඩා බලවත්ව ඇතිවිය හැකි බවට මේ කතාව හොඳම සාධකයකි. අපේ රටවල්වල තරුණයන් අවිවාහක තරුණියන්ට වඩා විවාහක දරුවන් සිටින කාන්තාවන්ට ආදරය කිරීම පිටුපස සමාජ විද්‍යාත්මක, ලිංගික විද්‍යාත්මක පසුබිමක් ඇතිදැයි සොයාබැලීම බොහෝම වටිනවා. (නි)
මේ රටේ අවිවාහක ලාබාල තරුණයන් බොහෝවිට තරුණියන්ට වඩා දරුවන් සිටින විවාහක කාන්තාවන්ට ආදරය කිරීමට පෙළඹීමේ ප්‍රවණතාවක් නූතන සමාජයේදී අපට දකින්නට අසන්නට ලැබේ. (නි)
දැන් මේ කාන්තාව පළවෙනි පාර වැරදි නොම්මරයක් කියලා පැහැදිලිව කිව්වාම ඔය පිටබැද්දර ජයා මහතා කියන අහිංසක තරුණයාගේ කණ ඇහෙන්නේ නැති ආබාධයක් හදිසියේ ඇතිවෙන්න ඇති එහෙනම්. (නි)
අද කාලයේ විවාහක කාන්තාවන් සැමියාගේ තරුණ ඥාතියෙකු සමඟ වුණත් සීමාසහිතව නෑදෑකම පැවැත්විය යුත්තේ බහුතරයක් ඔය පිටබැද්දර උන්නැහේ කියන අහිංසක බබාලා බැවිනි. (නි)
මෙම තරුනයා දිගින් දිගටම එම කාන්තාවට කරදර කරමින් දුරකතන ඇමතුම් ගත්ත කියනව නේද? ඔය වගේ අසහන කාරයන්ට ඔහොම කරල මදි. (ර)
මේ විදිහටම මගේ මිතුරෙකුටත් උනා රු 10000 ක් ඉල්ලලා රු 7000 ක් ඒ ගෑනු කෙනාගේ පොතට දාල. එයනම් ලමයාට අසනීප කියල තමා සල්ලි ඉල්ලලා තියෙන්නේ ඒ නිසා මට හොද අත්දැකීමක් එයට උන දේ නිසා. (ර)
තරුණයාගේ ඔලුව අතගාලා බලන්න අං තියෙනවද කියලා.(හේ)
එම ගැහැණිය බැංකු කළමනාකරුට එරෙහිව නඩු දැම්ම නම් තව ගානක් ගන්න තිබුණ. පොලිසියට හැර ගනුදෙනු කරුවන්ගේ ලිපිනය කාටවත් දෙන්න ඔහුට බලයක් නැහැ. (බ)